‘මහින්ද රාජපක්ෂ හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහි වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වුණු නිසා ආණ්ඩුවට කෝටි සියයක් පමණ පාඩුයි. මං වෙනුවෙන් මුද්‍රණය කළ මඩ පෝස්ටර වෙනුවට අලුතෙන් නිර්මාණය කරන්න වෙනවා. මං වෙනුවෙන් බටලන්ද කියා චිත්‍රපටයකුත් නිර්මාණය කර තිබුණා. හරිම පාඩුවක් ආණ්ඩුවට වෙලා තියෙන්නේ.‘ යැයි විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන හමුවක දී කීවේය.
‘ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල විධායක ජනාධිපතිට තරග වදින්න පුළුවන් දෙවරක් පමණයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය ගෙනත් එය වෙනස් කළා. දැන් තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොවෙයි. ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොවෙයි. මෙය රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩුවක්. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 100ක් කියන්නේ කජු ඇට කොස් ඇට නෙමෙයිනේ. ඒකත් අපේ මහජන මුදලින්නේ ගෙවන්නේ. (නි)
මොකෝ, මේ සල්ලි තමන්ගේ පුද්ගලික ධනයෙන් ගෙවනවා කියලද?අනේ අපොයි! (නි)
කෝටි 100ක්? අම්මෝ! මේ සල්ලි නේද? (නි)
ඕනැම රජෙකු සතු කුමන කුසලතා ඇතත් තම රාජධානියේ රාජ පුරුෂයන් රජයේ ධනය සොරාකන්නේ නම්, නාස්ති කරන්නේ නම් එම රජු රජකමට සුදුසු නොවන්නේමය. (නි)
ඔය චිත්‍රපටය ගහපු අධ්‍යක්ෂකලා ගැනත් අපිට හොඳ හොඳ ආරංචි ලැබිලා තියෙනවා (නි)
අනේ මෙහෙමත් කතා? මෙතුමාට ඉදිරිපත් වෙන්නට තිබුණ බය මේකෙන්ම තේරෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
මුලට ‘ම‘ එන කෙනෙක් තමයි දිනන්නේ. (නදී)
ඔය මොන කතා කිව්වත් වැඩක් නැහැ. ඔබතුමා ඉදිරිපත් වුණේ නැහැනේ (නි)
මොන අඩුපාඩුකම් තිබුනත් මෙතුමා වටේ ගසා කන්නන් නැහැ. මෙතුමා ගසා කෑවෙත් නැහැ. චන්ද්‍රිකා නෝනා පැමිණි පසු අගමැති කමෙන් ගෙදර යන්න වුනාම නිහතමානිව නම්බුකාර විදියට ගෙදර ගියා. තනතුර බදා ගෙන රැඳිලා හිටියේ නැහැ. (නදී)
සුබද්‍ර,පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා තමා. නමුත් රට බේරාගත් උතුමන් නිසා මෙවරත් සළකමු (නි)
අපේ රටේ දේශපාලනය යනු අනුන්ට මඩගැසීම් කරන්න, සතුටුකිරීම් අහන්න සතුටු අයගෙන් පිරුණු රටක්. තමාගේ ප්‍රතිපත්ති කරන කියාදෙන අය නොමැති තරම්. (නි)
දේදුනු, ඉතාම අකාර්යක්ෂම බව පෙනෙනවා. තමන්ගේ පාර හදාගන්න එකමුතුවෙන්න බැරි පිරිසක් බව පෙනෙනවා. මෙම පාරේ පයිප්ප දැමීමට තිබෙන නිසා අලුත්වැඩියාව පමාකර තිබෙනවා. (නි)
ආර්ථික අතින් රට දියුණු කළහැක්කේ රනිල්ට පමණයි. (නි)
අනේ ගමගේ, විධායක අගමැති කියලා එකක් ලංකාවේ නැහැ (නි)
අපේ රටේ අගමැතිකම කවුරු අතට යයිද කියලයි මට බය (නි)
