එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇතිවූ ගැටුමේදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල කළැයි සැකපිට මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 24 දෙනකු සඳුදා (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
සැකකරුවන් සඳුදා (7) හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට්ටිආරච්චිගේ සමීර මනහර කියන්නේ මංගල සමරවීර මහතාගේ කව්ද? දන්නේ නැති නිසා අහන්නේ .(නදී)
මෙතන වැරැද්ද කළේ මංගල මහත්තයා.එතුමා ගොඩක් මහන්සි වෙනවා රනිල් මහත්තයා නායකත්වයේ තියා ගන්න. (නි)
මේක ප්‍රජාතන්ත්‍රවාදීව සිදු උන ගැටුමක්.. මානව හිමිකම් කඩ නොවන ආකාරයට මිනිසුන්ට පහර දෙන විදිය අපි දැක්කා. පිල්ලේ මහත්මිය උනත් මේ වගේ ගැටුම් මානව හිමිකම් ශක්තිමත් උන අවස්ථාවක් ලෙස දකීවි. අත් අඩංගුවට ගත්ත එක වැරදීයි.(නදී)
මංගල අවමංගල වෙලා නේද ඒ පාර නම්? (නි)
දැන් නම් ඒ.ජා.ප. ය අගාධයටම වැටෙන එක වලක්වන්න බැහැ වගේ. කැරට් අල ගෝනි ගණන් තියෙන කට්ටිය ඒවා දිදී තමන්ගේ කට්ටිය රැක ගන්නවා. ඉඳ ඊට කෙවිටත් පාවිච්චි කරනවා. ජේ.ආර්. නම් තමන්ගේ කට්ටියගේ හැටි දන්නා හින්ද දින රහිත ලියුම් ඉල්ලගත්ත. ඒක හොඳ කෙවිටක්. දැන් එ.ජා.ප. යට කැරටුත් නෑ කෙවිටිත් නෑ. එහෙම නැති අයට සිද්ද වෙන දේ තමයි මේ දැන් සිදුවෙමින් යන්නේ. (අ)
රනිල් 2005 පැරදුනේ කොටි ලේබලය ඇලවූ මංගල නිසා. ඒ උනත් එදත් රනිල් ඉතා ජනප්‍රියව හිටියා. උතුරේ මිනිස්සු එදා ඡන්දෙ දුන්න නම් ජනපති රනිල්. මේ සේරම කුමන්ත්‍රණ පිටිපස හිටියේ මංගල. මහින්ද දිනවල රනිල් නැති කිරීමේ කුමන්ත්‍රණයට ආපු මෙයා එනකොට 2005 දී 43% තිබුන යු ඇන් පිය 23% බැස්සේ මෙයා ආවට පස්සේ. මෙහෙ හිටි අය සේරම එහාට ගියෙත් මෙයා ආවට පස්සේ. වහාම එහෙන් මෙහාට පනින රිලවුන්ට ඉනිමන් තබන එක නවතන්න. එවිට පක්ෂයේ සමගිය ඉබේම ඇතිවෙනවා. පක්ෂයේ මිනිස්සු රටට වගේම පක්ෂයට ආදරෙයි. මෙයාලා කරන්නේ කොන්ත්‍රාත් පමණි..(නදී)
මේ ලිස්ව් එකේ මංගල සමරවීර මහත්තයා නැද්ද? එයත් හිටියනේ එතන .(නදී)
මේ ඡන්දෙ ඉල්ලන අය මෝඩ මිනිස්සු තමන්ගේ වාසිය සදහා මිනිස්සු අවුස්සනවා. චරිත ඝාතනය කරනවා සේරටම ප්‍රථම උගත් වැදගත් නිහතමානි අය පමණක් චන්දය ඉල්ලන්න ඕනේ, මමත් මගේ යහළුවත් ලංකාවට එනවා ඡන්දෙ ඉල්ලන්න. අපේ පගා ගැනීම් නැහැ ඇත්ත කතා කරනවා..(නදී)
අපිට නම් දැන් ඇතිවෙලා තියෙන්නේ. හරිම මහන්සියි. ඉවසුවාට වැඩක් වෙයිද? වැඩේ මටත් දැන් 63 යි.(නදී)
ප්‍රධාන සැකකරු මංගල සමරවීර නෙමේද .(නදී)
පද හදන්න, මඩ ගහන්න මංගල දෙයියා. 'රනිල්ට බෑ' , 'සහෝදර සමාගම' ආදිය මංගලගේ නිෂ්පාදන. රාජපක්ෂ පවුලට හදපු පද සියල්ල තමන්ගේ වාසියට හරවා ගන්න තරම් රාජපක්ෂවරු දක්ෂ උනා..(නදී)
කෝ අරයව අත්අඩංගුවට අරන් නැත්තේ ඇයි? (නදී)
මාතර ගැටුමට කව්රු කව්රුත් වග කියන්න ඕනා. මේක හොදට ප්ලෑන් කරලා කළේ. පොලිසිය නිකන් බලන් හිටියා තවම කවෙවත් අත් අඩංන්ගුවට ගත්තේ නැහැ. .(නදී)
මාතර ආණ්ඩුවේ , වැලිවේරිය ආණ්ඩුවේ ,පොලිසිය සියබලාණ්ඩුවේ. .(නදී)
අනේ හොදයි ඔයගොල්ලෝ මරාගන්න. අරගොල්ලෝ ඔහේ ඒගොල්ලන්ට ඕන ඕන විදියට වැඩ ටික කරගෙන යාවි. අනේ පව් මේ රටේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු ටික..(නදී)
ආ රත්තරන් මොකද මේ එක කකුලක් විතරක්?.(නදී)
හරිනම් මුලින්ම මේ අයව අල්ලලා කුඩුවට දාන්න ඕනෑ. සජිත් කවුද? මෙයා කවුද? සජිත් කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් තාත්තා වගේම පක්ෂය අත්හැරලා යන කෙනෙක් නෙමෙයි (නි)
මංගල කලේ ගෙදර ඉඳන් ඕර්ඩර්ස් දෙන එක. ඒකයි නැත්තේ .(නදී)