මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී මෙරටට වසරකට ආනයනය කළ එතනෝල් ප‍්‍රමාණය වත්මන් රජය මාස 6ක් තුළ ආනයනය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ මෙවර ජාතික ලැයිස්තු අපේක්‍ෂක ඩිලාන් පෙරේරා මහතා විපක්‍ෂනායක කාර්යාලයේ දී අද(26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘එතනෝල්කාරයින් ගැන කියමින් මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරන රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එතනෝල් විරෝධී ආණ්ඩුවේ කටයුතු කෙරෙන්නේ එහෙමයි. වත්මන් ආණ්ඩුවේ දින 100 බොරු 100ක් වෙලා. එතනෝල්කාරයින් ගැන කියමින් එක්සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරනවා. 2013 දී අපේ රටට එතනෝල් ලීටර් මිලියන 10.5 ක් ගෙන්වා තිබෙනවා. 2014 දී එතනෝල් ලීටර් මිලියන 13.4ක් ගෙන්වලා. 2015 දී මුල් මාස 6ට පමණක් ගෙන්වා ඇති ප‍්‍රමාණය එතනෝල් ලීටර් මිලියන 11.28ක්. කවුද වැඩිපුර එතනෝල් ගෙන්වා ඇත්තේ කියා මෙයින් පැහැදිලි වෙනවා. අපේ කාලයේ වසරකදී ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය මේ අය මාස 6කදී ගෙන්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි කෙනා අගමැතිධූරයට පත් කළ යුතුයි. අපේ ජනාධිපතිතුමා ඒ නීතියට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම දෙන බව අපිට විශ්වාසයි‘ යැයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද එයට එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදෙන කෙනාට අගමැතිකම දෙන්න කියලා කොහේ වත් නැහැනේ(නදී)
දවල් හීන (නදී)
ලාල් මෛත්‍රීට (බ)
ලාල් අනේ මගේ කට (බ)
ජනාධිපතිතුමා කෙලින් කතාකළාට නාම යෝජනා දෙන්න වුනානේ. ඒවගේ අගමැතිකමත් දෙන්න සිදුවෙනවා. (බ)
පිස්සු ...(බ)
ලාල් මෛත්‍රී මහත්මයට පුදුම ආදරයක් නේ දැන් තියෙන්නේ පහුගිය දවස් වල එතුමාගේ අම්ම මුත්තා කියා බැනපු බව අමතක වෙලා මහින්දට අපේක්ෂක කම දීපු වෙලාවේ, එතනෝල් ලීටර 11000 මාස තුනටම බීවම ඔහොම තමා (බ)
කස්ට්ම් එකෙන් අැල්ලුවෙ ඩියුටි නොගෙවා ගේන කොන්ටේනර්. ඩියුටි ගෙවල කොච්චර ගෙනාවත් ප්‍රශ්නයක් නැහැ (බ)
"මෛත්‍රී මහින්දට අගමැතිකම දෙවි" වර්තමාන ජනාධිපතිතුමා ගැන ජනතාවට තේරුම් ගත හැකි හොදම මොහොත මෙය විය හැකිය.(නදී)
ගිය ආණ්ඩුව කාලේ හොරට ආණ්ඩුවට බදු නොගෙවා විශාල තොග වශයෙන් රට තුලට ගෙන ආ එතනෝල් දැන් ආණ්ඩුවට බදු ගෙවා නියමිත ක්‍රියාපටිපාටියට අනුකූලව රට තුලට ගෙන ඒමට සිදුවී ඇති බැවින් මෙසේ සන්ඛ්‍යා ලේඛනවල ඉහල යාමක් දැකිය හැකිය. එසේ නොමැතිව රටට ගෙනවිත් බෙදාහරින ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී නොමැත. (නදී)
ගිය ආණ්ඩුව එතනෝල් ගෙනාවේ හොර පාරේ .. ඒවා සංඛ්‍යා ලේඛන වල නැහැ (නදී)
ඩිලාන්! තුන්මාසේ දානෙට වට්ටක්කයි කරවලයි උයන්නේ නැහැ. අප්පච්චි මැරිච්ච වෙලේ හත්දවසේ දානේදී ඒක දුන්නා. වැරදි කළා නම් අප්පච්චි උනත් උපදින්නේ පෙරේතයෙක් වෙලා. දැන් ඉතින් ඔයාට දෙන්න වෙන්නේ දොළ පිදේනි. (නදී)
ලාල් එහෙම හිතලා දැනට හිත හදාගෙන ඉන්න. (නදී)
ලාල් අමු කාලද ? (නදී)
දවල් හීන මේ අයට පිස්සු (නදී)
