අනවසරයෙන් ඉන්දියා මුහුදු සීමාවට ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.
මෙම ධීවරයින් 19 දෙනා සිටි ඔවුන්ගේ යාත‍්‍රා ඉන්දියා මුහුදු කලාපයේ ගැවසෙනු දැක ඔවුන් තමන් භාරයට ගෙන ඇති ඉන්දියා වෙරළාරක්ෂක අංශ එම පිරිස තමිල් නාඩු පොලිසියේ විශේෂ වෙරළාරක්ෂක ඒකකයට භාරදීමට ගොඩබිමට රැගෙන එමින් සිටියදී ඔවුන්ට මෙම පණිවුඩය ලැබී ඇති බව සඳහන්ය.
ඒ අනුව අනතුරු ඇගවීමක් සිදුකර ධීවරයින් නැවත ශී‍්‍ර ලංකාව බලා යවන බව ඉන්දියා වෙරළාරක්ෂක අංශ කියයි.
මෙසේ වැඩි දඬුවමකින් තොරව ධීවරයින් නිදහස් කෙරුණේ ශී‍්‍ර ලංකාවේ නව රජය හා ඉන්දියාව අතර ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශවීය සබදතා වල ප‍්‍රථිඵලයක් ලෙස යැයි සැළකිය හැකිය.ඉන්දියාව හා හොද හිත වර්ධනය කර ගැනීමට තම අත්අඩංගුවේ තිබුණු ඉන්දිය ධීවර බෝට්ටු 81 ක් නිදහස් කිරීමට ශී‍්‍ර ලංකාව ගෙවුණු සමයේ කටයුතු කළ අතර එයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාවද ඔවුන්ගේ අත්අඩංගුවේ තිබුණු ධීවර බෝට්ටු 17 ක් හා රදවාගෙ සිටි ධීවරයින් 6 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd