‘මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන අප්‍රේල් මාසයේදී අගමැතිකම දෙන්නයි හිටියේ.ඒත් එතුමා එය විශ්වාස කළේ නෑ.හිටපු මහ ලේකම්තුමා රනිල්ගේ ඇම ගිල්ලා.නමුත් මේ රටේ ජනාධිපතිවරයාට තියෙන ජනවරම කාටවත් හොල්ලන්න බෑ ‘ යැයි පොළොන්නරුව සන්ධාන මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා මැදිරිගිරියේදී පැවසීය.
‘හෙට අනිද්දා මේ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් යූඑන්පියට යන්නත් පුළුවන්. නොයන්නත් පුළුවන්. මහින්ද රාජපක්ෂ සමඟ තරඟ කර රනිල්ටවත් සජිත්ටවත් ජනාධිපති වෙන්න බෑ.ඒකයි අපේ හිටපු මහ ලේකම්තුමා ඉදිරිපත් කළේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලපු ඇම කෑවා. කාපු ඇම ගිල්ලා, අවුරුදු වෙනතුරු ඉන්නේ කුමටද? (නි)
මොනවා වුණත් මට කියන්න තියෙන්නේ නම් "අයියෝ! " කියලා විතරයි. (නි)
විධායකය ඉවත්කළා වගේම පොරොන්දු ඔක්කොම ඉටුකරයි නේද?? (නි)
අපෝ මන්ත්‍රී තුමා, තාම එතුමාට ඒ පුටුවේ වාඩිවෙන්න තරම් වයසක් නැහැනේ. (නි)
ඕක නැති එකම තමයි වැඩේ. නියම වෙලාවට ආවේ නියම සුදුස්සා (නි)
ආ! දැන් කාටද එතකොට තනතුරු පිළිබඳ තොරතුරු පුරප්පාඩු ඉහළින් දැනුම් දෙන්නේ ? (නි)
මෛත්රී මහතටත් වඩා රොෂාන් මහතා දන්නවා වගේ. (ර)
අනේ දැන් ඉතින් මොනවා කරන්නද?? (නි)
දැන් ඉතින් නාමමාත්‍රික අගමැති කෙනෙකුට වැඩිය ජනාධිපති හොඳයි මට නම් හිතෙන විදියට. මම හිතන්නේ එතුමත් ඒකතමයි හිතන්න ඇත්තේ.... (නි)
දුන්නට ගත්තේ නැහැ නේද? (නි)
තමන්ට හැම අතින්ම සුදුසු තනතුරක් ලැබෙන්න කොච්චර කල් ඉන්න කියලද ඔබතුමන්ලා එතකොට කියන්නේ? (නි)
අපි කවුරුත් මිනිස්සු. කොච්චර සල්ලි තිබුනත් ආශාව, තන්හාව අත හරින්නේ නැහැ. අත හරින්න බැහැ. පක්ෂ විපක්ෂ දේශපාලකයෝ දිහා බලනකොට ඒ බව පෙනෙනවා. දේශපාලනයට ආපු හාමුදුරුවරුන් දිහා බලද්දිත් ඒ බව පෙනෙනවා. මයිත්‍රීපාල සිරිසේන මහතාට චන්ද්‍රිකාගෙන් කවදාවත් නො ලැබුණු පක්ෂ මහා ලේකම්කම දුන්නු වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉන් එහාට දෙයක් ලබන්නට බැරි බව ඒ තුමා දැනගත්තා. ඔයවගේ තැන්වලට ගිහින් ලොකු ලොකු තත්වයන් ලබන්නේ නැත්නම් වැඩක් තියෙනවයැ කියල හිතන්නට ඇති. වාසනාව තිබුණා නම් ලැබෙනවා. නරක දසාව ලබනකොට ඔහොම තමයි. ගෙවල් දොරවල් පවා අතහැරලා යන්නට වෙනවා. මයිත්‍රීපාල මහතා ඡන්දෙන් පස්සේ ඇමෙරිකාවේ පුරවැසියෙක් වෙලා පවුල පිටින්ම යාවි. අපි අපේ ඡන්දය අපතේ නොයවා ජනාධිපතිතුමාටම දෙමු කියලා කියන මිනිස්සු තමා වැඩි. (නදී)
