ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ද වන ජනපති සිරිසේන හිටපු ජනපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.
ජනාධිපතිවරයා බොහෝ දුරට මැතිවරණ කටයුතුවලින් ඉවත් ව සිටිනු ඇතැයි ‘ද හින්දු‘ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර ඇත.
හිටපු ජනපතිවරයාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති මෙසේ කියා ඇත.
‘ඔහු ජනපතිවරයා වුවද පක්ෂය සම්පූර්ණයෙන් පාලනය කළේ නැහැ. කෙසේ නමුත් ඔහු මැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී මහතා සුදුසුම තීරණය ගනු ඇත (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
රනිල් යනු ලෝකයම පිළිගත් දූරදර්ශී නායකයකු වගේම ඉවසිලිවන්ත මහත්ම ගති ඇති නායකයෙක් අපේ රටේ ඉන්න ගොඩක් දෙනෙක්ට ඒවගේ ගති නැති නිසා ඉතින් මහින්දවම ඉල්ලනවා මහින්දට රට දිනවන්න සහය දුන්න අයවත් නැතිකරපු නායකයෙක් රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිම දැනුමක් නැහැ සැලසුමක් නැහැ අපිනම් අපේ අගමැතිතුමාට ජය ප්‍රර්ථනා කරනවා (ම)
පිවිතුරු කියන්නකෝ ඉතින් කාටද දෙන්න ඕනේ කියල? මහින්දට ද? (අ)
එතකොට දැන් කාගේද පරිෂණ වාර්තා ඉවර කරලා හිරෙ දාලා තියෙන්නේ හොරා හොරා කිවුවා විතරනේ හිස්නේ කෝ හොරු, කෝ එතනොල් කාරයෝ, කියපුවා කරාද, පයිල් දැන් තියෙනවා කියෙලා කිවුවෙි කෝ ඒ පයිල්. තනිකර බොරුනේ මහත්තයෝ (අ)
එහෙම ඉන්න එක කෝකටත් ඇඟට ගුනයි (නදී)
අපි කොහොමද විශ්වාස කරන්නේ? (නි)
ඔබතුමා ස්වාධින වුනත් එකයි, නැතත් එකයි. මොකද ඔබතුමා සර්පයාට එන්නට දොර ඇරියා. නමුත් ටිකක් ඔබතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. (නදී)
මොනවා කළත්, එයා ජනමතය පාවා දුන්නා. එ්ක තමයි ඇත්ත. බුද්දීමත්ව හිතන්න පුළුවන් අයට මේක තේරුම් ගන්න පුළුවන්. (නදී)
වචන විතරයි. අපි ඇඳගත්තා. (නදී)
ඒක හොදයි.(හේ)
මම මෙතන ඉන්න හිතවතුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. රනිල් කියන්නේ කාලයකින් රටකට බිහිවන මහා බුද්ධිමතෙක්. ඔහුට ආර්ථිකය, නීතිය ,දේශපාලනය ගැන දැනීම කෙළවරක් නැහැ. මේ බව පිටතින් නොපෙනුනත් යථාර්ථය එයයි. රට ඉක්මනින් දියුණු වෙනවට අපි හැමෝම කැමතියි.අපිට මේ මහත්තයාගෙන් වැඩක් ගන්න බැරුව ගියොත් ඒක රටට කරන මහා අපරාධයක්. හැමෝම මේ නිසා රනිල් මහත්තයාට උදවු වෙන්න කියලා ඉල්ලනවා (නි)
