(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20 මුදලක් මාතර ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දීමට ඉදිරිපත්වී ඇති බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ලබන වසරේදී පාසල් අධ්‍යාපනයට ඇතුලත් වීමට නියමිතව සිටින ඒ මහතාගේ වැඩිමහල් දියණිය මාතර සුජාතා බාලිකා විද්‍යාලය වෙත ඇතුලත් කීරීමට අවශ්‍ය කටයුතු තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් භාර ගෙන තිබේ.
දැනට මාතර අයි.ඩී.එම්.ජාතීන්ගේ පාසලේ ඉගෙනුම ලබන වීරසිංහ මහතාගේ වැඩිමහල් දියණිය හා අවුරුදු තුනක් වයසැති බාල පුතුට පෙර පාසල් අධ්‍යාපනය අවසන් වන තෙක් ගාස්තු අය කර ගැනීමකින් තොරව නොමිලේ අධ්‍යාපන කටයුතු සිදු කර දෙන බව එහි විදුහල්පතිනී ගයනි වඩනම්බි මෙනවිය පැවසුවාය.
දරුවන් දෙදෙනාට පෙර පාසල් අධ්‍යාපනයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වන තෙක් සෑම වසරකටම අවශ්‍ය පොත් පත් , පාසල් උපකරණ , සපත්තු , නිල ඇදුම් ආදී සියලු දෑ ඇතුලත් ශිෂ්‍යත්වයක් ලබා දීමට ඒ.එස්.බී.සමූහ ව්‍යාපාරයේ සභාපතිනී ක්‍රිෂාන්තී ජීවන්ති පේදුරුආරච්ච් මහත්මියගේ උපදෙස් මත එහි කළමණාකාර අධ්‍යක්ෂක අසංක ප්‍රසාද් මහතා කටයුතු කර තිබේ.
ඊට අමතරව මාතර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් තම සහෝදර නිලධාරියාගේ දරු පවුල වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන අතර එම මුදලින් ඔවුන්ගේ නිවසේ උඩු මහලේ වැඩ තුන් මාසයේ දානමය පිංකමට පෙර අවසන් කර දීමට නියමිතව ඇත.
මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්. පොලිසියේ මහත්වරුන්ගේ සේවය ගොඩක් අගයනවා මදි.
මෙය ඉතාම ප්‍රශංසනීය ක්‍රියාවක්. මේ රටේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා කියලා හිතෙනවා මේවා දකිද්දී. එත් පුංචි දරුවන්ට තම පියත් බිරිදකට තම ආදරණීය සැමියත් අහිමි වීම ඉතාම සොචනීයි
හරිම සතුටුදායක පුවතක්. ඉතාමත්ම හොඳ වැඩක්. මට ඉලන්ච්චේලියන් විනිසුරුතුමා මතක් වුනා.
මේවා තමයි හොද ආදර්ශ.. තම රාජකාරිය හරියට කරන නිලදරින්ට වරදින්නෙ නෑ.. මේ එක්කම නරකද ත්‍රස්තවාදීන්ගෙන් , බෝම්බ වලින් රට බේරගත්ත අනෙක් හමුදා නිලදාරීන් ගැනත් බැලුවොත්.. කොහොම උනත් හොද වැඩක්.
ඉතාමත් අගනා උපකාරයක් කල මාතර ව්‍යාපාරික ප්‍රජාවට සහ අනෙකුත් ආයතන වලට මගේ අවංක උපහාරය පුදකර සිටිමි. පොලිස් වීරයාගේ නිර්භීතකම අනෙකුත් පොලිසියේ නිලධාරීන් වෙත ආදර්ශයක් වී යයි ප්‍රර්ථනා කරමි.
කාලෙකින් සතුටට කඳුලක් ගැලුවා .....
මොනවා වුනත් ලංකාවේ මිනිසුන්ගේ මෙවන් ක්‍රියා ලෝකයේ කිසිම රටක සිදුවෙන්නේ නැහැ .
මාතර නගරයේ ඉන්නේ හිතහොඳ මිනිස්සු කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ.
ඉතාමත් හොද ක්‍රියාවක්. හැම දෙනාටම පින්
කෙනෙකුගේ දුකේදී පිහිටවෙන සත්පුරුෂ මිනිස්සු අපේ මව්බිමේ තාම ඉන්නවා සතුටට කරුණක්. හැමෝටම බොහොම පින්.
මෙමගින් යම් උදවුවක් ලැබෙනවා ඒ දරුවන්ට. පොලිසියේ මහත්වරුන්ටත්, ව්‍යාපාරිකයන්ටත් තුති. මැරුණ තරුණ නිලධාරියා නැති පාඩුව සදාකල් පවුලේ අයට දැනෙයි. පවු පුංචි දරුවෝ සහ බිරිඳ.
මොවුන් වෙනුවෙන් උදව් උපකාර කල කරුණාබර හදවත් ඇති සැමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ගොඩක් පින් අතේ වැඩක්. කලාතුරකින් අහන්න ලැබෙන සතුටුදායක ආරංචියක්.
