මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින් අද (26) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්සවයක් පැවැත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ ත්‍රිවිධ හමුදා පොලිස් හා රේගු නිලධාරීන්ට එහිදී සම්මාන පිරිනැමුණු අතර අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ජනපතිට සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක යන මහත්වරුද උත්සවයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලලම එපාවෙලා තියෙන්නේ අපිට (නි)
ඔබට ජය මැතිඳුනි! (නි)
හැමදාම හැමදේම වැරදි ලෙස බලන්න හොඳ නැහැ නේද ? (ම)
"මත්ද්‍රව්‍ය පිටුදකින්න ජනපති පෙරට එයි". අපේ මුදල් වියදම් කරමින් යහපාලනයට ඡන්ද අරගෙන දුන්නු මිනිසුන්ගෙන් ලංකාවේදී ගුටි කන්න වෙන්නේ නැතිව දුන්නු පොරොන්දු ඉෂ්ඨ කළානම් හොද නැද්ද? (බ)
පහුගිය කාලේ මෙයාට මේවා නවත්තන්න දුන් නැහැ කියලනේ කිව්වේ. ඉතින් දැන් රටේ ජනාධිපතිනේ. මොනවා කරන්න බැරිද? (බ)
දැන් ඔය කියන දිනය සමරුවාම අපට ඇති සෙතේ මොකක්ද. (බ)
ලංකාවේ ලොකුම කුඩු ජාවාරම් කාරයෙක්ව ඇමති මණ්ඩලේ තියාගෙනද මහත්තයෝ මත්ද්‍රව්‍ය පිටුදකින්නේ? (බ)
අදකාලේ හැමදේටම දවසක් වෙන් කරල තියෙනව.ඒ දවස ව්තරක් මහ ඉහළින් සමරල වැඩක් නෑ එදාට දෙන පොරොන්දුත් ඒ වගේම ස්ථිර කරනවනම් කොයි තරම් වට්නවද. (බ)
මොනවා කළත් අපි අගය කරනවා මෙහෙම නිලධාරීන් දිරිමත් කිරීම ගැන. ඒ මොකද ඉස්සර පොලිසියෙන් ලොකු කුඩුකාරයෝ ඇල්ලුවාම ලොක්කෝ යනවා උන්ව බලන්න ගෙවල්වලට. එතකොට දිරිමත් කළේ නිලධාරීන් නෙමයි කුඩු කාරයින්වයි. (බ)
මට මතකයි සරත් ෆොන්සේකා මැතිතුමා දේසපාලන වැඩසටහනකදී කිව්වා එතුමාට අදාළ අමාත්‍යංශය බාරදුන්නොත් සති 2න් ලංකාවේ මත් උවදුර නැති කරනවා කියලා. ඔච්චර දඟලන්නේ මොකටද? එතුමාට බාරදෙන්න. අවංක උවමනාවක් තියෙනවා නම් අභියෝගය බාරගන්න කෙනාට අවස්ථාවක් දෙන්න ඕනෑ. අපි තවත් අඳුරේ අතපත ගාන එක නවත්වමු. (නි)
නැවත නැවතත් අහමු බයිලා.කඳු නාය යද්දී මිනිසුන් මැරෙද්දී අපි අහමු බයිලා. (අ)
උපාලි, ඒ වගේම අපි අගය කරන්න ඕනෑ තවත් දේවල් තිබෙනවා
මේවාට ජනපති තුමාම මැදිහත් වීමට ඇවසි නැහැ.(අ)
දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙත් විසඳුනා. මෙහෙම ගියොත් ඊළඟට එන අයට විසඳන්න ප්‍රශ්නයක් නැතිවීම ප්‍රශ්නයක් වෙයිද? (නි)
ජනවාරි අට ඉඳන්ම පෙරට ආවනේ. දැන්වත් ඕක කරලා පෙන්නුවොත් නරකද? (නි)
රජිත් මංජුල, ඔබගේ අදහස 100% සත්‍යයි. එතුමාට අදාළ අමාත්‍යංශය බාරදුන්නොත් සති 2න් ලංකාවේ මත් උවදුර නැති කරන්න පුළුවන් වගේම රටේ ධනස්කන්දය ගසාකෑ දුෂිතයන්ගේ ලෝකයේ බැංකු ගිණුම් වල තිබෙන රුපියල් කෝටි ප්‍රකෝටි මුදල් ටික ජනතා සතුකරන්නත් පුලුවන්. ඒ නිසා කිය කියා ඉන්නේ නැතුව එතුමාට බාරදෙන්නනේ තියෙන්නේ. (නි)
දැන් ඉතින් දුෂිතයෝ ටික අල්ලලා ඉවරද? ඒ මුදල් ජනතා සතුකරලා දැඩි දඬුවම් දීලා ඉවරද? ලැජ්ජයි. (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
ජනපතිතුමා හැරුණුකොට අනිත් අය ඔය නිවාරණය කරන්න යන්නේ අවංකවමද? මම කියන්නේ මේ රේගු මහත්තුරු, පොලිස් මහත්තුරු එහෙම. (නි)
ඔබතුමාගේ සටනට ජයවේවා! (නි)