ඉස්සර උනේ ඩියුටි මොනවත් නැතුව වෙන වෙන දේවල් කියල යාලුවන්ගේ එතනෝල් කන්ටේනර් ටික එලියට එව්වා. එ්ක නිසා පොත්වල ඒවා ලියුවුනේ නැහැනේ (නදී)
බලාගෙන ඉන්න හඳ බිමට වැටෙනකන් ,මේ සැරේ බදුල්ලෙන් ඉල්ලුව නම් ඔබතුමාත් ගෙදර. යන්තම් සිරිසේන මැතිතුමාට පින්සිද්ද වෙන්න ජාතික ලැයිස්තුවට නම දැම්මා. හැබැයි ගොයියෝ ට කඩේ යන්න ගියොත් ලැයිස්තුවෙනුත් කපල දානවා සුවර්. (නදී)
අගමැතිකම ගන්න නම් බහුතරයක් දිනන්න ඕන නේද? ඉතින් ඒක තමයි ඔය කට්ටියට බැරි. ඒක නිසා මයිත්‍රී මහත්තයට අගමැති කම දීම කරදර වෙන්න දෙයක් නැහැ නේද? (නදී)
ගෘහ සේවිකාවන්ට හොඳට සේවය කරන්න සුදානම් වගේ.ඔයා දහත්වෙනිද පහුවෙලා එන්න හොඳේ (ම)
තිස්ස මහත්තයෝ, කඩේ ගියාට මේ සැරෙත් ඔහේ ඉන්න පැත්ත පරාදයි.(නදී)
ජනපති මහින්දට අගමැති කම දෙයිද ? (නදී)
ජනාදිපතිට එ්කාදිපතියෙක් වගේ තීරණ ගන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව ඔහුට බහුතර කැමැත්තට ඉඩ දිය යුතුයි. අපි බලමු ඔහු එ්කාදිපතියෙකුව රට පාවා දෙයිද කියා (නදී)
දැන් කතාව යන්නේ මහජනතාවගේ ඇස් වසාගෙන නිසා, රේගුවට හොරෙන්, යම් දේශපාලනඥයන්ගේ උදව්වෙන් කන්ටේනර් පුරවාගෙන රට තුලට එතනෝල් පන්නපුවා සහ වර්ෂ සමග සසඳා පෙන්වන සංඛ්‍යා ලේඛන පරිදී බලපත්‍ර මත නීත්‍යානුකුලව ගෙන්වපුවා ගැන පැහැදිලි කිරීමක් සිදුකරනවා නම් හොඳයි. (නදී)
රටේ බහුතරයගේ කැමැත්ත මහින්ද අගමැති වෙනවාට.රනිල් කියන්නේ කුණු කුඩේට වැටුණු දේශපාලකයෙක් .එ නිසා තමයි මෛත්‍රිව ජනාදිපති සටනට ගෙනාවේ.(ම)
ඒ කාලේ ගෙනාවේ ටිකයි නීතියට පෙන්නලා. ඉතිරිවාට විස්තර නෑ (බ)
ලැබෙන ඡන්ද ටිකත් නොලැබෙන්න තමා මෙයා කතා කරන්නේ. (බ)
හරි හරි. 17 වෙනිදාට පස්සේ ඒක බලමුකෝ. (බ)
මුන්දැලට දැන්නම් හොදටම පිස්සුව තදවෙලා.මෛත්‍රීපාල ජනාධිපතිතුමා කවදත් නීතියට ගරු කරන නියම මහාත්මයෙක්.ඒ වගේම කියපු දේ වෙනස් නොකරන පුද්ගලයෙක් බවත් සියලුදෙනාම සිහි තබාගත යුතුයි. (බ)
වරායෙන් එතනෝල් නියමාකාරයෙන් ගාස්තු ගෙවා රටට ඇතුල් වෙනවනම් විනිවිදභාවයක් තියෙනවනම් සංඛ්‍යා ලේඛන දෙන්න පුළුවන් එක දැන් සිද්ධ වෙනවා. නමුත් පසුගිය ආණ්ඩු කාලේ එ්ක සිද්ධ වුනේ නැහැ. හොරෙන් තමයි වැඩේ සිද්ධ වුනේ. ඉතින් සංඛ්‍යා ලේඛන නැහැ. දැන් මේ අය එක අල්ලාගෙන දැන් තමියි එතනෝල් වැඩියෙන් ගේන්නේ කියනවා. (බ)
මොන ගොනාද අහුවෙන්න එතනෝල් ගේන්නේ. එතකොට ටැක්ස් ගහනවනේ. පුළුවන් නම් ගෙනාපු කට්ටිය සහ ප්‍රමාණය දාන්නකෝ එතකොට පුළුවන් හරියටම කියන්න. (ස)
මේ හොර කතා කියනකොට හිතන්නේ නැති උනාට අපිට මේකෙන්ම තේරෙනව පසුගිය රජය කාලේ හොරට කොපමණ ලංකාවට එතනෝල් ගෙන්නන්න ඇතිද කියල. මොකද පසුගිය මාස 6 ට ගෙනාපු 11.28 ම රේගුබදු ගෙවා රටට නිත්‍යානු කූලව ගෙන අතර ඊට පෙර රෙගුව හරහා ගෙන එන ලද එතනෝල් ප්‍රමාණය වගේ දෙගුණයක් හොරට ගෙන ඒමට මේ හොර නඩය ඉඩදීලා. නැතිනම් අරක්කු බොන කට්ටිය මේ මාස හයට දෙගුණ උනේ නැනේ. (ස)
අනේ පිස්සු, ඔය බුරන්නේ මොකටද කියල මිනිස්සු හොඳට දන්නවා (නදී)
අනේ තිස්ස මැතිතුමනි. ඔබතුමාට පින් අයිති වෙනවා. ඔය ඉන්න පැත්තට ගිය එකට මොකද ඔබ තුමා යන යන පැත්ත පරදිනවනේ..(ම)
තිස්ස මහත්තය පිල් මාරු කරන ගෙම්බෙක් නෙමෙයි.(නදී)
දැන් එහෙනම් ටොයියෝ, දෙන්න බලන්න මේ එතනෝල් ප්‍රශ්නේට උත්තර (නදී)