‘පසුගිය ජනාධිපතිවරණයේ දී කතා කළා ඥාතීන්ට සලකන පවුල් වනාන්තරයක් පිළිබඳව. මං ඒකට නැති කෙනෙක්. පවුල් ගස් සහ පවුල් වනාන්තර මම හදන්නේ නැති කෙනෙක්. මට එහෙම හදනවා නම් ජනාධිපති වෙන්න කළින් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටපු කාලේ, මැති ඇමැතිකම් කරපු කාලේ හදන්න තිබුණා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.
ජනපති කුඩා කළ හැදුණු වැඩුණු ගම්පහ පහළ යාගොඩ පන්සලේ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු එසේ කීවේය. සිරිසේන මහතා කුඩා අවධියේ දහම් පාසල් ගියේ ද එම විහාරස්ථානයේ ය.
සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තේරී පත් වූ පසු ඔහු ජයග්‍රහණය කර වීමට ඉදිරියෙන්ම කටයුතු කළ පිළිකුත්තුව රාජ මහා විහාරාධිපති යක්කඩුවේ රාහුල හිමියෝ මේ උද්සවය සංවිධානය කළහ.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
‘අවුරුදු අට නවය වයසේ සේපාලිකා මිදුලේ තිබුණු සේපාලිගා ගහේ මල් ඇහිඳගෙන මේ පන්සලට ඇවිත් පූජා කළා මට මතකයි. යාගොඩ දුම්රිය නැවතුම්පොළට පයින් ගිය ආකාරය, පාරවල්වල ඇවිදපු ආකාරය, ගමේ ඥාතීන් මට තවම මතකයි.
මා ජනාධිපතිවෙලා පළමු සතියේ මට උදව් උපකාර කළ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඇවිත් කිව්වා සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස පත්කරන්න කියලා. මං එක හෙළාම කිව්වා ස්වාමීන් වහන්සේලා මගේ ලේකම්වරුන් ලෙස පත් නොකරන බව. මගේ කාර්ය මණ්ඩලයේ වැඩ කරන්න ස්වාමීන්වහන්සේලා බඳවා ගන්න එපා කියා මා උපදෙස් දුන්නා. බෞද්ධ දර්ශනයේ චිරස්තිතිය පිනිස ස්වාමීන් වහන්සේලා ජනාධිපතිට උපදෙස් දෙන උපදේශන මණ්ඩලයක් සකස් කළ යුතුයි. පඩි ගෙවා, වාහන ලබා දී කරන දෙයක් නොවෙයි. එය ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා ඊට ඇතුළත් විය යුතුයි. ‘
(වීඩියෝ ගයාන් මධුසංඛ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුකම් ඇත්නම් පවුලේ වුණත් දුන්නට කමක් නැහැ. මොකද මෙතුමගේ පවුලේ වුණා කියලා මේ රටේ රස්සාවක් කරන්න බැහැනේ එහෙනම්. හැබැයි රාජකාරිය කරනවා මිසක් පහුගිය කාලේ වගේ ගසා කන්න, බලය අයුතු ලෙස පාවිච්චි කරන්න ගියොත් කලින් අයට වු ආනිසංසෙම තමයි වෙන්නේ.(දිල්)
එතකොට අර ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා තනතුර එහෙනම් ඒ වෙන කාගේ හරි බෑණා කෙනෙක් වෙන්න ඇති මගේ හිතේ. (දිල්)
මැතිතුමනි , එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එක්කම සමාජයට රටට බරපතල වැරදි කළ අනුන්ගේ පවුල් ආරක්ෂා කරන්න නම් හීනෙන් වත් නොසිතනු මැනවි. පක්ෂයේ රෙදි කඩතුරාවෙන් ඔලුව වහගෙන දඬුවම් ලැබීමෙන් ආරක්ෂා වෙන්නයි දැන් සමහරු හදන්නේ. (දිල්)
