IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රී -මෝදි හාදකමෙන් ධීවරයෝ බේරෙති

අනවසරයෙන් ඉන්දියා මුහුදු සීමාවට ඇතුළු වු බව කියන ශී‍්‍ර ලංකා ජාතික ධීවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමකින් තොරව අනතුරු ඇගවීමක් පමණක් සිදුකර නැවත ශී‍්‍ර ලංකාව වෙත යවන්නැයි ඉන්දියා රජය එරට වෙරළාරක්ෂක හමුදාව වෙත දන්වා තිබේ.

මෙම ධීවරයින් 19 දෙනා සිටි ඔවුන්ගේ යාත‍්‍රා ඉන්දියා මුහුදු කලාපයේ ගැවසෙනු දැක ඔවුන් තමන් භාරයට ගෙන ඇති ඉන්දියා වෙරළාරක්ෂක අංශ එම පිරිස තමිල් නාඩු පොලිසියේ විශේෂ වෙරළාරක්ෂක ඒකකයට භාරදීමට ගොඩබිමට රැගෙන එමින් සිටියදී ඔවුන්ට මෙම පණිවුඩය ලැබී ඇති බව සඳහන්ය.

ඒ අනුව අනතුරු ඇගවීමක් සිදුකර ධීවරයින් නැවත ශී‍්‍ර ලංකාව බලා යවන බව ඉන්දියා වෙරළාරක්ෂක අංශ කියයි.

මෙසේ වැඩි දඬුවමකින් තොරව ධීවරයින් නිදහස් කෙරුණේ ශී‍්‍ර ලංකාවේ නව රජය හා ඉන්දියාව අතර ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශවීය සබදතා වල ප‍්‍රථිඵලයක් ලෙස යැයි සැළකිය හැකිය.ඉන්දියාව හා හොද හිත වර්ධනය කර ගැනීමට තම අත්අඩංගුවේ තිබුණු ඉන්දිය ධීවර බෝට්ටු 81 ක් නිදහස් කිරීමට ශී‍්‍ර ලංකාව ගෙවුණු සමයේ කටයුතු කළ අතර එයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාවද ඔවුන්ගේ අත්අඩංගුවේ තිබුණු ධීවර බෝට්ටු 17 ක් හා රදවාගෙ සිටි ධීවරයින් 6 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කළේය.

 

 

 

 



අදහස් (0)

මෛත්‍රී -මෝදි හාදකමෙන් ධීවරයෝ බේරෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site