කව්ද මේ (නදී)
ලොකු මල්ලක් අරන් කඩේ යනවා වගේ ඔබ තුමා. යන්න මෙයා යන්න. ලංකාවේ ඉන්න සියලුම මිනිස්සු මොළය දියුනු උණු මිනිස්සු කියලද හිතන් ඉන්නේ (නදී)
මෙෙත්‍රි මහත්තයා අගමැති උනා නම් විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් නැතිවෙනවනේ (නදී)
මොනවද කියන්නේ ? (නදී)
එහෙනම් දැන් ඔබතුමාට අගමැතිකම දෙයි ඉන්න බලාගෙන (නදී)
අපරාදේ අගමැති වෙන්න තිබුණ අවස්ථාව! (නි)
කපන්න බැරි අත ඉඹින්න ගිය බව ඇයි මෙහෙම ප්‍රසිද්ධියේම කියන්නේ ? (ර)
කොයි පැත්තෙන්ද කතා කරන්නේ (නදී)
කවුරු දිනුවත් හැමදාම පරදින්නේ මේ රටේ ජනතාව. දැන්වත් දේශපාලන පක්ෂ ඔලුව උඩ තියාගැනීම නවත්වන්න. (ර)
මෑතක ඉඳලා ඔය අගමැති පුටුවේ වාඩිවෙන අයට ග්‍රහචාරය වැඩිය හොඳ නැහැ. සමහරු විපක්ෂයට යනවා. ඒ නිසා කවුරුවත් ඔතන වාඩිවෙන්න කැමති නැහැ. (නි)
සුදුසු කාලයේ ලැබෙන්නේ නැති තනතුරකින් වැඩක් තිබේද? (නි)
මොනවද මේ කතා? දැන් අපිට රනිල් ඉන්නවානේ....! (නි)
දැන් ඉතින් පාලු ගෙදර වළං බිඳින්නයි තියෙන්නේ (නි)
මම නම් කියන්නේ ඔබතුමාත් දිස්ත්‍රික්කයේ නායකයනේ කියලාවත් එකතු වෙන්න. (නි)
මෙතැන ගැටලුව කවුද දිනවිය යුත්තේ නොවේ. පාට කණ්ණාඩි වලින් නොබලා අද රට තියෙන අස්ථාවර තත්වය තේරුම් ගන්න. (නි)
රනිල් දේශපාලනයට එනකොට ඔය සමහරු ඉපදිලාවද්ද දන්නේ නැහැ (නි)
දැන් අශ්වයා ගිහින් ඉවරයි මහත්තයෝ (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
මම පුද්ගලිකව මෙතුමා ගැන දන්නවා (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ මේවා! (නි)
සමහරු හරියට කතා කරන්නේ පදිංචිවෙලා ඉන්නේ අරලියගහ මන්දිරයේ වගෙයි. (නි)
අපි ඔයාට කැමතියි රොෂාන් එත් බොරු කියන්න එපා. මෛත්‍රී ජනපති නිසා දුක් වෙන්නත් එපා. ඔය මහින්ද වැරදිලා හරි දිනුවොත් සහෝදරයෝ ඇර වෙන කෙනෙක් අගමෙති කරලා පෙන්නන්නකෝ. එන්න එලියට කැපවෙන්න ප්‍රජතන්ත්‍රවාදය වෙනුවෙන් නියම ලංකා පුතෙක් වගේ. (නදී)
කිසිම වැඩක් කරන්න බැරි අගමැති කමක් අරන් මෛත්‍රී මැතිතුමාට වැඩක් නැත. එතුමාට අවශ්‍ය වී ඇත්තේ රටේ නාස්තිය, දූෂණය නැතිකොට ප්‍රජාතන්ත්‍රවාදය නමට පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පු කිරීමට බව පැහැදිලිය.(නදී)
කවුද මේ දැක්කෙත් අද (නදී)
