මෛත්‍රීපාල ජනපතිවරයා දුන් පොරොන්දු සීමිත ප්‍රමාණයක් ඉටු කළත් ජනතාවට දුන් පොරොන්දු සම්පූර්ණයෙන් ඉටු කළ යුතු යැයි එක්සත් ජාතික පෙරමුණු මහනුවර රැළියට එක්වෙමින් රවුෆ් හකීම් මහතා කීවේය.
‘විධායක ජනපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරවා කිව්වත් දැන් ටිකයි අඩු කරලා තියෙන්නේ. සීමිත බලතල අඩුකරලා තියෙනවා. ඒකවත් කරපු එකට ගරු කරනවා. නමුත් නිසි ලෙස පොරොන්දු ඉටු කළ යුතුයි. මේ දේදුන්නක් විදියට තියෙන විශාල සන්ධානය එකතුවෙලා තියෙන්නේ ජනතාවට දුන් පොරොන්දු නිසි ලෙස ඉටු කිරීමටයි.‘
‘මහින්ද නාම යෝජනා අත්සන් කළාම මෛත්‍රීගේ නිහඬ විප්ලවයට දායක වුණු අය කීවේ ජනවාරි 8 තිබුණු මහින්ද දෙවැනි වර නෙමෙයි සදහටම ගෙදර යවන වැඩපිළිවෙළ අපි අගෝස්තු 17 සිදුකරනවා.‘ යැයි එම රැලියට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට කරපු ටිකට මෙයා නරියෙක් වෙලා ඉපදෙනවා (ස)
මේ තොප්පි කුමන්ත්‍රණ කරුවන් නෙරපනු. (ස)
මම සිතන්නේ නැහැ , අපේ ජනාදිපති මෛත්‍රීපාල නරක දෙයක් රටට කරවිය කියා , දැනට කරපු දේවල් ටිකම දැක්කම , අපිට තව ඉවසන්න තියෙනවා අලුත් පාර්ලිමේන්තුව එන තුරු , පසුව බලන්න පුළුවන් (ස)
අපි බලමුකෝ කවුද හරි කවුද වැරදි කියලා (නි)
මට කියන්න තියෙන දේවල් ඔක්කොම මෙතන අය කියලා (නි)
එතකොට 20 සම්මත කරගන්න ඉඩ නොදුන්නේ කව්ද ? (නදී)
ගොඩක් ප්‍රශ්න තිබෙනවා වගේ! (නි)
නව ආණ්ඩුවක අගමැති පත්කර ගන්නාතුරු, මෛත්‍රීපාල මහත්තයා ළඟ බලය තියාගන්න එක හොඳයි. නැත්නම් එතුමාගේ යහපත්කම අනෙක් අය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනීවි. (නි)
බලාගෙන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)
අනේ මේ වගේ කතා? මේ ගිය සුමානේ කියපු එක නෙමෙයි දැන් කියන්නේ (නි)
දවස් සීයට ඔහොම නම් අවුරුදු පහට බලාගන්න බැරියෑ. (නි)
කවුරුත් කියන දේවල් ඒ විදියටම කරන්නේ නැනේ.(හේ)
ඒ කතාව හරි.(හේ)
අපි නොදන්නවය මෙයාගේ හැටි (ම)
මගේ මනාපය බොදුජන පෙරමුණට (නදී)
අපි තව කල් දෙමුකෝ. කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙක් කියනවනේ (නි)
පළුද්දක්, වැරදීම්, අතපසුවීම් නැති අතීතයකට ලොව කිසිවකු උරුමකම් කියන්නේ නැත. ඒවා පසුතැවීමට හේතුවක් විය යුතුද නැත. මීලඟ අවස්ථාවේදී මාරුතයක් සේ නැගී සිටිය යුතුය. සාර්ථකත්වය යනු පරාජය කණපිට පෙරලීමකි. මහින්ද සුළඟ ඇස් බැන්දුමක් නොවේ. එය හෙට දිනයේ සැබෑවන යථාර්ථයකි. අපට දුක, මහින්ද චින්තන ප්‍රතිපත්ති මත පදනම්ව ජනතාවගෙන් ඡන්දය ඉල්ලා ඉන් ජයගෙන හොම්බ බිම ඇනගෙන ඉව අල්ලමින් 'යහපාලනය' සොයන්නට වෙහෙසෙන ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිපයේ මේ මාර දූ පුත්තු ගැනය. (ස)
ඉවසීමෙන් බලා ඉන්නකෝ ජනතාව පිළිගන්නේ කාවද කියලා (නි)
ඔය කතා වලට ජනතා පිළිතුර ලැබෙන්නේ කොහොමද කියලත් අපි බලමුකෝ (නි)
එතුමා අවන්කවම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න මහන්සි ගත්තා.(හේ)