මෛත්‍රිපාල රජයට සහාය නොදෙන සියලු පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේදී අද (26) ප්‍රකාශ කළේය.
ඔහු එසේ කීවේ පළාත් පාලන හා මහජන නියෝජිත හමුවකදී ය. දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් 59 දෙනකුට ඇරයුම් කර තිබුණද පැමිණියේ 17 දෙනකු පමණි.
මැදිරිගිරියේ පළාත් පාලන ආයතන දෙකක සභාපතිවරුන් වෙනස් කළ බවත් ඇමැති කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන මැතිවරණයේදී බුලත් කොළයෙන් තරඟ කරන බවද ගුණවර්ධන මහතා පැවසීය.
‘‘චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ළඟ තවත් ඇමැති ධූර 10 ක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුසු අයට එය ඉදිරියේදී බෙදා දෙනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් හොඳ නිදහස් පක්ෂ කාරයෙක්ද කියලා බලන්න ඕනෑ එහි සිටි අවුරුදු ගණනින් නෙමෙයි.මිනිසුන්ට කොච්චර වැඩ කරලා තියනවාද කියන එක අනුව. (නි)
මරු යහපාලනය.... (නි)
මේක තනිකරම තර්ජනය කිරීමක් නේද? චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කොහොමද ඇමැතිකම් බෙදන්නේ?එහෙම බෙදලා දෙන්නේ කොහොමද?මේවද යහපාලනය කියලා දැන් කරන්නේ? ඔයාලා ආපසු එන්නකෝ ඡන්දෙකට. මිනිස්සු ඔයාලට අමතක නොවෙන පාඩමක් කියලාදෙයි. (නි)
මෙම ප්‍රකාශය බලයේ සිටින ජනාධිපති සහ අගමැතිට කල අපහාසයක්. (නදී)
දැන් එතකොට අයවැයෙන් මේ ඇමතිධුර 10 ට මුදල් වෙන්කරලද? (නි)
ඕකටද යහ පාලනය කියන්නේ (නදී)
මේ තරම් ඇමතිකම් බාල්දුවුණ ලෝකයේ තවත් රටක් ඇත්තෙම නැතුව ඇති. ඇමතිකම් දීමත් හරියට සමාදාන විනිසුරුවන් පත්කරනවා වගේ. ජපානයේ මිනිසුන් කියන්නේ ලංකාවේ මිනිසුන් ඉන්නේ අවුරුදු 200ක් පස්සෙන් කියලා. මේ කතා අහනකොට මට නම් හැඟෙන්නේ අපි ඉන්නේ අවුරුදු 400 පස්සෙන් කියලා. (නි)
[මෛත්‍රිපාල රජයට සහාය නොදෙන සියලු පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ....] මේක හොඳ අදහසක්. රජයක් වගේම, පළාත් පාලන ආයතන තියෙන්නෙත් මහජනයාට උපරිම සේවයක් ලබාදෙන්න මිසක් "කකුලෙන් ඇදීමට" නොවෙන නිසා මෙහෙම දෙයක් කරන්න ඕන. මහජනතාව මෙවැනි ප්‍රගතිශීලී තීරණවලට කිසිසේත් විරුද්ධ වන්නේ නැහැ. (නදී)
චන්ද්‍රිකාද ඇමතිකම් බෙදන්නේ? (නදී)
මේ කරන්නෙත් තර්ජන සහ පගාවට බර කතා නේද? මහින්දගේ වැඩ හොඳ නැහැ කියලා යහපාලනයට ගිහින් කරන්න හදන්නේ ඊටත් වඩා පහත් වැඩද? ඡන්දදායකයාගේ ඡන්දය නෙමෙයිද දැන් බලපවත්වන්නේ. (නි)
ජනපතිතුමනි, අගමැතිතුමනි, දැන්ම මේ අයව හදාගන්න. ඔබට අපි බලය දුන්නේ මේ විදිහේ ගණන්කාරකම් වලට නොවේ. (නි)
