‘වී ගබඩා කරන්න ඉඩ මදි වුණොත් මත්තල ගුවන් තොටුපොළේ වී ටික ගබඩා කරනවා. ගුවන් යානා යන්නේ නැත්නම් වී ටික දාමු. ඒකට කමක් නෑ නේද? අපි මේ කන්නයට වී රුපියල් 50ට ගන්නවා. මට ඕනෑ ගමට උදව් කරන්නයි.‘ යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) හසලක දී කීවේය.
“අපේ බලාපොරොත්තුව මාස 60කින් අලුත් රටක් හදන්නයි. අපේ රටේ ප්‍රධානම තැන දෙන්නේ ආර්ථිකය දියුණු කරන්න. ගමේ ආර්ථිකය දියුණු කරනවා. මේ කන්නයටත් රුපියල් 50ට වී මිළ දී ගන්න දැන් සල්ලි වෙන් කරලා තියෙනවා. අපට ගබඩා පහසුකම් තියෙනවා. අඩුවක් වුණොත් මත්තල ගුවන් තොටුපළේ ශ්‍රි ලංකා ගුවන්යානාවලට අයිති හැඟර් ඔක්කොගෙම ගිහින් වී ටික දාන්න කියලා කියනවා. කමක් නෑ නේද? ප්ලේන් යන්නේ නැත්නම් වී ටික දාමු. මට ඕන වී ටික ගබඩා කර ගන්න. මට ඕනෑ ගමට උදව් කරන්න . අපි පොකුරු ගම්මාන ඇති කරනවා. ආර්ථිකය දියුණු කරන්න ගමේ පාරවල් ටික හදලා දෙන්න, මේ ප්‍රදේශවල කුඩා වාරිමාර්ග හදලා දෙන්න අපි ක්‍රියා කරනවා.‘
ලක්ෂ්මන් කිරි ඇල්ල, රාවුෆ හකිම්, ආනන්ද අලුත්ගමගේ, ගයන්ත දිසානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ රැස්වීමට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හැදුවත් ඒක දියුණු කරලා පෙන්නුවොත් තමා වැඩකාරයෝ කියන්නේ. නැතුව වහලා දාන එක නෙමෙයි වීරකම (නි)
ඔබතුමා අන් අය කළ වැඩ ගැන නොකියා ඔබතුමා කළ සංවර්ධන වැඩ ගැන ජනතාවට කියන්නකෝ (ම)
ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල ආණ්ඩු මාරුවුණත් බලයට පත් ආණ්ඩුව කලින් සිටි ආණ්ඩුව විසින් කළ යෝජනා ඒවා කළ ආණ්ඩු වලත් වඩා හොඳින් නිවැරදිකොට ඉදිරියට අරගෙන යන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කළේ ආණ්ඩු කළ අයගේ බුදල් වලින් නොවන නිසාය. ඒවා ජනතාවගේ මුදල් නිසා රැකගතයුතුය. මෙය ඕනෑම කෙනෙකුට පැහැදිලියි. මේ විදියට අපිට හිතන්න වෙන්නේ රනිල් මහතාගේ සැළසුම් ඉදිරියට ගෙනයාමට ඉඩ දෙනවාද නැද්ද කියන එකයි. (නි)
එහෙම කළාම අපේ සල්ලි නැවත ලැබෙයිද? (නි)
මෙයාගෙ පාටියෙන් මුල්කිරිගල ඡන්දෙ ඉල්ලන ආනන්ද කුලරත්න කියනව එයා හිටපු කාලෙදි යෝජනා කරාලු හම්බන්තොටට වරායකුයි, ගුවන් තොටු පොලකුයි. දැන් ඔය නැව්, ගුවන්යානා එන්නෙ නැහැ කියන ඒවට ඒ කාලයෙදි හැදුවා නම් ඕසෙට එන්න තිබුනා එහෙමනම්. ගොවියට සලකන්න හදන මෙයාල තමයි වී අලෙවි මණ්ඩලේ විනාශ කළේ. අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව වහල ජනතාවට පහසුවෙන් ලාභයට බඩුගන්න තිබුන අවස්ථාව නැති කළේ.අපේ තරුණයන් මේව දන්නෙ නැහැ. අහස් මාලිගා වලට රැවටෙනව. (බ)