ඉතා දුක්මුසු පුවතකින් පසු, කාලෙකින් මගේ ඇහැට සතුටු කඳුළු ආවා. මාතර සහෝදර ජනතාවට සහ පොලිසියට අපේ ආචාරය. පිට රට වෙසෙන ශ්‍රී ලංකිකයෙක්ගෙන්.
ලංකාවේ මිනිසුන්ගේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා කියලා හිතෙනවා, මාතර ව්‍යාපාරික ප්‍රජාවට සහ අනෙකුත් ආයතන වලට උපහාරය පුදකර සිටිමි. ලංකාවේ මිනිසුන්ගේ මෙවන් ක්‍රියා ලෝකයේ කිසිම රටක සිදුවෙන්නේ නැහැ. පොලිස් වීරයාගේ නිර්භීතකම අනෙකුත් නිලධාරීන් වෙත ආදර්ශයක් වී යයි ප්‍රර්ථනා කරමි.
අද දවසේ දැක්ක හොදම පුවත කියන්න බැරි තරම් සතුටුයි. මේ සදහා දායක උණු සියලු දෙනාට ගොඩක් පින්.
විශේෂයෙන්ම ව්‍යාපාරික ජනතාවගේ සද් ක්‍රියාව අගය කරනවා.... ඒත් දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදුපතා අපේ සමාජයට මෙවන් රුදුරු අපතයෝ එක්වීම වැලක්වීමට ඔය ව්‍යාපාරික ප්‍රජාවට නොහැකියි... සාමාන්‍ය සහ උසස් පෙළ අසමත් තරුණ ජනතාවට රටට සේවයක් කිරීමට හෝ තමාගේ ජීවිතය ගෙන යාමට ජීවනෝපායක් නොමැතිවීම ප්‍රධානම හේතුවයි... ආර්ථික වර්ධනයකින් රැකියා ඇතිකිරීමේ මාර්ගයක් නොදන්නා දියවන්නාවේ සිටින දේශපාලුවෝ විදෙස් රටවලට ගැහැණුන් යවා ඒ මාර්ගයෙන් යැපීම අපේ රටේ අබාග්‍යයක්.... මෙවැනි අවස්තාවලදී පැලැස්තර දමමින් තමන්හට ලකුණු ලබා ගැනීම උන්ගේ අරමුණවේ....
කාලෙකින් සතුටට කඳුලක් ගැලුවා
කෝ දේශපාලකයෝ කයිවාරු ගහපු කට්ටිය.
හරිම සතුටුදායක පුවතක්. ඉතාමත්ම හොඳ වැඩක්.
මාතර ජනතාවට අපේ ප්‍රණාමය
මේවා සංහිදීයාවට බාධාවක් වෙයිද දන්නේ නැහැ. මොනවා වුනත් දකුණේ මිනුස්සුන්ගේ මනුස්සකම මනාවට ඔප්පු වුන තවත් සිදුවීමක්.
මේ රටේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා . මේ රටේ හොඳ සිත උණුවන මිනිස්සු ඉන්නවා. සිතට සතුටු කදුළු එනවිට පියා නැති දරු දුක දැනෙනවා. වසර 2000 ට පෙර ජේසු කිව, ස්වර්ගයට යාමට නම් මේ වගේ අය ,කන්න නැති අයට, සිරගෙයි සිටින අය, රෝහලේ දුක් විඳින අයට පිහිට වන ලෙස. මාතර සිටින බොදු ජනයාගේ ජිවිත සැපවත් වේවා. නිරෝගී වෙත්වා.!
මෙය ඉතාම ප්‍රශංසනීය ක්‍රියාවක්. මේ රටේ තවම මනුස්සකම ඉතුරුවෙලා තියෙනවා කියලා හිතෙනවා මේවා දකිද්දී. එත් පුංචි දරුවන්ට තම පියත් බිරිදකට තම ආදරණීය සැමියත් අහිමි වීම ඉතාම සොචනීයි
ඇත්තෙන්ම මෙම වෙළද ව්‍යාපාරික ප්‍රජාව කල කටයුත්ත අප හදවතින්ම අගය කරන්නෙමු.
තම රාජකාරිය හරියට කරන නිලධාරින්ට වරදින්නෙ නෑ..
මේ උත්තම ක්‍රියාව සඳහා කැපවුණු සියලු දෙනාටම අපගේ ගෞරවනීය ආචාරය පුද කරමු !!!!
දරැවන්ගේ අනාගතය ගැන හිතලා වැඩ කරන මිනිස්සුන්ට බුදුසරණයි.................
ඉතාමත් අගය කලයුතු ක්‍රියාවක් ඔබ සැමට ගොඩක් පිං , මාතර ඉපදීම ගැන නිහතමානීව ආඩම්බර වෙමී .
ඉතා අගනා ක්‍රියාවක්. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න, නිලධාරියාගේ මරණය අහේතුවක් නොවන්නට.
ඉතාමත්ම හොඳ වැඩක්, මේ උත්තම ක්‍රියාව සඳහා කැපවුණු සියලු දෙනාටම අපගේ ගෞරවනීය ආචාරය පුද කරමු !