මංතීරු නීති කඩ කරන රියදුරන් සඳුදා (04) සිට සීසීටීවී කැමරා මගින් සොයාගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මෙවැනි කැමරා කොළඹ ස්ථාන 30ක පමණ සවි කර ඇතැයි ද, ඊට අමතරව ජංගම පොලිස් රථවල ද කැමරා ඇතැයි ද ඔහු පවසයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරකුට චෝදනා කිරීමට පොලිසියේ දෙදෙනකු සිටිය යුතුයැයි දුර්මතයක් පවතින බවත්, එවැනි නීතියක් නැති බවත් ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංතීරු නීතිය රකින්න සඳුදා සිට තෙවැනි ඇස
ද සිල්වා බෙර්ලින් Sunday, 03 April 2016 01:24 PM
සියලුම මාර්ග නීති කඩකිරීම් වලට අර පිටරටවල තිබෙන විදිහට ඡායාරෑපය සමග දඩ කොලය ගෙදරට තැපෑලේ ලැබෙන ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරිද? එතකොට ජනතාව පොලිස් නිලධාරීන් අල්ලස් ගන්න බවට චෝදනා කරන්නෙත් නැහැ, රජයට වැඩි අාදායමකුත් ලැබේවි (නි)
කමනි Sunday, 03 April 2016 01:38 PM
කලින් වගේ අතෑරලා දාන්නේ නැතුව මේක කොහොම හරි කරන්න. විශේෂයෙන් ත්‍රි රෝද රථ රියැදුරන් මගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා. අඩුම ගානේ නාරාහේන්පිට සිට මරදාන දක්වා මහා මාර්ගයේවත් මේ නීතිය මේ වන විට ක්‍රියාත්මක නැහැ. ඒ බව මේ අවිනීත රියැදුරන් දන්නවා. (බ)
ගනේෂ් Monday, 04 April 2016 05:41 AM
හොද වැඩක්. එත් පොලිසියේ සමහර මත්තුරු බොරුවට කරන චෝදනා වලට මොකද කරන්නේ? බොරුවට චෝදනා කරලා මිනිස්සු බය ගන්වල සාක්කුවට දාගන්න සල්ලි වලට මොකද වෙන්නේ...(හේ)
ජනක Monday, 04 April 2016 05:52 AM
මගෙත් සහයෝගය, මාර්ග නීති දැඩි කල යෝතුයි.(හේ)
නඳුන් Sunday, 03 April 2016 03:48 PM
ඉතා හොඳ වැඩක් (නි)
විපුල Sunday, 03 April 2016 03:50 PM
හොඳ වැඩක්. කැමරා නම් සවිකරලා අවුරුදු 3 ,4 ක් වෙනවා. එහෙමහරි පොලිසිය මෙවැනි දෙයක් කිරීමට සිතීම හොඳයි. (නි)
ධම්ම Sunday, 03 April 2016 04:47 PM
හොඳ වැඩක්. නමුත් අපේ පාරවල් වල සමහර තැන්වල මංතීරු හරි අවුල්. හරි මංතීරුව තේරුම් ගන්න ටිකක් හිතන්න වෙනවා. ඒ වෙනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)
වි. ජයපාල Sunday, 03 April 2016 06:32 PM
මේ නීතිය අකුරටම ක්‍රියාත්මක වුණොත් ඉන්දියන් ත්‍රීවීල් මල්ලිලාට ගෙදරටම වෙලා ඉන්න එක වඩාත් ලාබදායක වෙයි (නි)
පෙරේරා Sunday, 03 April 2016 06:41 PM
බලමුකෝ ඕක ක්‍රියාවට නැංවෙන හැටිත්. (නි)
හරිශ්චන්ද්‍ර Sunday, 03 April 2016 07:24 PM
බුද්ධික, මනෝජ්, මුණසිංහ, ඔබගේ අදහස් හරියට හරි. (නි)
උපාලි Monday, 04 April 2016 03:04 AM
අද මේ රටේ තිබෙන වාහන වැඩිහරියක් විවෘත ලියවිලි මත අළෙවි කරන ලද වාහනයි. ඔන්න දැන් ඉතින් ඒ විදියට වාහන විකුණපු අයට අනුන් කරපු වැරදි වලට දඩ ගෙවන්න වෙයිද දන්නෙ නැහැ. දඩය අයකරන්න නියම වැරදිකාරයා වෙච්ච අළුත් අයිතිකාරයව සොයන්න සෑහෙන කාලයක් යයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අජිත් Monday, 04 April 2016 03:15 AM
නියමයි. අපිට සතුටුයි (නි)
බුද්ධික Sunday, 03 April 2016 11:58 AM
හොඳ වැඩක් ,ඔය නීතිය මේ රටවල් වල හරියටම ක්‍රියාත්මක වෙනවා .ඔය වගේ ක්‍රමයක් තමා ඕන ලංකාවට (බ)
මනෝජ් කුමාර Sunday, 03 April 2016 12:32 PM
මෙය විනයගරුක රියදුරන්ටනම් අතිශය සතුටුදායක ප්‍රවෘත්තියක්. (බ)
මුණසිංහ Sunday, 03 April 2016 12:38 PM
මංතීරු විතරක් නෙමෙයි සියලුම මාර්ග නීති කඩන අයට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.වම් පැත්තෙන් ඉස්සර කිරීම ත්‍රීවීල් එකතැන හිටි හැටියේ යූ ටර්න් ගැසීම බරපතල ගැටලුවක්. (බ)
නිමන්ත Monday, 04 April 2016 04:44 AM
උපාලි කියපු එක හරි. ඕපන් පේපර්ස් වලට වාහන විකුණුවට පස්සෙ වාහන අංකයෙන් සෙව්වොත් එන්නෙ දැනට පාවිච්චි කරන කෙනා නෙමෙයි පොතේ ඉන්න අයිතිකරු විතරයි. සමහර වාහන වල පොතේ අයිතිකාරයො ජීවතුන් අතර වත් නෑ සමහර අය රටෙත් නෑ. ඒ නිසා ඕපන් පේපර්ස් වැඩෙත් ඉක්මනටම සීමා කරන්න ඕන. මං දන්න ගොඩක් අය වාහන විකුණල තියෙනව විවෘත ලියවිලි වලින්. ප්‍රශ්නයක් වුනොත් පොලීසි ගිහිං ප්‍රකාශ දෙන්නෙ වෙන්නෙ වැරදි කරපු කෙනා නෙමෙයි වෙන කෙනෙක්.(බ)
ජයන්ත Monday, 04 April 2016 11:48 AM
අපේ වාහන වලත් කැමරා සවිකර තිබෙනවා. අවශ්‍ය නම් එම දර්ශනත් පොලීසි වලට ලබාදී සහාය දක්විය හැකියි.(අ)
ඉසුරන්දි Sunday, 03 April 2016 01:24 PM
මැදපෙරදිග ක්‍රමය අපේ රටෙත් ඇතිකළා නම් ගොඩක් දුරට මේ නීති ඉබේ සැකසෙනවා. (නි)