අර චුයින්ගම් සහ බ්රේස්ලට් ගැන මේ ගමන මොකුත් කියන්නේ නැද්ද? (නි)
පස්දුන් කෝරලේ හැදුන හැටි, තොප්පිගල ගැන, බදුල්ලෙ වරායක් හදන හැටි ගැනත් කියල දෙන්න ආයෙත් අපට දැනගන්න. (බ)
ඇයි මාස වලින් කතා කරන්නේ? මාස 60ක් කියන්නේ අවුරුදු 5ක්නේ. ඒ ඔබ බලයට පත්වුණොත් බලයේ සිටිය හැකි සම්පූර්ණ කාලයනේ. (නි)
ගුවන් තොටුපළවල් හදලා යානා එනතුරු බලාඉන්න එක නෙමෙයි සංවර්ධනය කියන්නේ. මේක හදලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ සල්ලි වලින් නෙමෙයි. දුප්පත් අහිංසක මිනිස්සු තව අවුරුදු ගාණකට ණය කරලා. (නි)
මේ වගේ කතා කියන පක්ෂ වලට අපි ඡන්දෙ දෙන්නේ නැහැ. රට සංවර්ධනය කරන්න නෙමෙයි, තියෙන ටිකත් නැති කරන්නයි කතා කරන්නේ. අපිට ඔය දේශපාලන කුහකකම් වැඩක් නැහැ. අවශ්‍ය රට දියුණුවෙනවා දකින්න. (නි)
එහෙනම් ඉතින් එහෙමවත් කරමු නේද? (නි)
කතාව නම් නියමයි මහත්තයෝ (නි)
මොහාන් දැන්මම කියන්න කල් මදි, ආණ්ඩුවක ක්‍රියා පටි පාටිය ගැන හරියටම. විශ්ලේෂණයක් කරන්න අඩුම තරමේ අවරුදු 2- 3 වත් ඒගොල්ල රට පාලනය කරන්න ඕනේ (නදී)
ජගත්,ඔයා මොනවද කියවන්නේ? (නි)
තව ටික කාලෙකින් මහා බැංකුවෙත් වී ගබඩා කරන්න වෙයි. මොකද එ්කත් හිස් වෙන්න ළඟයිනේ (නි)
කට්ටිය අඩුයිනේ. (නි)
එහෙම කොහොමද? අපේ සල්ලි වලින්නේ මේවා හැදුවේ (නි)
ගුවන් තොටුපළ හොඳ අනාගත ආයෝජනයක් (නි)
අපිට නම් ඔය ගුවන් තොටුපළ පාඩු නම් වැහුවත් කමක් නැත. නමුත් කෘතීම ලෙස වී මිල නම් ඉහළ දාන්න එපා. එතකොට හාල් මිලත් ඉහළගොස් දුප්පත් අපිට බඩගින්නේයි ඉන්න වෙන්නේ (නි)
කල්ප, සිංගප්පුරුව දියුණුවුණේ නායකයෝ හොරකම් නොකර රට පාලනය කර දුන් හොඳ ආදර්ශය ජනතාවගේ සිත් තුළට කා වැදී ඔවුන් හොර වැඩ නොකර මහන්සි වී වැඩ කළ නිසාය.නමුත් අපේ හිටපු නායකයෙක් ඔහුගේ පාලන කාලය තුළ ඔහුගේ පවුලේ උදවිය සහ සහචරයන් කරන ලද සොරකම් වැළැක්වීමට අසමත් වුණා මදිවාට දැන් "හොරා " යනු "හොඳ රාජ්‍ය නායකයෙකි" යන්න ප්‍රසිද්ධ වේදිකාවේත් කියා සිටී. අප සිටින්නේ සිංගප්පුරුවට ගවු ගණනාවක් පසුපසිනි (නි)
මම හිතන්නේ එතුමා දන්නවා කරන්න ඕනෑ දේ (නි)
මේ මොනවද කියවන්නේ? පෙනෙන්නේ නැද්ද දැන් දැන් චණ්ඩි වැඩ ආයෙත් එළියට එනවා. (නි)
ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලත් ඔබ ජාතික සම්පතකි. (නි)
නියම අදහස මහත්තයෝ. (නි)
අපි මොකක්ද මේ වී ගබඩාවට දාන නම? (නි)
