‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන් ගත්තා. එතුමා ඊයෙ පෙරේද කළ ප්‍රකාශයෙන් අපි උස්සල පොළවෙ ගැහුව වගේ වුණා. ඒක අපට හරි අවාසියක්. හැබැයි එහෙම වුනත් මේ පක්ෂය කැඩෙන්න දෙන්නෙ නෑ‘ යැයි එස්. බී. දිසානායක මහතා දවුලගලදී පැවති උඩුනුවර ආසන බල මණ්ඩල හමුවේදී පැවසීය.
‘ මගේ ග්‍රාමිය සංවර්ධන ඇමති කමට උඩින් උසස් අධ්‍යාපන ඇමැතිකමත් දුන්නා. මම ටක් ගාල ජනාධිපතිතුමාට ගිහින් කිවුවා තමුන්නාන්සේට කුණුහරප පටාරමක් අහගන්න වෙයි, විශ්ව විද්‍යාල අයගෙන් මොකද මම කුණුකූඩෙට දාල කාණුවට දාල එළවලා හිටපු අය සේරම මෛත්‍රි ජනපතිතුමාට වැඩ කළ නිසා. ඒ නිසා මම අමාත්‍යධූරය අත් හැරියා. ඒ ඇමැතිකම සරත් අමුණුගම මහතාට දුන්නා‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මොළේ පෑදීගෙන එනවා වගෙයි. අනේ හොඳයි...! (නි)
ප්‍රබාකරන් සිටිය නම් මොනවා සිතා විද ....(ම)
අපි ගහන්නම්කෝ අවශ්‍ය කට්ටියව උස්සලා පොළොවේ 17 වෙනිදට... (නි)
ඉස්මතු විය යුත්තේ රටය. දේශපාලන චරිත නොවේ.(ම)
එස් බි දිනන පැත්තෙන් ඇමතිකමක් ගන්නවා (ම)
සමහරු කටුස්සන් වගේ කාලෙන් කාලයට පාට වෙනස් කරනවා. අද කියන එකට සම්පුර්ණයෙන්ම පටහැනි දෙයක් තව ටික වෙලාවකින් කියනවා. ඡන්දය අවසන් දවස් වෙනකොට මොනවා කියයිද කියලා කියන්න බැහැ. ඡන්දෙන් පස්සේ කොයි පැත්තේ ඉඳීද කියලා කියන්නත් බැහැ. ඉතින් මේ රටේ මිනිස්සු එතරම් මෝඩයි කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ. අගෝස්තු 17 මොකද වෙන්නේ කියලා බලමුකෝ. (නි)
සුදුසු කවුද නුසුදුසු කවුද කියලා හඳුනාගන්න දැන් අපිට පුලුවන් (නි)
අපි අපේ අනාගතය හදාගන්න ඕන... මහින්ද එයාගේ අනාගතේ හදාගත්තා.. දැන් අපි මහින්ද ගෙදර යවලා අපේ අනාගතේ හදාගමු... (ම)
බලාගෙන ඉන්න අගෝස්තු 18 එළිවෙනකොට ඔයාලා කොහෙද ඉන්නේ කියලා. (නි)
මම නම් කියන්නේ මෛත්‍රී මහතා කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)
අනේ මන්දා මේ කතා? (නි)
ජනතාවට සේවය කිරීමේ එකම බලාපොරොත්තුවෙන් කරන දේශපාලකයන් ලංකාවේ නැහැ. දැන් සිටින ජනාධිපතිතුමා හැරෙන්නට අනිත් අය සියලු දෙනාම කරන්නේ බලය ගෙන සියලු සැප විදීමේ පමණයි (ම)
17 ජනතාව තීරණය කරයි මහින්දව සදහටම විශ්‍රාම යවන්න. (ර)
ප්‍රශ්නයක් නැහැ පක්ෂය පාවා දුන්නට අපි එයාව උස්සල බිමින් තියනවා නමුත් ෆොන්සේකා සහ මෛත්‍රී ඉත්තෙකුට අරන් යු අැන් පිය කරපු බාල සෙල්ලමත් 17 වෙනිදට ඉවර කරනවා (බ)
ගියවර උඩුනුවර 12000 කින් එස්බී පරාදයි. මෙවරත් උඩින්ම පරාදයි. කඩුගන්නාව - ගම්පොල පාර එස්බි ඉන්නතුරු හදන්නේ නැති බව උඩුනුවර හැමෝම දන්නවා.. ඒ පාරට සිටිබි බස් එකක් හරියට දුවන්නේ නෑ.. (ම)
එක හොඳයි.(ම)
එන්න එන්න. අපි මේ සැරේ බිම නිදිම කරවන්නම්කෝ... (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. තවත් මොන කතාද? (නි)
17 වෙනිදාට අපි ඔයාලව තව පාරක් පොළොවේ ගහනවා. (නි)
