අද රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
ඔහු අය වැය විවාදයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ ගැන කතා කරමින් එසේ කීවේය.
‘පොඩ්ඩක් ඉන්න අපේ පොදු අපේක්ෂකයා කවුදැයි කිව්වොත් ඔය ගොල්ලෝ බය වේවි.ඇග කිලිපොලා යාවි.මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨයන්ට බොරු නම්බුනාම දීලා කොන් කළා. ඇමැති තනතුරකට වයසක් නෑ.දිමු ජයරත්න මහතා අගමැතිකම කරන්නේ.ජේ ආර් ජනපති වුණේ අවුරුදු හැත්තෑ හතේදී අද චණ්ඩින් වෙලා ඉන්නේ ඊයේ පෙරේදා අපු කනිෂ්ඨයෝ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අපේ රටේ පොදු අපේක්ෂකයා මෛත්‍රිපාලද ? එතුමා අවොත් රටේ ලොකු වෙනසක් ඇතිකරවී. දුප්පතාගේ අපේක්ෂාවත් ඒයයි. විපක්ෂයට මෛත්‍රී පොදු අපේක්ෂකයා කරන්න මොලේ පැදීම රටේ ජනතාවගේ වාසනාවක් ලෙසයි අපි දකින්නේ (හේ)
මෛත්‍රීට ජයෙන් ජය වේවා! නිර්මල සිංහල නායකයාට ජයවේවා! වාසනාවන්ත යුගයකට මගෙන් සුබාසිරි. (නි)
කතාවේ හැටියට මෙයාටත් තනතුරක් හෝ චන්ඩි කමක් ලැබුණානම් පනින්නේ නැතිව ඉන්නවා, ඉතින් රට ජාතිය ගොඩ එන්නේ කවදද?(නදී)
දැන් නම් හොඳටම ඇති. දැන් වෙනත් කෙනෙකුට අවස්ථාව දීලා බලමු (නි)
අන්න ඔහේගේ පක්ෂේ ආයිත් කචල්. (නදී)
ලක්මාල්, ඔබේ දැනුම ගැන මට හරිම කණගාටුයි.විධායක බලය කියන්නේ තමන්ට හිතෙන ඕනෑම දෙයක් කළහැකි දෙයක්.ඔයා පොඩි ළමයෙක් නම් මට සමාවෙන්න. (නි)
නැවතත් එන්නේ මහින්ද චින්තන ආණ්ඩුවක්. අපරාදේ විපක්ෂේ පොදු අපේක්ෂකයාගේ ජනාදිපතිවරනයට වියදම් කරන සල්ලි. මහින්ද රාජපක්ෂ අපේ ජනාදිපතිතුමට ජය වේවා !! ජය වේවා..!!!(නදී)
හරියට අර 80 දසකයේ අවසාන කාලේ අාවා වගේද දන්නේ නැහැ. හන්දි ගානේ මළමිනී, ටයර් උඩ ගිනිගන්නා තරුණ ජීවිත! (නදී)
ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ තියේවි. එයාගෙත් සහෝදර සමාගමක් තියෙනවනේ (නදී)
මෛත්‍රී පාලනයක්ද ? (නදී)
පොදු අපේක්ෂකයා සදහා සුදුසු චම්පික රණවක මහතා පමණි. එතුමා විදුලිබල ඇමති කලේ වැඩ කරපු හැටි අපිට අමතක නැහැ (නදී)
පොදු අපේක්ෂකයා සදහා සුදුසු චම්පික රණවක මහතා පමණි. (හේ)
අයියෝ! යු එන් පී එකෙන් නම් අපේක්ෂකයෙක් එන බව පෙනෙන්නෙ නැහැ. දවල් හීන වලටත් පේනවා ඇත්තෙ එයාලට ආණ්ඩු පක්ෂයේ අය වෙන්න ඇති. (නි)
අපරාදේ! ජනාධිපතිතුමාට තිබුනේ ඡන්දයක් නොතියා ඉන්නයි. ඉදිරියටත් අපේ රටට මේ වගේ නායකයෙකු ඕනෑ. මේ වගේ පෞරුෂයක් තිබෙන , ආකර්ශනයක් තිබෙන වෙනත් කෙනෙක් නැහැ. අනික මොකක්ද මේ විධායක බලතල වල ඇති ප්‍රශ්නය? හරි. විධායකය අහෝසි කරනවා නම් මොකටද ප්‍රබල චරිතයක් පොදු අපේක්ෂකයා විදිහට ගන්නේ? (නි)
පොදු අපේක්ෂකයා ගැන ඉදිරියේදී ඇඟ කිළිපොලායන බියගෙනදෙන පුවතක් අහන්න වෙයි වගෙයි (නි)
මොකක්ද අප්පේ මේ කතාවේ තේරුම? (නි)
මෛත්‍රී, කරුණා, මුදිතා.... මේ ආදී මොන පාලන ක්‍රමයක් ආවත් අපිට කමක් නැහැ. හැබැයි රටට යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
දැන් මේ ගොල්ලන් කෑව හොඳටම ඇති. ඉතින් ඉතුරු ටික කන්න අනිත් කට්ටියට දෙමු. දිගටම කාගෙන කාගෙන යනකොට උස්මුරුත්තාවට යනවා කියල අපේ ආච්චි අම්මා කියල තියෙනවා.(නදී)
හොඳයි. හැබැයි නීතිය හරියට ඕනෑ කාටත් (නි)
ජය වේවා! මෛත්‍රී හොඳ මනුස්සයෙක් (නි)
එහෙම වුණොත් නම් නියමයිනේ! (නි)
අනේ බොරු ඔය කතානම්.(හේ)
