පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාපාරයේ ගොවියකු ලෙසයි.
සිරිසේන මහතා ඉපඳුනේ1951 සැප්තැම්බර 03 වැනිදාය.පොළොන්නරුව රාජකීය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබු ඔහු කුණ්ඩසාලේ කෘෂිකර්මික පාසලෙන් කෘෂිකර්මාන්තයද උගෙන ගත්තේය.පසුව ඔහු ග්‍රාම නිලධරයෙක් විය.
1971 අප්‍රේල් කරැල්ල සමඟින් සිරබත් කෑමටද ඔහුට සිදුවිය.1979දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් විය.1989 පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.1994 දී ඉහළම මනාප ඡන්ද ලබාගත්තේය.
ඉන්පසු ඔහු වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැතිවරයා විය.1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහවැලි හා රජරට සංවර්ධන ඇමැතිවරයා විය.කෘෂිකර්ම සංවර්ධන ඇමැති පදවියද හෙබවීය.පසුව සන්ධානයේ සෞඛ්‍ය ඇමැති පදවියට පත් කැරිණි.පිළියන්දල කටුවාවලදී 2008 ඔක්තෝබර 09 වැනිදා සිරිසේන මහතා කොටි ත්‍රස්වාදීන්ගේ බෝම්බයකින් අනූනවයෙන් බේරුණේය.
කටුවාවල උත්සවය අවසන් වී කොළඹ බලා එමින් සිටියදී පාරේ අටවා තිබු බෝම්බය පිරීපිරි ගියේය.
පාර්ලිමේන්තුවේ සභා නායක කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන ඇමති ධුරයද, පරිසර ඇමති ධුරයද හෙබවිය.
ඇමැති ඒවන විට බෝම්බය පුපුරන තැනින් මදක් ඈතට ගියා පමණි.එයින් එක් අයෙක් මියගොස් පත් වී තවත් හත් දෙනෙක් තුවාල ලදහ.
කොටි ත්‍රස්තවාදීන් පොළොන්නරුව ත්‍රිකෝණමඩුව හා මහවැලි ගඟ ආශ්‍රිත සෝමාවතී පුද බිම පැත්තට අරක්ගෙන සිටියදී අභාවප්‍රාප්ත ආරක්ෂක ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වතේ සමඟ සෝමාවතී පුදබිමට සිය ගණනක් ගැමියන් සමඟ ගොස් මිනිත්තු 45 ක ශ්‍රමදානයක් කිරීමට සිරිසේන මහතා ඉදිරිපත් විය.ඒ වන විට සෝමාවතී චෛත්‍ය ගරා වැටී මහ ගස් වැවී තිබිණි.ඒ සියලුම ගස් කපා පුදබිම පවිත්‍ර කිරීමට ඔහු යෙදු වැඩපිළිවෙළ ජනරාල් රත්වත්තේගේ පැසැසුමට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අගමැති කම ලැබුන නම් මේ කතා මොකුත් නෑ නේ .(හේ)
මම ඔබට හදවතින් සුභ පතමි. ඔබ අපේ ජනපති. ඔබට ජයෙන් ජය! (හේ)
පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා. මැතිතුමෙනි, ඔබට මගෙන් සුභ පැතුම් !!. (හේ)
අපි ජය නියතයි. මගේ ඡන්දෙ ඔබ තුමාට.(හේ)
කෙහෙළිය රඹුක්වැල්ල වගේ අන්තිම මොහොතේ නාම යෝජනා බාරනොදී මගාරින්නේ නෑ නේද? පොදු අපේක්ෂක ඔබතුමාටත් දැනට ඒකාධිපති ව්‍යවස්ථාවෙන් වද වේදනා විඳින පොදු ජනතාවටත් ජයලැබේවා (නදී)
