(ගයාන් සූරිය ආරච්චි)

හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ සන්තකයේ තබා ගනිමින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ඇතුළු වීමට ගිය බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 16,112 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12924ක්, දුම්කොළ මිලිග්‍රෑම් 73855 ක් පොලිසිය භාරයට ගනු ලැබීය. සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ අලෙවි කළේද යන්නන පිළිබඳව පොලිසිය වැඩි විමර්ශන සිදු කරයි.