ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැතිවරුන් පිරිසකගේ මුහුණුවලට කුඩා දරුවන්ගේ ඡායාරූප බද්ධ කොට ෆේස්බුක් මගින් ප්‍රචාරය කළැයි කියන දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ පුතකු (17) රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
යහපාලනයේ කොලු ගැටව් සෙට් එක යනුවෙන් නම් කර ඇති එම විකෘති ඡායාරූප සැකසූ බව කියන සිසුවා මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
දෙමාපියන්ගේ දේශපාලනයට දරුවන් මැදිහත් නොවිය යුතුයැයි මහේස්ත්‍රාත් එම සිසුවාට අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන දරුවා වරදක් කළ බවක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
යහපාලන නඩේ නිසාද ? (බ)
එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මුහුණට කරන අපහාස? (නි)
නොමිලේ වයි-ෆයි දුන්නේ මොකටද එහෙනම්? (නි)
අන්තරජාලය කටත් පොදු වේදිකාවක්.(අ)
මේ ළමයට අපේ නායකයන් පෙනුන හැටි වෙන්න ඇති. (නි)
ඒ වුණාට වැදගත් පුද්ගලයින්ට එහෙම අපහාස කරන්න වටින්නේ නැහැ (නි)
ඡන්දදායකයිනි, වෙනස තේරුම්ගන්න. (නි)
දකුණේ අය අදින්නේ දකුණේ අයටමනේ. මොන වැරදි තිබුනත් කමක් නැහැ (නි)
දෙමාපියන්ගේ දේශපාලනයට දරුවන් මැදිහත් නොවිය යුතුයැයි කියන අවවාදය නම් ඉතා වටිනා බව වැටහෙන්නේ නාමයෝජනා ලැයිස්තු දෙස බලන විටය. (නි)
එහෙනම් මහින්ද මහත්තයාට මොනතරම් අපහාස පින්තූර දාලා තියනවද? ඒත් මේවට හිත රිදෙන්නේ නැහැ එතුමාගේ (නි)
නරි යුද්දෙට යන්නෑ ,හූ කියනවා විතරයි (බ)
විනාශයට මුලාරම්භය අත ළඟයි (ම)
මොනතරම් රාජ්‍ය නායකයන්ව කාටුන් වලට ගන්නවාද මේක ලොකු දෙයක් නොවේ (ම)
සමන්, ඔබ සමග මම 100% එකඟ වෙමි (බ)
අපෝ ඕවා පොඩි දේවල් නේ (ම)
ජනපතිවරණය කාලේත් ඔවැනි වැඩක් වුණා නේද? ඒකට නීතිය ක්‍රියාත්මක වුණාදැයි මට මතක නැහැ. (නි)
යහපාලනයට විරුද්ධ කට්ටියට විතරයි වගේ දඬුවම් (බ)
ඇත්ත. ළමයි කරන්න ඕනෑ තමන්ගේ වයසට ගැළපෙන දේවල් (නි)
දෙමාපියන්ගේ දේශපාලනයට පුතාල එන්න එපා. (ර)
මේක තනිකරම පලිගැනීමක්. එහෙම නම් ලෝක නායකයෝ කීදෙනේක්ගේ රූප විකුර්ති කරලා තියෙනවද (අ)
මේවා මෙච්චර හිතන්න දේවල්ද? මේ ඇරෙන්න වෙන වැඩ ඇත්තෙම නැද්ද? (අ)
කෝ නිදහසේ වෙනස (අ)
ඒ දේසපාලුවා වගේම පුතත් වෙන්න ඇති. (අ)
ෆේස්බුක් එක සුද්ද කරන එක හොඳයි. එකේ තියෙන ඒවා දැක්කම නිර්මාතෘ බොහොම කම්පා වෙනවා ඇති. (අ)
තාත්තලා වගේ තමා ළමයිනුත්. රරට වැඩක් වෙන දෙයක්නේ ළමයින්ට කියල දෙන්න ඕන. දැන් දේශපාලකයෝ තමා ළමයි එක්ක ගහන්න මරන්න යන්නෙත්.(බ)
රනිල්ට කවදාවත් මේ රට පාලනය කිරීමට නොහැකිය එයට හේතුව රනිල්ට නිවරදි තිරණ ගැනීමට හැකියාව නොමැත. යුද කාලයේ රට පාවා දුන් එකෙන් දින සියයට කරපු හොර වැඩ වලින් ඒ බව තහවුරු වේ.විධායක බලය තියාගෙන පබයකු මෙන් රගපාන මෛත්‍රීට කොහෙත්ම මේ රට පාලනය කරන්න දිම නුසුදුසුයි. (බ)
යහපාලන නීති රීති ! (නි)
කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය? පව් අසරණ ළමයි (බ)
අයි.එස්.අයි.එස්.සටන්කාමීන්, ඇමරිකාව වෙනි රටවල් වැඩි කල් යන්නට කලින් මේ රට යුධ පිටියක් කරනවා. එයට හොදම නායකයින් දෙදෙනා මේ වන විට ඇමරිකාව මැදිහත් වී නිර්මාණය කරමින් සිටිනවා. (බ)
කොහොමත් දෙන්නාට තොත්ත බබලා වගේ ඉන්න වෙනවා ඉදිරියේදී අපේ රටට ඇමරිකාව යුරෝපා රටවල් මැදිහත් උනාම. (බ)
ෆේස්බුක් එකේ ඕව ඕනෑතරම් තියෙනවා . නමුත් නිර්මාණය කරපු කෙනෙක් නෑ. එහෙම කරලා අහු වුන කෙනෙක් තමයි මේ . සාක්ෂි එක්ක! (බ)
භාෂණයේ නිදහස මේකද? (නි)
ඇයි දැන් කෝ එතකොට මාධ්‍ය නිදහස? මේවා සාමාන්‍ය දේවල් (නි)
මේ තීන්දුව නම් හොඳ ආදර්ශයක් නෙමෙයි. දේශපාලන පලිගැනීමක්. බරක් ඔබාමා, ජෝර්ජ් බුෂ් වගේ නායකයන්ගේ පවා රුප කොච්චර විකෘති කරලා තියනවද? මහින්ද රාජපක්ෂවත් විකෘති කරලා දල තිබුන එ්ත් ඒ මනුස්සයවත් ඔහොම කළේ නැහැ. (බ)