පිටකොට්ටේ සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාට ගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සිරිකොතේ කිරිබත් මේසයක් ද පිළියෙළ කර තිබිණි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මුල්ම කිරිබත් කෑල්ල පිළිගැන්වූයේ සිරිසේන මහතා විසිනි.
ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා මේ හමුවේ දී කීවේය.
‘රාජ පක්ෂ‘ නම් එක් පක්ෂයක් පමණක් අද ආණ්ඩු කරවන බව දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. ‘අනාගතයේ අප සමග තව විශාල පිරිසක් එක්වේවි.‘ යැයි ද ඔහු කීවේය.
ජනාධිපතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගනිමින් එක්සත් ජාතික පක්ෂ විශාල කැපවීමක් කර ඇති බව ද සිරිසේන මහතා පැවසීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පබ්ලිස් අප්පුට කාලෙකින් ගෙදර අාප්පයක් පුච්චගන්න බැරි වෙලා වගෙයි. (අ)
මේ වගේ හැමදාම ඉන්නවා නම් කොච්චර හොදද?(හේ)
උෂාන්, පියාඹන කුඩා සත්ව වර්ගයක් ගැනද කියන්නේ. කුස්සිය එතරම් අපිරිසිදුයි කියා මා නම් හිතන්නේ නැහැ.(නදී)
ආප්ප කාල මෙයා මෙහෙම කලා නම් පිට්සා එකක් කෑවනම් කොහොම වෙයිද ?(අ)
දේශපාලනය කියකිය හැමදාම කලේ තමන්ගේ මදිය තරකරගෙන අහිංසක පොදු ජනතාවගේ මුදල් සොරකම් කරපු එක. මට නම් කාලෙකට පස්සේ හොඳ පෙරනිම්මිත්තක් පේනවා. සැබෑ ජනතා පුත්‍රයෙක් අද රට හදන්න මුලිකත්වය අරගෙන. ඔහුත් එක්ක සියලුම බුද්ධිමත් දේශපාලන නායකයෝ සහ රටේ සියලුම බුද්ධිමත් ජනතාව සහය දෙනවා. මගේ මව් බිමට ජයවේවා. උඩින් පෙන්නුවත් මේ අගාදයෙන් රට බේරගන්න පක්ෂ විපක්ෂ සියලු දෙන ඡන්දය දෙන්න. (හේ)
මම හිතන්නේ අපි තීරණයක් ගන්න හදිසි වෙන්න හොඳ නෑ. (හේ)
අනේ රුහුණු කුමාරි ගේ සහෝදරියකුත් ඉන්නවා නේ? (නදී)
ඡන්දය සොරකම් නොකොළොත් අනිවාර්යෙන්ම වෙනසක් වේවි, (අ)
දසුනිටත් හිතෙන දේවල්? මේ නහින දෙහින කාලේ අකලට පුරන් වෙලා තියන කුඹුරක් කොහේ හරි ඉන්න ගොවි මහත්තයෙකුට කියල කොටාගෙන ඇඹුලක් කන්න හිතිලානේ. (අ)
ඔය තුන් කුලුදුල් බිලි ගැන කියන අය ගැන හොද කල්පනාවෙන් ඉන්න ඕනේ, (අ)
මෙතන අදහස් දාන අයත් අනේ මන්ද , ආණ්ඩුවට පක්ෂව ලියනකොට කියනවා කඩේ යනවා කියල . එතකොට විරුද්ද පක්ෂයට පක්ෂව ලියන අය කොහෙද යන්නේ ? (අ)
අද දවසම මෙසේ කිරිබත් කන්න තීරණය කලේ මන්ද.? ඒ කාගේ උවමනාවටද.? (අ)
ලංකාවේ වත්මන් පාලකයෝ නියම ප්‍රජාතන්ත්‍ර වාදී නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපති මැතිවරණ අපේකෂකය විය යුත්තේත් මෛත්‍රිපාල සිරිසේන මැති තුමා තමයි. එත් ඉතින් එතන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් ඒකාධිපති කල්ලියක් නේ ඔක්කොම තීරණය කරන්නේ. කුමන පක්ෂයකින් මොන තරාතිරමක පාලකයෙක් රට පාලනය කලත්, දෙවරයකින් පසුව එතුමා හෝ එතුමිය ඊ ළඟ නායකයෙකුට එම තැන පවරලා ඉවත්වෙන්න ඕන. එහෙම නැතිව වර්තමානයට රජ පාලනය ගෙන්න හැදුවට එයින් පාලකයින්ට හා තක්කඩින්ට මිසක් රටේ පොදු ජනතාවට නම් සෙතක් සිදුවන්නේ නැහැ. (අ)
නන්දිගේ කතාවට මාත් සම්පුර්ණයෙන් එකඟයි. මගේ ඡන්දයත් මෛත්‍රීට (නදී)
ඔබට ජය පතනවා.රට මේ තියන අගාදයෙන් බෙර ගන්න ඉක්මනින්ම ලැබේවි. අධිකරණය ,පොලිසිය ,හමුදාව ඉක්මනින් ස්වාධීන කරන්න ලැබේවි. (අ)
අශුද්ද සන්දානයක්. මේවා නිවටයන්ගේ වැඩ. පනතක් ස්තිර කරගන්න බැරිවුණා කියල මහින්ද මහත්තයට එරෙහි උන එක සාදාරනද? (නදී)
ජාතික ආණ්ඩුවක් පිහිටු වීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්, "විශාල කැපකිරීමක්" කර, ලබා ගන්නට හදන්නේ ඇමැතිකමක්‌ම පමණක්ද?. ඔහු ඉවසාගෙන සිටියා නම්, මහින්ද රාජපක්ෂ මහතා ලෙසටම කවදා හෝ ඔහුට ඉදිරියට ඒමට ශ්‍රී ලනිපය තුළ ඉඩ හසර තිබුණි. දැන් ඒ සියලු මං පෙත් අහවර වී ඇති සෙයක් පෙනේ. එමතුද නොව තමන්ගේ දේශපාලන ජීවිතය පුරා,පරම සතුරා ලෙස සැලකූ එජාපයට හේත්තු වී ඔවුන් සමඟ ඡන්දයත් කරන්නට එතුමා ට සිදුවී තිබේ. එජාප නායකයාව අගමැති කරන්නටද ඔහු සපත කර තිබේ. එහෙනම් දැන් එතුමා වරක් කියූ ලෙස කැඩපත ඉදිරියට ගොස් ඔහුටම කියාගන්නට ඇත්තේ, "බම්බුව තමයි බම්බුව" කියා මිස අන් කවරක්ද? (අ)
