IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාතර යටවෙන කුඹුරු වගානොකරන්න තීරණයක්

(අංජුල මහික වීරරත්න)

නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇතිවන ගංවතුරින් යටවන කුඹුරු වල මින් ඉදිරියට වී වගාව ව්‍යාප්ත නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

වැසි සහිත කාලගුණික අවස්ථාවන් හි දී නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇති වන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නිල්වලා ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000ක් පමණ  නිරන්තරයෙන් ජලයෙන් යටවී හානියට පත් වන බව හඳුනාගෙන ඇත.

එම කුඹුරු ගොවීන්ට වන්දි මුදලක් ලබා දී කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි කමිටුවක් පත් කර තිබෙන  නමුත් තවමත් ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අදාල කුඹුරු වී වගාව හැර වෙනත් වගා සඳහා ගොවීන් උනන්දු කරවීමටත්, ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් රජය මගින් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සැකසීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.



අදහස් (3)

මාතර යටවෙන කුඹුරු වගානොකරන්න තීරණයක්

fairoos Thursday, 18 July 2024 03:57 PM

2 වැනි පියවරේ හොඳයි. නැත්නම් ඕකටත් වැඩේ දෙන්නයි යන්නේ

:       0       1

Raman Thursday, 18 July 2024 08:22 PM

ලුණු පස් නම් හැදෙන්නේ, කුඹුරු ගොඩකරලා පොල් වවන්න බැරිද? දෙකම අපිට අත්‍යාවශ්‍ය ආහාර...!

:       0       2

sam Friday, 19 July 2024 10:39 AM

අනිවාර්යෙන්ම ඇමැතියා මේක පිටි පස්සේ ඇති. මේ හදන්නේ ගොවියාට තුට්ටුවක් දීලා විශාල මුදලකට කොමිස් තියාගෙන මේ ඉඩම් පිටට විකුණලා දාන්ඩයි. මුන්ගේ මාර කූට වැඩ තමයි තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site