අනේ නියම මොළේ! (නි)
හම්බන්තොට පැත්තේ යනකොට වැඩි හරියක්ම ඉන්නේ මොන වගේ අයද කියලා හැමදාම ඡන්ද ප්‍රතිඵලයෙන් ඔප්පුවුණා (නි)
අගමැතිතුමා මැතිවරණ වේදිකාවේ මොනවා කිවුවත් ක්‍රියාකරද්දී ඉතා බුද්ධිමත්. කල්ප කියන දේ යම්කිසි ඇත්තක් තිබෙනවා. අලුත් ගුවන් තොටුපල දැවැන්ත (ඇමෙරිකානු ඩොලර් මිලියන 400) මුදල් නාස්තියක් වුණාට බුද්ධිමත්ව කටයුතු කළොත් හම්බන්තොට වරායෙන් හොඳ වැඩක් ගන්න පුළුවන්. වැදගත්ම දේ කොළඹ වරාය විශාල කරන එක. අගමැතිතුමා මොනවා කිවුවත් වෙලාවට බුද්ධිමත්ව වැඩේ දේවි. හැබැයි ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක් ණය ගෙන කරන්න ගිය අති භයානක පෝර්ට් සිටි එක නවත්වාගත් එක නම් ලොකුම ලොකු දෙයක්. (නි)
අගමැතිතුමා, අපි ඔබට ගරුකරන්නේ හරි දේ කරන, ක්‍රමවත්ව පිළිවෙලකට වැඩකරන නායකයෙක් නිසයි. මැතිවරණ වේදිකාවේ ඔබ මොනවා කිවුවත් කරනකොට හරි දේ කරන බව අපිට විශ්වාසයි.ඔබ ගුවන් යානා නොයන ගුවන් තොටුපොළවල් ගුවන් යානා වලින් පිරවිය හැකි නායකයෙක් බවත් ඔබට අන්තර්ජාතිකව ඇති විශිෂ්ට පිළිගැනීමත් අපි හොඳින් හඳුනාගෙන සිටිමු. ජයවේවා අගමැතිතුමනි. ආසියාවේ මිණිපහන ඔබයි. (නි)
සෙනඟ නම් මදි වගෙයි (නි)
ද සිල්වා, දැන් හොරකම් නොකර රටට වැඩක් කරනවද? (නි)
කටක් සහ දිවක් තිබෙන නිසා මොනවාහරි කියලා හරියන්නෙ නැහැ (නි)
ඒක නම් හොඳ අදහසක්. වී ගබඩා කරන්නත් තැනක් ඕනෑනේ.අපරාදේ රට විනාශ කළා.ආදායමක් නැති ගුවන් තොටුපළක්. ලැජ්ජා නැතුව ආයෙත් ඡන්දෙ ඉල්ලනවනේ (නි)
ඔබතුමා 2004 දී ඔය ගුවන් තොටුපොළට මුල් ගල තියපු තැන තව ටිකක් එහා පැත්තේ (කුඩාඔය) කියලා අමතකද? (නි)
මේ කන්නේ රු.50යි. ඊළඟ කන්නේ? එතකොට අපි කන්නේ? (නි)
මේකද විශාල පිරිස. (නදී)
අයියෝ සල්ලි (නදී)
ඒ කාලේ වී මෝල් ටික දුන්න මතකද දන්නේ නැහැ. (නදී)
මොනවද මේ කථා. දැන් බිබිලට ගිශින් කියනවා ඒ අයගේ අස්වැන්න කොළඹ එවන්න එපා මත්තලින් අපනයනය කරනවා කියලා. දැන් වී දාන්න කථාව. ඕව තමා දේශපාලන කුහක කම කියන්නෙ (නදී)
ආසියාවේ මිණිපහනට ජය වේවා! (නදී)
මාස 60 උතුරට නම් රටක් හැදෙයි.(නදී)
මේ ගුවන් තොටුපල ගුවන් යානා අලුත් වැඩියාව සදහා යොදාගන්නට එජාපය සැලසුම් කරගෙන යන බවට ආරංචියක් පවතී. අගමැතිතුමා යනු ගලෙන් වතුර මිරිකිය හැකි අති දක්ෂයෙකි. මසකට රුපියල් 16,000 ක් පසු ගිය රජය මේ ගුවන් තොටුපළෙන් මසකට ඉපවුයේ ඇ. ඩො. මිලියන 400 ක නය මුදල් නාස්ති කිරීමෙන් පසුවය. මේවා ජාතික අපරාද.(නදී)