මෙතන බොරුවට නිකරුනේ වාද වලට පැටලිලා වැඩක් නැහැ නෝනා මහත්වරුනි. මෛත්‍රිපාල සිරිසේන මහත්මය මේ මැතිවරණයෙන් දිනනවා. කට තිත්ත උනත් ඇත්ත ඒකයි. අපේක්ෂකයෝ දෙන්නගේ කතා විලාශය හොඳින් නිරීක්ෂණය කලාම බුද්ධිමත් ජනතාවට ඒක වැටහෙයි. රටේ ආර්ථිකය කෙසේ වෙතත් අපේ රටේ සමාජමය පිරිහීමට වත්මන් පාලනය වගකිව යුතුයි. (අ)
මොනවා උනත් මහින්ද ට දුන්නු චාන්ස් ඇති. ඊළඟ සුදුස්සා නිදහස් පක්ෂේ ඉන්නේ මෛත්‍රී. මහින්දට තමුන්ගේ අවස්තාව පුද කරපු නිහතමානි මනුස්සයෙක්. කාගේත් වැරදි තියෙනවා නමුත් මයිත්‍රී සාපේක්ෂව ගොඩක් හොඳයි. (නදී)
රනිල් අනුන්ගේ පහනින් එලිය බලනවා. ගියවර පොනිගෙන්, මෙවර පාලගෙන්, අනේ මෙහෙම විලි ලැජ්ජා නැති දේශපාලුවෝ (නදී)
චමින්ද කියන වමේ බලවේගය නිසා අපි හොඳ අමාරු වල වැටිලා තියනව සරසවියේදී. පේන්නේ නැද්ද වමේ හිටිය සමහරු අන්තිමේ දකුණේ ගිහිල්ල නැවතුන හැටි. දැන් ඔක්කොටම වැඩියෙන් සමාජවාදයට ගරහන්නේ ඒගොල්ලෝ. (අ)
මෙදා පාර රනිල් අනාගන්නවා
අයියෝ සිරිසේන
චමිල, ඔබතුමියගේ හිත රිදිලද කොහෙද ආණ්ඩුවට පක්ෂව කඩේ යනවා කියන එකට. එ්ක මෙහෙමයි කළුකඩ මුදලාලි කපටි බව දැන දැනම හොරට කිරණ බව දැන දැනම හොර තරාදිය පාවිච්චි කරනවා කියල දැන ගෙනම බොරුවට බබාගේ ඔලුව අතගාල කතා කරන කොට චමිලල වගේ නෝනාලා රැවටෙනවා. විපක්ෂය (මෛත්‍රිපාල සිරිසේන මහතා) වෙනුවෙන් ලියන අයට කියන්න පුළුවන් සුපර් මාකට් යනවා කියලා. මොකද එතන ඇන්දිලි නැහැ. කැමති නම් ගාන බලලා බඩු ගන්න පුළුවන් නැත්නම් නොගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි එතන හොරට කිරන්න හොර තරාදියක් නැහැ. හැමෝටම එකයි. ඔන්න ඕකයි මගේ නිර්වචනය. (නදී)
සුසිර මහතාගේ කියමනට 100% එකග වෙමි. රටේ නිතිය බල්ලට ගිහින්, සාමාන්‍ය මනුස්සයාට පිහිටක් නෑ.(නදී)
යාලුවනේ අපිට ඕන බලවත් විපක්ෂයක්. පනින අයගේ ෆයිල් විතරක් එලියට අදින එක වැරදියි. ඇයි අනිත් අයගේ වැරදි වහන් ඉන්නේ. රම එකතු වෙලා අපිටි බොරු කරනවා. අපි දැන් බුද්දිමත් වෙමු (නදී)
මෛත්‍රී දිනුවොත් සජිත්ට හම්බවෙන්නේ මොන වගේ තනතුරක්ද ? රනිල් නම් විදායක අගමැති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් බටලන්ද ගැන රනිල් යටතේ පරීක්ෂණයක් ඉල්ලන්න .(නදී)
ජයවේවා පොදු මහජනයාගේ විපක්ෂයට.(නදී)
කවුරු දිනුවත් මෙදා එජාපෙ ඡන්ද දෙන්නේ ශ්‍රී ලංකා කාරයෙකුට නේද.(නදී)
අපි තනතුර ආරක්ෂා කරන් යන්නේ මොකටද ? මහින්ද යනමග හොද නැත්නම් අපි නිවරදි තීරණය ගන්න ඕනි රට වෙනුවෙන් ඉදිරි අනාගතය වෙනුවෙන්. වර්තමාන රජය රටේ මුදල් ගිල දමන්නේ නම් රටේ නීතියක් නැත්නම් බුද්දිමත් විය යුත්තේ කව්ද ? නිවැරදි පාලනයකට රට බාර දිය යුතුයි. එ්කයි බුද්දිමත් දේශපාලනය. (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහත්මයා වෙනුවෙන් ඔබගේ වටිනා ඡන්දය පාවිචිකර රටේ යහපාලනයක් ගොඩනැගීමට සැවොම එකතුවෙමු. (නදී)
මෙයා කාල තියෙන්නේ සුර පප්පගේ ගමේ ආප්පද කොහෙද. මාර පිම්මක් නේ පැන්නේ (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට ජයවේවා !!! (නි)
මෙයාලා ඔක්කොම එකතුවෙලා ජනතාවට දෙන්නේ මොනවද? (නි)
වැඩි සෙනෙහේ දබරෙටයි..............! (නි)
දුලිප්, අපේ අනාගත දරුවන් මොන තරම් වාසනාවන්තද කියල සතුටු කදුළු ගලා එනවා.(නදී)
අපේ අනාගත දරු පරම්පරාවට "එ්කාදිපතියෙකුගේ" සපත්තුවට යට වෙලා ඉන්න වෙන්නේ නැහැ එහෙනම්. අපේ දරුවන් මොන තරම් වාසනාවන්තද? (නදී)