මේ ලියවුණ අදහස් ටික දැක්කා නම් තමන්ගේ සීමාව මොකද්ද කියලා තේරුම් ගනීවි. (නි)
දැන් බොරු කතා කියන්න එපා. (නදී)
මම හිතන්නේ දැන් දේශපාලන වේදිකාවල කවටයෝ හොඳටම ඇති කියල (නදී)
සිංහල අවුරුද්දට නැකත එනකම් ඉඳල තියෙන්නේ. (නදී)
ඇම ගිල්ලේ මෙතුමා නොවේ ඔයාලයි. අගමැතිකම ඔය කාටවත් නැහැ. අනික මෛත්‍රීපාල මහත්මය ගියේ මේ පාලන ක්‍රමය ගැන කලකිරිලා. කුමක් කෙසේ වුවත් එතුමාගේ තීරණය ඉතාමත් අගෙයි. (නදී)
අයියෝ අපරාදේ! (නි)
මට මතක්වුණේ අර වෙළඳ දැන්වීම, ජනතාවට වෙලාව දක්වන (නි)
එතකොට අර තවත් සමහරු තව තව කතා කිවුවේ මේ ගැන? (නි)
ඇයි දැන් කවුරුවත් සුදුස්සන් ඉතිරිවෙලා නැද්ද ඔය තනතුරට, නහයෙන් අඬ අඬා ආඩපාලි කියන්නේ! (නි)
ඔහොම යමුකෝ. පැරදුනහම තේරේවි හරියට තත්වය මොකක්ද කියලා. කොහේ කියලා යන්නද? (නි)
මීට පළමුව චන්ද්‍රිකා ජනපති වූ කාලේ මෛත්‍රීට අගමැතිකම දෙන්න හදනකොට අගමැතිකම එපා කිව්වා. ඒක මතකද බුද්ධි මහත්තයාට?අන්න බුද්ධිමත් මිනිස්සු. (නි)
කොච්චර වටිනවා ඇද්ද තවමත් ගිය කෙනා ගැන හැමෝම වේදිකා වල කන්කෙඳිරි ගාන්නේ ! (නි)
ගියපාරත් රනිල් හොයාගත්තේ සොළවන්න බැරි අත්තක්. මෙදා පාරත් බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අනේ අපරාදෙනේ මහත්තයෝ ඒ අවස්ථාව නැතිකරගත්තේ (නි)
ගියවර ෆොන්සේකා මහත්තයාටත් පුටුව පෙන්නුවා. අන්තිමට තියෙන හැමදේම නැතිකරගෙන බින්දුවට වැටුනා.දැන් කට්ටිය නැවතත් ඒ පුටුව පෙන්නලා ඒ ක්‍රියාවලිය ඒ විදියටම කරගෙන යනවා. ෆොන්සේකා වගේ රටම දන්නා යුධ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වූ පිළිගත් චරිතයකට එහෙම වුණා නම් ඉතින්....? (නි)
අර තරම් උදාර වැඩක් කළ එස් එෆ් මහත්තයාට කරන්න බැරි වුණ දේ සිරිසේන මහත්තයාට කරන්න පුළුවන්ද කියලා අපිට නම් තියෙන්නේ ලොකු දෙගිඩියාවක් (නි)
වෛරයක් කෙළවර වන්නේ තමාගේම විනාශයෙන් (නි)
අපොයි! කියපු කතාව නම් කියලා වැඩක් නැහැ. (නි)
බලන්නකෝ එතුමා තුන්වන වරටත් ආවොත් මොකද කරන්නේ කියලා. (නි)
ඔය කතාව කටවල් කීපයකින්ම අපි ඇහුවා මීට කලින්. ඕවා තවදුරටත් වලංගු නැහැ මහත්තයෝ. එක අතකට ඔය ඇත්තෝ කරන්නේ ජනතාව රැවටීමක්ද? (නි)
මෛත්‍රීපාල මහත්මයට සිංහල අවුරුද්දට ඔය කාගෙවත් දේවල් ඕනෑ නැහැ. එතුමාට සුදුසු තෑග්ග මේ රටේ බුද්ධිමත් ජනතාව පුදකරාවි. (නි)
අනේ මන්දා! මට නම් මේවා පිළිගන්න බැහැ (නි)
ඕකට තමයි කියන්නේ වැඩි තණ්හාව විනාශයට මුලයි කියලා (නි)
