
(අමදෝරැ අමරජීව)
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
මෙසේ ඝාතනය වී ඇත්තේ සිරිදරන් රාජේස්වරී (68) හා ශක්තිවේල් රාජකුමාරි (74) නැමැති අයයි .
ඝාතනයට ලක්ව ඇත්තේ වයෝවෘද්ධ අක්ක නගෝ දෙදෙනකු වන අතර තුවාල ලැබූ දැරිය මිය ගිය කාන්තාවකගේ මිනිබිරියක බව පොලිසිය පැවසීය .
ඝාතනය සිදුවන අවස්ථාවගේ දැරියගේ මව නිවසේ නොසිටි අතර එම කාන්තාව විවාහයෙන් වෙන්ව මව හා මවගේ අක්කා සමග එකම නිවසේ ජීවත්ව සිට ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට මොන සාපයක් වැදිලාද? අලුත් ආණ්ඩුව ආවා විතරයි මිනිස්සු යක්කු වෙලා, කලින් ඔය තරම් ඝාතන අහන්න ලැබුනේ නැහැ...