ඔබට ජයවේවා.(හේ)
"පරම්පරාව ගොඩදාන්න යන්නේ නැතුව, මහජනයා ගැනත්, රට ගැනත් සිතා අවංකව තීරනයක්නම් ඔබට ජය. හැමෝම බලයට අවට පසු වෙනස් වෙනවා. (ර)
අපේ ජනපති, ශ්‍රී ලංකාවට ජය වේවා.(හේ්)
ඔබට ජය වේවා.! ඔබ ගැන මනා පැහැදීමක් ජනතාව තුල තිබෙනවා. (ර)
ඔබ තුමාට ජයෙන් ජයම පතමු. (නදී)
සහතික ඇත්ත.(හේ)
ඔබ අපේ ජනපති ඔබට ජයවේවා (අ)
ඔබට ජය වේවා. ගමේ ඉපිදී ගොවියකුගේ පුතකුවු ඔබට ඔබට ජය (නදී)
ඔබට වෙනසක් කරන්න පුළුවන් බව හැගෙනවා ...ඔබට ජය !(හේ)
ඔබ තුමාට ජයෙන් ජයම වේවා ! (නදී)
එතුමා කරපු ඇමතිකම් දෙකෙන්ම රජරටට ගොඩක් වැඩ කරන්න තිබුණා. එත් එහෙම වුණේ නෑ. අඩුම තරමේ සෞඛය ඇමති විදියට රජරට ඉන්න වකුගඩු රෝගීන්ට මොනවද කළේ ? පහුගිය නියඟය කාලේ එතුමා කිසිම දැනෙන දෙයක් කාලේ නෑ. ඒ වගේ කෙනෙක් කොහොම ජනාදිපතිකම් කරන්නද ? රනිල්ට ඕනේ විදියට වැඩ ටික කරාවී. (අ)
මගේ ඡන්දෙත් ඔබ තුමාට. හැබැයි, ඡන්දෙට කලින් කියන දේ ඒ විදියටම සිද්ධ විය යුතුයි මහත්තයෝ. වටේ එකතු වෙලා ඉන්න සෙට් එකත් ඒ තරම් හොඳ ගොයියල නෙමෙයි. ඒක නිසා මේ ඡන්දෙ දිනන එක නෙමෙයි චැලේන්ජ් එක. දින්නට පස්සේ කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමයි. ඔබ තුමා සිංහලයෙක්. බෞද්ධයෙක්. මම එහෙම කිව්වේ කතෝලික සහ මුස්ලිම් සහ දෙමළ අමතක කරලා නෙමේ. ශ්‍රී ලාංකීය කියන සලකුණ තියෙන්නේ සිංහල බෞද්ධ කමේ. ඒ නිසයි. යුද්ධෙන් පස්සේ රට යන අත කොච්චර වැරදි වුණත්, කොන්ද කෙලින් තියාගෙන මේ වගේ තීරණයක් ගන්න පුළුවන් ඔබ තුමාට ඡන්දෙ දින්නට පස්සෙත් ශක්තිමත්ව රටේ අනාගතය ධාර්මික, සංවර්ධිත, ලෝකය ඉස්සරහ ශක්තිමත් පාරකට යොමු කරන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. ශ්‍රී ලංකාවට ජය !!!(අ)
මෙත්තසේන මහත්තයෝ නුබේ කටේ සුකිරි කැටයක් ඔබන්න ඕන ලියල තියෙන කතාවට සහතික ඇත්ත (නදී).
නියත ඡය ඡය වෙිවා!(අ)
අනිවාර්යෙන්ම ඔහු ජනපති වෙනවා වෙනවාමයි (නදී)
දුප්පත් අපේ හාල් මෝල් වැහුවේ මෙයාගේ මල්ලි තමයි (නදී)
සෙමින් ගමන සුබයි (නි)
හොඳ ලිපියක් (නි)
සතුටුයි (නදී)
මේක කපටි වැඩක්. මොලේ තියන අයට පේනවා. මේපාර නම් හොඳ කුට්ටියක් දීල තියනවා පිටරටින්. (නදී)
අානන්ද ශ්‍රී මහත්තයෝ ඔයා නොදන්නා දේ කතාකරන්න එපා. පක්ෂයක මහලේකම් කියන්නේ පක්ෂය සහ පක්ෂයේ විනය සහ පක්ෂයේ හැමෝගෙම වගකීම දරන පුද්ගලයෙක්. එහෙම කෙනෙක් අවුරුදු 12 ක් කට වහන් නිකමෙක් පබයෙක් වගේ ඉදල ඇවිත් ජනාදිපතිකම අරගෙන කොහොම කරාවිද? මේ වගේ අයට රටබාර දෙන්න ඕනා. පක්ෂේ මහලේකම්ට එදා කොන්ද පන තිබුනානම් අද එයාටම අඩුපාඩු කියන්න වෙන්නේ නැහැනේ (නදී)
