රිමාන්ඩ් භාරයේ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අද (20) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර, කණක හේරත් එහි ගිය අතර බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද වැලිකඩ ගොස් ගම්මන්පිල ගේ සුවදුක් විමසූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් හුඟක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට වඩා හිර ගෙදර ඉඳියි. (ර)
යහපාලනයට එරෙහිවීමේ ඵලවිපාක ගැන දැන් අපි හොඳින් දනිමු (නි)
එහෙම තමයි නියම යාළුවෝ (නි)
අසේවනාච බාලානං, පණ්ඬිතානංච සේවනා... (නි)
මේවට කියන්න වචන නැහැ අපිට (නි)
මම හිතන්නේ ඉස්සරහට ඇතුළට දැම්මහම ඉන්නේ කොහොමද කියලා බලන්න එන්න ඇති. මේවට තමා කියන්නේ හොරු සමග හෙළුවෙන් කියලා. (නි)
ඇතුළේ තත්වය කොහොමද කියලා බලන්න යන්න ඇති. ඊළඟට කව්රු ලිස්ට් එකේ ඉන්නවද දන්නේ නැහැනේ. (නි)
ඔව් ඔව් ඒවා යුතුකම් (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නවතම භූමිකාව!!! (නි)
ඉතින් මොන මහජන සේවයද හිර ගෙවල් වලට ඇවිද්දම වෙලාව ඉවරයි නේ. (ම)
අපි වෙනුවෙන් අපි. (ර)
වැරදි කරපු අය වෙනුවෙන් පෙනී සිටීම දැන් ලංකාවේ සුලබ දර්ශනයක් වෙලා. (ර)
ඇයි මෙය පලිගැනීමක් ලෙස හුවා දක්වන්නේ. (ර)
හොරු වෙනුවෙන් හොරු! (හේ)
අපි වුනත් ගෙදරකට යන්න කලින් කොහොමද වටපිටාව එහෙම කියලා හොයලා බලනවනේ. (ර)
සමගි බලේ එකමුතුව ජය වේවා (ම)