සිරස නිව්ස් වල අද මේ නිව්ස් එක නැත්තේ මොකද ? (නදී)
ක්ලාක් මහත්තයා මහා ලේකම් තනතුර දක්වා උස්සල තිබ්බේ මහින්ද මහත්තයා. එහෙම කල මහින්ද මහත්තයට මෙහෙම කලානම් ,වෙන කතා කවරේද (නදී)
ලෙස්ලි ලෝව්."රනිල් කියන්නේ දෙවතාවක් රටේ අගමැතිකම් කරලත් ශත පහක් වත් හොරකම් කර නැති නායකයෙක්. ඔහු සමග මේ අව්‍යාජ ගැමි මිනිසාගේ එකතුව රටේ අනාගතයට සුබ පෙරනිමිත්තක්. ජයවේවා" මම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙමෙයි. එ්ත් එකක් කියන්න ඕනේ රනිල් තමන්ගේ හත්මුතු පරම්පරාවම නිවන් දැක්කුවේ නම් නැහැ.(නදී)
නිල්පාට සාටකය ගලවා එජාප නායක රනිල් මැතිතුමාට කිරිබත් කවනු ලබූ අවස්ථාවේ කොලපාට සාටකයක් පැළඳ සිටියා නම් වඩා හොඳයි නේද ? (ම)
රටට, රටේ අනාගත දරු පරම්පරාව ගැන හිතන පතන සියලුම දෙනා එකමුතු වෙන්න ඕනේ වෙලාවක් මේක. හිත හිත ඉන්න වෙලාවක් නැහැ. (නදී)
ශ්‍යාමා කුමාරි ඔය හරියට මෙතන බොරු ලියනවා. ගිය පාර ඔයා මායිම් ගම්මානයකින් බිහිවූ කාන්තාවක් ලෙස ලිව්වා. කොළඹ වත්තක කර්කෂ පරිසරයේ හැදෙන බවලතෙක් වත් නොලියන එකෙනෙකට පරස්පර විරෝධී බොරු ගොඩක් ලිව්වා. (නදී)
ජයවේවා! (නි)
මේවට අදහස් දාන හැමෝටම කියන්නේ කුහක විදිහට මේක දෙස බලන්න එපා (නි)
ශ්‍යාමා කුමාරියට මෙතන පැවරිලා තියන වැඩේ මායම් ගම්මාන වල සහ පිටිසර ගම්මාන වල අයවත් පොදු අප්ක්ෂකයාට ඡන්දෙ නොදෙන බව මෙතන ප්‍රචාරය කිරීමයි. (නදී)
අයියා පැන්නොත් වලට....ගොඩ ඒමට කල් නැත.ඒ නිසා පනින්න පෙර සිතා බලනු.(ස)
මුලදීම සිරිසේන මහත්තයට අගමැතිකම ලැබුණානම් අද මෙතන ඉදිද ? (ස)
අද මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)
ඔය විධායක අගමැතිකම හීනයක් මේ රටේ කළගුණදත් බහුතරය සිටිනකම්.. (නි)
අපි හීනෙකින්වත් හිතුවද මෙහෙම දෙයක් දකින්න ලැබෙයි කියලා (දී)
රට යන්නේ කොහෙටද කියලා ඉතාම පැහැදිලියි. (නි)
බුද්ධිමත් ආකාරයෙන් මැතිවරණයට මුහුණ දීලා, ජය ගන්න ලැබේවා...! (දී)
සමහරු දකින හීන අම්මපා..! (නි)
මෙන්න සහජීවනය (දී)
මේවට තමා කියන්නේ සුපිරි විහිලු කියල.ටික දවසකට ඉස්සෙල්ල මාරා ගත්ත.දැන් කිරිබත් කවගන්නවා. (දී)
මෛත්‍රී මහත්තයාවත් පත් කරල බලමු අපිට සහනයක් ලැබෙයිද කියල. (ස)
නෑඹුල් තුන් කුළුඳුල් බිල්ල. (නදී)
කිරිබත් නෙවෙයි පැරදුනොත් ජම්පරේට. මොකද ෆයිල්ස් තියෙනවා. (නදී)
මේ හිනාවල් නැහැ මේ අය ඇන කොටා ගන්න පටන් ගත්තම. (නදී)
ශ්‍යාමා කුමාරිගේ හැදුනු වැදුණු පරිසරය සහ පසුගිය පුවත් වල ලියපු දේවල් හරිම පරස්පර විරෝධියි. කියන්නෙත් විශ්වාස කල නොහැකි ඒ පළාත් වල කාන්තාවකට අදාලව හිතාගන්න බැරි දේවල්. කොටි ගහපු ගමක අහිංසක කාන්තාවන් මෙහෙම දේශපාලන පුවත් තීරු වලට අදහස් ලියන එක හරි පුදුමයි. අනෙක පරිගණක ක්‍රියා කරවන හැකියාව ඊටත් පුදුමයි. මට නම් මේ දේවල් වල ලොකු අමුත්තක් දැනෙනවා. (නදී)
ඇයි වසන්ත මේ අයගේ විහිලු ඔයා කඩේ යන තැන නැද්ද ? නැති වෙන්න බැහැනේ , මෙහෙන් එහෙට පැනල තනතුරුත් එක්ක කීදෙනෙක් දවස ගානේ කිරිබත් කනවද ? (නදී)
අනේ දෙයියෝ, රෑ පොන්සේකා වැටුණු වලේ දවල් සිරිසේන පැන්න නේද.... අපි මක් කොරන්ටද ඉතින්, තන්නාසේ තන්නාසේ... තණ්හාය ජායති සෝකො...(නදී)
දැන් රටේ වෙන දේවල් වල ඇත්ත නැත්ත හොයන්න අන්ජනම් දේවිව යැව්වත් වැඩක් නැහැ. රට වැසියෝ විදියට අපිට හුඟක් පරිස්සමින් හිතන්න වෙනවා. (ර)
අපේ සුබ පැතුම්. රටට හොඳක් වේවා (නදී)
දැන් රටේ වෙන දේවල් වල ඇත්ත නැත්ත හොයන්න අන්ජනං දේවි යැව්වත් වැඩක් නැහැ (නි)
රනිල් කවදාවත් මරාගන්න ගිහින් නැහැ. උගත් බුද්ධිමත් විදිහට සංයමයෙන් වැඩකරන දෙන්නෙක්. (නදී)
ඇයි ඉතින් අනෙක් පැත්තේ සන්ධානයේත් තියෙන්නේ ඇන කොටා ගැනිලි. නදීෂා ට ඒවා පේන්නේ නැද්ද ? (නදී)
අපි පෙන්වන්න සුදානම් කබරයා තලගොයා වුණ හැටි. (නි)
ඇයි අර එක තැනක දන්සල් දිදී කිරිබත් කවනවා නේද ? (නදී)
