මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් සුදුසු ස්ථානයක සංවිධානය කිරීමට පියවර ගෙන ඇතැයි ද, දෙදෙනාම ඊට එකඟත්වය පළ කර ඇතැයි ද හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
පක්ෂයේ ගැටළු නිරාකරණය කරගෙන පක්ෂය සමගි කරවීම එම සාකච්ඡාවේ අරමුණ බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාල උන්නැහේ කියන දේ සහතික ඇත්ත . අද ඉස්පිරිතාලවල වෛද්‍ය උපකරණ ගන්න සල්ලි නැහැ . මේ අලි බබා හොරු 40 කරපු විනාසේ හින්ද. මහලොකු යහපාලනයටත් මේ හොරුන්ට දඩුවම් දෙන්න බැරි උනොත් රටේ පොදු ජනතාව පොලු අතට ගන්න දවස වැඩි ඈතක නැහැ. (ස)
පිවිතුරු යහපාලගේ අදහසින්ම පේනවා යහපාලනේ තරම. (නි)
ලක්ෂ 62ක ජනතා අපේක්ෂාව හොරු ආරක්ෂා කිරීම නොවේ. හොරු ටික පන්නා ආණ්ඩුව විසුරුවා හරින්න (නි)
මොකක්ද ඉන්දික ඔයා කියන හරුපය? වෛද්‍ය උපකරණ ගන්න සල්ලි නැත්නම් ඒකට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. (නි)
සංදර්ශන ආයෙත් පටන් අරගෙන. හොරකම්කළ සල්ලි වියදම් කරලා සෙනඟ ටිකක් එහෙටයි මෙහාටයි යවනවා. ජනතාවට මේවා අදාළ නැහැ. මේ අය හොරකම් කළේ මේ රටේ ජනතාව දහදිය මහන්සියෙන් හම්බකළ සල්ලි. තව පරම්පරා ගාණක් මේ ණය වල පව් අපේ දරුවන්ට ගෙවන්න වෙනවා. ඉන්දික කියනවා වගේ මේ හොරු ටික හිරේ දැම්මේ නැත්තන් වැඩි කල් යන්න කලින් මේ රටේ සාමාන්‍ය මිනිස්සු පොලු මුගුරු අතට ගනීවි. (නි)
මාල දිවෛනේ හිටපු ජනපති කල වරදවලට හිරේ දැම්ම .ලංකාවේ පහුගිය ජනපතිවරණේදී හිටපු ජනපති ගේ වැරදි බොහොමයක් එළිකළා. එත් අද වෙනකම් ඔප්පු කරගන්න බැරි වෙලා ..අයියෝ සිරිසේන.. කපන්න බැරි අත ඉබිනවද .ලැජ්ජෛ හලෝ. (ස)
මේ ළඟදි ඔය කියන ප්‍රධාන පෙලේ හොරෙක් කිසිම කරදරයක් නැතුව එයාර් පොර්ට් එකෙන්ම ලංකාවට ආව. කළු සල්ලි වලින් යැපිච්ච බත් බැලයෝ ටික මෙයාව පිලිගන්නත් ප්‍රසිද්ධියේම ගියා. මේකද දෙයියනේ අපි බලාපොරොත්තු වෙච්ච යහපාලනේ? කවදද මේ හොරුන්ට දඩුවම් දෙන්නේ. (ස)
යහපාල කියන දේ ඇත්ත (බ)
ශ්රී ලංකා දේශපාලනයේ මහා ලොකුවට මහත්මා දේශපාලනය කරනවා යයි කියන දේශපාලන චරිත ,පක්ෂ තමුන් විසින් කරන ලද වැරදි ගැන කිසිම ස්වයං විවේචනයක් දුන්නේ නෑ .නමුත් මහින්ද අද බොහොම පැහැදිලිව ලොකු වචන නැතිව බොහොම සරල පැහැදිලි භාෂාවෙන් තමුන් කරපු වැරදි ගැන ස්වයං විවෙචනයක යෙදෙනවා . රට කොටින්ට පාවලා දුන්නු එවුන් ,කොටියට ආයුද කොන්ටනර් දුන්නු එවුන් කොටියට සන්නිවේදන යන්ත්‍ර දුන්නු වුන් ,බටලන්දේ කොල්ලෝ මරපු උන් ,රාජ්‍ය සේවයේ නිලදාරීන් රැකියාවට ගිය වරදට මරපු උන් මුකුත් නුනා වගේ මැරිලා ඉපදුනා වගේ කිසිම ස්වයං විවේචනයක් නැතිව දේශපාලනය කරනවා. මහින්දගේ සහ අනිකුත් දේශපාලකයන්ගේ තිබෙන වෙනස ඒකයි. අපි මහින්දට ගරුකරන්නේ අන්න ඒ නිසයි . මහින්ද කියන්නේ හොඳ මිනිහෙක් (බ)