එන්න කලින් හැමෝම කිව්වේ ඔහොම තමයි. හැමදාමත් රැවටුනේ අපිම තමයි. (නි)
කවුරු වුණත් කමක් නෑ රටට හොඳ දෙයක් වෙනවානම් (දිල්)
ඉතාම ගරුකරන ඇමතිවරයෙක් ඔහුගේ මෛත්‍රිය රටටම ලබෙයි කියා විස්වාස කරනවා ඔබට "ජය" සහතිකයි(දිල්)
එතකොට දැන් තියෙන්නේ මොන පාලන කාලයද දන්නෙ නැහැ (නි)
රට යන මග තේරුම් ගෙන ඇති හොද ආදර්ශමත් නායකයෙක් වන මෛත්‍රිපාල සේනානායක ශ්‍රී ලංකා ද්වීපයේ අනාගත යුග පුරුෂයනන්ට අපගේ උත්තමාචාරය. ජය ශ්‍රී ආයුබෝවේවා (නදී)
පොදු අපෙක්ෂකයා කුමර් සංගක්කාර (නදී)
පොදු අපේක්ෂකයෙක් ගැන කියලා පස්සේ හූල්ලන්න වේවි. දැන් රට දියුණුවෙන ක්‍රමය ගොඩක් හොඳයි. රජයේ තිබෙන අඩුපාඩු මකන්න හොඳ විපක්ෂයක් තමයි අපේ රටට ඕනෑකරලා තියෙන්නේ (නි)
"මෛත්‍රී‘‘ පාලණයක් ගැන නලින් බණ්ඩාර කරපු ප්‍රකාශයෙන් ඔහු නියෝජනය කරන පක්ෂයම එක්තරා පාවාදීමක් කරලයි කියල අප හිතන්නේ. විජේදාස රාජපක්ෂ 360° දී කියල තිබුනනේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරදින බව දැන හිටියා කියලා. එහෙනෙම් මොන එහෙකටද ඡන්ද සටන දිගටම කරගෙන ගියේ? වෙනත් වචන වලින් කිව්වොත් මහින්ද රාජපක්ෂව පරද්දන්න යු.එන්.පී එකට එදා ඕනේ කමක් තිබුනෙත් නැහැ. අදත් නැහැ. මෛත්‍රී පාල දිනන්නේ නැහැ කියන එක සනාත කරන්න කරන පුරෝ කතනයක් ද මේක? (නදී)
පිස්සු නැත්නම් ශෝක්. මේක ආණ්ඩුවේ උගුලක්. අන්තිමට යුඑන්පිය නැත්තටම නැති වෙනවා. ජනාධිපතිවරනෙට කලින් දවසේ මෙයා ඉල්ලා අස් වෙනවා. එතකොට මහින්ද නිතරගයෙන් ජනාධිපති. රනිල් ලොක්කත් මේවට හවුල් ඇති. (අ)
මෛත්‍රීපාල රටේ පාලනයට සුදුසු පාලකයෙක් ජයවේවා (දිල්)
කවදා පායත්ද අප දිනිසුරාණෝ රණබිමකට සරිලන සෙනවියානෝ.. මුඩූ බිමකට සරිලන ජාල කදානෝ සුන් බුන් කොඳු අට සිටුවන රජානෝ.. කවදා පායත්ද අප පුන් සඳනො පරහිත පිණිස දල දන් දෙන අතාණෝ නිදුකින් ඉන්ට මග පෙන්වන වෙදානෝ මුසා බසින් අප නොපෙලන රජානෝ.. කවදා එත්ද අපගේ එක නෙතාණෝ ගිමනට හෙවන දෙන තුගුනුග තුරානෝ අප සම බිමක රඳවන සොහොයුරානෝ රජෙකැයි අපට නොසිතෙන මහරජානෝ.. කවදාවත් හැබෑ නොවෙන ලාංකිකයන්ගේ සිහිනය....
ඒ කියන්නේ එතුමාද දන්නෙ නැහැ පොදු අපේක්ෂකයා? (නි)
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දක්ෂයෙක් (නි)
මෛත්‍රී දිනනවාද නැද්ද කියලා අපි බලමුකෝ..... (නි)
මැති සබේදි කොච්චර දේවල් කියනවද?ඔය දේවල් ගැන වැඩිය හිතන්න එපා.(හේ)
ජයවේවා.(හේ)
එහෙනම් පොදු අපේක්ෂක ආණ්ඩුවෙන්.(හේ)
ඇත්ත තමයි.(හේ)
හැමෝම එන්නේ ඔහොම කියල තමා. අන්තිමට මහා ජනතාවට තමා ඔක්කොම පව් භාරගන්න වෙන්නේ.(ම)
සත්‍යයා,මොළේ විකාරෙන්ද කියවන්නේ? යු.එන්.පී එකට තරම් මහින්ද මහත්තයාව පරාජය කරන්න තිබෙන අවශ්‍යතාවය වෙන කිසිම පක්ෂයකට නැතුව ඇති. පුරෝකතන මොනවද කියලා මැතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ වගේ මිනිස්සු මේ මොහොතේ පුරෝකතන ගැන කතාකරන්නේ විලිලැජ්ජාවක් නැතුව කියලා කාටත් තේරෙනවා (නි)
දැන් මෛත්‍රී පාලනයක් ,ජයවේවා ,(දිල්)
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වගේ(දිල්)
පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න එන, වැදගත්ම කාරණය වන විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වෙනුවෙන් එන, සියල්ලන්ටම එකඟවිය හැකි නියෝජිතයා ඔහුයි (නි)
මේවා කටකතා (දිල්)