මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) යාපනය එළිමහන් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තිළිණ ප්‍රදානය ද ජනපති අතින් සිදුවිය.
අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන වී. රාධක්‍රිෂ්නන්, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රි අංගජන් රාමනාදන්, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ සංස්කෘතික සංදර්ශන එහෙම පෙන්වන්න යනවා නෙමෙයි (බ)
අනේ ජනාධිපතිතුමෝ, ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ ඉන්න අරක්කු තැබෑරුම් මුදලාලිලාගේ ලයිසන් කැන්සල් කරන්නකෝ! (බ)
ජයවේවා! ඔන්න දැන් ටික ටික අපේ ජනාධිපතිතුමා වැඩ පෙන්නනවා. මේවා තමා දුරදිග බලා වැඩ කිරීම කියලා කියන්නේ. මුළු රටේම මෙවැනි දේවල් වලට මුල්තැන දියයුතුය (නි)
රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා ගයමින් සිටි කතාව මේ වෙලාවේ මතක්වුණා
රොකි, පාර්ලිමේන්තුවේ ඉන්න සමහර කට්ටියගේ තැබෑරුම් ලයිසන් ටික කැන්සල් කළොත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
එළම කිරි. ඔය තියෙන්නේ වැඩ මල්ලි! අපේ ජනාධිපති තුමාට ජය වේවා (බ)
මහින්දගේ අදහසක් වුණත් මෙතුමා හොඳ දේ දිගටම කිරීම හොඳයි (නි)
මත්පැනට විරුද්ධ වෙන්න කියලා ආයාචනා කරන්නේ මොකටද, ඔබතුමාට බලයක් තියෙනවනේ අණ කරන්න (නි)
ලංකාවේ සැම නගරයකම මත්පැන්හල් දෙකක් හෝ තුනක් අනිවාර්යයෙන්ම තිබෙනවා එසේ නම් මතින් නිදහස් රටක් වන්නේ කොහොමද (අ)
මෙතුමා ජනතාව මුණ ගැසීමට යන්නේ උතුරට විතරයි, බලාගෙන යනවිට එකෙත් හැටි, (අ)