අද ඔය කිරිබත් කන්නේ කවදාවත් කිරිබත් කන්න හිතපු තැනකින් නොවේ නේද? (නි)
අපෝ කිරිබත් කැවිලි නැති දේශපාලන පක්ෂයක් අපේ රටේ තියනවද ? කොතනත් ඔය බෙදිල්ල සහ කැවිල්ල තිබෙනවා. (නදී)
මෛත්‍රී තාමත් ශ්‍රීලනි පක්ෂයේ මහා ලේකම් නොවේද? (නි)
එකමුතුකම දැක්කම ජය සිකුරුයි කියා සිතුණා (නි)
ඇත්තටම ශ්‍යාමා කුමාරි මටත් ගමි පළාත් වල ගැහැණු උදවිය හිතන පතන හැටි ගැන යම් අවබෝධයක් තිබෙනවා. මමත් කුරුණෑගල පැත්තේ ගමකින් ආපු කෙනෙක් නිසා. හැබැයි ඉතින් ඔබතුමියට වගේ දේශපාලන උණක් සහ පරිගණක හැකියාවක් කටුක මායිම් ගමකින් ආපු කාන්තාවකට පිහිටාවි කියලා නම් හිතා ගන්නවත් බැහැ. (නදී)
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. එහෙත් හැටට හැටේ කඩේ යන අය නම් ඇත. (දී)
ඔබතුමාට ජයන් ජය ! (නදී)
සිරිවීර , නදීෂා , නිසාර් ,වසන්ත කොහෙන් ආපු කට්ටියක්ද මේ .වසන්ත කෙනෙක් නම් හිටිය හැබැයි කඩේ යන එක්කෙනෙක් නෙමෙයි. කුලියට ප්‍රතිචාර දාන්න කට්ටියක් බන්දුල පෙරේරා ගෙනල්ලවද්ද ? (නදී)
ඉන්න කෙනා අපිට හොඳයි (නි)
ඔක්කොම එකතු වෙලා ඔය වගේම දුප්පත් මිනිස්සුන්ටත් සිනහ වෙලා, සතුටින් ඉන්න සමාජයක් හදල දෙනවා නම් ඒක තමා අපෙත් බලාපොරොත්තුව! (නදී)
වසන්ත, නහි වේරේන වේරානී කියලයි පටන් ගත්තේ. (නදී)
එකාවන්ව රට බේරා ගමු (නදී)
දසුනි කුඹුරු කොටන එක ගරු කටයුතු ජීවන මාර්ගයක. ඔය ඔයාල වන්දනා කරන සමහරු වගේ තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනව කියල පෙන්නගෙන ඉන්න කට්ටිය ගැන අපෙන් අහගන්න එපා. (නදී)
මට නම් පේන්නේ මෛත්‍රී පාල තනිවෙලා වගේ. නුහුරු නුපුරුදු තැනකට ගියාම ඇතිවෙන සබ කෝලය වගේ. එයා ඒ කණ්ඩායමට පිටස්තරයෙක්. (නදී)
මට පේන හැටියට ශ්‍යාමා මෙනවිය ඒ දවස් වල සෞඛය අමාත්‍යංශයට පත් වීමක් ගන්න උත්සාහ කරලා ඒ උත්සාහය වැරදුනු කෙනෙක් ද කොහෙද ? (නදී)
අනේ දසුනි නෝනා. ඔයා බන්දුල පෙරේරාගේ අවතාරයක් බව දැන් පේනවා. ඔය කතාව ඔය විදියටම බන්දුල වෙනත් පුවතක ලියල තිබුනා. කුලියට ලියන එකේ ටිකක් වෙනස් නැවුම් අදහසක් වත් ලියන්නකෝ අපිට කියවන්න. (නදී)
දසුනි දන්නේ නැතිව ඇති ඉස්සර දකුණු පළාතේ දියුණු යමක් කමක් තියන පවුල් වල ජීවන වෘත්තියත් ගොවිතැන. හැබැයි දකුණේ සමහර ප්‍රදේශ වල උදවියට කොටන්න කුඹුරක් වත් තිබුනේ නැහැ. අපෙන් ඒ නිසා ඒ ගැන ඇඹුල් ඇතිව අහගන්න එපා. (නදී)
මේ අවස්ථාව දේශපලන විද්‍යාෙව් විශේෂිතම අවස්ථාවක්.. ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා මෙවැනි ජාතික වැඩ පිළිවෙළක් සඳහා එකතු වීම කොච්චර නම් හොඳ ක්‍රියාවක්ද. (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහත්මය මෙතනට ආවේ ආරාධිත අමුත්තෙකු නිසා. කිරිබත් කෑල්ල ඉස්සෙල්ල බෙදන්න ඕනේ ආරාධනා කරපු අය. මෛත්‍රිපාල මහත්මයා මේ හැමතැනකදිම පරිස්සම් වෙන්න ඕනේ ජනතාවට හැඟීමක් නොදෙන්න මම මේ හැම දෙයක්ම කරන්නේ රනිල් වික්‍රමසිංහට නැතිව ගොස් තිබු තත්වය නැවත අරන් දෙන්න කියලා. දැනටත් එවැනි විවේචන තිබෙන නිසා, අරයට මෙයාට කවන්න වැඩිය ඉදිරිපත් වෙන්න නරකයි. (නදී)
මේ ගොල්ලෝ කිව්වට මම හීනෙකින්වත් හිතුවේ නැහැ එජාපය නිදහස් පක්ෂේ මහලේකම්ට සහයෝගය දෙයි කියලා. මොනවා උනත් මෛත්‍රීපාල හොද අවංක කෙනෙක්. මේ කරන්නේ ඉතින් හුදෙක් ජනතාවට සේවයක් කරන්න ඕන නිසානේ. නැත්තන් විදායක ක්‍රමය අහෝසි කරපුවහම මෙතුමා දිනන පුටුව මෙතුමාට නැතිවෙනවනේ. නිදහස් පක්ෂයේ හිටපු හොදම මිනිසා. මම කොච්චර ජනාදිපතිතුමන්ට සහයෝගය දුන්නත් හදවතින් ඔබට සුබ පතනවා (නදී)
අපි ඔක්කම කඩේ යනවා (නදී)
මම මෙච්චර කල් හිතුවේ අපේ පඬිතුමා මෙතන ටොම් පච අරිනවා කියල. බලනකොට ශ්‍යාමා කුමාරි රත්න මලල මෙතන හිටිවන බොරු කියනවා. අරයගෙ රෙකෝඩ් එක කඩලා ඉවරයි වගේ. (නදී)
