දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ලෙස ගොඩනගමින් මතින් නිදහස් රටක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ 104 වැනි සංවත්සරය අමතමින් කීවේය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිශ්පාදන ක්‍රියාවලිය වැඩි කළ යුතු බවත් ඒ සඳහා අනන්ත වූ කාර්යයන් ඇති බවත් ජනපති කීවේය
කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාවේ මහානායක ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සාමාජිකයින් මෙම උත්සවයට එක්ව සිටියහ.





COMMENTS
ඒ වුණාට රජයේ ඇමතිවරයෙකුගේ ගෙදර තිබූ විස්කි හොරකම් කරලා තිබුනා නේද කවුරුහරි? (නි)
පොල්, කිතුල්, තල් සහ උක් වලින් නිෂ්පාදනය කළහැකි මධ්‍යසාර වර්ග සහ බීර නිෂ්පාදනයකොට විදේශීය වෙළඳ පොළට හා දේශීය වෙළඳ පොළට යැවිය යුතුයි. බොරු නීති දාගෙන රටේ නිෂ්පාදන වලට තැන නැතිකරලා තියනවට වඩා කර්මාන්තකරුවන්ට ඉඩදුන්විට රැකියාවන් බොහොමයක් ඇතිවෙනවා. වැවිලිකරුවන් ඇතිවෙනවා. ගම් ප්‍රදේශ දියුණු වෙනවා (නි)
කටින් බතල කොල හිටවලා විතරක් නම් වැඩක් නැහැ (නි)
අරමුණ ඉතාම යහපත්. ඒ ගැන වාදයක් නැහැ.එහෙත් ඔබ තුමා ළංකරගෙන ඉන්න සමහරුන් (කවුරුත් දන්නවා ඒ ගොල්ලෝ කවුද කියල ) එක්ක ඔය වැඩේ කරන්න පුළුවන්ද කියන එකයි ප්රශ්නය. (බ)
සිරිමාවෝ බණඩාරනායක මැතිණිය හැදුවෙත් රටේ නිෂ්පාදන වැඩි කරන්න. ඒත් වැඩි දෙනා රටට වඩා බඩ ගැන විතරක් හිතුව නිසා හාල් ඇටය පවා පිටරටින් ගෙනෙන්න සිදුවුණා. හොඳදේට කැපිලි කෙටිලි බොහොමයි. (නි)
අවුරුදු ගණනාවක ඉඳලා මතට තිත තියන්න කතාකළාට තවම බැරිවුණානේ. පුවත්පත් වාර්තා වලට අනුව පසුගිය දිනකීපයේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොග ගණන් රටතුළට අාවා. (නි)
රොකී ආත්මාර්ථකාමී වෙන්න එපා අරමුණ ක්‍රියාත්මක වුනොත් දුක්වන අය කොපමණ ඉන්නවද? මත්පැනට අලුතෙන් එක්වන අය නවතා ගන්න උත්සහ කරන්න. (බ)
මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට .. ප්‍රසිද්ධියේම දඬුවම් කළ යුතුයි කියල කියනවා . නොබොන එකා කොහොමද එ්කේ රස ගුණ දන්නේ. (බ)
ඔව් ඉතින් මීට කලිනුත් "මතට තිත", "දුප්පත්කම තුරන් කිරීම" වගේ සුරංගනා කතාත් අපි අහලා තියෙනවා. (නි)
ඕක හැමදාම කතාකරනවා විතරයි. මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන වලින් තමා රට ගෙනියන්නේ. රටේ ජනතාව එයට ඇබ්බැහිවෙලා ඉන්නේ. ඉතින් කොහොමද ඉන් මිදෙන්නේ? ජනාධිපතිතුමා ප්‍රායෝගික දෙයක් කරලා පෙන්වන්න. ඔවැනි රටට ජනතාවට අහිතකර දේවල් වලට මාධ්‍ය සංදර්ශන නොතබා පාසැල් වලින් යහපත් පුරවැසියන් රටට බිහිකිරීමට වැඩපිළිවෙලක් යොදන්න. එහෙම වුණොත් මත්ද්‍රව්‍ය වලට ඉබේම තිත තැබේවි. (නි)
මේ යන විදියට අපිට නම් පෙනෙන්නේ මතින් බර රටක් තැනීම රජයේ අරමුණ බවයි (නි)
අරමුණ ක්‍රියාත්මක නොවීම ගැනයි හිතට දුක (නි)
පළමුවෙන්ම ඔය දේශපාලකයන්ට සහ ඔවුන්ගේ ගෝල බාලයන්ට දීලා තියන බාර් ලයිසන් අවලංගු කරන්න. අන්න එතකොට ඔබතුමාගේ කතාව ගැන විශ්වාසයක් තියන්න පුළුවන් වේවි! (නි)
ඔබතුමා කොන්ද කෙලින් කරන කතා කරපු දාට ඡන්දෙ දීපු අපිට ඔලුව කෙලින් තියන් ඉන්න පුළුවන් වෙයි (බ)
අඩුම ගානේ පත්තරෙන් වත් දැක්කේ නැද්ද අර කුඩු කන්ටේනර් ගැන ? (බ)
ඔය අරමුණ දැන් වසර කීයක ඉඳලද තියෙන්නේ? (නි)
හැමදාම කියනවා. ජනතාව අහගෙන ඉන්නවා. හරියට ටෙලිඩ්‍රාමා එක්ක බලනවා වගෙයි (නි)
මට නම් මේ කතා අහලා දැකලා ඇතිවෙලා. රජය පෙරලුනත් මොකෝ රටට හොඳක් වෙනවා නම් (නි)
එ්ක වෙන්න ඇති පසුගිය දවසක කිව්වේ ආණ්ඩුවේ ඉන්න කුඩු වලට සම්බන්ධ ඇමැතිලා ගැන දන්නවය එ්ත් හෙලිකළොත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකිවෙනවා කියල. මෙහෙමද මතින් තොර රටක් බිහිකිරීම කරන්නේ ? (බ)
මත්ද්‍රව්‍ය චෝදනා තියෙන අය ගැන හෙළි කෙළාත් ආණ්ඩුව බිදවැටෙනවා කියල කිව්වා නේද? (බ)
මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට .. ප්‍රසිද්ධියේම දඬුවම් කළ යුතුයි .. !!! එවැනි දේවල් ප්‍රසිද්ධියේම විනාශ කළ යුතුයි !!! (බ)
හතර හිනා කියන්නේ මේවට තමා (බ)