කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා මත මහමෙව්නාව භාවනා අසපුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට බුද්ධ ප්‍රතිමාවක් තෑගි කළේය.
ආහිර්වාද මුද්‍රාවෙන් යුත් මේ පිළිමය මහින්ද රාජපක්ෂ ජනපති අතින් විවෘත විය.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා මත මහමෙව්නාව භාවනා අසපුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට බුද්ධ ප්‍රතිමාවක් තෑගි කළේය.
ආහිර්වාද මුද්‍රාවෙන් යුත් මේ පිළිමය මහින්ද රාජපක්ෂ ජනපති අතින් විවෘත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි තමයි , මේක දකින කාගේත් හිතේ ප්‍රශ්න, ගමන් මහන්සිය යට යනවා. මොකද මේ බෞද්ධ සහෝදරයෝ සමහර අය මේකටත් බනින්නේ? පුරුද්දට ගියාම වෙන දෙයක් වගේ. (ස)
අනේ සාධු.... තෙරුවන් සරණයි (දී)
නමෝ බුද්ධාය!සාධු... සාධු... සාධු...! (ස)
දැන්, දැන් ලංකාවේ මිනිසුන්ගේ ගුනදහම් අඩුවීමක් පෙනෙනවා. බුදුන් දේශනා කළා වගේ බුදු දහම තව වසර 2500 ක් විතරක් තිබෙනව බව දැන්නම් පසක් වෙනවා. ඉන්පස්සේ අපි ඔක්කොම මැරි මැරී ඉපදී ඉපදී මිත්‍යාදුෂ්ට්යෙන් ජීවත් වේවි. අපි ඔක්කෙමෙ ලොකු පව්කාරයින්. දහම පෙනි පෙනී තිබිලත් අපි ඒක ගන්නේ නැහැ.(නදී)
සියල්ලෝම දැක බලා සතුටු වෙත්වා! මහමෙව්නාව බිහිවීමතුල අතිවිශාල බෞද්ධ ජනකායකට වැසී තිබුණු ඒ උතුම් බුද්ධ ධර්මය නැවත විවෘත වූ අතර එමඟින් බොහෝ පිරිසකට ප්‍රතිපත්තිමය හා ආමිස වශයෙන් පිළිවෙත් පිරීමට අවකාශය සැලසුනි. මේ රට බුදුරජාණන් වහන්සේට තෙවරක් පිදූ බිමයි. එවැනි පින් බිමක එක පිළිමයක් හෝ විහාරයක් නොව දහස් සංඛ්‍යාත වශයෙන් ඉදිවූවාට කම් නැත. දැක බලා සතුටුවිය නොහැකි පිරිස ඉරිසියාව නැමැති මානසික රෝගයෙන් පෙලෙන්නන් බව හැඟේ. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදුටි මොක් පුර! තෙරුවන් සරණයි!(නදී)
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතුති" දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන්කොට ඇති ආර්‍ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ දුක නිවාලමින්) බොහෝ කල් ගලා බසින සේක්වා!!!!!(නදී)
කෙනත් ඔයාගේ කතාව 100% ඇත්ත (ස)
සාදු! සාදූ! සාදූ ගෞතම බුදු සසුන බබලන යුගයක ඉපදුන අපිත් වාසනාවන්තයි.(නදී)
සාදු, සාදු ගුවන්තොටුපොළ තව තවත් දියුණු වේවා!(නදී)
බුදුරජනන් වහන්සේගේ අනෙකුත් ස්තුප වලට වඩා මෙහි ටවනසත් මට පේනවා.(නදී)
ශාන්ත වූ අමා මෑනියන්ගේ පිලිරුවක් කොහේ හෝ දකින්න ලැබීම භාග්‍යයක්. මගේ වේදනාව ඒ පිළිබදව නොවේ. මෙත් සිතින් පිරුන ගුරු හාමුදුරුවනේ ආලවකයන්ට ගොදුරු නොවන්න.(නදී)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇති බුදුපිළිම වහන්සේත් පරිත්‍යාගකලේ මහමෙව්නා අසපුවෙනුයි.එයත් මේ සම්ප්‍රධායටම නිමකළ බුදුරුවක්. (නදී)
වචනෙන් කියන්න බැරි තරම් වටිනවා (දී)
