IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රී ඉන්දියා චාරිකාව අරඹයි

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති සිය පළමු නිල සංචාරය අරඹමින් අද දහවල් යූ එල් 195 දරණ සාමාන්‍ය  ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටවත් ගියේය.

අමෙරිකා සංචාරයේ සිටින විදේශ ඇමැති මංගල සමරවීර, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහත්වරු ඇතුළු දස දෙනෙක් මේ සංචාරයට එක්වෙති.

නවදිල්ලියේ සාකච්ඡා හමාරයේ ජනපති බුද්ධගයාවේ හා තිරුපති කෝවිලට ද යෑමට නියමිතය. 

ශ්‍රී ලංකා ජනපති ලංකාවේ සාමය හා සංහිඳියාව යන ප්‍රධාන මාතෘකා ගැන නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති සමඟ සාකච්ඡා කරනු අතැයි ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය පවසයි.

දෙරට නායකයන් අතර හරවත් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද එම සාකච්ඡා පිළිබඳ ගිවිසුම් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත යැයි ද ඉන්දියා විදේශ අමාත්‍ය ප්‍රකාශකයෙක් කියයි.

ආර්ථිකය සාමය හා ශ්‍රී ලංකා සංහිඳියා ගැන ශ්‍රී ලංකා ජනපති සාකච්ඡා කරනු ඇතැයි ද ශ්‍රී ලංකාව සැබෑ සංහිඳියාවක් මත අවංක පදනමක් ඇති කරනු ඇතැයි ද ඉන්දියාව කියයි.

ඉන්දියා ජනපති ප්‍රනාබ් මුඛර්ජී ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් ‍භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිතය.

01(66) 02(47)



අදහස් (0)

මෛත්‍රී ඉන්දියා චාරිකාව අරඹයි

දුමින්ද Monday, 16 February 2015 03:41 AM

ලාංකීය ඉරණමේ සුබ වෙනසකට කලාපීය දේශ පාලනයේ අපේ තැන අපි ගත යුතුය (ස)

:       0       0

සජිනි මදුශානි ඉතාලිය Sunday, 15 February 2015 10:14 AM

මොකද මේ බෞද්ධයන් ඉන්දියාවේ තිරුපති කෝවිලට යන්නේ ,හිටපු ජනාධිපතිතුමාත් ගියා , නව ජනාධිපතිතුමාත් යනවා (බ)

:       0       0

වසේන Sunday, 15 February 2015 10:02 PM

ජනදිපතිතුමනි මහින්ද වුණ බාරය අලුත් කරන්නම් එපා රනිල් අගමැති තුමාට බාරයක් වෙලා එන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site