මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පොදු විපක්ෂයේ ජයග්‍රහණය කිසිවකුගේ ප්‍රාතිහාර්යකින් සිදු වූ දෙයක් නොවන බව පදනම් ආයතනයේ පැවති දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සමුළුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.
‘‘අපි දන්නවා අද නොයෙක් දෙනා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ලක්ෂ 58 ගැන කතා කරනවා. මුදල් විශාල වශයෙන් වියදම් කරපු යෝධ මැතිවරණ ව්‍යාපාරයක් හේතුවෙන් තමයි ඒ ඡන්ද ලබා ගත්තේ. සියලුම මාධ්‍ය නීති කඩ කරමින් ප්‍රචාරණ කටයුතු සිදුකළා. එහෙම ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරය පරාජය වුණේ කොහොමද කියල තවමත් සමහර අයට හිතා ගන්නවත් බැහැ. සමහරු කියනවා දෙමළ ජනතාවගේ ඡන්ද වලින් දිනුවලු, මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් දිනුවලු. යූ.එන්.පී. එකෙන් දිනුවලු, ජේ.වී.පී. එකෙන් දිනුවලු. ඒ හැමෝගෙම සහයෝගය ලැබුණා. ඒක ඇත්ත. නමුත් මහින්ද මහත්තයට තිබුණු ලක්ෂ 57ක ජනවරම පරාජයට පත් වුණේ, මේ දූෂණය වංචාව පිළිබඳව ජනතාව තුළ ඇති වූ සමාජ මතය. විශේෂයෙන්ම වෘත්තියවේදීන්ගේ ඒ සමාජ මතය නිසා‘‘
සමුළුවට සමාජ සේවා හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට ඡන්දෙට වැඩි වියදමක් යන්නේ නැතුව ඇති (නි)
නොරොච්චෝලේ ඇණහිටියේ බාල ගල්අඟුරු නිසා සහ අපේ අයගේ පලපුරුද්ද නැතිකම නිසා. (නි)
මෙයාට මොනවා වෙලාද? බනින එකම තමයි වැඩේ. පුළුවන්නම් ලබන මැතිවරණය තනිවම තරඟකර පාර්ලිමේන්තුවට එන්න. (නි)
ඔය බූරු මොළ වලට වැටහුනේ නැති උනාට චම්පික රණවකලා වගේ උගත් නිර්භීත මහත්තුරු ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. නැට්ට බඩ යට ගහගෙන ඉන්න නිවටයින්ට කවදද වීරයෙකුගේ තරම පෙනුනේ? (බ)
සන්වන්නි, ඔබේ කතාවට මගේ ආචාරය! සොපියා, ඔබත් හරි. (නි)
වසර 9 ම දුෂිතයන් සමඟ ඉන්නකොට හරි හොඳයිනේ? මෙහෙම අයටද අපි ඡන්දය දුන්නේ? (නි)
මැතිවරණ සටන මෙහෙයවපු දෙපිරිසේ වෙනස රටේ ජනතාව දැක්කා. බුද්ධිමතුන් ඒ සටන ජයග්‍රහණය කළා. වෙනස ඒකයි. (නි)
මේ අපි ආදරය කළ අපි ගෞරව කළ චම්පික මහත්තයා නම් නෙමෙයි. අද මේ රටේ මිනිසුන්ට නිදහසේ මරබිය නැතුව ජීවත්වෙන්න ඉඩකඩ සළස්වපු එකට මේ වසර කීපයේ ආරක්ෂා වුණ ජීවිත දේපළ වල වටිනාකමට ඒ උත්තමයාව එල්ලලා මදි බැලුවහම (නි)
ජනවාරි 8 දින දක්වා වේදිකාවල කෑ ගහන්න ඉඩදීලා අපි අහගෙන හිටියා. ජනතාවගේ යුතුකමත් 8 වෙනිදා ඉතා හොඳින් ඉටුකළා. තවත් කෑ ගහන්න එපා. දැනට දින 34ක් ගතවෙලා ඉවරයි. තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්. මෙම පොරොන්දු ඉටුනොකරද මහා මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ? (නි)
බන්දුල පෙරේරා, ඔයාගේ ලොක්කා පැරදුනොත් ජනවාරි 8 දාට පස්සේ එසැණ පුවත් වලට ලියන්නේ නැහැ කියලා කිව්ව බව අමතකද ?අනිත් අයට අමතකයි කියලා හිතනවද? (නි)
අනේ මන්ද මෙයාගේ මේ කියවිල්ල දැන් නම් එපාම වෙලා තියෙන්නේ . රුපවාහිනී දැම්මොත් මෙයා බනිනවා. (හේ)
හැමෝම කරන්නේ ජනතාව මුලා කරන එක විතරයි (දිල්)