සර්වෝදයේ එ.ටී ආරියරත්න මහතාට සිදුවුනදේ මෙම නිරහංකාර, අලංකාර බන දේශනා කරන ගුණවර්ධන හාමුදුරුවන්ට සිදු නොවේවා!(නදී)
සාදූ! සාදූ! සාදූ ජීවමානයි.(නදී)
නමෝ බුද්ධාය! වගකීමකින් යුතුව ලෝ වැසියන්ට පුවත් ගෙන එන අතර ම, බුදු සසුන වෙනුවෙන් ලංකාදීප පුවත් පත සිදු කරන මහත් මෙහෙයට අප ගේ ප්‍රණාමය, පුණ්‍යානුමෝදනාව! තෙරුවන් සරණයි!(නදී)
බුදු සසුන බැබලේවා (දී)
ඔබ වහන්සේ බුදුන් වහන්සේ පෙන්වූ මග යමින් ධර්මයට පමණත් පුද සත්කාර කරන්නේන යයි සිතා අප සිත් පහදා ගත්තෙමු. නමුත් අප දැන් මුලා වී ඇත.(නදී)
සාධු... සාධු... සාධු...! අපේ රටට බුදු සරණයි! (නි)
සාධු.....සාධු.....සාධු.....සාධු..... (දී)
නමෝ බුද්ධාය! (ස)
ශා.... ඉතාමත් හොද වැඩක් (දී)
මටත් ඇත්තටම බුදු දහම අවබෝධ කර ගන්න ප්‍රබලව බලපෑවේ ඥානානන්ද හාමුදුරුවන්ගෙ බණයි. නමුත් උන්වහන්සේගෙ වර්තමාන ක්‍රියා කලාපය ගැන මට සතුටු වෙන්න බැහැ. (නි)
පිටිගලට තෙරුවන් සරණින් නුවණ ලැබේවා! (නි)
බොහොම හොදයි. අපිටත් පුළුවන් අටමස්තාන වදින්න යනවා වගේ වාහනේ ඉස්සරහ පොල් මලක් ගහගෙන මත්තල ගුවන් තොටුපොළ පැත්තේ වන්දනා ගමනක් යන්න.(නදී)
ඒ උතුම් භූමිය මගහැරුණු සමහරුන් ගැන දුකයි. (නි)
මේ උත්සවයේ බරපැන ගැන අපිට දැනගන්න අවශ්‍යයි. (නි)
අනේ මෙන්න මේ කවුරුහරි අචිනි උපාසිකාවට ඔය බුද්ධ පූජාවේ විය හියදම් ටික ලියලා යවන්න, නැත්නම් මෙයාට හීනෙනුත් පෙනෙයි. "මහමෙව්නාවෙන් බුද්ධ ප්‍රතිමාවක් තෑගි කළා" කියල පැහැදිලිව තියෙද්දිත් තව ගණන් හිලව් බලන්නත් ඕනෑලු! ඕක පෙන්නුවේ නැත්නම් මෙයාගේ හිතේ පිනක් පහලවෙන්නේ නැතිලු, බුදු පිළිමේ දකිද්දේ මුදල් සංඥාවක් පහලවෙනවලු අචිනි උපාසක අම්මගේ හිතේ. (නි)
සදු සාදු වසර හතරක් එක දිගට පිටරට ඉදල ලංකාවේ කටුනායකින් ඇතුලට එනොකොට මම දැක්කේ ඒ අමා මෑණි තථාගතයන් වහන්සේගේ කරුණාබර නෙත් සගලයි, ශාන්ත බුදු රුව ලග නතර වෙලා මම ඒ දිහා බලාගෙන හිටිය, මේ මහා භද්‍ර කල්පයෙහි සතරවෙනුව පහල වුනු ගොඋතම සම්බුදුරජාණන් වහන්සේගේ කරුණා මහිමය මනාව ඉන් කියවුනා! අතේ මලක් තිබුනේ නැහැනේ ඒ සම්බුදු සිරි පතුල ලග පුදන්නට, ගමන් මලු මිස! මම මේ ඇතුළුවන්නේ මිහිපිට ඇති ශ්‍රී සම්බුද්ධ ධර්මය රකින ජාතියක් ඉන්න උතුම් රටකට කියන හැගීම මට ඇති උන. සම්බුද්ධ රාජ්‍යයක ඉගිය හොදට ලැබුන, මේ දිහා සතුටින් බලා ඉන්න විදේශිකයන් පවා මම දැක්ක. මත්තලත් ඒ වගේ දෙයක් කල එක හොදයි. මේ පසුපස සිට අනුශාසනකල පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ කීමට වැඩකරන ජනපති තුමන්ට සහ විශේෂයෙන් මේ නිර්මාණය කල ඒ අනගි මුර්ති ශිල්පියාට, දහදිය මහන්සිය හෙලපු සැමට පින් අත් වේවා! සැමගේ සිත් පහන් වේවා! මේ දැක බුදුගුණ සිහිකර සිත් පහදවා ගන්න අයට බොහෝ පින් අත්වෙන බව අමතක නොකරන්න, පැහැදීමට හැකියාව නැති යට ඒ අවස්ථාවත් අහිමි වුණා ! එවන් අවසනාවන්තයන් නොවන්න.