විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ කෝට්ටේ නාග විහාරයේදී විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන් බැහැ දුටුවේය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාවය මුලින්ම දැක මුළු රටටම ඒ පණිවුඩය රැගෙන ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියනට කළගුණ දැක්වීම සඳහා තමා පැමිණි බව කීවේය.රාජිත සේනාරත්න ,කරු ජයසුරිය, රවි කරුණානායක හා මනෝ ගනේෂන් මහත්වරුද ඔහු සමඟ වුහ. තමා ආ කාරණය මාධ්‍යට පැවසු සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම නාහිමි සමඟ සාකච්ඡාවකටද එක් විය.
සඳුදා (24) මහනුවර ගොස් දළඳා වහන්සේ වැඳ පුදාගෙන අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක අනුරාධපුරයට ගොස් සිරි මහා බෝ සමිඳුන් වැඳ පුදා අටමස්ථානාධිපති නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැකීමෙන් පසුව ඡන්ද සටන අරඹන බව සිරිසේන මහතා මාධ්‍යවේදීන් සමඟ කීවේය.
ඡායාරූප මුදිතා දයානන්ද
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සිරිසඟබෝ නාටකය (නදී)
ගිය සතියේ හිටි අය නෙමෙයි අද ඉන්නේ. සමහරුන්ට අහස උසට බලාපොරොත්තු! (නි)
රාජිත, රවී! ආ ආ මනෝ ගනේෂනුත් ඉන්නවා නේද? අනේ මන්දා. (නදී)
මෙයාල දඟලන ටික රාජපක්ෂ ජනාදිපතිතුමා ඔක්කොටම කලින් කෙරුවොත් මොකද වෙන්නේ. කල හැකි දේවල් විතරක් නොවේ කල නොහැකි දේවලුත් කරපු කෙනෙක් අපේ ජනාදිපති තුමා. (නදී)
ඔබට ජය ලැබේවා (නදී)
මහගෙදර පරිසරය සාමකාමී ,සුභවාදී නම් එහි වසන දරුවන්ට සෙතක්, ශාන්තියක් සැලසෙන බවයි ඔබවහන්සේ නිතර පැවසුවේ. ඔබ වහන්සේට අනුව මහගෙදර යනු අප මාර්තුභූමියයි..දරුවන් ( අපයි ) මහජනතාවයි ...අපට සාදාරන සමාජයක් ලබාදීමට ඇප කැප වී සිටින ඔබවහන්සේට ජාතියේ ප්‍රණාමය !! (නදී)
ජයවේවා..ජයවේවා . (නදී)
ඔබලාට සියලු දෙවි රැක වරණ ලැබේවා. (ර)
රටට ජාතියට අද අවැසි ජනතා රජයක්. මේ මහා මෙහෙවරට උර දුන් ගරු සෝබිත හාමුදුරුවන්ට ජාතියේ උපහාරය. (ර)
මොනවා වුණත් රවී මහත්තයා දකිනකොට ඡන්දය දැන්මම දෙන්න හිතෙනවා (නි)
එකමුතුකම ඔබ සහ මුළු රටටම ද දුප්පත් අහිංසක පීඩිත ජනතාවට ද ජය ලැබෙන මාවත වන්නේය (නදී)
ගොවි පුතාට ජය ජය වේවා! (නි)
ඔබ තුමාට ජය වේවා. (ර)
පොදු අපේක්ෂකතුමා, අමතක නොකර අගමැති දිමු ජයරත්න මැතිතුමාවත් හමුවෙලා කෘතගුණ දක්වන්න (නි)
ඔබට ජයවේවා (දී)
මොනවා වෙන්න යනවාද කියලා හිතා ගන්න බැහැ (දී)
මේ කාර්යට උරදුන් ගරු සෝභිත හිමියන්ට සහ රතන හිමියන්ට මාගේ උපහාරය! (නි)
බලන් හිටින්න මහින්ද මහතය පරදන්න. අපේ මහින්ද මහතය මේ රට බේරාගත නායකයා. උබල කොන්ද පන නැති නායකයෝ. (අ)
ඔබලා සියලු දෙනාගේ අවංක පැතුම මාගේත් පැතුමයි. ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ආධාරය අයදිමි. (ර)
ජනාධිපතිතුමා එක්ක හැමදාමඅපි ඉන්නවා. එ්ත් මේ සිදුවීමෙන් එතුමා පාඩමක් ඉගෙනගෙන වටේට ඉන්න නුගත් නිලියෝ බේබද්දෝ හොරුන් හඳුනාගෙන ඒ අය එලවලා උගත් ගුණ ගරුක දක්ෂ අය ලං කරගන්නවා නම් හොඳයි. (නදී)
මේ කාර්යට උර දුන් ගරු සෝබිත හිමියන්ට සහ රතන හිමියන්ට මාගේ උපහාරය. (ර)
ජය ශ්‍රී (නදී)
ඔබලාට අල්ලාහ් දෙවි රැකවරණ ලැබේවා. (ර)