අනිවාර්යෙන්ම ජනපති වෙනවා .ඔබට ජය . (හේ)
ඉන්දියාවේ උනා වගේ පොඩි මිනිහෙකුට කරන්න බොහොම දේවල් තියනවා. ඉන්දියාව අාදර්ශයට ගනීවි කියල හිතනවා ඔබට ජයවේවා. (නදී)
රට සුගතියකට යන්න ජය වේවා, ෆොන්සේකා මහතාගේ සියලු නැති උෟ ගෞරවය ලබා දෙන්න (නදී)
ඔහොම ටිකක් ඉන්ටකෝ. (නදී)
මම සිංහල කතෝලික යු.එන්.පී කරුවෙක්. චන්දය ඔබතුමාට ස්තිරයෙන්ම දෙන්නෙමි. ඔබතුමාට ජය පිට ජය ලැබේවා අපගේ රට හොරුන්ගෙන් බේරාගැනීම සඳහා (නදී)
පාට පක්ස නැතුව අවස්ථාවේදී රටට ඕන අද තීරණය අවංක කමේ ලකුණක්. ජයම වේවා (අ)
ජය වේවා !(නදී)
ඔයා තව ටිකක් ඉවසල හිටියානම් අගමැතිකම නිකම්ම ගන්න තිබුන. දැන් ඉතින් ඇමෙරිකන් කාරයින්ගේ කිළුටු රෙදි හෝද හෝද ඉන්න පුළුවන්. (අ)
මෙන්න පොළොවේ පය ගහල ඉන්න මිනිහෙක්. ප්‍රතිපලය මොකක් උනත් තැබූ පියවර නිර්බීත එකක්. (ර)
මෙතුමා හොඳ බව පරණ විරුද්ධ අයත් ඒ කලේ කිව්වා. ඒ උනත් සහල් සහ වැලි බිස්නස් කරන අයත් පවුලේ ඉන්නවලු. ඒ අයත් පුතාවත් පාලනය කරන්න ඔබ තුමාට පුලුවන්ද? (නදී)
නව පොලොන්නරු යුගයක් (අ)
ඔබට ජය නියතයි,,සැබෑ ගැමි පුත්‍රයා ඔබයි,නමට ගමේ කම් කල අයට කළකම් පල දෙනු ඇත (අ)
ආනන්ද ශ්‍රී මහතාගේ අදහසට සම්පුර්ණයෙන් ම එකග වෙමි. මෛත්‍රී පාලනයට ජය වේවා ! (ර)
ගොඩක් තියෙන්නේ බොරුව මිනිස්සු දකින්නේ ඒවා. ගොඩක් අය එන්නේ රටට වැඩ කරන්න නෙවෙයි තමන් හැදෙන්න මෙයට වටේ ඉන්න කට්ටිය වැඩ කරන්ඩ දෙයිද කියල හොඳට හිටලා බලන්ඩ ඕනේ දෙන අපට රටක් වට තියෙනවා ලංකාව දියුනු කරන්ඩ බේරී මේක නිසා තාමා වැඩක් කරන්ඩ දෙන්නේ නැ කරන කෙනාගේ කකුලෙන් අදිනවා මොකක් හරි කරන්නේ තමන්ට මොනවද ලැබෙන්නේ බලගෙන අනේ මන්ද කවදාවත් ගොඩනං යන්ද හම්බ වෙන්නේ නෑ (අ)
ප්‍රශ්නය එක නෙවෙයි... නැවත අගමැති වෙන්නේ රනිල් !! අපි මාර කැමතියි මෛත්‍රීට ! නමුත් රනිල් එන එකට මම කැමති නැහැ. (අ)
මෙතේතසේන මහත්තයෝ ඇයි ඔබ තවත් අපරට වහල් බවට ගෙනයන්න හිත්නනේ, දැන් එයින් නිදහස් වන්න. මෛත්‍රී පාලනයට ජය වේවා ! (අ)
