මංතීරුවේ නීතිය කඩ කළ රියදුරන් 790කට ආසන්න පිරිසකට අද නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
කඩ ඉරි ඇති තැන්වල මාර්ග නීති නොකඩා වාහනය ඉස්සර කිරීමට බාධාවක් නැති නමුත් හිතුමතේට මංතීරු මාර කළ නොහැකි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න 95% ක් ම රියදුරන්ට මංතීරු නීති මැජික් වගේ. ජීවිතේට පිළිවෙලකට පාරක ගිහින් තියෙනවද? විශේෂයෙන් ත්‍රීරෝද, මෝටර් බයිසිකල් හා බස් රියදුරන් 99.99% පාරේ යන්නේ කිසිම චාරයක් නැතුව. බහුතරයකට තම වේගයට සුදුස මංතීරුව තේරෙන්නේ නැහැ. හැබැයි සාක්ෂරතාවය උපරිමයි. 80% ක් සංඥා පහන් භාවිතා නොකරන අතර සමහරවිට ඇතිබවවත් නොදනී. බොහෝදෙනෙකු මංතීරු වෙන්කරන කඩ ඉර මැදිකරගෙන මුළු පාරම අවහිර කරගෙන ගමන් කරයි (නි)
රන්ජිත්, මංතීරු නීතිය ගැන රියදුරන් දැනුවත්වීම කළයුත්තේ රියදුරු බලපත්‍රය ලබාගන්නා විටය. මගේ අදහස නම් දඩය අඩුගනනේ රු.1000ක්වත් වියයුතු අතර වසරක් ඇතුළත නැවත එම වරද කළොත් දඩය රු. 2000, 3000 ලෙස වැඩිවිය යුතුය. (නි)
මංතීරු නීතිය යනු තමන්ට නියමිත ධාවන තීරුව මැද හැල්මේ වාහනය ඉදිරියට ධාවනය කිරීමයි. ඉදිරියෙන් වාහනයක් නතරවූ හෝ වේගය අඩු කළවිට දකුණට, වමට කපා ඔලුව දැමීම තහනම්. තවද, ධාවන තීරු කීපයක් හරහා එකවිට කපායාමත්, සංඥා පහන් නොදල්වා ධාවන තීරු වෙනස් කිරීමත්, එකවර ධාවන තීරුව වෙනස් කිරීමත්, සුදු ඉර උඩ වාහනය ධාවනය කිරීමත් වරදක්. (නි)
දුමින්දගේ මතයට මමත් 100%ක් එකඟයි. (නි)
නීතිය බලාත්මක කිරීම පොලිසියේ වගකීමක්. මෙපමණ කල් එය නොකිරීමයි වරද . අනෙක් මාර්ග නීතිත් රට පුරා බලාත්මක කරන්න. (නි)
මං තීරුවක් දිගේ ධාවනය කරන්න බැරි අයට නියම වැඩේ... හැම තිස්සෙම කොහෙන්හරි ඉස්සර කරන්න හදනවා (නි)
දුමින්ද කියන දේ හරි (නි)
වසරකට දුම් සහතිකයට රුපියල් 5000 කුත්, බලපත්‍රයට තවත් රුපියල් 5000කුත්, රක්ෂණයට තවත් රුපියල් 15000 කුත් වියදම් කරලා, දැන් ඉතින් අපේ වාහනේ ගෙදර ඉස්සරහ ලස්සනට තියලා තියන්න පුළුවන්. දඩ ගහන්න ඕනෑ කෙනාට වැරදි හොයනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයිනේ. (නි)
නීතියක් රීතියක් තිබෙන රටක නම් ඔය නීතිය හොඳයි. ඒත් දඩ ගැසීමටම ඔය නීතිය ක්‍රියාත්මක කිරීමයි වරද. (නි)
දැන් ඉතින් අපිට අබ සරණයි. (නි)
මේක නම් ගොඩක් හොඳයි (නි)
දුමින්දගේ අදහසට මම ගරු කරනවා. (නි)
කරුණාකර ත්‍රීරෝද සහ යතුරුපැදි වම් තීරුවේ පමණක් ගමන් කරවන්න. මේවා හැමතැනම අස්ස්සෙන් යන නිසා වෙන වාහන යන්න වෙන්නේ හිමින්. මුළු පාරම හිරවෙනවා. මුළු කොළඹම ට්‍රැෆික් වැඩිවෙන්නේ මේකෙන්. (නි)
මෙය ඉතාම හොඳ පියවරක්. රියදුරු බලපත් ගත්තා කියන්නේ මාර්ග නීති දැන තිබිය යුතුයි. බණ කීමෙන් පලක් නැත්නම් දඬුවම් දීමෙන්වත් මේ අසංවර, දුෂ්ට, ආත්මාර්ථකාමී රිය පදවන්නන් මට්ටු කළයුතුය. එවිට නොදන්නා මාර්ග නීති දඬුවමින් මිදීම සඳහා හෝ ඉගෙනගනීවි. (නි)