වසන්ත, අන්න කියමන. (නි)
කෘතහස්ත දේශපාලකයෙක්. (නි)
ඉතින් අවුරුද්දට ජනාධිපතිකම දෙන්න කතාකළා නම් මෛත්‍රී මහත්තයා ඉඳියිනේ ! (නි)
බල තණ්හාව මිස වෙන මොකක්ද? දින 100 න් විධායකය ඉවත් කරන්නේ කොහොමද? ඒකට 2/3 ක බලයක් ලැබෙයිද? (නි)
අපරාදේ හොඳට අවුරුදු කන්න තිබුණ අවස්ථාවක් නැතිවුණා (නි)
අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවතත් අපේ ජනපතිමයි. (නි)
කවුද මේ හාදයා (නදී)
මුලදීම දුන්නා නම් යනවා බොරු (නි)
මෝඩකම ප්‍රදර්ශනය කරනවද ?(දිල්)
අගමැතිකම කොතරම් ප්‍රබල තත්වයක්ද කියලා දැනට ඉන්න අගමැති දිහා බැලුවහම පේනවා.අනික ඔය කියන අප්‍රේල් ලබන්න තව අවරුදු හතක්වත් යයි.(හේ)
මෙයා මොනා කියවනවාද මන්දා, මෛත්‍රී මහත්තයා ගියේ රට සම්බන්ධ ප්‍රශ්නයකට මිසක් පුටු සම්බන්ධ ප්‍රශ්නයකට නෙවෙයි කියලා තමයි ආරංචි. (දිල්)
මෙතෙන අදහස් ලියන අයට මෝඩයි කියලා වැඩක් නෑ (දිල්)
ඔක්කොම වැඩ බාලගිරි දෝසේ වගේ. අද නෙමෙයි ජනවාරි 8 න් පස්සේ. (දිල්)
අපිට නම් ආරංචි මෛත්‍රීපාල මහත්තයා යනවා කියල දැනගත්තම අගමැතිකම දෙන්න පස්සෙන් ආවලු කියල. ඒක එපා කියලනේ ඔය ගිහින් තියෙන්නේ. අනිත් ඒක මෙච්චර අපුරු අගමැති තුමෙක් ඉන්න එකේ තව කවුරුවත් මොකටද?(දිල්)
මෙි විදියේ මන්ත්‍රී කෙනෙක් හිටියා කියලා අදනේ දන්නේ (දිල්)
අපිට පේන විදියට බළල්ලු ලවා කොස් ඇට බෑවීමක් වගේ වෙන්නේ (දිල්)
වසන්ත මහත්තයාගේ කටේ මසුරන් දන්නා වටිනවා (දිල්)
දැන් එතකොට මේ මන්ත්‍රීතුමාද අගමැති තනතුරේ මාධ්‍ය ප්‍රකාශක ?(දිල්)
මෙයා හරියට පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වගේ ප්‍රසිද්ධියේ මෙහෙම ප්‍රකාශ කරන්නේ. (ර)
කැබිලිති කට්ට අරන් ගැරඩියාත් නයා වගේ පෙනේ පිප්පුවාලු. ඒත් ඉතින් ගැරඩියා සහ නයා මේ රටේ මිනිස්සු ලෙහෙසියෙන් හඳුනා ගනීවි. (ර)
කපන්න බැරි අත ඉබින බව වුනත් මේ විදියට කියන්න හොඳ නැහැනේ. (ර)
ඒකත් එහෙමද? (නි)
නැකත් බලන්න යන්න ඇති. (ර)
පක්ෂයේ හිටපු ජේෂ්ඨයන් ගැන කතා කරන විට සැලකිලිමත් නොවීම යන කාරණාවම මෙතුමාගේ දේශපාලන අපරිණත බව හෙළි කරනවා. (ර)
උළුක්කු තෙලුත් තියෙනවා...බයවෙන්න එපා.(නදී)
අැම ගිල්ලන්නේ කාටද කියලා ජනවාරි 09 දාම බලමුකෝ. (නි)
තනතුරු දෙන්න යනකොට හරියට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම ගිහිල්ලා. (නි)