මම දන්න විදියට ජනාධිපතිවරයට තුන්වන වරට ඉල්ලන්න බලය ලැබුනෙ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්. ඒක දැන් සිද්ද වෙලා වසරකට වැඩියි. ඒ අවස්ථාවේදි පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට බොහොම නිහඩව ඉදල ඊට පක්ෂව පාර්ලිමේන්තුවේදි අදහස් ප්‍රකාශ කරල මහින්ද මහත්තයට සියළු අවස්ථා ලබා දුන්නා. එදා කෙලින් කතා කරන්න කොන්දක් නැති මිනිස්සු අද අප බලයට ගෙනාවොත් මොකද වෙන්නේ. සියළු වැරදි සිදුකර අනේ සමාවෙන්න කියන අය අප අතර ඉන්නවනේ. හරියට අපේ හිටපු අගවිනිසුරු තුමා වගේ. ඒක හින්දා මම නම් හිතන්නේ මොනව උනත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා තවම හොදයි මොකද කාටවත් නැමෙන්නෙ නැතිව කොන්ද කෙලින් තියාන වැඩ කරනවා. ඒක හින්දා රටේ යුද්දෙ අවසන් වෙලා අද අපි නිදහස්ව ජීවත් වෙනවා. ඒක හින්ද මේව ගැන හිතල හිතල තීරණයක් ගන්න. පස්සෙ පසුතැවෙන්නේ නැතිව. (නදී)
ඔබේ පැතුම අපේ පැතුමයි, ගුණ යහපත්, අවංක, හදවතේ දුක්විදින අය වෙනුවෙන් කම්පා වෙන ඔබට ජය නියතයි. (අ)
කොහොම වුනත් ලාංකිකයන්ට තියන එකම ආඩම්බරය පසුතෙවිල්ල විතරමයි කියල කවුරුත් හිතුවොත් හොඳයි. (අ)
මම දන්නා විදියට මෙතුමා තුන්වන සිල් පදය කඩලා නෑ.(හේ)
ජනාධිපතිකම තුන්වන පාරටත් ඉල්ලන්නේ පෙරේතකමට නේද,(හේ)
මට කලකට ඉස්සර හම්බුනා ලංකාවේ මහනවෙච්ච හොඳට සිංහල කතා කරන සුදු හාමුදුරු කෙනෙක්. උන්වන්හන්සේ කීවා. ලංකාවේ මිනිසුන් දැන් ටිකෙන් ටික මහා පොළොවේ පස අත ගාල ගොවි තැනක් කිරීම් ටිකෙන් ටික නැතිවෙලා යනවා කියලා. මේ රටට ආදරය ඇත්තේ පස අතගාපු මිනිසුන් පමණී කියලත් කීවා. මෙතුමා පස අත ගාන්න ඇති. ගොවිතැන් කරන්න ඇති හොඳ නායකයෙක් වෙයි. හාමුදුරුවෝ අනාවැකියක්ද කීවේ.? (ර)
ශ්රී ලංකා ජනතාවට හොද අනාගතයක් ..ජය වේවා .. (අ)
රජරට ගොවි දරුවා පෙරට, රට බැරි නුබට පුතේ (අ)
එල කිරි (අ)
හිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිහා....හිතේ ඇතුලෙන් කුහක කම යයි බුර බුරා පොපියා.// (නදී)
ප්‍රියන්ත මහත්තයො හැම කිල්ලෝටෙකම හුණු ටිකක් හරි තියෙන බව ඔබ නොදන්න විදිහක් නෑනෙ.(අ)
ජයවේවා (අ)
කවුරු කවුරුත් යහපාලනයක අරමුණින් තමයි මුලදී ගමන අරඹන්නේ .පස්සේ පස්සේ තමයි එක අයහපත් අතට හැරෙන්නේ කරන කියන කල් ක්‍රියා හේතුවෙන්.(හේ)
මෙයාගේ පුතා තමා අර කෙල්ලෙක්ගෙ පොටෝ හොරෙන් අරන් ප්‍රස්නයක් වුනේ , පුතා හද ගන්න බැරි කෙනා . අරලිය සහල් මෙයාගේ මල්ලිගේ ,කාලයක් හාල් හංගල මතකද ? ඒ නිසා මෙයත් හිතපු තරම් හොද නැහැ ,(අ)
සුබ පැතුම් (නදී)
මමත් හිතන්නේ ඕක තමා නිලන්ති (අ)
මෙතුමා දිනන පරදින එක කෙසේ වෙතත්, මෙතුමාට විරුද්ධව අදහස් දක්වන අය සද්භාවයෙන් එය කරන බවක් පෙනෙන්නේ නැහැ. (අ)
ඇමෙරිකාව ප්‍රමුක බටහිර ප්‍රජාව ගහපු සැලැස්මක් මේක අපේ හරකුන්ට මේක තේරෙන්නෙ නැති හැටි (නදී)