නව සන්ධානය වටා එකතු වී සිටින්නේ බුද්ධියේ විකාශනයයි. අවුරුදු 63 වන මගේ වයසට මා දුටු හොඳම සන්ධානයකි.තරුණයන් පිබිදීම නිසා නව සන්ධානයට ජය නියතයි (නි)
රටේ ජනතාවට මහින්ද ජනාධිපති ඕනෑ. රට දියුණු කරලා රටවැසියන්ට හොඳක් වෙනවා නම් මේ ජනාධිපති වගේ දක්ෂ කෙනෙක් රටට අහිමි කරගන්නේ මොකටද (නි)
ඛාන්ට එකඟ වෙන්න නම් අමාරුයි මට (නි)
දසුනි, ඔයාගෙ කෙස් පැහුනෙ අකලට වෙන්න ඇති. (නි)
මෛත්‍රී බලයට ආවොත් රනිල්ට එය නිකම්ම දේවිද? චන්ද්‍රිකා නිකම් බලා ඉඳීවිද ?බොරදියේ මාළු බාන්න කීදෙනෙක් බලා ඉන්නවාද? (නි)
දැන් සමහරු කලබලවෙලා තියෙන්නේ ඒක තමයි. ඕකට තමයි කස්තුරි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා (නි)
ශානක, බලාගෙන ඉන්න ඔයාලට පවුලේ හැමට බෙල්ලේ දාගන්න හොඳ ලණුවක් ගෙනවිත් ගෙදරින් තියලාම. ඒ ටික හැර මට කියන්න වෙන වචන නැහැ (නි)
අපි ගෙවන බදු සල්ලි නේද මේ? (නි)
මෙතුමා තව මොනවා කියනවද මන්දා. (නි)
අපට බැංකු ණයක් ගන්න ගියාම ප්‍රශ්න කෝටියයි. මේ වගේ නාස්ති කරන මුදල් නිවසක් සාදා ගන්න උත්සාහ කරන ජනතාවට දුන්නොත් වටිනවා (නි)
මේ මුදල් කාගේද කියලාවත් දන්නේ නැති මිනිස්සුත් මේවාට අදහස් දානවනේ. මේ අපි දුක්විඳලා හම්බකරන සල්ලි නේද? කාට කියන්නද? (නි)
අනේ මන්දා මොනවද කියලා මේවා! (නි)
තොප්පි කෙසේවෙතත් තාමත් මෝඩ පිරිසක් ලංකාවේ සිටින බව නම් පැහැදිලියි. (නි)
ජනාධිපතිතුමා රට බේරාගත්තා. දැන් වැරදි ටික හැඩගසාගන්න වෙලාව හරි. (නි)
ඇත්තටම වංචාව දුෂණයට එරෙහිව හා ප්‍රජතන්ත්‍රවාදයට පක්ෂව කවුරු හෝ සටන් කරනවා නම් මම හොර ඡන්ද වුණත් දානවා (නි)
ගහන්න දෙයක් නැහැ නාන්න පුළුවන් 9 වෙනිදායින් පස්සේ. (නදී)
කොටි නිසා බැට කාපු ජනතාවටත්, ජීවිතය, අත පය, ඇස් අහිමි කරගත් රණවිරුවන්ටත්, සිය දහස් ගණන් දු පුතුන් රට වෙනුවෙන් දන් දුන් දෙමාපියන්ටත්, අවංකවම රටට ආදරේ කරන ජනතාවටත් මේ නිදහස ගොඩක් වටිනවා. සිය දහස් ගණන් දු පුතුන් රට වෙනුවෙන් ජිවිත කැප කරද්දී ජොලි කරපු අයට ඒක වැඩක් නැහැ.(නදී)
හසන්, බොහොම කනගාටුයි ! දැන් පරක්කු වැඩියි.(නදී)
කොටි 100 මොකක්ද අයියෝ. (නදී)
මේ ආණ්ඩුවට කෝටි 100 මහලොකු මුදලක් නෙවෙයි සර් (නදී)
මහින්දගේ කාලේ ඉවරයි. (නදී)
ග්‍රහය මාරුවෙලා වගේ ! කොහොම වුනත් දැන් විපක්ෂ නායක තුමාගේ කටින් පිටවන වැකි එතරම් නරක නැහැ. නමුත් දැන් දැන් ජනාදිපති තුමාගේ මුවින් පිට වන වැකි පාරාවළල්ලක් වගේ තමාටම කැරකිලා එනවා. * අර ෆයිල් සම්බන්ද කතාව * එතුමා දැන් ආරක්ෂා කරගෙන ඉන්නේ " හොරු, කොමිස් කාක්කෝ, මිනීමරුවෝ, කුඩු ව්‍යාපාරිකයෝ, එනතොල් කාරයෝ, දුෂකයෝ, මේ නොකී නීති විරෝදී වැරදි කරුවන්ව නේද ? (නදී)
බන්දුල තාම කඩේ ගිහින් නෑ වගේ (නදී)