මටත් මෙයාව අංගොඩ ඉස්පිරිතාලයේදී බෙහෙත් ගන්න ගිහින් ඉන්දැද්දී හමුවුනා. මට හිතෙන්නේ මෙයාට අද බෙහෙත් පෙත්ත ගන්න අමතකවෙලා ද කොහෙද. ගණන් ගන්න එපා අසනිපෙට කියන දේවල්. (නදී)
ඔය කියන්නේ ඇත්තමද? (නි)
මේ කවුද ? අපි දන්නෙත් නැහැ එයා ගැන. (නි)
කවුද හැබෑට මේ? (නි)
මේ කවුද...? මහත්තයෝ, ජනවාරි 8 න් පස්සේ හැංගෙන්න තැනක් හොයාගන්නකෝ. (නි)
වසන්ත, සහතික ඇත්ත.. (නි)
බන්දු මහතාගේ අදහසට අනුව අර කියන ෆයිල් ළඟ තබාගෙන ඉන්නෙත් දුරදක්නා නුවණ ජනතාවට වැටහීමට වන්නට පුළුවන් (නි)
ඕවා ඔහොම තමයි ඉතින්. (නි)
දැනට බලයේ ඉන්න සමහරු ගැන පව් කියලා හිතෙනවා (නි)
මට එතුමා ගැන දුක හිතෙනවා. ඒත් අපි මොනවා කරන්නද? (නි)
ඒ කියන්නේ කවුද වැඩකාරයා? අපි, ජනතාව ඒක දන්නවා (නි)
පවු අනේ! (නි)
අනේ මේ මන්ත්‍රීතුමෝ, ඔය කියන දේවල් වලට හෙට පරාක්‍රම සමුද්‍රයත් ගලන්න පටන් ගනීවි. (නි)
මෛත්රී දන්නේ නැති දේ මෙයා දන්නේ කොහොමද (නි)
ඔය ඇත්තමද? අනේ එහෙනම් කොච්චර හොඳද? (නි)
මෙතුමා කොහොමද මේක දන්නේ? (නි)
අනේ ඔව් මහත්තයෝ. ඔය කතාව කියනතුරුම තමයි අපි මේ හිටියේ. (නි)
හරි දැන් මේ කාරණාව කනිෂ්ඨ මන්ත්‍රී කෙනෙක් වෙන ඔබ කොහොමද දන්නේ? (නි)
අනේ දැන් ඕවා කියලා වැඩක් නැහැ , යන්න ඉන්න කෙනෙකුට හරි ඔය කියන තනතුර දීලා නවත්තගන්න.(හේ)
හරින් මන්ත්‍රීකමින් ගියේ අපේ අයව එකතුකරලා. අපේ නායකයෙක් ඉදිරිපත් කරන එකට ආරම්භය එයා කළා. ඒත් දැන් මේ හවුලට අපිට ඡන්දය දෙන්න බැහැ. (නි)
කිතුලට නැග්ග මිනිහාටත් කියන්න දෙයක් තිබුනලුනේ! දැන්වත් ජනතාව සදහටම මෝඩයෝ කියා නොසිතා නැව හදාගන්න බැලුවොත් නරකද? (නි)
දුක නිසා මොනවා කියවනවද මන්දා (නි)
දෙන්නයි හිටියේ, කරන්නයි හිටියේ, හදිසියේ කරන්න පුළුවන් දේවල් නොවෙයිනේ. (ර)
දැන් මන්ත්‍රීතුමා කොහොමද ඕක ඔයතරම් විශ්වාසෙන් කියන්නේ? (නි)
මෛත්‍රීට ජයවේවා! (නි)
මෙතුමා පොළොන්නරුව සන්ධාන මන්ත්‍රී කෙනෙක් කියලා මම අද තමා දන්නේ. කවදාවත් මෙතුමාගේ නිව්ස් එකක් දැකලා නෑ. දැන් මෙතුමාද කැබිනට් ප්‍රකාශක.? (ර)
ඒ කියන්නේ සිරිසේන මහතාට පුළුවන් කියලා නේද?? (නි)
එතකොට මේ අවුරුදු නැකත එනතුරුද බලාගෙන ඉඳලා තියෙන්නේ ? (නි)
අතිගරු ජනාධිපතිතුමා දුරදක්නා නුවණක් ඇති කෙනෙක් බව මෙහිදී වැටහෙනවා. සිරිසේන මහතාට අගමැතිකම නොදී සිටියේ ඇයිදැයි දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. (නි)
කාවද මේ රවටන්න හදන්නේ? (නි)
මේ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් යූඑන්පීයට ගියත් මහජනතාව ගියෙ නැහැ. (නි)