මහින්දගේ කපටි වැඩක් වගේ පේන්නේ.(හේ)
ඔබට ජය. ඔබ අපේ ජනපති (නදී)
සුභ පැතුම්.(හේ)
ඔබගේ අබිලාශය ඉතා හොදයි. (ර)
කව්රු කව්රුත් හොඳ මිනිස්සු තමයි. අපේ රට බහුතරයක් බෞද්ධයන් වෙසෙන රටක්. ගොවිතැන් බත කරපු සිංහල චාරිත්‍ර අගය කරන ගැමි සුවඳ හොඳින් හදුනන දුක් විදින අන්ත අසරණ දුගී දුප්පත් මිනිස්සුන්ගෙ කදුලට සුසුමට සමීප නායකයෙක්. (ර)
සිංහලයන් පාවා දෙන ජාතියක් වුණේ ඕක පාරම් බබා යන සමහරක් නිසාම තමයි. නරකද ඕක කියව කියව රටට අපහාස කරන ගමන් කඩේ යන වෙලේ ඇස් කන් ඇරලා වටපිට බැලුවනම්. ළිං ගෙම්බෝ වගේ ළිදටම ආවඩමින් තමන්ට වාසියක් වෙනො නම් රටට හෙන ගැහුවත් කමක් නෑ කියල හිතන එවුන් ඉන්නකම් රටට හරියන්නේ නෑ තමයි. පවුල් ක්‍රමේ තිබුනේ වැඩවසම් යුගේ. තවත් ඕනේ එහෙම නම් ඉතින් රටට දෙයියන්ගේම පිහිටයි. මෛත්‍රීපාල මැතිතුමනි ඔබතුමාවත් මේ රටට වෙනසක් කරයි කියල හිතනවා. ඔබට හැකියාව තිබෙනවා. හැමදාමත් වගේ බලේ ලැබුණාම ටික කලකින් දකින්න ලැබෙන දේ ඔබතුමා තුලින් දකින්නට නොලැබේවායි පතනවා. මොකද බලය තිබෙද්දිත් ඔබ අනික් අය තරම් වෙනස් නොවුණු කෙනෙක්. ඔබට හදවතින්ම ජය පතනවා! (අ)
ජය පතමි.! (ර)
ජයම වේවා.! (ර)
ඔබ තමා අපේ ජනපති (දිල්)
ගස් කැපුවා නම් සුදුසුකම ඉහලින්.(හේ)
බොරු සංවර්දන මවාපෑම් පෙන්න පෙන්න තවමත් රටේ අහිංසක මිනිස්සු පිට රටවලට ණය කරවන යුද්දය තුරුපුවක් කරගෙන (අ)
මඩ සෝදාගත් කල ගොවියා රජ කමට සුදුසු බව සත්‍ය බව පෙන්වීමට හොඳම අවස්ථාව උදාවී ඇත. ඔබට ජය වේවා (නදී)
සිරිසේන මහතා අවංක පුද්ගලයෙක් වෙන්න පුලවන්. නමුත්, ඔහු ජනපති වරණයට ඉල්ලන්නේ, ඔහු කියන ලෙසට පැය 24 න් (නැත්නම් දින 100කින්) රනිල් අගමැති කරලා ඔහුට සම්පුර්ණ විධායක බලතල දෙන අරමුණින්. ඉන්පසු ඔහු නාමික ජනපති කෙනෙකු (විලියම් ගොපල්ලව මහතා හිටියා වගේ) පමණයි. එහෙනම්, අපි මෙම ඡන්දයේදී සංසන්දනය කලයුත්තේ මහින්ද - සිරිසේන නොව මහින්ද - රනිල් දෙපලයි. ඒ දෙදෙනාගේ අතීත කෙරුවාවල් දෙස හා අනාගතයේදී ඔවූන් ගත හැකි තීරණ සලකා බලා අපේ ඡන්දය දීම බුද්ධිමත්ව තීරණය කරමු. විශේෂයෙන්ම රනිල්, දුර්වල පාර්ලිමන්තුවක් සමග උතුරු නැගෙනහිර පළාත් ගැන ගතහැකි තීරණ සලකා බැලිය යුතුයි. (නදී)
අපි ජය නියතයි. මගේ ඡන්දෙ ඔබ තුමාට (නදී)
අනේ පව් අනේ මේ මනුස්සයා කාගේද පවක් කරගහලා.(හේ)
ලොකු පට්ටම්, ප්‍රභූ පවුල් පසුබිම් නැතිවට කමක් නැහැ. රටට සුභදායක වෙනසක් ඇති කලොත් ඒ ටික ඇති. (ර)
ඔබ අනාගත ජනපති...(අ)
