
(රෝෂන් තුෂාර)
නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් කෝටි 135 බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය .
2012 - 2015 අතර කාලය තුළදී රජයට ගෙවිය යුතු ආදායම් බදු , වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීයේ යැයි පවසමින් කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කඩුවෙල ,කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ පියුමි විජේවික්‍රම මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
සරත් කුමාර විජේවික්‍රම,බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියක වග උත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.
මෙම නඩුව පසුගිය වසරේ ගොනුකරන ලද අතර පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් තීන්දු කර ඇත්තේ වග උත්තරකාර සමාගම මෙම හිඟ බදු මුදල් රජයට ගෙවිය යුතු බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බදු ගෙවන්න ඒක විකුණන්න වෙයි...
තියෙන දෙයක්හරි විකුණාලා බදු ගෙවපල්ලා දැන්, එක එකාට පගා දීලා, කප්පම් දිලා පහුගිය කාලයේ කට්ටි පැන්නාට දැන් කරන්න දෙයක් නැහැ...
පළමුව බදු අය නොකර සිටියේ හෝ අය කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ සා මුදලක් ගොඩ ගැහෙනකන් මොකද කළේ කියා විමර්ශණය කළ යුතුයි.