ඇත්තටම මම කාලෙකින් දුටු ඉතාම බුද්ධිමත් සංවාද මණ්ඩපයක්. අප අතර කුමන දේශපාලන මතිමතාන්තර තිබුනත්, හරවත් ලෙස හා සමහර අදහස් වල තිබුන උපහාසය මුසු හාස්‍යමය රසය නිසා සතුටින් යුතුව කියවිය හැකි වටිනා අදහස් ගොන්නක්. මෙහි අදහස් පලකොට තිබෙන සැමට මෙන්ම ඉතා සමබර ලෙස මේ අදහස් පලකොට තිබෙන ලංකාදීප මාධ්‍යවේදී කතෘ මණ්ඩලයටත් ස්තුතිය පුද කරමි. (නදී)
අනේ දසුනි නගෝ ඔය සමහරුන්ට ඉස්සර ගමේ කොටන්න කුඹුරක් තියා බිම් අඟලක් වත් තිබුනේ නැහැ. කොළඹ ඇවිත් මවලා පෙන්නන ප්‍රභූ පවුල් පසුබිම දැක්කම ඉතින් පෙරේද ඉපදුන නගාල හිතන්නේ අනේ අපි කැමති උදවිය නම් "හරි පොෂ් " කියලා. කුඹුරු කොටන එක බොහොම නම්බුකාරයි ඔය නැති ප්‍රභූ කමක් පෙන්නනවට වඩා. (නදී)
මට පේන්නේ අපේ දසුනි දැරිවිටත් ලම්බෝගිනිය පෙන්නපු ගමන් අර මඩ නාගෙන කුඹුරේ ඉන්න ගොවියන්ව "හරි ගොඩේ මෙයා " වෙලා වගේ. (නදී)
පාල මහත්තයෝ රනිල්ට හාද්දකුත් දුන්නම්නේ හොද ,චන්ද්‍රිකාගේ ආණ්ඩුකාලේ පාල මහතයල එකතුවෙලා රනිල් මහතයල පතුරු ගැහුවා, පාල මහත්තයෝ ඔය කටවල්වලට ලුණු ගොරක දල ජාඩි දාන්න ඕනේ ,ජාඩි දන හැටි හිටපු මාළු ඇමතියා දන්නවා (අ)
කිරිබත් කළා තමයි පරදින්න යන්නේ.(හේ)
අනේ ශ්‍යාමෝ මම නම් බන්දුල පෙරේරා ඡන්දෙ ඉල්ලුවොත් එයාට ඡන්දෙ දුන්නත් ඔයාට නම් ඡන්දෙ දෙන්නේ නැහැ. ඔය ලොකුම පච ෆැක්ටරියක් (නදී)
බන්දුල මහත්තයෝ අන්න වමේ නාකි කොල්ලෙක් පෙරටුගාමින්ගෙන් ඡන්දෙ ඉල්ලනවා. හා හා බන්දුල තමයි මොළකාරයා (නදී)
බලාපොරොත්තු වුන දෙයක් .සියලුම දෙනාට දළදා හිමි සරණ පතමි .(හේ)
දැන් ඔය අනිත් මිනිස්සුන්ට කුඹුරු කොටන්න කියපු දසුනි ළමාතැනීගේ හත් මුතු පරම්පරාවම රාජ නීතිඥයෝ වෙන්නැති. (ස)
හීනයක්ද කියලා හිතෙනවා.සහයෝගයෙන් ඉදිරියට යන්න අපේ සුභ පැතුම්!.(හේ)
සැබෑවටම මෛත්‍රී ! (ස)
අනේ අප්පෝ අපිට නං අලියා දකින්නේ වෙන්නේ නැහැ. හංසයා නිසා අලියෝ ගොඩක් බුලත් තුරුළු කර ගත්ත,මෙවර ඉතුරු ටික බුලත් කොලේට යාවි.රනිල් මහත්තයෝ ..ඔබතුමාට බැරිනම් කරුණ කරලා ඔය පක්ෂය පුළුවන් කෙනෙකුට භාර දෙන්න.අපට තේරෙන්නේ නැහැ ඔබ මොකට යු:එන්:පි එක නැතිකරනවද කියල.ගිනස් වාර්තාව තව තවත් අලුත් කරනවා පමණි. (ස)
ෆොන්සේකා 2 නාඩගම... සිරිසඟබෝ කතා වස්තුව.....මහින්ද මහත්තය දිනන්නේ වැඩි ඡන්ද ලක්ෂ 20 කින්.. (ස)
බන්දුල හැට හතර මායමට අහු වුන උදවිය ගැන නම් අපෙන් අහගන්න එපා. ඔය පැත්තේ ජනකාන්ත ප්‍රතිභාපුර්ණ හැට හතර මායම් වලට ලැබෙන තනතුරු කවුද දුන්නේ ? (ස)
ඒක තමයි දසුනි එයාට හොර පෙරකදෝරු කමක්වත් තිබුනා නම් ඔන්න ගෙදර ගිය දවසට කරන්න තිබුනා. (නදී)
කිරිබත් කියන්නේ සුබ කෑමක්නේ! (නි)
කොයි වලේ කව්රු වැටුනද කියන එක නෙමේ ප්‍රශ්නේ,කන්දක් උඩ හිටපු කෙනෙක්, .මේ තරම් පහලට වැටුනේ කොහොමද කියන එකයි. (ස)
අනේ බන්දුල තුමෝ අද කාලේ හැමෝම දන්නවා හැට හතර මායමට නිතර දෙවේලේ අහු වෙන්නේ කවුද කියල. මගෙන් මොකවත් අහගන්න එපා. (නදී)
දසුනි මතක ඇතිව ඔයාගේ බන්දුල අයියාට ගෙදර තියන අමුඩ ලේන්සුවක් යවන්න. හෙට අනිද්දාට අපි කුඹුරු වැඩ පටන් ගන්නකොට එයාව තමයි නගුලේ බැඳලා හාන්න ගන්නේ. (නදී)
අනුර මහත්තයෝ අදිකරණයට අද වෙලා තියෙන්නේ මොකද්ද කියල අපි දන්නවා. ව්‍යවස්ථාවට මොකද වෙලා තියෙන්නේ නීතියට මොකද වෙලා තියෙන්නේ කියල දන්නවා. ලංකාව නය කර කර ඒකෙන් වැඩි පංගුවක් ගසා කන හැටිත් දන්නවා. මෛත්‍රීපාල මහත්තය කියන්නේ ජීවිත කාලය පුරාම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කල අයෙක්. ඇස් කන් තියන යුක්තිය සාදාරණත්වය තේරෙන මිනිසෙකුට මේවා දරාගන්න අමාරුයි. එතුමා ප්‍රතිපත්ති පසෙක තබා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කැප වෙලා තිබෙනවා. ඔබ කියනවා හරි ඔහු නිදහස් පක්ෂයේ සිටියා නම් අනාගත සන්දාන නායකයා. ඔහු එය අතහැර මේ වෑයම