රන්ජිත්, රටේ නීතිය නොදන්න එක නිදහසට කරුණක් නොවෙයි. අනෙක දැනුවත් කළයුත්තේ ජනතාව නොවෙයි රියදුරන්. එය සිදුවිය යුත්තේ රියදුරු බලපත්‍රය ගැනීමට පෙරයි. නමුත් අපේ රටේ සිදු නොවන්නේත් එයයි. ප්‍රමිතියකින් තොර රියදුරු පාසල් හා අතයට සිදුවන ගනුදෙනු නිසා සිදුවන දේපල හානි සහ නැතිවන ජීවිත වලට වගකිවයුත්තන් නිදැල්ලේ. (නි)
තිලක් ඩුබායි කිව්වා වගේ නීතිය හොඳ වුණාට දඩ ගැසීමේ චේතනාවන් මෙය නොකළයුතු බව පොලීසිය හිතටගත යුතුයි. මොකද මටත් දවසක් කොළ එළියේ ගිහිනුත් රතු එකේ ආවයි කියලා දඩ ගැහුවා. (නි)
ට්‍රැෆික් වැඩිවෙන්න ප්‍රධානම හේතුව බස් රථ. ඒ වගේම මාර්ගයේ ඉඩනොදී ධාවනය වන වාහන. (නි)
රථවාහන තදබදයට මීටර් ටැක්සි ගොඩක් දුරට බලපානවා. (නි)
හිලක් ඩුබායි, මොකක්ද වාහනේ? බෙන්ස්ද? බී.එම්.ඩබ්ලිව්ද? ප්‍රාඩෝද? (නි)
දඩ ගහන්න හරියටම වැරැද්ද කරන කෙනාට.(හේ)
මේ නීතියට අනුව මන් තීරුව වෙනස් කරන්න බැරිනම් මැද තීරුවේ ඉඳල වමට හෝ දකුණට දාන්නට බැරිද හරස් පාරකට හරවන්න. (හේ)
මෙම නීතිය සෑම නගරයකම ක්‍රියාත්මක කළ යුතුයි .ඉතාම හොද දෙයක් වාහනයක් ගන්නවා වගේ මාර්ග නීති වලට අනුකුලව ධාවනය කිරීමටත් දැනගතයුතුයි .(හේ)
පොතේ තිබෙන ඔක්කොම මාර්ග නීති ක්‍රියාත්මක කළොත් පාරේ යන්න වෙන්නේ නැත. මෙතම අදහස් දාන පණ්ඩිතයෝ නොදන්නා ඔක්කොම නීති අපි දන්නවා. අපේ ලයිසන් එක අවුරුදු 40 ක් පරණයි. (නි)
රත්න, මොකෝ බැරි? එහෙම කරන්න නම් පෙර සුදානමෙන් එන්න ඕනෑ. (නි)
මොකද්ද මේ මේ මංතීරු නිතිය? මේ පිලිබදව ජනතාව දැනුවත් නොකර නඩු දැමීම වැරදි (රේ)
ඔය නඩු පැවරීම මන මාර්ග නීති පද්ධතියක් සඳහා අත්‍යවශ්‍යම දෙයක්. මෙසේ නොකළොත් අනාගතයේ රටේ මාර්ගවල හිතුමනාපෙට ධාවනය වීමෙන් අනතුරු වැඩි වෙනවා. නමුත් මේ සඳහා විශාල ප්‍රසිද්ධියක් ලැබෙන මේ මොහොතේ එම වාසිය ප්‍රයෝජනයට ගෙන මෙයට සමගාමිව එම මාර්ග නිතිය සහ එය නොපිලිපැදිමෙන් ප්‍රවාහන පද්ධතියට වෙන හානියත්, වෙනත් රටවල මෙම නිතිය මනාව ක්‍රියාත්මක වන ආකාරයත් පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් මාධ්‍ය හරහා ක්‍රියාත්මක කරනවානම් වඩාත් වැදගත් වෙනවා. (බ)
මොනවටද ජනතාව දැනුවත් කරන්නේ? තමන් වාහනයක් පදවනවා නම් ලංකාවේ තිබෙන මාර්ග නීති අනුව ඒ වැඩේ කළාම ඉවරනේ. (නි)
හරි පාරෙන් ගිහින් හරියට ඉගෙනගෙන ලයිසන් ගත්තා නම් මංතීරු නීතිය ආයේ කියලා දෙන්න දෙයක් නැහැ.... (නි)
තමන් යන මං තීරුවේම යන්න. හරවන තැනදී පමණක් වෙන මං තීරයකට යන්න. ඉස්සර කරනකොටත් වෙන මං තීරයකින් යන්න පුළුවන් සංඥාවක් දීලා. නැත්නම් එහාට කපනවා, මෙහාට කපනවා, අස්සෙන් රිංගනවා පුදුම වදයක් (නි)