(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වහළයේ උළු ඉවත් කර කිසියම් පිරිසක් ඊට ඇතුළත්ව බවට පැමිණිල්ලක් ලැබුණු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
වහලේ උලු කැට කිහිපයක් ඉවත් කර සිවිලිම කඩා එම කාමරයට කිසිවකු ඇතුළු වී තිබුණි.
එහි නඩු භාණ්ඩ වශයෙන් ලියුම් කවරවල දමා තිබු මුදල් එම කවර ඉරා ගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
කෙසේ වෙතත් සොරා ගෙන ගිය මුදල් හෝ දේපොල සම්බන්ධයෙන් වාර්තාවක් මේ වන තෙක් ලබා දී නොමැත.
මීට පෙර අවස්ථාවක දී ද මෙම නඩු භාණ්ඩ කාමරය සොරු බිද තිබුණි.
අධිකරණයේ ආරක්ෂාවට මුරකරුවකු හා පොලිස් නිලධාරීන් ද සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගබඩාවට හොරනේ පනින්න ඇත්තේ මතෙන රාජකාරිකරන අයම වනේනැති
අර පිස්තොලේ තියනෙවද කියලා බලනන
රටේ මහජනතාවගේ බදු මුදල් වලින් "අම්මගෙයි තත්තාගෙයි සොහොන " හදපු ...නඩුවේ ෆයිල් එක තියෙනවාද බලන්න. ඔය කියන චූදිතයාට නඩු 35 ක් තියෙනවා. මිනිහා මුක්තියද මොකක්ද එකෙන් මුවාවෙලා ඉන්නේ බලය තියෙනකම්. ඊට පස්සේ කූඩුවේ තමයි. මිග් නඩුවේ ෆයිල් නම් කොළඹ ඇත්තේ...!!
කටුගෙයි වටිනා බඩු අතුරුදහන් වුණා වගේ ඔතැනටත් බහිරවයෙක් එන්න ඇති...