තාම එහෙම වෙලා නැහැනේ. එහෙම වුණාට පස්සේ අපි විශ්වාස කරනවා. (නි)
අපේ විශ්වාසය නැති වුනා. වචනයක්වත් නොකියා ඉවසන ඒජාපය ට තෑගී දෙන්න ඕන. (ර)
බලයට එන්න තමන්ගේ දරුවන් හරි විකුනන්න ලැස්ති දේශපාලක තාත්තල ඉන්නවා. අන්න එක්කෙනෙක් ඇඟ යන්තම් වසා ගත්තු තමන්ගේ තරුණ දුවරු දෙන්නා හිටපු ලොක්කෙක්ක්ගේ පුතාල සමග මිතුරු මිතුරියන් ලෙස පෙනී ඉන්න චායා රුපයක් ප්‍රසිද්ධ කරලා . හිතන් ඇති ඕක දැක්කම මේ දෙන්න තමයි අසවලාගේ අනාගත ලේලිලා... ඒ නිසා අපි ඡන්දෙ දෙමු කියල අර තාත්තට ඡන්දෙ දෙන බුරුවො මේ රටේ ඇති කියලා. (ස)
ඇත්තටම දේශපාලනය එපා වුනා. ජනපති කොහොමද වෙනස් උනේ ? (නදී)
රනිල් මහත්තයා කළ දේශපාලන කැපකිරීම මෙතුමා තුළ නෑ. ශ්‍රීලනිප ලේකම් ඉදිරිපත් කරන්න අවසර දී ඔහුව ජයග්‍රහණය කළ පසු, මෙතුමා ගුණමකු කෙනකු ලෙස හැසිරේ (බ)
ඉවසලා බලමුකෝ අපි (නි)
බුද්ධි.ඔබ හරියටම හරි. උගත් මිනිසෙකු සහ නුගත් ගමේ මිනිහෙකු අත්තර තිබෙන වෙනස ඒකයි. (ස)
ජනපතිතුමා ඉතාම නිහතමානී, බුද්ධිමත්, අවශ්‍ය වෙලාවට කෙළින් තීරණ ගන්න, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වැදගත් මහත්මයෙක් ලෙස මෙතෙක් ක්‍රියාකළ බව මගේ හැඟීමයි. (නි)
ලංකා ඉතිහාසයේ ලක්ස 62.5ක ජනතාවක් පාවල දුන්නු කෙලෙහි ගුණයක් නැති මිනිහෙක් ගැන මොනවා ලියන්නද?මොනවා කියන්නද? (ස)
ලංකා ඉතිහාසයේ කල ලොකුම පාවා දීමත් කලා.ලැජ්ජයි. (ස)
මටනම් මිනීමරු ප්‍රභාකරන්ගේ ෆොටෝ එකට වඩා කේන්තියක් එන්නේ දකිනකොට. (ස)
සෙනරත්, මම අදහස් කළ දේ ඔයා හෙළිකළා. මෙතන තිබෙන දේ ඔහුට ක්‍රියාත්මකවීමට කාලය දියයුතුයි (නි)
එසේම ගැටළු සහ තීරණ වලදී ඍජු වියයුතුය (නි)
අපි දන්නවා එතුමා ගන්නේ නිවැරදිම තීරණය කියලා (නි)
සෙනරත් මහත්තයා කියන දේ සහතික ඇත්ත. අපේ රටේ ඡන්දදායකයන්ට අපොස සා/පෙළවත් අනිවාර්ය කළා නම් හරි. (නි)
එහෙම වෙනවා නම් හොඳයි (නි)
සෙනරත්, මම කියන්නේ ජාතිවාදය හරි කියන එක නෙමෙයි. නමුත් අපිට නොබෙදුණු රටක් අවශ්‍යයි. අපිට කෙසේ වුණත් අපේ දරුවන්ට. ඒක හරියට නඩුවක් නැතිව පිරිසුදු ඔප්පුවක් එක්ක දරුවෙකුට ඉඩමක් දෙනවා වගෙයි. නැත්නම් වෙන්නේ හවුල් ඉඩමක් නඩුවක් එක්ක ඉතිරි කරලා අපි මැරිලා යනවා වගේ දෙයක්. මේක තමයි යථාර්ථය.කොච්චර හොරා කියලා හංවඩු ගැහුවත් මම මහින්දට ගරු කරන්නේ මහින්ද රට බෙදන තැන නැති නිසයි. (නි)