මොන පරිත්‍යාගයක්ද. මහින්ද මහතා සමග සටනක් දීමට තියා ලගින් හිටගන්නවත් පුලුවන් චරිතයක් හොයාගන්න බැරිව වෙලා හිටිය විපක්ෂයට පනක් ආවේ මෛත්‍රී මහතා නිසයි. දැන් ඉතින් ආඩි හත්දෙනා වගේ ඉන්නේ නැතිව මෙතුමා රැකගන්න කටයුතු කලේ නැත්තම් විපක්ෂයේ සියලු දෙනා කරන්නේ මහා පවක්. ලොකුම පරිත්‍යාගය කලේ මෛත්‍රීපාල මහතා. ඒවගේම දින සියකින් රනිල් අගමැතිකරනවා කියද්දිත් මෛත්‍රීට ඡන්දේ දෙන නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ. (නදී)
ඔබට තුණුරුවනේ සරණයි! (නි)
මල් පූජා කරන්න යන කොට පාවහන් ගලවන්න (නදී)
අනේ ඉතින් මේ රට බේරාගන්න කට්ටියනෙ, රාජිත, කරු, රවී (නදී)
සුබ පැතුම්. ඔබට ජය. (ස)
එතුමා මළුවට පය තබන්න පෙර පාවහන් ගලවල තමයි මළුවට ගොඩ උනේ. පසුව දැක්වෙන රුප බලන්න. (ස)
අපරාදේ .ලග හිටියනම් තුශාරාට මගේ හොටු ලේන්සුවවත් දෙන්න තිබුන පිහදා ගන්න(අ)
යකාගේ හැටියටලු විමානෙ. සපත්තු නොගළවපු එක සෝභිත උන්නාන්සේට ප්‍රශ්නයක් නැත්නම් බලා ඉන්න අයට ප්‍රශ්නයක් විය යුතු නැහැ. නමුත් අපට ප්‍රශ්නය වන්නේ අනාගතයේදී බලයට පත්වෙන්න ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකුට මහනුවර දළදා මාළිගය හෝ ශ්‍රී මහා බෝධියට වඩා නාග විහාරය වැදගත් උනේ කොහොමද යන්නයි. කෙසේ නමුත් ප්‍රබල කතෝලික දේශපාලකයින් කිහිප දෙනෙකු පන්සලට රැගෙන ගොස් වෙහෙර වැන්දවීමෙන් මෛත්‍රීපාල මහත්තයා ලොකු දක්ෂකමක් කරල තියෙන්නේ. (නදී)
අලිමංකඩ යනවා කියල පාමංකඩ ගිය කිලිනොච්චි යනවා කියල මැදවච්චි ගිය මහත්තය දෙන උපදේශය හොදින් හිතට අරන් ගියොත් පාර වරදින එකක් නම් නැහැ අපායට. (නදී)
අලිමංකඩ යනවා කියල පාමංකඩ ගිය කිලිනොච්චි යනවා කියල මැදවච්චි ගිය මහත්තය දෙන උපදේශය හොදින් හිතට අරන් මගියොත් පාර වරදින එකක්නම් නැහැ අපායට. (අ)
මෙපමණ කල් සැප විදලා දැන් පැණිත් තිත්ත විලා (නදී)
අනාගත බල රහිත ජනාධිපතිතුමා මල් වටිටිය අතට ගන්න කොටවත් ආගමට ගරුකරලා පාවහන් දෙක ගලවන්න පුරුදුවෙන්න. (නදී)
හිතන තරම් බැහැ (නදී)
ඔබලාට සියලු දෙවි රැක වරණ ලැබේවා. (නදී)
නිවහල් නිදහස් ශ්‍රී ලංකාවක් සාමය සතුට උදා වේවා !(දිල්)
ඔප තුමාට ජයවේවා (අ)
මහත්තයෝ මොනතරන් මල් වට්ටි පූජා කලත් පෙර කල අකුසල් පල දෙනවා. ඡන්දෙ ප්‍රතිපල බලන කොට තේරේවි කරපු පවක බර පතල කම (නදී)
මැදවච්චියේ කිලිනොච්චියේ පාමංකඩ අලිමංකඩ යන්න සිද්ධ වෙයි මෛත්‍රී තුමා....(අ)
ඇසළ ඔයාගේ බුද්ධාගම පිළිබද දැනුම බින්දුවයි. එහෙමනම් ඉතින් ගෙදර ඉදල මල්වට්ටියක් අරගෙන යන කෙනෙක් ගෙදර ඉදල සෙරෙප්පු නැතුව යන්න වෙයි. සෙරෙප්පු සපත්තු ගලවන්න ඕනේ පන්සලට අැතුලු වෙනකොට. අදවත් අලුත් ජනාදිපතිතුමන්ගෙන් ඉගෙන ගන්න. (නදී)
මගේ අස් වලට කදුළු ආවා නියම සිංහල බෞද්ධ නායකයෙක් විදිහට දන ගහල වදින ආකාරය දුටුවම. අපිට ආඩම්බරයි ඔබ ගැන අනාගත ජනාදිපතිතුමනි (නදී)
ඔබතුමා එක්ක ජනතාව ඉන්නවා දැන් සමහර කට්ටියට කාල ඉන්න බැහැ වෙනදේවල් වලට ලංකාවේ යහපාලනයක් ඇති කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා බුදු සරණි සියලු දෙනාට.(ස)
ඔබ තුමාට ජයවේවා (දී)
කළ පව් වලට වැඳ සමාව ගැනීම සිංහල අපේ සිරිතක්නේ.(හේ)