IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෛත්‍රී මාදුළුවාවේ හිමි හමුවේ

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ  කෝට්ටේ නාග විහාරයේදී විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්  බැහැ දුටුවේය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාවය මුලින්ම දැක මුළු රටටම ඒ පණිවුඩය රැගෙන ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියනට කළගුණ දැක්වීම සඳහා තමා පැමිණි බව කීවේය.රාජිත සේනාරත්න ,කරු ජයසුරිය, රවි කරුණානායක හා මනෝ ගනේෂන් මහත්වරුද ඔහු සමඟ වුහ. තමා ආ කාරණය මාධ්‍යට පැවසු සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම නාහිමි සමඟ සාකච්ඡාවකටද එක් විය.

සඳුදා (24) මහනුවර ගොස් දළඳා වහන්සේ වැඳ පුදාගෙන අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක අනුරාධපුරයට ගොස් සිරි මහා බෝ සමිඳුන් වැඳ පුදා අටමස්ථානාධිපති නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැකීමෙන් පසුව ඡන්ද සටන අරඹන බව සිරිසේන මහතා මාධ්‍යවේදීන් සමඟ කීවේය.

 

 

1 2 3 4 6

ඡායාරූප මුදිතා දයානන්ද

_DSC0097 _DSC0109 _DSC0263

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

 

 



අදහස් (0)

මෛත්‍රී මාදුළුවාවේ හිමි හමුවේ

වසන්ත මිලානෝ Sunday, 23 November 2014 10:03 PM

නියම සිරිසඟබෝ නාටකය (නදී)

:       0       0

සුනෙත් Monday, 24 November 2014 04:16 AM

ගිය සතියේ හිටි අය නෙමෙයි අද ඉන්නේ. සමහරුන්ට අහස උසට බලාපොරොත්තු! (නි)

:       0       0

අසංක Sunday, 23 November 2014 10:30 PM

රාජිත, රවී! ආ ආ මනෝ ගනේෂනුත් ඉන්නවා නේද? අනේ මන්දා. (නදී)

:       0       0

ලක්ෂී Sunday, 23 November 2014 02:53 PM

මෙයාල දඟලන ටික රාජපක්ෂ ජනාදිපතිතුමා ඔක්කොටම කලින් කෙරුවොත් මොකද වෙන්නේ. කල හැකි දේවල් විතරක් නොවේ කල නොහැකි දේවලුත් කරපු කෙනෙක් අපේ ජනාදිපති තුමා. (නදී)

:       0       0

සරත් Sunday, 23 November 2014 11:21 AM

ඔබට ජය ලැබේවා (නදී)

:       0       0

චන්දික කුරුප්පු Sunday, 23 November 2014 11:21 AM

මහගෙදර පරිසරය සාමකාමී ,සුභවාදී නම් එහි වසන දරුවන්ට සෙතක්, ශාන්තියක් සැලසෙන බවයි ඔබවහන්සේ නිතර පැවසුවේ. ඔබ වහන්සේට අනුව මහගෙදර යනු අප මාර්තුභූමියයි..දරුවන් ( අපයි ) මහජනතාවයි ...අපට සාදාරන සමාජයක් ලබාදීමට ඇප කැප වී සිටින ඔබවහන්සේට ජාතියේ ප්‍රණාමය !! (නදී)

:       0       0

සමන් Sunday, 23 November 2014 11:22 AM

ජයවේවා..ජයවේවා . (නදී)

:       0       0

කල්ප Sunday, 23 November 2014 11:33 AM

ඔබලාට සියලු දෙවි රැක වරණ ලැබේවා. (ර)

:       0       0

ජගත් වෙත්තසිංහ Sunday, 23 November 2014 11:36 AM

රටට ජාතියට අද අවැසි ජනතා රජයක්. මේ මහා මෙහෙවරට උර දුන් ගරු සෝබිත හාමුදුරුවන්ට ජාතියේ උපහාරය. (ර)

:       0       0

චන්ද්‍රා Monday, 24 November 2014 12:30 AM

මොනවා වුණත් රවී මහත්තයා දකිනකොට ඡන්දය දැන්මම දෙන්න හිතෙනවා (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 23 November 2014 11:45 AM

එකමුතුකම ඔබ සහ මුළු රටටම ද දුප්පත් අහිංසක පීඩිත ජනතාවට ද ජය ලැබෙන මාවත වන්නේය (නදී)

:       0       0

අශෝක රළපනාව Sunday, 23 November 2014 11:45 AM

ගොවි පුතාට ජය ජය‍ වේවා! (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 23 November 2014 11:50 AM

ඔබ තුමාට ජය වේවා. (ර)