දරන්නේ ජනතාව වෙනුවෙන්. ඔහු අවංකවම සැබෑ ජනතා පුත්‍රයෙක්. හැමදාම මිනිස්ස්සුත් එක්ක හිටපු නිහතමානි නායකයෙක්. අහිංසක ගොවි මහත්තයෙක්ගේ පුතෙක්. මම දේශපානය ගැන එතරම් තැකීමක් කරන අයෙක් නොවෙයි. හැබැයි ව්‍යවස්ථාව අතට ගැනීමේ භයානක කම අපි ලෝක ඉතිහාසයෙන් අත්විදලා තිබෙනවා. මෛත්‍රී මහත්තයට මම ජය පතන්නේ මට කිසිදු වාසියකට නොවෙයි. පොදුවේ රටට සෙතක් වෙන නිසයි. මෛත්‍රී කවදාවත් කාටවත් ද්‍රෝහී උනේ නැහැ. කල්‍යාන මිත්‍රයා තමුන්ගේ මිතුරා වැරැද්දක් කරන විට ඔහුව එයින් ගලවනවා. බැරි උනොත් කොහොම හරි නවත්තනවා. මිතුරු වෙසින් සිටින සතුරන් වැරැද්දට තව තවත් උල් පන්දම් දෙනවා. මෛත්‍රීට මේ ඉදිරිපත්වීමෙන් කිසිම පුද්ගලික වාසියක් නැහැ. ඔහු සැබෑ ජනතා පුත්‍රයෙක්. මෙතෙක් ජන්දය කටු ගෑ මම මෙවර අනිවාර්යයෙන්ම ඔබට ජන්දය පාවිච්චි කරනවා. ඔබට ජය නිහතමානී ශ්‍රේෂ්ට මිනිසාණනි. (නදී)
ඔබ සැමට ජය උදෙසා සුබ පැතුම්. මගේ එකම ඉල්ලීම නම් දුශනය නැති කරලා යහ පාලනයක් ඇති කරන්න. (ස)
අපි තේරුම් ගන්න ඕනා මේ ක්‍රමයම වෙනස් කරන කෙනෙක් එක්ක කිරිබත් කන්න. වමේ බලවේගයක් සමග එන තරුණයන්ට බලය දීල බලන්න. ඔවුන් ඉතා හොදින් රට දියුණු කරාවි. මහින්ද තව හිටියොත් තරුණයෝ වමේ බලයක් ගොඩ නගන බව විදේශ බලවේග දන්නවා. අපි පිට රට ඉන්න නිසා අපිට එ්ක පේනවා. ඒ නිසා ඒ ගොල්ල හදන්නේ පාර , වාහනය එකම තියල තව අවුරුදු ගානකට රියැදුරා මාරු කරන්න. අපි මේකට අහු වෙනවද? නැත්නම් වෙනසකට මුල පුරනවද ? අපි මේ ඡන්දෙදි නව ජනතාවක් පත් කරගමු. දියුණු මනසක් තියන ජනතාවක් හදමු. එතකොට ටික දවසකින් අපි පතන වෙනස ලගා කර ගන්න පුළුවන්. (නදී)
අනුර හොඳට කල්පනා කරන්න. මෙතුමා ඉවසුවා කියල තව කොච්චර කාලයක් ඉවසන්නද ? පක්ෂයට මුල දර දිය ඇදපු කෙනාට සුදුසු අවස්තාවේ සුදුසු තැන ලැබෙන්න ඕන. වයස හැට පැනල හොට බිම ඇනුනාම එක එක තනතුරු ලැබිලා වැඩක් තියේද? අනෙක පක්ෂයේ ජේෂ්ඨයන්ට ඉස්සරහට එන්න ලැබෙන්න කිසිම අවස්ථාවක් නැහැ. සමහර ප්‍රධාන තනතුරු ලැබෙන්නේ අනෙක් පක්ෂ වලින් පැනල ආපු උදවියට. එහෙම වෙද්දී මිනිස්සු ඉවසයිද ? සාධාරණව හිතල බලන්න. (නදී)
මැතිවරනෙන් පස්සේ කන්න වෙන්නේ මොනවද? (නදී)
මෙතන ඉහත දමා ඇති අදහස් අනුව පෙනෙන්නේ මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් ගියාට තියෙන හිතේ අමරුවයි. මෙතුමා දිනන එක වලක්වන්න කාටවත් නොහැකි බව තමයි මට පෙනී යන්නේ (නදී)
ජනාධිපති තුමා කුස්සියට ගියත් ඔයිට වඩා සෙනග ඉන්නවා. (නදී)
සමගියේ සතුට.(හේ)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කිව්වේ කට කහනවට නෙමෙයි. මෛත්‍රී මහත්තයා ආවත්, මහින්ද මහත්තයා අපහු ආවත් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩ ගන්න බැරි තරමට ගිලිලා අවසානයි. නිදහස ලැබීමෙන් පසුව මෙය ක්‍රමක්‍රමයෙන් අගාධයට ගෙන ගියේ ඔය සියලු දෙනාම තමයි. (නදී)
අනේ ඔව් දසුනි ගිනි කන්දක් උඩ ඉඳල යන්තම් බේරුනා නේන්නම් (ස)
යූ එන පී අතීතයත් මහින්ද මේ රටට කරපු සේවයත් හිතල බලන්න ඡන්දෙ දෙන්න ඉස්සෙල්ල. මේ හැමෝම දැන් සෙල්ලන්් දාන්නේ කොටියව පරද්දපු නිසා. දැන් එකේ පලිය ගන්න තමයි බටහිර රටවල් සහ කොටි හොල්මන් බලන්නේ. අපේ රටේ බහුතර ජනතාව මේ දෙය තේරුම් නොගත්තොත් නැවතත් රට අරාජික වේවි. ලේ විලක් වේවි. ඒ අපරාධ වෙන්න ඉඩ දෙන්න එපා. මියගිය සොදදුවෝ දරු පවුල්වලටත් සාප කරවී.(ස)
සැමදා පුරුදු කයියෙන් හඬ තියා ගැනේ. හැමදා ගොනුන් බරබාගය අදිනු පෙනේ. (නදී)
සු ගාල 100 විතර ඉන්නවා. (නදී)
චමින්ද මම උසස් පෙළ කලේ 1987 දී. සරසවියට ගිහින් කොන්ඩේ සුදු වෙනකන් එතනට නාකි වුනේ ඔය වමේ බලවේග හින්දා තමයි. ඔයා සමහරවිට ඉපදුනෙත් පිටරටද දන්නේ නැහැ. අපි නම ඒකාලයේ හිටියේ ලංකාවේ. අපේ තරුණකම නාකිකමට හැරෙව්වේ ඔයා කියන ඔය වමේ බලවේගය තමයි. ඒ නිසා මම නම් ඔය වමේ බලවේග ගැන මළාට පස්සෙවත් විශ්වාසයක් නැහැ. (ස)
