තමා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර ගිවිසුමක් අත්සන් කළැයි සෞඛ්‍ය ඇමැති හා හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කළැයි කියන ප්‍රකාශයෙන් වු හානිය වෙනුවෙන් ඔහුගෙන් රුපියල් කෝටි 250ක වන්දියක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) එන්තරවාසියක් යැවීය.
තම අත්සන ව්‍යාජ ලෙස යොදා ගිවිසුමක් යැයි කියන ලියැවිල්ලක් ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමෙන් සිදු වු අපහාසයට වන්දි ලබාගැනීම එහි අරමුණ බව සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස් කේ ගමගේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී දිනේවා! (නි)
අහෝ තිස්ස මහතාණෙනි! (නි)
මදැයි කරගත්ත දෙයක්? (නි)
සල්ලි තියෙයිද දන්නේ නැහැ ඔච්චර ගෙවන්න? (නි)
දැන් 9 වෙනිදායින් පස්සේ කොහොමද ඔච්චර මුදලක් හොයාගන්නේ? (නි)
අනේ අපොයි කරගත් දෙයක්! (නි)
කොහෙන් හොයන්නද මෙච්චර සල්ලි? ගණන ටිකක් අඩුකරමුද? (නි)
බොහොම හොද වැඩක් , මේක අතේ පැලෙන බොරුවක් නම් තිස්ස අත්තනායක මහතා ව හිරේ දැමීම හෝ වන්දි මුදල ගෙවිය යුතුයි , මොකද මේක ඉතාමත් භයානක හෙළිදරව්වක් නිසා , අනෙක් අතට මේක ඇත්ත නම් , අපිට හිතා ගන්න පුළුවන් , මෙතුමා ගේ දෙබිඩි පිලිවෙත . ගැටලුව , මෙය බොරුවක් නම් මෙසේ ප්‍රසිද්ද කිරීමට තරම හිටපු ලේකම් තිස්ස අත්තනායක මහතා බොළඳ වේවිද ? මොකද මෙය අනුවාර්යේන්ම නඩු යන හෝ ඊටත් වඩා ඉහල යන තීරණයක් බව ඔනෙම පුරවසියෙන් දන්නා බැවිනි , රහස් පොලිසියට මෙය සොයා ගැනීම ඉතා පහසු කාර්යකි .(අ)
අපිට ආරංචියි ලොකු උගුලක් ඔබතුමාට අටවන්න ලෑස්තියි කියල. ඒ නිසා ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න. (අ)
ඔක්කොම කෝටි ගණන් වලින්නේ ඉල්ලන්නේ? (නි)
කාගේහරි පැත්ත අරගෙන වරදක් කරන්න හදනවා නම් පොඩ්ඩක් කල්පනා කරන්න ඒකෙන් එන ප්‍රතිඵලය කාටද කියලා? තමන් මේ තත්ත්වයට ඇදලා දැම්ම අය තමන්ට විශ්වාසද කියලා කල්පනා කළාද?අමතක කරන්න එපා....'තමා හිසට තම අතමය සෙවණැල්ල' කියන එක. මේවා කට කහනවට කියන ඒවා නෙමෙයි.(නි)
අනේ ඉක්මනට නඩුව අහන්න. එතුමාගේ වැඩ වලට මේ සල්ලි ගන්න පුළුවන්. (නි)
තිස්ස මහත්තයාට තිබුනේ ඕවා කරන්න ඔක්කොටම කලින්, අපේ මෙතන ඉන්න බන්දුල පෙරේරා ළමයාගෙන් යම්කිසි උපදේශයක් ලබාගන්න. (නි)
දෙන්නම් අටවෙනිදට. (ර)