තව ටික කාලෙකින් මහා බැංකුවෙත් වී ගබඩා කරන්න වෙයි මොකද එ්කත් හිස් වෙන්න ලඟයිනේ (නදී)
අයියෝ චන්ද්‍රා ඒ රත්මලානේ වගේ පොඩි එයාර් පෝර්ට් එකක්නේ. ඩොලර් මිලියන 400 ක නය මුදල් කාබාසිනියා කරන ව්‍යාපෘතියක් නෙමෙයිනේ . චන්ද්‍රා මේකේ ආදායම දන්නවද? රනිල් 2004 සැලසුම් කරලා තිබුනේ විශාල ලෙස කොළඹ වරාය සංවර්දනය කිරීමට. (නදී)
නුවන් පසුගිය ආණ්ඩුව නය අරගෙන අරගෙන රින(-) වලින් පුරවල දීපු භාණ්ඩාගාරය මේ ආණ්ඩුව හිස් කරලා දුන්නොත් එ්කත් ලොකු ජයග්‍රහණයක්.(නදී)
කවුරු කවුරුත් එක්කාසුවෙලා මේවට ආදායම් මාර්ගයක් එන විදිහට කටයුතු කරන්න බලන්න (ම)
මාළු අල්ලනවා කියපු හම්බන්තොට දෙවන අදියරටත් සද්ද නැතිවම වතුර පිරෙව්වා නේද ? ජේ අාර් ගාමිණී මහවැලිය හදන කොටත් මේ හා සමාන කතා ඇහුනා (නදී)
කාර්ගෝ එකේ හුඟක් ඉඩ තියෙනවා වී ගබඩා කරන්න. මරු රන්වේ එක වී වේලන්න ටොප් . වී මෝලක් හයි කරන්නත් ඉඩ තියෙනවා වතුරත් තියෙනවා (නදී)
අනුරපුරෙන්, පොළොන්නරුවෙන්, අම්පාරෙන් වී අරන්, හම්බන්තොට ගබඩා කරන්ඩ. අනේ මහත්තයෝ හිතලා තියෙන තරම පේනවා (නදී)
නායකයකුට නොගැලපෙන කතාවක් (නදී)
කිසිදු ස්වබාවික සම්පතක් නැති සිංගප්පුරුව දියුණු උනේ වරාය හා ගුවන්තොටුපල සේවා සැපයීම මුලික කරගෙන. ලී කාවන් යූ මහතාගේ පොතක තියෙනවා 1950 වසරේදී ලංකාවේ හම්බන්තොට වරායක් හැදුවා නම් අද සිංගප්පුරුව නැහැ කියල - ලංකාදීප ඉරිදා සංග්‍රහය දියත පෙර කලාපයක තිබුනා. අපිට ඕනේ දැන් හරි ඒ වගේ විබවතාවයන් හදුනාගෙන දියුණු කරන නායකයන්. ඔබේ අදහස රිනාත්මක නේද අගමැති තුමනි දනාත්මක වන්න කොහොම හරි මත්තල ලාබ ලබන තැනට ගන්ඩ ඕනේ. එ්ක හදපු හිටපු ජනපති තුමාට අපහසු උනදේ කලොත් නේද හොඳ (නදී)
එහෙනම් දැන්මම ඒ වී ගබඩාව හදමු (නි)
ලංකාව කවදාවත් හැදෙන රටක් නෙමෙයි (නි)
හොඳ අදහස. ඡන්දෙට කලින් ඕක විවෘත කරලා බෝඩ් එකකුත් එල්ලමු (නි)
ගුවන්තොටුපොළ, වරාය වගේ විශාල ව්‍යාපෘති එක රැයින් අාදායම් ගේන්නේ නැ. එ්ත් දැනටමත් හම්බන්තොට වරාය වර්තා ගත අාදායමක් ගෙනත්. ඉතා විශාල බෝයින් ගුවන් යානා සදහා කටුනායක ඉඩ මදි. මෙය ක්‍රියාත්මක වුන විට ගුවන් ටිකට් පවා ලාභ වෙයි. මොකද හදිසි අවස්ථා වල අපට ලගම ඇති ඉන්දියාවට යාමට තරම් අමතර ඉන්දන ගෙන ඒමට අද ගුවන් යානා වලට සිදු වෙලා. එහි ප්‍රයෝජන ගන්න අපොහොසත් වත්මන් පාලකයෝ මෙවැනි ප්‍රකාශ කිරීම රටේ දියුණුවට හොද මදි නේද ? (නදී)
අගමැති තුමා කලබල නොවී ඉන්න මහින්ද මහත්තයා ආපු දවසක ඕකට ප්ලේන් ගේන්න ගනියි (නදී)