මෙතන අදහස් දාලා තියෙන වැඩි දෙනෙක් මෛත්‍රිපාල මහාත්මයාට හිරෙ විලන්ගුවෙ වැටෙන්න වෙන බව සදහන්කරල තියෙනවා රටේ පාලකයන්ගෙ තත්වය මිනිසුන් හොදින් දන්නා බව පැහැදිලියි නේද? වෛරි දෛශපාලනෙන් මිදි මෛත්‍රී දෛශපාලනයකට පියවර තබමු.(ස)
රනිල්ට තියෙන්නේ නායක කමෙන් අයින්වෙලා මෛත්‍රීට දෙන්න. එටකොට වැඩේ හරියයි, බළල්ලු ලවා කොස් අැට බාවන්නේ නැතුව. (ස)
ඉහත අදහස නම් ඩුප්ලිකට් බන්දුලගේ වගේ. (නදී)
දැන් බන්දුල පෙරේරලා වැහි වැහැලා (නදී)
අනුර දැන් තියෙන්නේ එදා තිබුන පක්ෂය නෙවෙයි. ජේෂ්ටයන්ට කිසිම තැනක් නැහැ. තමන්ගේ පවුලෙන් කවුරු හරි එනකන් සමහරු පුටුවෙන් නැගිටින්න කැමති නැහැ. වෙන එකක් තියා පක්ෂය ගොඩ නැගුනේ කොහොමද කියලාවත් තවත් සමහරු මතක් කරන්න කැමති නැහැ. ඉතින් අවුල් වෙන එක පුදුමයක් නෙවෙයි නේද ? (ස)
මෙතන කොමෙන්ට්ස් දාන අය පක්ෂග්‍රාහී නොවී බලන්න ඉගෙන ගන්න. මොන ක්‍රමයකින් හරි ප්‍රබල විපක්ෂයක් රටක ඉන්න ඕනා. එහෙම නැත්නම් රට කරවන්නෝ කරත්තකරු නැති ගොන් බැදී කරත්තය මෙන් අරමුණක් නැති වැඩයි කරන්නේ. වෛරී දේශපාලනයෙන් ඉවත් වී නිදහස් ව සිතා බලන්න. විපක්ෂයේ හිටියත් මෙයාලත් ලක් මවගේ දරුවෝ. ඔය සමහර අය කියන තරම් මෙයාල රටට අපලයක් වෙන්න බැහැ. ලෙයින් මසින් හැදුන මිනිස්සු නේද කවුරුත්. අනික කවුරුත් රට විනාස කරන්න එන්නේ නැහැ. අඩු පාඩු දුර්වලකම් කාගේත් එමටයි. කවුරු මාන බලන්නෙත් බලයට එන්නයි සහෝදර වරුනි. (නදී)
මට පේන හැටියට දැන් ඉතිරි වෙලා ඉන්න කට්ටිය ඔය ඉන්නෙත් ෆයිල් එලියට ඒවිද කියන බයටද කොහෙද ? (ස)
මම දේශපාලන පුවත් වලට අදහස් ලියන්නේ නැහැ. නමුත් කියවනවා. සමහරුන්ගේ අතේ පත්තු වෙන බොරු ටික අහල ලේ පිරිසිදු වෙන බව බව නම් නොලියාම බැහැ. (අ)
මගේ අදහසේ හැටියට කුඹුරු කෙටීම හොර පෙරකදෝරු කමට වැඩිය නම්බුකාරයි. (ස)
ප්‍රබල විපක්ෂයක් කෙසේ වෙතත් අපිට ප්‍රබල කඩේ යන්නන් නම් කිහිප දෙනෙක්ම ඉන්නවා. (අ)
අපේ රටට හොද අනාගතයක් උදාවේවි කියලා අපි හැමෝම ඔබතුමාගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. සුභ පැතුම් (ස)
චමින්ද මහත්තයෝ..වමේ කොහෙද මහත්තයෝ තරුණයෝ..ඔය වැලේ වැල් නැති.හම්පඩ නාකි ටිකක් මිසක..හිටපු වමේ තරුණයෝ දෙපාරක් අපිට ගොඩක් දේ ලබල දුන්න...එයාලත් ගොඩක් දේ ලබා ගත්ත..කොච්චර ලබා ගත්තද කියල කියන්න වෙන්නේ ඔබ තුමාගේ වයස අනුව තමයි.ඇත්තටම ඔබ තුමාගේ වයස කියක් විතර ඇත්ද? මොන්ටෝසිරි ළමයෙකුටවත් ඔච්චර ලොකු අර්ථවත් අදහස් පහල වෙන්නේ නැහැනේ..අනේ යන්න මල්ලි යන්න..අපි නොදන්නා වමේ තරුණයෝ..එයාල දැන්නම් ඉන්නේ ෆේස් බුක් එකේ විතරයි....(ස)
සමහරු හිතනවා ඇති කිරිබත් කන එක අර මන්දිරයට විතරක් අදාළ දෙයක් කියල. (අ)
මම පිලිගන්නවා මහින්දගේ පමණක් විශාල පින්තුර ගසා තිබීම මැතිවරණ නීති සම්පුර්ණයෙන්ම උල්ලංගනය කිරීමක්. මෙහෙම කරන්න ගියොත් මම මහින්ද වෙනුවෙන් කතා කිරීම අත හරිනවා (නදී)
අපොයි චමින්ද පිටරට ඉඳන් හිටි ගමන් මෙහෙට පැරෂුට් වලින් ගොඩ බහින අයට නම් මිනිස්සු රට භාර දෙන එකක් නැහැ. (නදී)
අලි ටික කිරිබත්ම කවයි මෛත්‍රි මහත්තය ඔය ආපු පස් හය දෙනා එක්ක විතරක් ආව කියල හරියටම දැනගත්තම..හැමෝටම ලනු ගිල්වන රනිල් මහත්තය මෙදා පාර ගැණු පරානෙක හැට හතර මායමට අහුවෙලා කබයක් ගිලල. ඔතන නුල්ටික තියෙන්නේ චන්ද්‍රිකාගේ අතේ .මෙලොවදිනම් ඔය විධායක අගමැති කම හීනයක් මේ රටේ කල ගුණ දත් බහුතරය සිටිනකම්. (අ)
කව්රු දිනුවත් අන්තිමේදී ජනාදිපතිවරයා පත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ආයමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක්. (නදී)
ඔබට මහින්දට පිහියෙන් අනින්න පිහිය දුන්නේ රනිල්මහතාද.චන්ද්‍රිකාද(අ).