මොකටද අගමෙතිකම. ඉදිරියේදී ජනාධිපතිම වෙන්න ඉන්නකොට. (ර)
මම නම් එයා ගැන මන්ත්‍රී වෙන්න කලින් ඉඳලම දන්නවා. නියම වැඩකාරයා. මෙයා ගන්න තීරණ ගැන අහන්න දෙයක් නැහැ. හරියට හරි. (නි)
ඒ පාර කොහෙන් ආපු ප්‍රචාරක දැන්වීමක් ද මේ ? (බ)
ඔබතුමාද අගමැති තෝරන්නේ.? (ර)
මත්‍රෛී එළියට ගියාට පස්සෙයි මෙයාව දැක්කේ.කලින් ඉදන්ම හිටිය කෙනෙක්ද? (බ)
ෆයිල් වල සද්දෙ? (බ)
පත්තරවලට කතා ලියන්න අපට කතා කරන්න කියල මෛතී‍්‍ර මහතා සිරිසඟබෝ නාටකය පෙන්නුවා. දැන් රටේ සියලුම රෝග නිවාරණයි. (ර)
ලොකු මහත්තය ඉස්සෙල්ලාම මේ කාරනාව මන්ත්‍රී තුමාට වෙන්න ඇති නේද කියන්න ඇත්තේ ? අනේ අනිත් කවුරුවත් විශ්වාස නැතිව ද ඔබ තරම් ? (බ)
කව්ද මෙයා (බ)
එතකොට තාම රාහු කාලය වෙන්න ඇති නේද රොෂාන් මහත්තයා. (බ)
ඇයි ඉතින් අප්‍රේල් මාසය වෙනතුරු සිටියේ? මීට කලින් දෙන්න තිබුනා නේද? කොහොම නමුත් මෛත්‍රී අප්‍රේල් වෙනකොට රටේ ජනාධිපති වෙනවා. ඒක වළක්වන්න කිසි ජගතෙකුට බැරිවෙයි (නි)
ඒ මොකද අප්‍රේල් වෙනකොට මයිත්‍රීපාල මහතා ගේ රාජ යෝගය නැති වෙනවා කියල වත් කීවද ? (බ)
අනේ ඇත්තද ! අගමැතිට වැඩිය නරකද ජනාධිපති උනාම. දැන් වත් දොඩවා දොඩවා ඉන්නේ නැතුව අපේ මෛත්‍රී මතයත් එක්ක එකතුවෙන්න. (බ)
එහෙම කරන්න හිටියා නම් ඉතින්, අපරාදේ නේද? (නි)
මෙහෙට වැඩිය එහෙ හොඳයිලු, එහෙ ගියාම මෙහෙ හොඳයිලු! (නි)
සමන්, වසන්ත, තමන්ගේ මෝඩකම ඔය විදියට ප්‍රසිද්ධ කරගන්න එපා. ඔයාල මොන බයිලා ගැහුවත් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වළක්වන්න බැහැ (නි)
මහත්තයෝ, ජනතාව හොඳට දන්නවා ඇත්ත. තමන්ගේ පැත්තට ජනපති කෙනෙක් පත්වෙන එක කොච්චර ආඩම්බර වෙන්න ඕනෑ කරුණක්ද? ඔබටත් ආඩම්බරයක්නේ. (නි)
මෙයාටත් අලුත් තනතුරක් ලැබිලා වගේ. (නි)
මේ මොකද? මෙයා කවුද?(දිල්)
අපිට හිතාගන්න බැහැ ඔය කතාව ඇත්ත කියලා (නි)
අනේ මෙහෙමත් බොරු කියන ආණ්ඩුවක්. අර බුදුහාමුදුරුවොත් කියල තියනවා අනාගතේදී ඔහොම වෙනවා කියල.(දිල්)
දැන් බොරුව එපා... තීරණය තියෙන්නේ ජනතාව අතේ. (නි)
එ්ක තමයි මෛත්‍රිෙයන් වෛර කිරීම කියන්නේ (නදී)
මේ කියන ඒවා විශ්වාස කරන්නේ කොහොමද? (නි)
එතකොට නිමල් සිරිපාල ?(දිල්)
හොඳම විහිලුව වගේ (දිල්)
කොහෙන් ආපු කෙනෙක්ද මේ ? (ර)
හොද වෙලාවට අයින්වුනේ. ගත්ත තීරණය හරියටම හරි. 'උපාය දන්නෝ අපායේ නොවැටෙත්" කියනවානේ. (ර)
