අද (6) උදෑසන සිට මාතර ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන රැසකට නාවික හමුදාව යොදවා තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතනවල සහ ඒවායේ ප්‍රාදේශීය කාර්යාල රැසක ප්‍රධාන ඇතුළුවීමේ දොරටු අසල නාවික හමුදා භටයෝ රාජකාරියේ යොදවනු ලැබ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි. (ර)
බොහොම හොඳ වැඩක්. ඡන්දය කඩාකප්පල් කරන්න ඉඩ තියෙනවා. එකට ඉඩ නොදිය යුතුයි. (ර)
බොහොම හොද වැඩක්. ඡන්ද ව්‍යාපාරය කඩන්න දගලන කට්ටිය ඉන්නවා කපටි වැඩ කරලා. (ර)
මට නම් හිතෙනවා එන පොට හොඳ නැහැ කියලා (නි)
මේ සැරේ ඡන්දයට වැඩ පටන්ගත් දවසේ සිට සිදුවූ සියළු දේ අපි මාධ්‍ය මඟින් දැක්කා. ඒක නිසා මෙහෙම හැම තැනකටම ආරක්ෂාව දාන ඒක හොඳයි. සාමකාමී මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු. (නි)
මේක හොඳ වැඩක්. හැබැයි මේ මිනිසුන් යහමඟට ගත්තා නම් මේ මොන විනාශයක්වත් වෙන්නේ නැහැ (නි)
නමුත් ප්‍රවේශම්වීම අවශ්‍යයි (නි)
දහම්,මංජුල ඔබ දෙපළටම අමතකව ඇති දෙයක් තිබෙනවා (නි)
ඇයි මෙහෙම කරන්න සිද්ධවෙලා තියෙන්නේ? (නි)
කුමනාකාරයේ පෙරළකුණක්ද මේ? (නි)
ලංකාවේ ඡන්ද ඉතිහාසය ගෙන බලනවිට හැමදාම වගේ ඡන්ද නීති කඩා තිබෙන්නේ බලයේ ඉන්න පිරිස් විසිනුයි. (නි)
කරුණාකර පොලිසියත් යොදවන්න කියලා මම යෝජනා කරනවා (නි)
රටේ ඕනෑම දෙයකට නාවික හමුදාව ඉන්න එක අපි අගය කරනවා (නි)
කලබල ඇතිකළත් ඇති කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
සුපිරි වැඩක්. රාජ්‍ය දේපළ ආරක්ෂා කළයුතුයි. (නි)