(නිමන්ති රණසිංහ)
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගත්, කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12දෙනා ලබන 8 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නාය.
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් හෙරොයින් කූට ලෙස විකිණූ බව කියන සිද්ධියට අදාළව අද මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශද්‍රෝහීන් පට්ට ගහන්න ඕනේ... නඩු යනකොට නම් එළිවේවි මාධ්‍යකරුවන් මේගොල්ලන්ගේ මුහුණු අපිට පෙන්වාවි...!!!
මොවුන්ගේ සියලු විස්තර දැනගැනුමට බදුගෙවන අහිංසක පුරවැසියන්ට සම්පූර්ණ අයිතියක් තිබෙන බැවින් මොවුන්ගේ සියලු විස්තර මාධ්‍යයන්වල පලකරන මෙන් අදාළ ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. ඇත්ත වශයෙන්ම මෙය ඉතාම භයානක බැවින් හැකි ඉක්මණින් මෙම තිරිසනුන්ට උපරිම දඬුවම් ලබාදීම නිසි ලෙස ඉක්මන් වෙනු ඇති... අප ගරු අධිකරණයෙන් බලාපොරොත්තු වන්නෙමු..
අපරාධවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරිවරුනි, නුඹලා ලඟ තිබු කෙටි සැපත සොයා ගියේ ඇයි? නුඹලාට අත්වූ මේ දුක්ඛිත ඉරණම වනයේ වන සතුරෙකුට හෝ සිදු නොවේවා !!! එදා නුඹලා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ ආකාරයටම අද නුඹලාගේම නිලධාරීන් නුඹලාගෙන් ප්‍රශ්න කිරීම මොනතරම් නුඹලාට දුක ගෙනදෙන්නක්ද? ඒත් කුමක් කරන්නද? නුඹලා පොලිසියෙන් වැටුප් ගන්නා ගමන් අල්ලන ලද කුඩු විකිණීම මොනතරම් නීච වැඩක්ද? ඒත් දැන් ඒ ගැන පසුතැවීමෙන් ඵලක් නැත. මේ මොහොත වෙනවිටත් නුඹලාගෙන් රහස් පොලිසිය හොඳ හැටි ප්‍රශ්න කරනවා ඇති.. නුඹලා වැනි දූෂිත නිලධාරින් නිසා පොලීසියේ කීර්තිනාමයට සිදුවූයේ සුළුපටු හානියක් නොවේ. පොලිසියට සහ රටට ශාපයක් වූ නුඹලා වැනි දූෂිත නිලධාරීන් තවත් සිටීනම් ඔවුන්ද අල්ලාගත යුතුයි. එය රටේ අනාගතයේ යහපත වෙනුවෙනි. එය කුඩු උවදුර නැතිකිරීම මෙන්ම පොලිසියේ කීර්ති නාමය නගා සිටුවීම වෙනුවෙනි. මේ සටහන අවංක පොලිස් නිලධාරීන්ගේ සිත් රිදවීම පිණිස නොවේ. දූෂිත නිලධාරීන් ඇල්ලූවේද ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේද පොලිසිය වෙයි. එබැවින් අවංක නිලධාරීන්ට පරීක්ෂණ කරන නිලධාරීන්ට ප්‍රශ්න කරන නිලධාරීන්ට රට වෙනුවෙන් අපගේ ස්තුතිය පුද කරමු..!!!
අවංකව මධ්‍යස්ථව සිතමු... විමසමු.. ඇයි මේ තිරිසනුන් තම තිරිසන් මුණු වසාගන්න උත්සාහ කරන්නේ කියා..? මෙය ස්වභාවධර්මය විසින් දී ඇති ඉතා ප්‍රබල සංඥාවකි. ප්‍රබල සාක්කියකි.. එනම් මෙම පාපතරයන් මෙම මහා විනාශකාරී ක්‍රියාවට මහා පරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් සම්බන්ධ බවයි.. " වංකයා සැමවිටම තම මුණ වසාගනියි, නැතහොත් කිසිවෙකු මුණගැසීමෙන් වලකි" යන පැරැණි කියමන 200% නිවැරදි බව මෙම මුර්ගයන් මනාවට ඔප්පුකර හමාරයි..
ඇයි දන්නේ නැහැ මූණ වහගෙන යන්නේ... කුඩු බිස්නස්වලින් සල්ලි හොයනකොට මුහුණක් තියෙනවා කියලා මතක් වුණේ නැද්ද?