සමහරු තවම පහළ බාලාංශයේ වගේනේ කතාකරන්නේ (නි)
ඕක තමා පින නැහැ කියන්නේ. (ර)
මේ කාලේ නොකළේ කාලේ වරදක්ද? (ර)
තණ්හාය ජායතී ශෝකෝ.එහෙමය් බුදු බණේ තියෙන්නේ. (නි)
වසන්තගේ කතාව හරි. අවුරුද්දට දෙන්නද හිටියේ? මොනවද මේ කතා? (නි)
කියන්න තියෙන දේවල් එමටයි. (නි)
මේ මිනිස්සු මේ වගේ කතා කියන්නේ රටේ ඉන්නේ කවුරු කියලා හිතාගෙනද? (නි)
ඇත්තට! තව මොනවද දෙනවා කිව්වේ? (නි)
මහත්තයෝ, දාන්නකෝ අර කියපු 'ෆයිල් එකක් ' අපිටත් බලන්න. (නි)
ඕක කලින් කියන්න එපායැ. හිතේ තියාගෙන හිටියට කවුද දන්නේ. (නි)
ඔව් ඔව් දැන්මම අල්ලාගෙන ඉන්න. හැබැයි මෙයාලත් එක්ක නම් ඒ සෙල්ලම් බැහැ. (නි)
හොරු ඉන්නේ හොරු ළඟ කියලා කියනවනේ (නි)
අගමැතිට වැඩිය නරකද ජනාධිපති උනාම. (ර)
ඒ කියන්නේ මෙතුමා පිළිගන්නවා හිටපු මහා ලේකම් මෙත්‍රීපාල සිරිසේන මහත්මයාට දිනන්න පුළුවන් කියලා? (නි)
මෛත්රී මහත්තයා වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කරනවා (නි)
ඇයි එච්චරකල් බලන්නේ? (නි)
කවුද මේ ? (ර)
පසුගිය කාලේදී කට්ටියට ලැබුණු තනතුරු,ඇමති තානාන්තර වලින් වැඩක් තියෙනවද? (නි)
සමහරුන්ට ඔය පින පෑදුනේ සෑහෙන වයසට ගියාට පස්සේ වෙන්න ඇති නේද බුද්ධි ? (නි)
දැන් හිතේ දුකට කියන කතා අපි එතුමාව කෙලින්ම ජනාධිපති කරනවා. (ර)
ප්‍රේමදාස මහත්තයා පටන්ගත්ත ක්‍රමයනේ. (නි)
අනේ මේ වගේ කතා! (නි)
ඇසිලින්නෝනා, තවම සියලු රෝග නිවාරනය උනේ නැහැ. 8 වැනිදාට නිවාරනය වේවි. (ර)
කපන්න බැරි අත එහෙම නම් ඉඹලාවත් බලමු නේද? (නි)
දැන් ඉතින් ජනාධිපතිතුමා පරදිනකන් බලාගෙන ඉන්න අයත් ඇති. (ර)
දැන් අශ්වයා ගිහින් ඉවරයි (නි)
දී. මු. මහත්තයාගේ වැඩේ හරියටම කරගෙන යන්න. (නි)
මෙහෙම කෙනෙක් ගැන මමත් ඇහුවමයි. (ර)
අනේ ඉතින් ගියාට පස්සේ ඔහොම කියලාවත් හිත හදාගන්නකො. (නි)
ඇත්තටම ජනාධිපතිතුමා ඔබතුමාත් එක්ක එහෙම කියල තිබුනද? (ර)
ජනාධිපති තුමා කැබිනට් එක හදන්න තීන්දු තීරණ ගන්නේ මෙයා එක්ක කතා කරල වෙන්නැති. එතකොට මෙයා තමයි පොර. අවුරුද්දට අගමැතිකම දෙන්න හිටියෙ තෑග්ගට වෙන්න ඇති. නියම මිනිස්සු ගියාම පාන්කඩ හාදයො පොරවල් වෙනව. අබුද්දස්ස කාලේ..... (ස)
මෙයාද එතකොට අලුතෙන් කරලියට නග්ගපු එක්කෙනා? (ස)
දැන් ඉතින් කෙලින් ම ජනාධිපති නේ අවුරුද්දට. (ස)
ඔය කියන "ඇම" ගිලින්න පුළුවන් වෙන්නෙත්, එක පව්ලක අයට විතරද?.ඒක මහා මෝඩ කතාවක්නේ.(ස)