තාම වෙනසක් නෑනේ කිසිම (දිල්)
ගණිතය හරි දුර්වලයි වගේ නේද (දිල්)
දූෂිත පාලනයක් මොන රටකවත් නිකම්ම එලවා දමලා නැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නේ, සංවිධානාත්මකව විරුද්ධ පක්ෂ එකතු වුණොත් තමා. එහෙම වෙනවා නම් හාස්කම් පතමින් රටවටේ විතරක් නෙවි ඉන්දියාවේත් වන්දනා කල රාජපක්ෂ මහත්තය තවමත් ශ්‍රී ලංකාවේ ජනාධිපති නේද පාටලී මහත්තයෝ? ඒ සියල්ලම නැතුව ඡන්දෙන් මෛත්‍රී ජනපති වුණ ඒක සමස්ථ ශ්‍රී ලංකාවේම හාස්කම, චම්පික මහත්තයෝ. (අ)
ඇත්ත කොහොමත් තිත්තයි නේ රණසිංහ.(හේ)
දැන් අපිට පහුගිය කතා වලින් වැඩක් නැහැ පොරොන්දුවෙච්ච වැඩ ටික කරලා පෙන්නනවා. (හේ)
බුරු පොලේ හිටියත් එකයි .බුරු ගැහුවත් එකයි, ඒ දුෂිතයි කියන පාලනේ හත් අවුරුද්දක් ඇමතිකම් දරුවා නේද?ඒ කාලේ ඕවට විරුද්ද වෙලා ඇමතිකම් අත ඇරලා ගිහින් හඩක් නැගුවේ නැත්තේ මොකද?ඒ පාලන කාලයේ දුෂණ වුනානම් කැබිනට් මණ්ඩලය විශේෂයෙනුත් ඒ රජයේ නිල තල දරපු සියල්ලනුත් ඒවාට වග කියන්න ඕන..අවසන් මොහොතේ එලියට ඇවිත් ගල් ලෙන බින්ද කිව්වට වැඩක් නැහැ.(අ)
ඕව චන්ද්‍රිකා නෝනට කියන්න (බ)
අනේ පෙරේරා මහත්මයෝ මොනාද මේ කියවන්නේ. තාමත් කියවන්නේ. ඒ මනුස්සය රටට වැඩක් කල මිනිහෙක්. පෙරේරා අවඩපු ආණ්ඩුවේ වැරදි දැකල ඒ තනතුරු දල අපු රියල් මහත්තයෙක් තමයි චම්පික මැතිතුමා (අ)
බන්දුල, ඔබ හරි.මේ දූෂණ චෝදනා කරන අය 2005 ඉඳලම ජය ශ්‍රී කියපු අය.(හේ)
ඔබ තුමන්ලා වේදිකාවල මෙගා ඩීල් ගැන කරපු කතා විස්වාස කරලා ජනතාව ඡන්දය දුන්නා මෛත්‍රී පිලට. (හේ)
ඔයා ඔර්ජිනල් බන්දුලද?නැත්නම් වෙන කෙනෙක්ද? (නි)
ඉල්ලපුවට මහින්ද එකග උනා නම් අද කියන්නේ මහින්ද තරම් ජගතෙක් ලෝකෙම නෑ කියලා. (නදී)
ඔබ හොඳ නායකයෙක් කියල අපි දන්නවා. සොරකම් නොකරන නායකයෙක් කියල රටම පිලිගන්නවා. අපේ රට ණයවලින් ගලවගන්න පුළුවන් ඔබ වැනි නායකයන් සිටියොත් පමණයි. ඔබට තෙරුවන් සරණයි (නදී)
බන්දුල පෙරේරා නැවතත් හොරු ටික නාවන්න පටන් අරගෙන. (නි)
චම්පික රණවක මහතාට විදුලිබල ඇමතිකම තිබුණ කාලේ නොරොච්චෝලේ හැමදාම කැඩුනා. ඒ කාලේ නොරොච්චෝලේ වැඩකළ කාලයට වැඩියි කැඩී තිබුණ කාලය. ඒ මන්දැයි සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයි. ඒක චීන කළමනාකරණයට යළිත් දුන් දවසේ ඉඳලා හොඳට වැඩ. මෙතුමා ඒ පිළිබඳව කිසිම වචනයක් කියන්නේ නෑ. දූෂිතයින් සමග වසර 09 ක් කැබිනට් ඇමතිකමක් දරා දූෂිතයින් සමග සිටි මෙතුමා දූෂිතයෙන් නොවුනේ කෙසේද? මතක තියාගන්න. දූෂණයට එරෙහිව වැඩියෙන්ම හඬ නගන්නේ අන්ත දූෂිතයෝ තම දූෂිත බව වසා ගන්න. මහින්දගේ දූෂණ පෙරමුණේ සිට ආණ්ඩුවට එක්වූ සියළුම දෙනා ඒ වගේ අය බවට ඉතිහාසයේ සිදුවීම් සාක්ෂි දරනවා. (නදී)
දැන් ඔයාගේ වාරේ දෙඩවිල්ල නවත්තල වැඩ කරලා පෙන්නමුකෝ බලන්න. තව ටික දවසකින් මේ ආණ්ඩුවත් දුෂිතයි මට වගකියන්න බැහැ කියල තමුන් ගැලවිලා යන්න හිතන්නවත් එපා. ජනතාව සමාව දෙන්නේ නැහැ. (නදී)
එක දුෂිතයෙක් හරි අද වෙනතුරු අඩුමගානේ අත්අඩංගුවට හරි අරගෙන තිබෙනවද? අපිව රැවටුවා කියලා තමා දැන් කියන්න තියන්නේ (නි)