:       0       0

අනිල් රෝහණ Sunday, 23 November 2014 12:01 PM

පොදු අපේක්ෂකතුමා, අමතක නොකර අගමැති දිමු ජයරත්න මැතිතුමාවත් හමුවෙලා කෘතගුණ දක්වන්න (නි)

:       0       0

තාරක Sunday, 23 November 2014 03:43 PM

ඔබට ජයවේවා (දී)

:       0       0

වත්සලා Sunday, 23 November 2014 03:47 PM

මොනවා වෙන්න යනවාද කියලා හිතා ගන්න බැහැ (දී)

:       0       0

ලලාන් Monday, 24 November 2014 01:30 AM

මේ කාර්යට උරදුන් ගරු සෝභිත හිමියන්ට සහ රතන හිමියන්ට මාගේ උපහාරය! (නි)

:       0       0

ප්‍රබත් Sunday, 23 November 2014 12:18 PM

බලන් හිටින්න මහින්ද මහතය පරදන්න. අපේ මහින්ද මහතය මේ රට බේරාගත නායකයා. උබල කොන්ද පන නැති නායකයෝ. (අ)

:       0       0

ෆාරුක් මොහමඩ් Sunday, 23 November 2014 04:02 PM

ඔබලා සියලු දෙනාගේ අවංක පැතුම මාගේත් පැතුමයි. ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ආධාරය අයදිමි. (ර)

:       0       0

සරත්, Sunday, 23 November 2014 04:16 PM

ජනාධිපතිතුමා එක්ක හැමදාමඅපි ඉන්නවා. එ්ත් මේ සිදුවීමෙන් එතුමා පාඩමක් ඉගෙනගෙන වටේට ඉන්න නුගත් නිලියෝ බේබද්දෝ හොරුන් හඳුනාගෙන ඒ අය එලවලා උගත් ගුණ ගරුක දක්ෂ අය ලං කරගන්නවා නම් හොඳයි. (නදී)

:       0       0

තිලක් - ඩුබායි Sunday, 23 November 2014 12:36 PM

මේ කාර්යට උර දුන් ගරු සෝබිත හිමියන්ට සහ රතන හිමියන්ට මාගේ උපහාරය. (ර)

:       0       0

චතුර Monday, 24 November 2014 02:06 AM

ජය ශ්‍රී (නදී)

:       0       0

හුස්සේන් Sunday, 23 November 2014 12:36 PM

ඔබලාට අල්ලාහ් දෙවි රැකවරණ ලැබේවා. (ර)

:       0       0

තුෂාර Sunday, 23 November 2014 04:26 PM

මොන පරිත්‍යාගයක්ද. මහින්ද මහතා සමග සටනක් දීමට තියා ලගින් හිටගන්නවත් පුලුවන් චරිතයක් හොයාගන්න බැරිව වෙලා හිටිය විපක්ෂයට පනක් ආවේ මෛත්‍රී මහතා නිසයි. දැන් ඉතින් ආඩි හත්දෙනා වගේ ඉන්නේ නැතිව මෙතුමා රැකගන්න කටයුතු කලේ නැත්තම් විපක්ෂයේ සියලු දෙනා කරන්නේ මහා පවක්. ලොකුම පරිත්‍යාගය කලේ මෛත්‍රීපාල මහතා. ඒවගේම දින සියකින් රනිල් අගමැතිකරනවා කියද්දිත් මෛත්‍රීට ඡන්දේ දෙන නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 24 November 2014 02:11 AM

ඔබට තුණුරුවනේ සරණයි! (නි)

:       0       0

රන්ජිත් Sunday, 23 November 2014 12:43 PM

මල් පූජා කරන්න යන කොට පාවහන් ගලවන්න (නදී)

:       0       0

කීර්ති Sunday, 23 November 2014 12:44 PM

අනේ ඉතින් මේ රට බේරාගන්න කට්ටියනෙ, රාජිත, කරු, රවී (නදී)

:       0       0

ෂෙල්ටන් Sunday, 23 November 2014 04:40 PM

සුබ පැතුම්. ඔබට ජය. (ස)

:       0       0

ගාමිණී Sunday, 23 November 2014 04:42 PM

එතුමා මළුවට පය තබන්න පෙර පාවහන් ගලවල තමයි මළුවට ගොඩ උනේ. පසුව දැක්වෙන රුප බලන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 November 2014 06:15 AM

අපරාදේ .ලග හිටියනම් තුශාරාට මගේ හොටු ලේන්සුවවත් දෙන්න තිබුන පිහදා ගන්න(අ)