ඔය ස්වාධිනව ඉන්නවා කියන තීරණය මුලදීම ගත්තා නම් අද මේ තියන ප්‍රශ්න මුකුත්ම ඇතිවෙන්නේ නැහැ.(ම)
තිලක්-ඩුබායි, ඇත්තම තමයි, ඉස්සර නම් මට මෙයාව පෙනුනේ රට බේරාගන්න ආව දෙව දුතයෙක් කියලයි. ඇත්තටම කිසිම මුදලක් වියදම් නොකරනේ ජනාධිපති උනේ (නදී)
අවාසනාවකට අපිට නිවැරදි දේශපාලකයෝ හමුවෙලා නැති නිසා මෛත්‍රි ගැනත් සැකෙන් බලන්න පුරුදු වෙලා තියෙනවා. අපි ඔහු කෙරෙහි විශ්වාසයෙන් ඉමු. ගෙදර තාත්ත තීරණයක් ගන්නේ පවුලේ අනාගතේ ගැන හිටලා. අපි කලබල විය යුතු නැත (ම)
ජනපති ස්වාධීන වුණාට ඒක ගරු රඟපෑමක් වෙන්නැති (ම)
සෙනරත් මහත්තයෝ..දවස් 160 ට මහා බැංකු බැදුම්කරෙන් මෙහෙම කළා නම් අවුරුදු පහක් දුන්නොත් කොහොම කරයිද ? ඔයා හිගා කන්න වෙන තැනකට ගිහින්..නිකන් අපෙන් කුනුහබ්බ අහගන්නේ නැතුව..එසැන පුවත් කියන්නේ ඡන්ද හිගාකන තැනක් නෙමෙයි. (බ)
සියාම් ඔබගේ අදහස්වලින් මට පේන්නේ එක භාෂාවනම් රටවල් දෙකයි භාෂා දෙක නම් එක රටයි කියා පැරණි විද්වතකුගේ කියමනක්. සෙනරත් සමග මම එකගයි. අපි හැමදාම සංසන්දනය කළේ රනිල් අගමැති මිසක් රනිල් ජනපති නෙමෙයි. අපි බැන්නත් ඇත්ත් ඒකයි. එවතාවක් අපි රනිල්ට බලය දීලා බලමු (බ)
අපිට නම් මේ කවුරුවත් විශ්වාස නැහැ. අන්තිමේ ආයෙත් පාරක් අපේ දරුවන්ට සෙල්ලක්කාර දේශපාලක පුත්තු ටිකකට කඹුරන්න ඉඩ පාදා දුන්නා කියලා මට නම් හිතෙන්නේ. මෙතුමාට මොකද එතුමාගේ පුතා පිටරටනේ. (ස)
"මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු" ප්‍රශ්නාර්ථයක් නේද ?(ම)
සෙනරත් හරි, රනිල්ට අවස්ථාවක් දිය යුතුමයි.(ම)
අපි නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ. ජනවාරි 8 වෙනිදා විශ්වාස කළා හොඳටම ඇති. (ම)
පිවිතුරු යහපාල මහත්තයෝ කලබල වෙන්න එපා පසුගිය රජයේ ලොකු තැන සිට පොඩි එකා දක්වා මහජන මුදල් කාබාසිනියා කරපු උදවිය ගැන ඔබට දැන් අමතක වෙලා ඇති මහා බැංකුවේ ඔය කරලා කියන වැරදි වලට පරීක්ෂණ වාර්තා තවම ඉදිරිපත් කරලා නැහැ එම නිසා අනම්මනම් නොකියා මේ සැරේ රනිල් මහත්තයව අපි එකතුවෙලා අගමැති කරමු (බ)
ඒක ජනපතිතුමා ගන්නා හොඳ තීරණයක්. (නි)