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ළඟ ඇමතිධූර 10 ක් තියාගන්න එක නීතිවිරෝධී නැද්ද? පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් කොහොමද එහෙම කරන්නේ? (නි)
පැන්නා නේද බළලා මල්ලෙන් එළියට? (නි)
මොනවද මේ කියන්නේ ? (නදී)
පාලිත තෙවරප්පෙරුමගේත් මේ ඇමැතිතුමාගේත් හැසිරීමේ ලොකු වෙනසක් නැහැ. එක්කෙනෙක් අත පයෙන් හිරි අරිනවා අනික් එක්කෙනා කටින් එ්කම කරනවා. (නදී)
මේයා ලත් අනාගන්න වගේ ලැහැස්ති වෙන්නේ ? (නදී)
පක්ෂයත් කාල රටත් කනවා. (අ)
බොහෝම හොඳයි (අ)
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවටවත් තේරී පත් නොවී, අඩු ගන්නනේ පත්කළ මන්ත්‍රී වරියක් වත් නොවී කොහොමද එයා ලග අමතිදුර 10ක් තියෙන්නේ. මේ මොන විලම්බීත කතාවක්ද. අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වත් අඩුම තරමේ රනිල් මහතාටවත් නැති බලයක් අනේ මන්දා මේ මොන කෙන්ගේඩියක්ද මන්දා? (අ)
චන්ද්‍රිකා හිටපු ජනාදිපති ද? දැන් ජනාදිපති ද? (අ)
අම්මගේ අප්පාගේ බුදලේ තම බෙදල දෙන්නේ. මරු යහපලානේ, තව මොකුත් නැද්ද දන්නේනේ අපට පාවිචි කරන්ට. (අ)
මේ තර්ජනයක් කරලා තියෙන්නේ. මේවද යහපාලනය කියල දැන් කරන්නේ (අ)
අනේ මට නම් ඔය කවුරුපත් වුණත් මොන පක්ෂය බලයට ආවත් කාරී නැහැ දුෂකයෝ මැරයෝ ඇරෙන්න.(අ)
චන්ද්‍රිකාගේ කොහොමද ඒවා තියන් ඉන්නේ (අ)
හිටපු ජනාධිපති ඇමතිධුර බෙදන්නේ වර්තමාන ජනාධිපති කවුද ? මෙහෙම කරන්නට පුළුවන් අරාජික රටකට හෝ ඒකාධිපති පාලකයෙකුට විතරයි. ලංකාව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති අවමන්ගලාධාර සමිතියකින් පාලනය කෙරෙන රටක්ද ? නැත්නම් ඕකට කියන නමද "යහපාලනය" කියන්නේ ? (අ)
චන්ද්‍රිකා මැතිනිය තමයි රට බේරාගත්තේ, 10 නොවේ 20ක් දුන්නත් කමක් නෑ (බ)
දැනුමේ තරම කියන්නේ , තමන් මොනවද කරන්නේ කියන්නේ කියල තමන්වත් දන්නේ නැත ,(අ)
මේ මොනවද කියන්නේ අපිත් මෛත්‍රී මහත්තයට නේ ඡන්දෙ දුන්නේ ..නැතුව අපිට චන්ද්‍රික එපා ...මුන්ට පිස්සුද? අපි ආයේ මුන්ට ඡන්දෙ දෙන්නේ නැහැ ...අපරාදේ අපි මහින්ද මහත්තයව එලව ගත්තේ .අනේ දෙය්ය නේ අපිටනේ වැරදුනේ .....අනේ මහින්ද මහත්තයෝ ආයේ ඇවිත් අපිව බේරගන්න මේපාරනම් අපේ ඡන්දෙ ඔබතුමාට විතරමයි (බ)
මේ ආණ්ඩුව පරණ හොරුන්ගෙන් පගාව අරගෙන මාට්ටු වෙලා කියනවා නේද? ලැජ්ජයි. දෙගොල්ලම හොඳයි, එකම කට්ටිය. (බ)
තේරෙන්නේ නැද්ද? චන්ද්‍රිකා තාම දැන් ජනදිපතිනි .(අ)
මේ කුමන්ත්‍රණය දැන්වත් තේරුම් ගත යුතුයි.