:       0       0

සත්‍යයා Monday, 24 November 2014 02:22 AM

යකාගේ හැටියටලු විමානෙ. සපත්තු නොගළවපු එක සෝභිත උන්නාන්සේට ප්‍රශ්නයක් නැත්නම් බලා ඉන්න අයට ප්‍රශ්නයක් විය යුතු නැහැ. නමුත් අපට ප්‍රශ්නය වන්නේ අනාගතයේදී බලයට පත්වෙන්න ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකුට මහනුවර දළදා මාළිගය හෝ ශ්‍රී මහා බෝධියට වඩා නාග විහාරය වැදගත් උනේ කොහොමද යන්නයි. කෙසේ නමුත් ප්‍රබල කතෝලික දේශපාලකයින් කිහිප දෙනෙකු පන්සලට රැගෙන ගොස් වෙහෙර වැන්දවීමෙන් මෛත්‍රීපාල මහත්තයා ලොකු දක්ෂකමක් කරල තියෙන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 November 2014 02:25 AM

අලිමංකඩ යනවා කියල පාමංකඩ ගිය කිලිනොච්චි යනවා කියල මැදවච්චි ගිය මහත්තය දෙන උපදේශය හොදින් හිතට අරන් ගියොත් පාර වරදින එකක් නම් නැහැ අපායට. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 23 November 2014 01:00 PM

අලිමංකඩ යනවා කියල පාමංකඩ ගිය කිලිනොච්චි යනවා කියල මැදවච්චි ගිය මහත්තය දෙන උපදේශය හොදින් හිතට අරන් මගියොත් පාර වරදින එකක්නම් නැහැ අපායට. (අ)

:       0       0

අජිත් Sunday, 23 November 2014 01:03 PM

මෙපමණ කල් සැප විදලා දැන් පැණිත් තිත්ත විලා (නදී)

:       0       0

ඇසළ Sunday, 23 November 2014 01:06 PM

අනාගත බල රහිත ජනාධිපතිතුමා මල් වටිටිය අතට ගන්න කොටවත් ආගමට ගරුකරලා පාවහන් දෙක ගලවන්න පුරුදුවෙන්න. (නදී)

:       0       0

නාගු Sunday, 23 November 2014 01:07 PM

හිතන තරම් බැහැ (නදී)

:       0       0

ගාමිණී පෙරේරා Sunday, 23 November 2014 01:09 PM

ඔබලාට සියලු දෙවි රැක වරණ ලැබේවා. (නදී)

:       0       0

ගාමිණි Sunday, 23 November 2014 01:23 PM

නිවහල් නිදහස් ශ්‍රී ලංකාවක් සාමය සතුට උදා වේවා !(දිල්)

:       0       0

උපුල් රංජිත් Sunday, 23 November 2014 01:31 PM

ඔප තුමාට ජයවේවා (අ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 23 November 2014 06:44 PM

මහත්තයෝ මොනතරන් මල් වට්ටි පූජා කලත් පෙර කල අකුසල් පල දෙනවා. ඡන්දෙ ප්‍රතිපල බලන කොට තේරේවි කරපු පවක බර පතල කම (නදී)

:       0       0

නාලක Sunday, 23 November 2014 01:38 PM

මැදවච්චියේ කිලිනොච්චියේ පාමංකඩ අලිමංකඩ යන්න සිද්ධ වෙයි මෛත්‍රී තුමා....(අ)

:       0       0

ජගත් Sunday, 23 November 2014 06:48 PM

ඇසළ ඔයාගේ බුද්ධාගම පිළිබද දැනුම බින්දුවයි. එහෙමනම් ඉතින් ගෙදර ඉදල මල්වට්ටියක් අරගෙන යන කෙනෙක් ගෙදර ඉදල සෙරෙප්පු නැතුව යන්න වෙයි. සෙරෙප්පු සපත්තු ගලවන්න ඕනේ පන්සලට අැතුලු වෙනකොට. අදවත් අලුත් ජනාදිපතිතුමන්ගෙන් ඉගෙන ගන්න. (නදී)

:       0       0

තුෂාරා Monday, 24 November 2014 03:07 AM

මගේ අස් වලට කදුළු ආවා නියම සිංහල බෞද්ධ නායකයෙක් විදිහට දන ගහල වදින ආකාරය දුටුවම. අපිට ආඩම්බරයි ඔබ ගැන අනාගත ජනාදිපතිතුමනි (නදී)

:       0       0

විමල් Sunday, 23 November 2014 02:09 PM

ඔබතුමා එක්ක ජනතාව ඉන්නවා දැන් සමහර කට්ටියට කාල ඉන්න බැහැ වෙනදේවල් වලට ලංකාවේ යහපාලනයක් ඇති කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා බුදු සරණි සියලු දෙනාට.(ස)

:       0       0

විලියම් Sunday, 23 November 2014 02:26 PM

ඔබ තුමාට ජයවේවා (දී)

:       0       0

කුමාර Sunday, 23 November 2014 10:42 AM

කළ පව් වලට වැඳ සමාව ගැනීම සිංහල අපේ සිරිතක්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site