මංතීරු නීති කඩ කරන රියදුරන් සඳුදා (04) සිට සීසීටීවී කැමරා මගින් සොයාගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මෙවැනි කැමරා කොළඹ ස්ථාන 30ක පමණ සවි කර ඇතැයි ද, ඊට අමතරව ජංගම පොලිස් රථවල ද කැමරා ඇතැයි ද ඔහු පවසයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරකුට චෝදනා කිරීමට පොලිසියේ දෙදෙනකු සිටිය යුතුයැයි දුර්මතයක් පවතින බවත්, එවැනි නීතියක් නැති බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම මාර්ග නීති කඩකිරීම් වලට අර පිටරටවල තිබෙන විදිහට ඡායාරෑපය සමග දඩ කොලය ගෙදරට තැපෑලේ ලැබෙන ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරිද? එතකොට ජනතාව පොලිස් නිලධාරීන් අල්ලස් ගන්න බවට චෝදනා කරන්නෙත් නැහැ, රජයට වැඩි අාදායමකුත් ලැබේවි (නි)
කලින් වගේ අතෑරලා දාන්නේ නැතුව මේක කොහොම හරි කරන්න. විශේෂයෙන් ත්‍රි රෝද රථ රියැදුරන් මගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා. අඩුම ගානේ නාරාහේන්පිට සිට මරදාන දක්වා මහා මාර්ගයේවත් මේ නීතිය මේ වන විට ක්‍රියාත්මක නැහැ. ඒ බව මේ අවිනීත රියැදුරන් දන්නවා. (බ)
හොද වැඩක්. එත් පොලිසියේ සමහර මත්තුරු බොරුවට කරන චෝදනා වලට මොකද කරන්නේ? බොරුවට චෝදනා කරලා මිනිස්සු බය ගන්වල සාක්කුවට දාගන්න සල්ලි වලට මොකද වෙන්නේ...(හේ)
මගෙත් සහයෝගය, මාර්ග නීති දැඩි කල යෝතුයි.(හේ)
ඉතා හොඳ වැඩක් (නි)
හොඳ වැඩක්. කැමරා නම් සවිකරලා අවුරුදු 3 ,4 ක් වෙනවා. එහෙමහරි පොලිසිය මෙවැනි දෙයක් කිරීමට සිතීම හොඳයි. (නි)
හොඳ වැඩක්. නමුත් අපේ පාරවල් වල සමහර තැන්වල මංතීරු හරි අවුල්. හරි මංතීරුව තේරුම් ගන්න ටිකක් හිතන්න වෙනවා. ඒ වෙනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)
මේ නීතිය අකුරටම ක්‍රියාත්මක වුණොත් ඉන්දියන් ත්‍රීවීල් මල්ලිලාට ගෙදරටම වෙලා ඉන්න එක වඩාත් ලාබදායක වෙයි (නි)
බලමුකෝ ඕක ක්‍රියාවට නැංවෙන හැටිත්. (නි)
බුද්ධික, මනෝජ්, මුණසිංහ, ඔබගේ අදහස් හරියට හරි. (නි)
අද මේ රටේ තිබෙන වාහන වැඩිහරියක් විවෘත ලියවිලි මත අළෙවි කරන ලද වාහනයි. ඔන්න දැන් ඉතින් ඒ විදියට වාහන විකුණපු අයට අනුන් කරපු වැරදි වලට දඩ ගෙවන්න වෙයිද දන්නෙ නැහැ. දඩය අයකරන්න නියම වැරදිකාරයා වෙච්ච අළුත් අයිතිකාරයව සොයන්න සෑහෙන කාලයක් යයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
නියමයි. අපිට සතුටුයි (නි)
හොඳ වැඩක් ,ඔය නීතිය මේ රටවල් වල හරියටම ක්‍රියාත්මක වෙනවා .ඔය වගේ ක්‍රමයක් තමා ඕන ලංකාවට (බ)
මෙය විනයගරුක රියදුරන්ටනම් අතිශය සතුටුදායක ප්‍රවෘත්තියක්. (බ)
මංතීරු විතරක් නෙමෙයි සියලුම මාර්ග නීති කඩන අයට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.වම් පැත්තෙන් ඉස්සර කිරීම ත්‍රීවීල් එකතැන හිටි හැටියේ යූ ටර්න් ගැසීම බරපතල ගැටලුවක්. (බ)
උපාලි කියපු එක හරි. ඕපන් පේපර්ස් වලට වාහන විකුණුවට පස්සෙ වාහන අංකයෙන් සෙව්වොත් එන්නෙ දැනට පාවිච්චි කරන කෙනා නෙමෙයි පොතේ ඉන්න අයිතිකරු විතරයි. සමහර වාහන වල පොතේ අයිතිකාරයො ජීවතුන් අතර වත් නෑ සමහර අය රටෙත් නෑ. ඒ නිසා ඕපන් පේපර්ස් වැඩෙත් ඉක්මනටම සීමා කරන්න ඕන. මං දන්න ගොඩක් අය වාහන විකුණල තියෙනව විවෘත ලියවිලි වලින්. ප්‍රශ්නයක් වුනොත් පොලීසි ගිහිං ප්‍රකාශ දෙන්නෙ වෙන්නෙ වැරදි කරපු කෙනා නෙමෙයි වෙන කෙනෙක්.(බ)
අපේ වාහන වලත් කැමරා සවිකර තිබෙනවා. අවශ්‍ය නම් එම දර්ශනත් පොලීසි වලට ලබාදී සහාය දක්විය හැකියි.(අ)
මැදපෙරදිග ක්‍රමය අපේ රටෙත් ඇතිකළා නම් ගොඩක් දුරට මේ නීති ඉබේ සැකසෙනවා. (නි)