දින සීයෙන් පසසේ මේ කතා මොනවා වෙයිද ?(දිල්)
කලින් ඇමතිකම් කරද්දී බලය තිබුනේ නැතිලු වැඩකරන්න, ඒ උනාට දැන් කියනවා අවශ්‍ය කමක් තිබුනානම් පවුල් ගහක් හදන්න තිබුනලු ඇමතිකම් කරද්දී. එහෙමනම් වැඩකරන්න අවශ්‍ය කම තමයි තිබිල නැත්තේ.(නදී)
හාල් මාෆියාව අයියා, ටෙලිකොම් සභාපති මල්ලී. ?(නදී)
ටෙලිකොම් සභාපතිට අමුඩේ ගහගන ටෙලිපෝන් කනුවකට නගින්න බැරිනම් කොහොමද ටෙලිකොම් සේවකයන්ට උපදෙස් දෙන්නේ ? (අ)
එතකොට ටෙලිකොම් සභාපති කව්ද ? (නදී)
ඔබතුමාගේ දරුවන් සමහර බේබිලා වගේ හැදුනේ නැති ගැන අපි සතුටු වෙනවා. (හේ)
කවුරුත් ඔතනට ආවහම අතීතය සහ මුල අමතක වෙනවා.පල් හොරු කියන දේවල් සහ ඔවුන්ව ළංකරගන්නේ නැතුව ඉදිරියට ගියොත් හොඳයි (නි)
එතකොට ටෙලිකොම් සභාපති කව්ද දන්නේ නැහැ නේද (දිල්)
එතකොට ටෙලිකොම් සභාපති, ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී ? (දිල්)
මහින්ද නම් තවමත් ගමේ කුඹුරේ නියර දිගේ ඇවිදිනවා. එතුමාගේ අව්‍යාජ ගැමි ගතිය ගහන මඩ වලින් වහන්න බැරිවෙයි. (නි)
අනේ ! වාසනාවන් .(හේ)
ගිහාන්, ඔබට වැරදිලා .මේ කිව්වේ ලේ නෑදෑ කම් ගැන.(හේ)
ඒ වුණාට කිහිප දෙනෙක් දැනටම පත්කරගෙන ඉන්නේ. ඉදිරියේදී ඔය කියන ඒවා වෙනස් වෙයිද බලමු (නි)
සභාපති තනතුරු,විදේශ සේවාවේ පත්වීම් අරගෙන ඉන්නේ කාගේ කවුද?
දුමින්ද, ඔබ හරි (නි)
මේක බොහොම වැදගත් කතාවක්. ජනාධිපතිතුමාට එතුමාගේ මුල, එහෙම නැත්නම්, අතීතය අමතකවෙලා නැහැ.
මම පොඩි කාලේ ගියෙත් මේ දහම් පාසලටයි. දැන් මට වයස 52 ක්. ඒ කාලේ මගේ අලුත්ම රබර් සෙරෙප්පු දෙක නැතිවුණා දහම් පාසලට ගිය මුල්ම දවසේ. අනේ අම්මා පඩි අරගෙන අලුත් දෙකක් දෙනතුරු මම පාසලට ගියේ එකත් නැතුව.දැනුත් දුකයි වෙච්චදේට. (නි)
හැබැයි හොරෙන් වැඩ බැහැ හොඳේ. ඔහොම යමුකෝ (නි)
අපි බලමුකෝ ඉස්සරහට... (නි)
තව කෙනෙක් මෙතන බේබිලා ගැන ලියලා තිබෙන නිසා අහන්නේ. අර නැගෙනහිර වෙරළේ ඡායාරූප සිද්ධියට මොකද වුණේ? ඒ ගැනත් සොයන්න. (නි)
තාම දින 44 යිනේ.... (නි)
ටෙලිකොම් සභාපති නම් මටත් ප්‍රශ්නයක්. ඔහුට සුදුසුකම් නැතුවා නොවේ. නමුත් සන්නිවේදන විෂයට අදාළව ඔහුට සුදුසුකම් තිබේද යන්න අපි දැනගැනීමට කැමතියි (නි)
දුලා දෙන්න කොහෙද වැඩ. අනේ මගේ කට (නදී)
එතකොට ටෙලිකොම් එකට දාපු මල්ලි ඥාතියෙක් නෙමෙයිද ? (නදී)
දුමින්ද මහත්තයා කියන කථාවට ටෙලිකොම් සභාපති කුමාර මහත්තයා නඩු දමාවි. අපහාස කරා කියලා. එක කුසේ උපන් මල්ලි ලේ නැයෝද කියලා අහනවා.(දිල්)