අමර මල්ලි, ස්වයන් විවේචනේනම් නැතත් කමක් නැහැ . මේ රටේ එක පවුලක දළ ණය ප්‍රමාණය ලක්ෂ 24 යි. අන්න ඒක ගෙවල දාන්න කියන්න. (ස)
සිදත් අයියා ,, ඉන්න පවුල් ගාන මට ලියල එවන්න . මම එ්ක ගෙවල දාන්නම් . ලංකාව දෙකඩ වෙන්න ඔන්න මෙන්න තිබුණ වෙලාවක එතුමා ඔතනට අාවේ. නැත්නම් අපි ඔක්කොගෙම අභිලාෂයන් අද වෙනස් වෙන්න තිබුණා. නමුත් ජාතියේ පිනට එ්ක එහෙම වුනේ නෑ. මුල අමතක කරන්නෙපා හලෝ. (ස)
ඇත්තෙන්ම රටට ඕන එක තමයි ජනාධිපති තුමා දැන් ඔබ හරි පාරට අාවා ඔබ හොද කෙනෙක් මහින්ද මහත්තය රටට ආදරේ නායකයෙක් දැන් අපිට අලුත් බලාපොරොත්තුවක් රට ගොඩක් ලෝකයේ ඉදිරියට යන්න පාර හැදෙනවා බුදු සරණයි ඔයාලට (බ)
අප හමු වීම වෙන්වීම දෝ ආදරේ.....මට රිදවන්නේපා ආයේ සංසාරයේ....(ස)
මහින්ද මහත්තයෝ, ප්‍රවේශමෙන්....! (නි)
පිවිතුරු යහපාල ඩුප්ලිකේට් එක්කෙනෙක් ඉන්නවා වගෙයි . කොහොම නමුත් මත ඉතිහාසයේ එසැනනින් දීපු හොදම ප්‍රවෘත්තිය ගොඩක් දෙනෙකුට සහ නරකම ප්‍රවෘත්තිය සුළු පිරිසකට . සිදත් මහතා සමාවෙන්න ඔබගෙන් ප්‍රශ්නය ඇහුවාට ? එ්ක පුද්ගල ණය නැති රටක් තියෙනවා නම් ලියලා මගේ නමින්ම සදහන් කරන්න . ජපානය එක් පුද්ගල ණය ලක්ෂ 100 , ඇමෙරිකාව ලක්ෂ 60 , බ්‍රිතාන්‍ය ලක්ෂ 90 . ශ්‍රී ලංකාවේ ලක්ෂ 4.5 . මේවා චෙක් කරලා බොරු නම් මෙහි සදහන් කරන්න . සුබසිංහ මහතා ඔබේ පැතුම මේ රටට ආදරේ කරන හැමෝගෙම පැතුමයි . මහින්ද මහතා ගේ නැගිටීම ලංකාවේ අයට වඩා , ලෝකයේ ගොඩක් රට වල පසුතැවිල්ලට හේතු වේ ඇති නිසා , නැවත කුමන්ත්‍රණ විවිධ වේශ වලින් පැමිණේවි . එතුමා ලක්ෂ 62 හදනා හැටි ඉලෙක්ෂන් වෙබ් අඩවියට ගිහින් බලා හරියට ගන්න . අැසල මහතා ඔබගේ අදහස් වටිනාය (බ)
එ්ක තමා තියන එකම විසදුම ශ්‍රීලනිපය දෙකට නොකර බේරාගැනීමට.වර්තමානයේ ශ්‍රීලංකා නිපයේ නායකයා ඔබය ඔබේ යුතුකම පක්ෂය ජයග්‍රහණය කර වීමය .රනිල්ගේ එකම අරමුණ ඔබ සහ මහින්ද මහතා දෙකට කර ඒ අතරින් ඔව්හුගේ ජයග්‍රහණය ලබා ගැනීමය. දැන් ඔබ කළ යුත්තේ ඔබ සහ මහින්ද අතර තරගයක් නොවේ.රනිල් ප්‍රමුඛ ඒජාපය සහ මහින්ද මහතා තරගයක් කරවීමය .ඔබ තුමා දැන් අප රටේ ජනාධිපති තුමාය .ව්‍යවස්තාවට ද පිටින්යමින් සුළුතර අගමැතිවරයෙකු ලෙස රනිල් පත්කරගන්නට ඔබ තුමාට හැකිනම් පක්ෂය නොකැඩි ජයග්‍රහණය කරවීම සදහා මහින්ද මහතා අගමැති අපේක්ෂක ලෙස පත් කිරීමේ වරද කුමක්ද? (බ)
වසන්ත දැනගන්න පුලුවන්ද වයස, සහ උපන් ගම කොහෙද,අනික තාත්ත සිංහල ද කියල . කපන්න බැරි අත ඉබිනවා නෙමෙයි ඔය හම්බවෙන්න ලෙවකන්න. මහින්දගේ වටිනාකම දන්නේ අඩුගානේ වයස අවුරුදු 40 පැන්න නියම සිංහල අය විතරයි යුද්දේ ආරම්භය සහ අවසානය ගැන හරියට දන්නේ. හිටපු අනිත් ජනාධිපතිවරු LTTE එකත් එක්ක ගිවිසුම් ගගහ අපිව බිලිදීපු වීරයෝ .(ස)
