2014 නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ආ මෛත්‍රිපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජනවාරි 8 වැනිදා ජනපතිවරණය ඡන්ද හැට දෙලක්ෂයකින් ජය ගත්තේය.
ඔහු සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහත්වරුද ආහ. පසුව අර්ජුන හා හිරුණිකාද මෛත්‍රී පිලට එක්වූහ. මාස 7ක් ඉක්මෙන්නට පෙර එනම් පසුගිය ජූලි 28 වැනිදා ඔහු සිය සගයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරියේය. ඔවුන් කළ වරද වූයේ එක්සත් ජාතික පෙරමුණේ අලියා ලකුණින් අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමයි. ජනවාරි 8 වැනිදා ජනපතිවරණය හංසයා පිට නැගී මහින්ද රාජපක්ෂ පරාජය කරමින් ජය කණුවට ළඟාවූ මෛත්‍රිපාල එවැනිම දෙයක් කළ සගයන් පන්නා දැමීම දෛවයේ සරදමක් බව බොහෝ දෙනෙක් කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර වැඩි ප්‍රසිද්ධියක් නැති පක්ෂයකින් ජනපතිවරණය දිනූ මෛත්‍රිපාල කිසිම වරදක් නොකළ කෙනකු නොවන බව පෙනේ. එහෙත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය සමග එකතුවී තරග කරන එම්.කේ.ඩී.ඇස්, රාජිත, හිරුනිකා බරපතල අපරාධයක් කර ඇති සැටියකි. යහපාලන නීතියේ සාධාරණත්වය කෙතරම් දුරට තිබේද? මෛත්‍රිපාල සිය සගයන් මෙසේ පන්නා දැමූයේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමට විය හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මහින්ද හිතවතුන්ට යම් ආශ්වාදයක් ලබාදීමට ඔහු එක් ගලක් පාවිච්චි කළා විය හැකිය. අනෙක් ගල පාවිච්චි කරන්නට ඇත්තේ සැබැවින්ම සිය අතිජාත මිත්‍රයන් පස් දෙනාට යහපතක් කිරීම සඳහා විය හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීම නිසා ශ්‍රීලනිප ඡන්දද එක්සත් ජාතික පක්ෂයට කඩා වැදීම නිසා එජාප ඡන්දද අහිමිව අසරණ තත්ත්වයකට වැටී සිටි මිතුරන්ට ඔහු උදව් කළා විය හැකියි. ඔවුන් එක්සත් ජාතික පක්ෂ ගොඩටම තල්ලු කිරීමෙන් මේ කට්ටිය අපේ මිනිසුන් යන හැඟීම එක්සත් ජාතික පාක්ෂිකයනට ඇතිවී ඔවුන්ට ඡන්දය දී මන්ත්‍රීන් කිරීමට යම් හැඟීමක් ඇතිවිය හැකිය.
මෛත්‍රිපාල මේ ක්‍රියා මාර්ගයට පිවිසියේ දැනට උසාවි නියෝගයකින් නතරවී තිබෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ඔහුට එල්ල විය හැකි රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් වලින් බේරීම සඳහා විය හැකියි.
මැතිවරණය පසුවී මධ්‍යම කාරක සභාව රැස්වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී තිබුණහොත් ඔහුට එල්ලවන දෝෂාරෝපණ තවත් වැඩිවිය හැකියි. පුරාණ රාජධානියේ පාචියන් දුනුවායන් පවනට බඳු වේගයෙන් අශ්වයන් මෙහෙයවා සතුරන් අන්ද මන්ද කර පහරදීමේ ශිල්පය ගැන ජනපති ඉතිහාසයෙන් යම් පාඩමක් ඉගෙන ගත්තා විය හැකියි. පසුබසින බව හඟවා ආපසු හැරී දෑතින් දුනු හීද දෙපයින් අසුද හසුරුවමින් සතුරාට පහරදීමේ සංග්‍රාම ශිල්පයේ කෙළ පැමිණියකු සේ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළේදැයි අපට දැකගැනීමට හැකිවනුයේ ලබන 18 වැනිදායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි දේ වෙතත් ජනාධිපතිතුමා අවුරුදු පහයි නේ බලයේ ඉන්නවා කිව්වේ. ඊට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.(නදී)
මහින්ද පරදින එක අනිවාර්යයයි (නි)
ජාතික රජයක් පිහිටුවීම එක පියවරක් (නදී)
දේශපාලන කටුසු න්‍යායට තීන්දුව ලබන 18 වෙනිදා (නදී)
මේක ඉන්න අයට සංඥාවක්! (නි)
ලබන දහඅට වෙනිදා වෙනතුරු මේ ගැන මා නම් කතා කරන්නේ නෑ.(නදී)
දුරදක්නා, මෙවැනි උපක්‍රමශීලී රාජ්‍ය නායකයන් සිටින රටක් කවදාවත් සතුරු බලවේග වලට යටත් නොවේ. කකුලෙන් ඇද, ප්‍රගතිශීලී, සංවර්ධන වැඩකටයුතු අඩාල කරමින් රට ආපස්සට ඇදගෙන යාමට වලිකන කුක්කන්ට ජනපතිගෙන්, අම්ම මුත්තා සිහිවෙන, හොඳ කම්මුල් පාරවල් ටිකක් නම් වැදිලා වගෙයි. (නදී)
ධම්ම වගේ කට්ටිය ගැන පව් කියලත් හිතෙනවා. මෛත්‍රී මහතාව අවුරුදු 10 කට හොල්ලන්න බැහැ. (නි)
ඔහුට බැන්න බොහොම දෙනෙකුට කටවල් වැහෙන්න අගෝස්තු 17 වෙනිදායින් පසු වැඩ සිද්ධවෙයි කියලා මටත් හිතෙනවා. නිශ්චල දිය ගැඹුරුයි. (නි)
කවුරු මොනවා කළත් ජනතාව හොරුන්ව එළවලා දාන්න ඡන්දෙ පාවිච්චි කළොත් රටටම සුභදායක වෙයි. (නි)
18 වෙනිදට ඔහෙලට දැක ගන්න පුළුවන් මහින්දට තනියම ආණ්ඩුවක් පිහිටුවන්න ඕන කරන ආසන ප්‍රමාණය ජය ගෙන ඇති බව.(නදී)
කොච්චර ලොකු දෙයක් ද ? (නදී)