රටට මෛත්‍රී පාලනයක් එනවානම් හොඳයි. ඒත් මේක ලොකු ගැටයක් (නදී)
ඔබට ජය (අ)
ආඩම්බරයි. (ර)
මෙතුමා කවදත් තමන්ගේ ගැමි පවුල් පසුබිම බොහොම නිහතමානිව මතක් කල කෙනෙක්. බොරු මවා පැම් නැහැ. (ර)
පොඩි තැනක ඉඳන් උඩට ආපු කෙනෙක්. (ර)
ගමේ ඉපිදී ගොවියකුගේ පුතකු ඔබට, ගම පන්සල ගමේ මිනිස් ජීවිතය අලුත් දෙයක් නොවේ, ඔබ වැනි කෙනෙකු තමා අප රටට නායකයකු විය යුත්තේ, ඔබට ජය පතමි. ජයවේවා.! (ර)
ඒ කාලේ ඉදන් හොදින් දේශපාලනය කළ බව පැහැදිලියි.(හේ)
රටට යහපතක් වේවා ! සියලු දේ වෙන්නේ හොදටයි. (ර)
මෙතුමා කවදත් තමන්ගේ ගැමි පවුල් පසුබිම බොහොම නිහතමානිව මතක් කල කෙනෙක්. බොරු මවා පැම් නැහැ. ඔබට ජය නියතයි. සැබෑ ගැමි පුත්‍රයා ඔබයි, ඔබට ජය වේවා.! ඔබ ගැන මනා පැහැදීමක් ජනතාව තුල තිබෙනවා (නදී)
ඔබට ජය.! (ර)
විධායක ජනාදිපති කම නැති කරනවා කියන එකම මොන තරම් පිනක්ද? බලන්න රටේ මොන තරම් මිනිස්සු ජීවත් වෙන්න දුක් විදිනවද කියලා. රටේ සමස්ත අදායමට මොකද වෙන්නේ? (නදී)
විධායකය අහෝසි කරලා රනිල් අගමැති කරාම හම්බෙයි දැන් කෑගහන මෝඩයන්ට (නදී)
තමන්ගේ සාමාන්‍ය පවුල් පසුබිම ගැන හීනමානයක් නැහැ. ඒ නිසා වරදින්නෙත් නැහැ. (ර)
ඔබ වැනි කෙනෙක් ජනතාවගේ දුක දන්නවා.(හේ)
පවුල් ජීවිතයත් බොහොම හොඳින් ගෙනියන බව පැහැදිලියි.(හේ)
මේ පාරවත් වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
කවුරු ජනාධිපති උනත් අපේ රටට හොදක් කරන්නයි ඕනා. එ්ත් එකට ඉදලා මෙහෙම කරන එක හරි කැතයි නේ. කොහොම උනත් ජනාධිපති තුමා යුද්ධය නැති කරා. එහෙම නොකරා නම් මන් හොදටම දන්නවා අද මන් ජීවතුන් අතර නැහැ. රට දියුණු කරන එක වෙනුවෙනුයි යුද්ධය නැති කරපු එක වෙනුවෙනුයි ජනාධිපති තුමා පැරදුනත් මන් එතුමගේ පැත්තේ. (නදී)
මහින්දගේ ලනුව කෑවා එහෙනම්. අයියෝ සිරිසේන. (නදී)
ඔබටත් රජෙක් වෙන්න පුළුවන්.. ඔබයි අපේ ජනපති...(ස)
ඔබට සුබ පැතුම්...රටට හොඳක්ම වේවා (නදී)
උපතින්ම පාවා දීම උරුම අපේ සිංහලයින් ඉන්න රටට හරි යන්නෙ විධායක ජනාධිපතිකම තමයි. එහෙම නැතිවුනා නම් රටත් මෙළහකට විකුණලා. ජනාධිපතිතුමා තමන්ගේ සහෝදරයින් ළං කරන් ඉන්නෙ එක අතකට මේ වගේ හේතු නිසා වෙන්න ඇති. මොකද කිසිම කෙනෙක් විශ්වාෂ කරන්න බැහැ. පාවාදීම ජාතික උරුමයක් වෙච්ච ජාතියක්
කීවට තරහා වෙන්න එපා, ජනවාරි මාසෙන් පස්සේ ඔබට වෙන්නේ පොළොන්නරුවට වෙලා කුඹුරක් කොටන්න. (නදී)
මෙත්ත සේනට මහත්තයෝ කියල කිව්වේ මොකද තරිඳු. මෛත්‍රී මහතාණෙනි ඔබට ජය (නදී)
රටට ඕනේ වෙලා තිබුන වෙනසක්.ඔබට ජය.(හේ)