ශාන්ත මරු විකල්ලෙන්ද කොහෙද කියවන්නේ! එතකොට හොර ඡන්ද කියන ඒවා වංචා දුෂණයට අයත් නැතිද?(දිල්)
ඡන්ද කාලේදී මෙහෙම දේවල් කියන එක සාමාන්‍ය දෙයක්. දැන් මේ අදහස් දාන ගොඩක් අය හිතන්නේ ජනාධිපති තුමා හොඳයි කියන අය මෝඩයෝ විදියට. එතකොට දැන් පොදුඅපෙක්ෂකට කඩේයන අය විතරයි බුද්ධිමත් අය. කරුණාකරලා කඩේ යනවනම් අනිත් අයටත් කැමති විදියට යන්න දෙන්න. (දිල්)
අනුර කියන කෙනා පැන පැන දේශපාලකයන්ව ආරක්ෂා කරනවා වගේ. (දි්ල්)
මේ කජු ඇටද? කොස් ඇටද? (නි)
ඔය කියන ස්ථානෝචිත ප්‍රඥාවෙනම තමා එතුමා 28 පාරක්ම පැරදුනේ සත්‍යපාල මහත්තයෝ. (ර)
හැබැයි මේක අරගෙන ඔය කියන දේවල් කරලා මේක සුරපුරයක් කරයි කියල මට බයයි (නදී)
රතු පාටින් අකුරු දෙකේ නමක් ඇති ටෙලි නාට්‍යකුත් හදල දැන් පෙන්වන්න පටන් ගත්තා එක්තරා පන්දම් රුපවාහිනියකින්. ඒජාප නායක තුමාට මඩ ගහන්න. නමුත් මෛත්‍රී පොදු අපේක්ෂකයා නිසා එල්ලය වැරදී හදපු අයට කර කියා ගන්න දෙයක් නැතුව ඔහේ පෙන්නනවා. මේකට දැන් දාන්න තියෙන්නේ 'වැරදුනු කුරුමානම' කියලයි. (නදී)
නායකතුමනි ඔබතුමාගේ කතාව 100 යට 200ක් මම අනුමත කරනවා. රටම එ්ක අනුමත කරනවා . (නදී)
අන්තිමට ඔක්කොම දේශපාලක කට්ටියව අපුල්ලන්න වෙන්නෙත් අපිටම තමයි . (නි)
රට බේරාගත් අපේ දුටුගැමුණු රජතුමාට සමාන කළ හැකි ජනාධිපතිතුමාට කළගුණ සළකන්න පුරුදුවෙමු (නි)
කට පියාගෙන හිටියොත් හොඳයි කියලයි මම නම් පුද්ගලිකව හිතන්නේ (නි)
මඩ ගහන්න කෝටි සීයක් මොකටද අප්පා? මට නම් රුපියල් සීයක් වුණත් ඇති (නි)
ආණ්ඩුව කියන්නේ අපිනේ.මේ අපි බදු ගෙවන , ණය වාරික ,පොළී වාරික ගෙවන සල්ලිනෙ (නි)
දැනට කෝටි 100 නම් ජනවාරි 8 වෙනකොට කීයක් වේවිද? අනේ සල්ලි! (නි)
අනේ මන්දා! මේ වැඩවලින් දුප්පත් මහජනයාගේ බඩට නේද වදින්නේ? (නි)
කොච්චර කට තද කරගෙන හිටියත් සමහරුන්ට සමහර දේවල් ඉබේම කියවෙනවා (නි)
මට මේ හැමදේම දැන් පැටලිලයි තියෙන්නේ (නි)
ඔබතුමා තවම වැඩ පටන්ග්ත්තෙ නැද්ද. ඇයි මංගල තවම මඩ හොයනවද ? ඔබතුමාට ආණ්ඩුව ආවට පස්සෙ ඕව කරන්නෙ නැද්ද? බටලන්ද බොරුවක්ද ? අනේ පව්. 77 - 93 අපි හිටියෙත් මේ ලංකාවෙම තමයි. චන්ද්‍රිකා නෝන කරපු දේවලුත් අපිට තවම මතකයි. (බ)
මොනවා වුණත් මේ යන විදියට ජනවාරි අටෙන් පස්සේ මොනවා වෙයිද කියලා සක්කරයටවත් හිතාගන්න බැහැ (නි)
ලෝකය මොකක්ද කියලා තේරෙන, යුක්තිය සාධාරනය අගය කරන හැමකෙනෙක්ම ඉදිරියේදී තමන්ගේ දුවාදරුවන් වෙනුවෙන් ඔවුනට යුක්තිය රජයන තැනක් සොයාගෙන යනු ඇත (නි)
අපි හිතනවා ඔබතුමා ඇතුළු පිරිසට ඒවා වෙනස් කරගන්න පුලුවන් කියලා (නි)
මේ පාරත් අපි දිනනවා (නි)
නිකන් විකාර කියවන්න එපා. මහින්ද රාජපක්ෂ යනු රට බේරාගත් ජාතික වීරයෙක්. ඔහුට තරඟයක් නැහැ (නි)
මහින්දත් එක්ක හැපෙන්න ඔයාලට කවදාවත් බැහැ. (නි)
