(නිමන්ති රණසිංහ)

මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදාහැරීම අලෙවිය සහ භාවිතය  නැවැත්වීම සඳහා නව විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ තරුණ පරපුර විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතයෙන් වළක්වා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවකට එක්වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද  මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන් විශාල වශයෙන් වැඩිවීම නිසා බන්ධනාගාර වල ඇතිවී තිබෙන තදබදය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන්ද  අධිකරණ, ආරක්ෂක,සෞඛ්‍ය යන අමාත්‍යාංශවල උසස් නිලධාරීන්  පොලිස් ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.