දැන් අපි දන්නවා ඔයාලගේ හැටි. ඒ නිසා මෙවර හුඟක් ප්‍රවේශමෙන් මහින්ද මහත්තයා සහ ඔහු වටා ඉන්න පිරිස පමණක් දිනවන්න වෙනවා. ඔයාලට අපේ ඡන්ද නැහැ. (නි)
ඔව් , අගෝස්තු 17 අපි මහින්දව අගමැති පුටුවේ වාඩි කරවනවා.(නදී)
අන්ධ බිහිරි චන්ද දායකයෝ ඉන්න කම් හොදයි (නදී)
අනුර වගේ අයට දීර්ගකාලීනව සිහින දකින්න දැන් පුළුවන්. මෙරට ජනතාවට අවශ්‍ය ශ්‍රී ල නි ප රැකීමට නොවේ, රට රැකගැනීමට හා රාජපක්ෂලාගේ මංකොල්ලයෙන් රට නිදහස් කරගන්න. යු.ඇන්.පිය ගැන එතරම් විශ්වාසයක් නැතත් , මෛත්‍රී ජනාධිපතිතුමා ගැන පමණි බලාපොරොත්තුව (නදී)
මෛත්‍රී කාවවත් උස්සලා පොළවේ ගැහුවේ නැහැ. නමුත් සමහරු මහින්ද වෙනුවෙන් මෛත්‍රීව අල්ලලා පොළවේ ගහන්න දැඟලුව බව අපි දන්නවා. හෙට අනිද්දා ජනතාව ඒ වගේ ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ව අල්ලලා සක්වල ගලේ ගහනවා ආයෙත් නැගිටින්න බැරිවෙන්න. (නි)
අනුර තාමත් දවල් හීන දකිනවා. මට නම් දුකේ බැහැ. (නි)
මිනිස්සු මොනවට ඡන්දෙ දෙනවාද මන්දා ප්‍රතිපත්තියක් නැති අයට? අපේ දේශපාලනය මඩවගුරක් වෙලා ඉවරයි. මොන පක්ෂය දිනුවත් පැත්ත මාරු කරලා එයාලා රජ වෙනවා (නි)
අපිත් ඉන්නේ ඔයාලව පොළොවේ ගහන්න තමයි වෙලාව ආවහම. (නි)
මොකක්ද පංච නින්දාව කියන්නේ (ම)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
අනුර, ඒවා ඉතින් හීනෙන් තමා (නි)
මිනිස්සු තීරණය කරයි උස්සලා පොළවේ ගහන්න ඕනෑ කාවද කියලා 17 වෙනිදාට (නි)
මෙතුමා ස්ථිරවම ඉස්සරහට පනිනවා. අපි කොටළුවෝ නෙමේ අයියේ. (බ)
17 වෙනිදට බලමුකෝ! (නි)
බොරු බයිලා එපා ඔයා ගෙදර යන්න (නදී)
අනුර, ඔබ කියන දේ වෙන්නේ නැහැ. හැබැයි ත්‍රීවීල් පක්ෂ ටික 17 වෙනිදාට පස්සේ ශ්‍රී ලංකා එක නම් ඉවර කරයි වගේ. (නි)
ඔබතුමා දක්ෂ නායකයෙක්. අනිවාර්යයෙන් ඔබතුමා නිවැරදි තීරණයක් ගනීවි (නි)
මේ පාර උස්සලා පොළවේ ගහන්නේ මේ අපි! (නි)
එන්න එන්න. ඔයාවත් අපි මේ සැරේ බිම නිදිම කරවන්නම්කෝ (නදී)
අගෝස්තු දාහත් වෙනිදට ජනතාව අල්ලලා පොළොවේ ගහන්නේ කාවද කියලා බලමුකෝ (නි)
මහින්දට සහ එයාගේ කට්ටියට නැවත නම් ගොඩඒමක් නැහැ (නි)
බලපෙරේත දේශපාලකයෝ ඡන්දයට එකිනෙකා මඩ ගසාගන්නවා. ඡන්දයෙන් පස්සේ දෙගොල්ලම සියලුම වරප්‍රසාද ලබමින් මහජනතාව මඩේ දමා පාගනවා. (නි)
හොඳයි අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මෙයාලා එක දවසකට එක නායකයෙකුට වඳිනවා. ඊළඟ දවසට තව කෙනෙකුට වඳිනවා. (නි)
ගොඩාක් වෙලාවට කියන කරන දේ සමහර වෙලාවට සමහරු දන්නේ නැහැ. (නි)
මේ වගේ වාසි පැත්තට හෝයිය කියන කට්ටිය ගැන ජනතාව 17 වෙනිදට බලාගනී. මෙයාල හින්ද තමා කලින් සැරේ මහින්ද නැති වුනේ. (බ)
කවුද මේ අනුර? දුකෙන් වගේ ඉන්නේ. පව්! දවල් හීන දකිනවා. බලන්න බලන්න 17 වෙනතුරුම බලන්න. (නි)
මෙදා මනාප දීමේදී ජනතාව පරිස්සන් විය යුතුයි. පනින රිලුන්ට මනාපය දෙන්ඩ එපා. (ම)