කෝටි 100ක් කියන්නේ මොකක්ද අද කාලේ නේද? ඩොලර් නොවෙයිනේ. රුපියල්නේ? (නි)
හා හා කට කට! (නි)
ඔබතුමා මේ වෙලාවේදී නම් හරි ඇති. (නි)
අනේ මහත්තයෝ, සිල්ලර දේශපාලනය කරන්න නම් එන්න එපා (නි)
අනේ ඇත්තමද? (නි)
හසන්,දැන් පරක්කු වැඩියි. (නි)
මම මේ ප්‍රතිචාරය දමන්නේ මේ පුවතට අදාළව නොවෙයි. ඒ පිළිබඳව සමාවන්න. මම කැලණිය ගෝනවල බැප්ටිස්ට් පල්ලිය පාරේ පදිංචිකරුවෙක්. අපි ජීවත්වන පාර වසර 50කින්වත් කිසිදු රජයකින් කිසිදු පිළිසකර කිරීමකට ලක්ව නැහැ. මේ පිළිබඳව අදාළ සියලුම පාර්ශව වලට ප්‍රදේශවාසින් එක්ව දැනුම් දුන්නා.ඡන්ද කාලෙට විවිධ පිරිස් පැමිණ මෙය පිළිසකර කරදෙන බවට පොරොන්දු වුණත් එය කවදාවත් ඉටුවුණේ නැහැ. මේ ප්‍රදේශය අවට මීට වඩා ඉතා අඩු පිරිසක් භාවිත කරන පාරවල් සියල්ල පිළිසකර කරදී තිබෙනවා. අපගේ මාර්ගය 500 කට අධික පිරිසක් දෛනිකව භාවිත කරනවා.වර්ෂා දිනයන්හිදී මඩ වතුරෙන් පදිකයන්ගේ දෙපා යටවෙනවා. බොහොම ස්තුතියි. (නි)
ඔය මිලියන සීය ඔයතරම් ලොකු ගානක්ද? (නි)
මේ මැතිවරණය කොහොමත් වැඩ වෙනුවට මඩ පෙන්නලා ඉදිරියට යන එකක් වගේ තමයි මට නම් පෙනෙන්නේ. (නි)
මේ ප්‍රවෘත්තිය සෑහෙන දෙනෙක් කියැවූ ප්‍රවෘත්තියක් වෙලා (නි)
ඇයි ඔයා නේද විධායක අගමැති වෙන්නේ? පළමු සාකච්ඡාවෙදීම ඒක මෛත්‍රී කිව්වේ. දැන් කියන්නේ දින 100 ඇතුළත ඔබ විධායක අගමැති කරනවා කියලනේ. ඉතින් ආණ්ඩුව එහෙම පෝස්ටර් හදලා තියෙනවා නම් ගහන්න පුලුවන්නේ එතකොට (නි)
මෛත්‍රී මේවට මොනවා කරන්නද? (නි)
මට හිතෙන්නේ රනිල් මහත්තයා වැඩිය කතා නොකර හැංගිලා වගේ හිටියොත් හොඳයි කියලයි (නි)
ඇයි අර ටෙලිනාට්‍යයකුත් දැන් ප්‍රචාරය වෙනවා නේද? මේවායේ රඟපාන අයටත් ඉතින් ලැජ්ජාවක් නැතුව ඇති (නි)
මාළුවා නහින්නේ කට නිසා කිව්වලු. බේරාගත් රට ආපසු කොටියාට හෝ වෙනත් සංවිධානයකට හෝ අන්තර්ජාතික බලපෑමකට හෝ යට නොකරන්නත් ඕනෑ. මෛත්‍රීපාල මහත්තයටම බැරිද අගමැති වෙන්න. අපි උඩින්ම සහයෝගය දෙනවා. (නි)
ඔය නම් මොනවද මන්දා මහත්තයෝ මේ කියවන්නේ? (නි)
ෆිල්ම් එකකුත් හදලලු රනිල් ගැන. අනේ රනිලෝ දන්නා කාලේ සිට ගම කනවා ,රට විකුනනවා. (ස)
ඡන්දයක් ප්‍රකාශයට පත් කරන්නත් කලින් ඉඳලම මඩ ගහන්න හැදුවට , මේක තමා දෙන්න හොඳම පිළිතුර.මේ පාර පැරදුනේ මෙතුමා නෙමේ.කව්රු මොනා කිවත් මෙතුමා හොරෙක් නෙමේ. (ස)
කවුරු කවුරුත් එකිනෙකාට මඩගසා ගනීවි. ඊළඟට ඒවා අපුල්ලන්න වෙන්නේ ඡන්දෙ දුන් අපිටම තමයි (නි)
සමහරු පරාජය හමුවේ වියරු වැටිලා. ආයේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් අපිට බලාගන්න පුළුවන් (නි)
ඔබතුමා වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපටියක් කියලා ඔබතුමාම කියනවා නම්, තොප්පිය දා ගත්තාදෝ කියලාත් හිතෙනවා. (නි)