මාතර කොටුවේගොඩ පරණ තංගල්ල පාරේ කඩ පෙළක කඩ 5ක් පමණ ගිනිගෙන දැඩි හානිවී ඇතැයි නගරවැසියෝ කියති.

ගින්න හටගෙන ඇත්තේ රසායන ද්‍රව්‍ය, තීන්ත හා ධීවර ආම්පන්න කඩයකිනි. රෙදි කඩ කිහිපයක්ද ගින්නට හසුවී තිබේ.

මාතර නගර සභා ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ ගනී. ගාල්ලෙන් හා තංගල්ලෙන් අතිරේක ගිනි නිවන ඒකක මාතරට ළඟාවෙමින් පවතී.

දැනටම රුපියල් කෝටි ගණනක හානියක් සිදුවී ඇති බව වෙළෙන්දෝ කියති.

මීටර් 600ක පමණ එක පෙළට පිහිටා ඇති කඩ පේළියක මෙම ගින්න හටගෙන ඇත.

විදුලි කාන්දුවක් මෙම ගින්න ඇති වීමට හේතුව බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.

fire_2016114-1 fire_2016114-2 fire_2016114-3 fire_2016114-5 fire_2016114-6 fire_2016114-7 fire_2016114-8 fire_2016114-9 fire_2016114-34

 

වීඩියෝ ප්‍රියන්ත සෙනරත්

DSC00980 DSC00984 DSC00986 DSC01015