අපේ ගමට කිට්ටු සිරිසේන මහත්තයා ග්‍රාමසේවක මහත්තයෙක් වෙලා ඉන්න කාලේ ඉඳලා අපේ අප්පච්චි දන්නවා. කොටින්ගේ වෙඩිල්ලට ගොදුරු වෙච්ච අපේ අප්පච්චි මැරෙනකම් සිරිසේන මහත්තයට තමයි වැඩ කෙරුවේ. නමුත් මෙහිදී මම වෛරයකින් තොරව කියන්නේ මගේ අම්මා, මල්ලි සහ මා නම් සිරිසේන මහත්තයට ඡන්දේ දෙන්නේ නැහැ. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ, මෛත්‍රී මහත්මය දිනුවාම ඔබලාටත් ඉක්මනින්ම ද්ව්ත්ව පුරවැසිකම ලැබෙයි. මේ වර්තමාන පාලකයෝ පිටරට ඉන්න ජනතාවටත් සලකන විදිහ කවුරුත් දන්නවනේ. ද්විත්ව පුරවැසිකම් ඇතුළු සැම වරප්‍රසාදයක්ම සහෝදර සමාගමට පමණයි. දෙස් විදෙස් වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ වනවිට නන්නත්තාර වෙලා ඉන්නේ. ලංකාව කියන්නේ දැන් හොර කල්ලියකට අයිති වෙලා තියන රටක් පොදු මහා ජනතාවට මෙලෝ අයිතියක් නැත. මේ දුර්දාන්ත ඒකාධිපති, වියරු තණ්හාවෙන් පිරුන පාලනයෙන් අපි මිදිය යුතුයි.(අ)
ආණ්ඩුවට කඩේ යන අයගේ අදහස් දැක්කම මට මතක් වුනේ ජයලලිතාගේ පාක්ෂිකයින්. ඔවුන්ටත් ඇය දෙවි කෙනෙක් වගේනේ පෙනුනේ. (නදී)
මට මෙතුමාව දැක්කහම බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මතක් වෙනවා සුළු පක්ෂවල ඡන්ද එකතු කරලා ගත්තම ලක්ෂ 10 කට වඩා අරගෙන මෙතුමා දිනනවා ඒක ඕන පොඩි ළමයෙකුට තේරෙනවා (අ)
එහෙම හිතුවම තමයිනේ හේමන්ත මහත්තයෝ අවුල..හරි අපි බලේ දුන්න කියමුකෝ..දැන් මේ ලැබුන මදි කියල ආපු අයටයි ලැබෙනකම් අවුරුදු විස්සක් තිස්සේ බඩගින්නේ බලන් ඉන්න තමුන්ගේ අයටයි කොහොමද රනිල් මහත්තය තනතුරු බෙදන්නේ..නිකමට කියන්නකෝ විධායක අගමැතිගේ ඇමති මණ්ඩලය කොහොම වේවිද කියල..අනේ යන්න මහත්තයෝ යන්න බයිලා නොකිය..කවදාවත් එන්නේ නැති නිසා හොදයි..ආවොත් ඉතින් මේ රට ඉවරම තමයි.මාසෙන් මාසේ මැතිවරණ තියන අරාජික රටක් තමයි බිහි වෙන්නේ..(අ)
රටට අපලයක් නොවේනම් 2001 ප්‍රබාකරන් එක්ක ගිවිසුම් ගැහුවේ ඇයි....එයා රටට ආදරේ නිසාද?බුද්ධිමත්ව සිතන්න සියලු රටවැසියන් රටට ආදරේ කරන්න.(අ)
ගිය සුමානේ රෑ ආප්ප කාල කරඬුව වඩම්මල හිනාවෙලා ඇන්න ලු කට්ටියකට පිහියෙන්. අද කිරිබත් කවල ගරුප්පුවෙන් යාළුවාට අනීද කියල මටනම් සැකයි.(අ)
රනිල් තමයි අද ලංකාවේ සතුටින්ම ඉන්න කෙනා. (හේ)
දේශපාලනය හරියට විෂගෝර සර්පයෝ ගැවසෙන හුඹසක් වගෙයි.එකට හිටියට නොපෙනෙන විෂක් හිත්තුල කැකෑරෙමින් පවතින්නේ.ඒ බව පිල් මාරු වෙද්දී මනාවට පැහැදිලි වෙනවා! (අ)
සහජීවනය හොදය. මේවා දකිනකොට සුබවාදී බලාපොරොත්තු ඇතිවේ. (ර)
ඇයි දිනේෂ්, මෙතනත් නිල මැස්සෝ ටිකක් සු සු ගාල අදහස් දමලානේ පෙන්නේ නැද්ද? (අ)
සජිත් පව්නේ .. කිරිබත් බෙදන හැටි දැක්කම අපිට නං පන යනකන් හිනා (අ)
මින්නේරි දෙවියනේ වඩිනු මැන පින් බිමට පුතු නුඹේ මෛත්‍රී ඇවිත් අද සටනකට පුදන්නට වුව හැකිලු ඔහු දිවිය මේ බිමට එවන් පුතු සුරැකීම බාර දෙන්නෙමි ඔබට (අ)
දන්සල් වලින් කන අයට අපක්ෂපාති හැගීම් ලියන්න අමාරුයි (අ)
හැමදාම ඔය විදියට ඉන්න ලැබේවා! (අ)
සිරිසේන මහත්තයට වෙන්නේ චන්දෙන් පස්සේ කුඹුරක් කොටගෙන ඇඹුල කන්න තමයි (අ)
ඔය කවුරුත් ඔතනට එන්නේ බල තණ්හාවෙන් මිසක් රටට අවංක සේවයක් කරන්න නෙමෙයි. (ර)
කුෂි දන්නේ නැතුව ඇති පිටරට ඉන්න අයට රටේ සබැ තත්වය පෙන්නේ කියලා. (ර)
මේ දවස් වල රනිල්ට සජිත්ට රෑට හීනෙන් පේනවා ඇති සිරිසේන ජම්පරේ ඇදන් ඔලුව කස කස එහාට මෙහාට ඇවිදිනවා. (අ)
ලස්සන පින්තුර ටික. ඒක නො දැක්ක නම් මම හිතුවේ උපන් දිනේට කිරිබත් කව්වා කියල නේ.අනේ සාදු. (අ)
ජයවේව පුතේ ප්‍රවේශමින් ගමන යන්න (අ)
රනිල් කියන්නේ දෙවතාවක් රටේ අගමැතිකම් කරලත් ශත පහක් වත් හොරකම් කර නැති නායකයෙක් .ඔහු සමග මේ අව්‍යාජ ගැමි මිනිසාගේ එකතුව රටේ අනාගතයට සුබ පෙරනිමිත්තක් .ජයවේවා (අ)
මෛත්‍රී පාල මහතා සමග මෙතෙක් හැම ගමනකම සිටි අර්ජුන මාහත මෙතන නැහැ . එයා කවදාවත් සිරිකොතට යන කෙනෙක් නෙමෙයි මට පෙනෙන විදියට. (අ)
මෛත්‍රී ෆයිල් එක අරගෙනම පැන්නවගේ,රාජපක්ෂගේ ෆියිල් එක කාගාවද දන්නේ නැහැ,ජයවේවා මෛත්‍රී ,දිනේවා (අ)
සුබ සහ යස ළඟදීම අපිටත් දකින්න ලැබෙයි (අ)
විදුර , {මේ දුර්දාන්ත ඒකාධිපති, වියරු තණ්හාවෙන් පිරුන පාලනයෙන් අපි මිදිය යුතුයි.} අන්න එදාට ඔබේ දරුවා වත් බටලන්දේ දුක් විදින හැටි බලාගන්න ඔබත් ජිවතුන් අතැර ඉදීවිද මන්දා..............(අ)