කාම්බෝජයේ මිනීමරු පාලකයා වූ පොල්පොට් ගේ ඝාතන ඇතුළත් එස්21 චිත්‍රපටයේ පෙර දර්ශනයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම වාර්තා චිත්‍රපටය බැලූ අයගෙන් කෙනෙකි. 1989 දෙවැනි ජවිපෙ කැරැල්ලේදී තම ඥාති සහෝදරයකු මිය ගිය සිද්ධිය තවමත් දෝංකාර කරන බව ඔහු කීවේය.
එහෙත් පුතාට වූදේ නොදත් ඔහුගේ මව පුතා අද නැත්නම් හෙට ගෙදර එන්නැයි බෝධි පූජා පැවැත්වීය. අංජනම් බැලීය. සාස්තර ඇසීය. අහවත් තැන සිටිතියි ද කීවේය. ඒ තුනේම සාස්තරය කීවේ ජවිපෙයයි. ඇගේ පුතා මරා ටයර් සෑයක දැවූ බව ජවිපෙ කීවේය. පොල්පොට් විසින් මරා දැමුණු පුද්ගලයන් කවුද යන්න හඳුනාගත හැකි විය. ඒ ඔවුනට අංකයක් දී තිබූ හෙයිනි. එහෙත් ලංකාවේ ජවිපෙ හා උතුරු නැගෙනහිර ඝාතනවලදී එවැන්නක් සිදුවී නැතැයි අනුර කුමාර මහතා කීවේය.
සිය කථාව හමාර කරමින් අනුර කුමාර මෙසේද කීවේය.
පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණයෙන් තමා පරාජයවී මහින්ද රාජපක්ෂ ජයගත්තේ නම් තමා අඩි 6ක් පොළව යටට යැවීමට ඉඩ තිබිණැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති කී කථාව ඔහු සිහිපත් කළේය. එවැනි දේකට මුහුණපාන්නට සිටි පුද්ගලයකුට තම පිළිමලා හමුවීමට හැක්කේ අඳුරේදී පමණකියි ජවිපෙ නායකයා කීවේය. ඔහු තවත් කාරණයක්ද කීවේය.
‘අපේ රටේ ජාතික නායකයන්ට හෘද සාක්ෂියක් නෑ. ඒ නිසා රටටත් හෘද සාක්ෂියක් නෑ.‘ හිටපු මන්ත්‍රීවරයකුවන බිමල් රත්නායක මහතා කියනුයේ මහින්ද රාජපක්ෂට නාමයෝජනා දුන්නේ නම් නාම යෝජනා නොදී සිටිය හැකි තවත් පුද්ගලයකු ශ්‍රී ලංකාවේ සිටිය හැකිද යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් විලිසන්ගේ ඇති බැඳපු ජෝඩු හමුවන්නේ අඳුරේ තමයි, ඕගොල්ල එහෙම නැති වුනාට. (බ)
මේ කතා ඔක්කොම මම පිළිගන්නවා. ඒත් එහෙම කරන්න මොකක්හරි හේතුවක් ඇති (නි)
හොරු ඉන්නව ඉන්නව කිව්වට අල්ලපු හොරෙක් වත් නැහැ.දඩුවම් දුන් අයත් නැහැ.දැන් මේ තැටිය අහල මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ.රටවැසියනට පිළිගත හැකි අලුත් දෙයක් වාදනය කරා නම් හොඳයි.(බ)
රනිල්ට 28 ක් පැරදිලා ඡන්දෙ ඉල්ලන්න පුලුවන්නම් මහින්දට බැරි මොකද (බ)
පෙරමුණේ ඉන්නේ මහින්ද කණ්ඩායම සහ මහින්ද විරෝධී කණ්ඩායම කියන කොටස් දෙක මිසක් මෛත්‍රී කණ්ඩායම කියලා කණ්ඩායමක් ඇත්තේ නැහැ අඩුතරමින් මෛත්‍රී මහත්තයාට ජාතික දේසපාලන බලවේගයක් හෝ නැහැ ඉතින් මහින්ද මෛත්‍රී හමුව රෑ හෝ දවල් සිදුවීම එච්චර වැදගත් නැහැ.(අ)
හේතුව තමයි කිසිම දේශපාලකයෙක් මේ රටට ආදරේ නැතිකම . (ම)