එන්ට කියල තියෙන්නේ රොටියක් කාල යන්ට කොපි එකක් බොන්ට. මෙයා දෙන්නේ රොටි, ආප්ප වෙනුවට.(ම)
මේ ලගදි විශාල මුදල් වංචා චෝදනා තියෙන කෙනෙක් ලංකාවට ආව. යහපාලනයට ජනතාව ජන්දය දුන්නේ හොරු ටික අල්ලලා ගාල් කරන්න .අලිබබයි හොරු 40 යි සේරම හිරේට දැක්කුවේ නැත්තන් මේ යහපාලනයත් වැඩි ආයුෂ නැහැ, සාක්කි ඉතුරු කරලා නැති හින්ද අල්ලන්න අමාරුයි කියල ජනතාව දන්නවා. හොදින් බැරිනම් නරකින් හරි සාක්කි හදල හරි හොරු ටික ගාල් කලේ නැත්තන් මේ රටේ ලක්ෂ 64 ක් හොරු අල්ලලා හිරේ දාන්න දීපු ජන්දය අපතේ යනවා. බොරුවට පාර්ලිමේන්තුව ඇතුලේ සෙල්ලම් දැම්මට ඒවාට සැලෙන්න හොද නැහැ. ඕවට ඉඩ දුන්නොත් ඉස්සරහට හිර ගෙවල් ඇතුලේ ඉන්න උනුත් අල්ලන්න එපා නිදහස් කරන්න කියල උද්ගෝෂණය කරන්න පටන් ගනී. (ස)
රටට මෛත්‍රී පාලනයක් යටතේ සුබ අනාගතයක පෙර නිමිති , සියලු දෙනා එකතු වී ස්වයං විවේචනයක් හරහා තම පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා රට වෙනුවෙන් එක්වෙන ලෙස ඉල්ලීම හා ඒ වෙනුවෙන් සුබ පැතීම පමණයි අපට කළ හැක්කේ . මෙය සුළු පිරිසකගේ අප්‍රසාදයට හා ඊර්ශ්‍යාවට හේතු විය හැකි උනත් , මධ්‍යස්ථ මත දරන රටට ආදරේ කරන , බඩ පමණක් නැතිව රට ගැන හිතනා සියලුම ජනතාවට සුබ පණිවිඩයක් වේවා . තවද සාධාරණ මැතිවරණයක් තුලින් , කුමන්ත්‍රණ වලින්ව තොරව , මහින්ද - මෛත්‍රී එකතුව පාරාජ කළහොත් අප එයටද හිස නැමිය යුතුයි මොකද අවසානයේ ජය ග්‍රහණ කරන්නේ මහජන මතයයි . ගරුතර සංඝරත්නය , රට බේරා ගන්න පෙරට එන්න , මෙය කළ හැක්කේ ඔබ වහන්සේලාට පමණි (බ)
හු හු හු හු හු (ස)
මම පිවිතුරු යහපාලත් සමග එකඟ වෙමි. (ස)
අපට අවශ්‍ය රටේ ශක්තිමත් භාවය . මේ යන රටාව අපි හැමෝම විනාශ වෙන ක්‍රමයක්, අර වටු රැළට වෙච්ච දේ තමයි වෙන්නේ. මෙත්තා කරුණා මුදිතා අපට අත්‍යවශ්‍ය දෙයක්. දැන් තනිකර තියෙන්නේ වෛර දේශපාලන යුගයක්, ඒකෙන් අප ඉවත් වන්න ඕනේ(බ)
සහතික ඇත්ත පිවිතුරු යහපාල මහත්තයෝ. (ස)
ලොකු අක්ක අවසර දේවිද සිරිසේන මල්ලිට (බ)
පිවිතුරු යහපාල මහතාගේ " පිවිතුරු යහපාල 2015-04-22 06:11:33" අදහස එක හෙළා පිළිගනිමි (බ)
මේ රටේ 99% ක් ජනතාවගේ මතය පිවිතුරු යහපාල බොහොම අපුරුවට ඉදිරිපත් කරලා තියෙනවා. (බ)
පිවිතුරු යහපාල නිර්භයව ලියා ඇති පොදු ජන මතය අපි අගය කරමු. (බ)
දෙදෙනාම සාකච්ඡා කරන එක හොඳයි. ඔය වැඩේට යූඇන්පී කාරයෝ කැමති නැහැ. එයාලට ඕන කොහොම හරි පක්ෂය කඩලා බලය ගන්න.මහින්ද මහත්තය ඉන්නකන් එයාලට විපක්ෂයේම තමයි ඉන්න වෙන්නේ. (බ)
යසපාල බොරු සාක්කි හදල හොඳ පුරුද්දක් තියන පුද්ගලයෙක් වගේ. නොපෙනෙන දේවල් වලට වැඩිය හොඳයි පේන්න තියන මහා බැංකුවේ කොල්ලය හෙවුව නම්. ඒ ගැන මොකද කියන්නේ. (ස)