ජනතා නියෝජිතයෝ පත්කරන්නේ දේශපාලඥයෝ නෙමෙයි මහජනතාව කියා මතක තියා ගත්තොත් හොඳයි (නදී)
මේ වගේ කතා කියන්නේ පසුගිය රජය කාලේ කල කී දේවල වල පුරුද්දට. ගණන් ගන්න එපා. තව තියෙනවා නම් ඇමතිකම් දෙන්නේ රනිල්. (නදී)
පක්ෂය කෑවා..දැන් ආයෙත් පන්දන් අල්ලන නුගත් අයට මන්ත්‍රී කමකුත් දෙනවා කියලද කියන්නේ..නිදහස් පක්ෂයේ පර්ශිකයෙක් හැටියට වර්තමාන නායකයන් නිදහස් පක්ෂයට කරන හානිය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා..ගොටු අල්ලන විදිහට මෙවර ඡන්දයෙන් නිදහස් පක්ෂයට යන එන මං නැති වෙන එක සුමනදාසගෙන් ඇහුවත් කියයි.... (අ)
ඔබතුමාල බලාගෙන ඉන්න..ඔහෙල වගේ ගුණමකුවන්ට යන එනමන් නැතිවෙන්න තව වැඩි දවසක් යන්නේ නැහැ..ඔහෙලගෙ ගනුදෙනු ඔහෙලට ඡන්දේ දීපු මිනිස්සුත් එක්ක බේර ගන්නවා..ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝවත් සන්ධානේ අයවත් ඔහෙලට ඡන්දෙ දුන්නේ නැහැ..ඒ ඡන්ද ලක්ෂ 58 අයිතිය මංකොල්ල කන්න කාටවත් බැහැ.ඒවා අපේ ඡන්ද..මහින්ද මහත්තය වෙනුවෙන් දීපු ඡන්ද. (අ)
දැන් ජනාදීපති මෛත්‍රීද? චන්ද්‍රිකාද? (අ)
ජීවිතේ අන්තිම කාලේ බණක් දහමක් කරගෙන ඉන්න. (හේ)
මහින්ද මහත්තයාට ජයවේවා... ! (නි)
සුනිල් අහලා තියෙන එකම තමයි මටත් අහන්න තියෙන්නේ. (නදී)
මේ අලුත් දේශපාලන තියරිය මොකක්ද ? (නදී)
මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානයයි. (නදී)
අපි කවදාවත් මෙම පක්ෂයට ඡන්දය දෙන්නෙ නැහැ (නි)
ඇයි මේ මොනවද ඒ ගමන කියන්නේ ? (නදී)
එතකොට ඔක්කොම ඇමතිකම් කීයද ? අලුතෙන් දෙන 10 ත් එක්ක දැන්නම් ගාන හදාගන්නත් බෑ වගෙයි. ඔහොම යමන් තව ටික දවසනේ(නදී)
තර්ජනය කරලද ඡන්දෙ ගන්න යන්නේ. රට කාගේවත් බුදලයක් නොවේ. (නි)
ගුනවර්දන උතුරටත් ගිහිල්ල ඔහොමම කියන්න. (නදී)
ඒ කතාව කිව්වේ කුහක කමට රට අරාජික කරන්ඩ, යහපාලනය කඩා කප්පල් කරන්ඩ, මෝඩ මිනිස්සුන්ව තවමත් මුලා කරමින් දිය යටින් ගින්දර ගෙන යන අයට කල අනතුරු ඇඟවීමක්. 'චන්ද්‍රිකා' නම ඇහෙන කොට ප්‍රෙෂර් නගින අයට කල තර්ජනයක්. (නදී)
ඕනෑ රට නොවේද? බෙදාගන්නකෝ එහෙනම් ඇමතිකම්. කාටද මේ තර්ජන? (නි)
අවස්තාවාදී, ගුණමකු,දේස පාලකයන්ට දෙන දඩුවම කුමක්ද දෙවියනේ ? (නදී)
කොහොමද බලය? (නි)
ඔන්න දැන් පාලන මුලධර්ම ඉස්මතුවීගෙන එනවා. තර්ජන ගර්ජන ඉදිරියට... (නි)
ඇයි මහින්ද මහත්තයට බය වුනාද ?(දිල්)
අපේ ඡන්දෙන් බලයට පත්වෙලා, දැන් අපිට ලොකුකම් දානවා. ලබන වාරයේ කට ඇරගෙන බලා ඉන්නකෝ වෙන්නේ මොකක්ද කියලා. (නි)
මම නම් දැනගත්තා පහුවෙනකොට (නි)
කට වැහුවා නම් හොඳයි නේද ? (නදී)
ඇමතිකම් විසිපහයි කියලා කලින් කියපු අයමද මේ කතා කරන්නේ? (නි)
මම නම් කියන්නේ ඔයාලා හැමෝටම වැඩිය හොඳයි රනිල් මහත්තයා. (නි)
නිදහස් ඡන්දෙත් නැතිකරන්නද හදන්නේ? (නි)
දැන් අනුශාසනා කරන්න අය නම් සෑහෙන ඉන්නවා වගෙයි (නි)