අනේ යන්න මෙයා යන්න ඔය කොහොමද ඒවා දන්නේ නිකන් කටට එන දේවල් කියන්න එපා. (ස)
මම නම් කියන්නේ මෛත්‍රී ගත් තීරණය හරි (නි)
නමට අගමැති අර ඉන්නේ එක්කෙනෙක් නමට පව් .ඕක නැති එකම තමයි වැඩේ. (ස)
ඔබතුමාට කියක් හම්බ උනාද ? (ස)
දැන් මේ මහත්තයා දන්නවා පක්‍ෂ මහ ලේකම්ටත් වඩා පක්ෂයේ අනාගතයේ වෙන්න තිබුණේ මොනවද කියලා (නි)
තමන් ගැනම හිතන මිනිහෙක් නෙමෙයි මෛත්‍රී. රට ගැන හිතන කෙනෙක්. (නි)
ඔය අගමැතිකම පුලුවන් නම් බන්දුල පෙරේරාට අරගෙන දෙන්නකෝ.මොකද එයාට මේ දුෂිත ආණ්ඩුව ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ (නි)
ඔය ඇත්තමද? (නි)
මොකද මෙච්චර ගිය කෙනා ගැනම කියවන්නේ? (නි)
මමත් මෙතුමාව දන්නෙ නැහැ (නි)
බුද්ධි, ඔව්. පින තිබුනා නම්... (නි)
අපිට නම් විශ්වාස කරන්න බැහැ (නි)
රොෂාන් හිතේ අමාරුවට කියන කතා! (නි)
ආණ්ඩුවට බාල ගිරි දෝසෙ. 2010 දී දීපු පොරොන්දු ඉටු කලානම් දැන් දත කට පුට්ටු කරගන්න ඕනේ නෑ. (ස)
දැන් බැරිය ඔබතුමාට ඒ පුරප්පාඩුවට පැනල ඉල්ලන්න. (ස)
මෙහෙම කතා ප්‍රසිද්ධියේ කියන්න තරම් ඔබතුමා කටයුතු කරන්නේ ඇයිදැයි කියා සිතෙනවා (නි)
මෛත්රී මැතිතුමා, ඉවසීම නැතිකම නිසා මොකක්ද ඔබතුමා කරගත්තේ? (ස)
බයට මරු කියවනවා කට්ටියම. (ස)
අපිවත් එහෙම නම් මෛත්‍රී මැති තුමාට කියල බලන්නම් ගියාම වාඩි වෙන්න හොඳ ආසනයක් අන්න අරෙහෙ තියාගෙන බලන් ඉන්නවා කියලා. (ස)
අපි ඕව ගණන්ගන්නේ නැහැ. (ර)
දැන් ඉතින් බ්ලාස් යන එකනේ ,ඔහොම වෙන්ට ඕන. (ස)
අපොයි ඔය ආසනේ වාඩි වෙන්න තරම් එතුමා තාම වයසට ගිහිල්ල නැහැනේ මන්ත්‍රී තුමෝ . තව අවුරුදු 40 කින් වගේ බලමු නේද ? අපිට ඔය ගැන දැනුම් දුන්නාට ස්තුතියි. (ස)
දැන් ඔයට හිතට දුකද ?? බලන් ඉන්න ජනවාරි 9 වෙනිදට කට අැරගෙන සිරිසේන මහතා ජය අරගෙන රජරටට එනකොට හැංගෙන්න තැන් හදාගන්න ගල් කුලම පැත්තේ ! (ස)
මොන පැත්ත දිනුවත් අන්තිමට ඉන්නෙ ඒකම මූනු ටික. කට්ටිය වෙලාවට පාට මාරුකරනව අපිත් පාටට ඡන්දෙ දෙනව. (ස)
ඉතින් දැන් ඔබතුමාලට තිබුන නේ ඊට හොඳ ඇමක් දාල එතුමාව රඳවා ගන්න. හැබයි ඉතින් ඔය කියපු ලනු කැඩිච්ච හාන්සි පුටුවේ වාඩි වෙන්න නම් කවුරුත් කැමති වෙන එකක් නැහැ නේද ? (ස)
ඇයි ඉතින් එච්චර කල් බලන්නේ? (නි)
ඇත්තට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දන්නෙත් නැති දේවල්නේ ඔබතුමා දන්නේ? (නි)
දෙන්න හිටියා කියලා පොදු පෙරමුණේ ලේකම් දන්නෙ නැහැනේ! ඔයා දන්නවා? (නි)