(සුජිත් හේවාජුලිගේ )
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වියදම (මෙහෙයුම් පිරිවැය ) රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
එසේම මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද රුපියල් කෝටි 3656 කට වැඩි මුදල ඵලදායී ලෙස භාවිතා කර නැතැයිද එහි දැක්වෙයි.
මත්තල ගුවන් තොටුපොළ 2021 වර්ෂයේ දී බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් කෝටි 400 ක් වූ අතර 2017 වසරේ සිට 2021 වසර දක්වා බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් කෝටි 2000කට වැඩි බව විගණන අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.
එම ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ දහයක් වුවත් පසුගිය වසර පහ තුළම පැමිණ ඇත්තේ මගින් අනූ එක් දහස් හත් සිය හතළිස් හතක් පමණක් බව පවසන විගණන වාර්තාව ගුවන් තොටුපළ ආශ්‍රිතව පසුගිය වසර පහේදී සිදුව ඇත්තේ ගුවන් ගමන් 2396 ක් පමණක් බවද සඳහන් කරයි.
තවද ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 19 ක ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් කෝටි 261 ට වැඩි මුදලක් සමාගම විසින් ගෙවනු ලැබ තිබූ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී.ඒ. රාජපක්ෂගේ පුත්තු රටට කරපු හරිය...
පල්හොරුන්, මෝඩයින්, දූෂිතයන් රජවුණාම මේ වැනි දේ සිදුවෙනවා.
රටේම මහ රජවරු කියලා හිතාගෙන පත්වුණත් ඒ අය කරන්නේ තමන්ගේ ගම් ප්‍රදේශවල නම පැවතීමට ඉදිකිරීම් මිස රටේ අවශ්‍යතාව හඳුනාගෙන කරන ව්‍යාපෘති නොවෙයි. කාලයක් කෙනෙක් හම්බන්තොටට කළා.. තවත් කාලයක් ජනාධිපති අප්පච්චි පොලොන්නරුවට කළා... නැති ප්‍රදේශවලට මොකුත්ම නැහැ. පාර්ලිමේන්තුවේ 225 හිටියට වැඩ කෙරෙන්නේ විධායකයට අවශ්‍ය ආකාරයට පමණයි. ඊයේ ටී.එන්.ඒ. මන්ත්‍රී කෙනෙක් කියපු ආකාරයට ඒ බව ඔප්පු වෙනවා. ඇති වුන් කති...බොති. නැතිවුන් සුසුම් ලති. ඒ නිසා ඉදිරියේවත් පාලකයාගේ මෙහෙම ඒකාධිපති තීරණ ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා ජනතාව පෙළගැසිය යුතුයි. මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් අනුමත කිරීමට ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි...
තවත් වීරකමක්...
අපේක්ෂිත මගීන් ගණන ලක්ෂ 10ට වැඩියිලු? කවුද මෙහෙම ගණන් හදන්නේ අවම වශයෙන් අග නගරයට ආසන්නයේවත් නැති එයාපෝර්ට් එකකට, සමහරවිට සෙල්ලමට අංක දාගෙන දාගෙන යන්න ඇති..?
සහගහන අපරාධයක් නේද?
රටෙි ජනතාව දැක්මක් නැති නායකයින්ව පත් කර ගැනීමෙි විපාක විදිය යුතුයි. ගුවන් තොටුපල භාවිතය ඉහල නංවා එයින් අාදායමි උපයා ගැනීමට වඩා දේෂපාලන විහිලු කිරිමට ගොස් ගුවන් තොටුපොලේ වී ගබඩා කොට එය විනාශ කල අය ගැන කතා නොකර හදපු අයට බැන පලක් තිබෙිද?