අයහපත් කාලගුණය නිසා ඒ330 ගුවන් බසයක් හදිසියේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට හැරවීමට සිදුවීමෙන් දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පෙනී යනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් කියයි.
නව රජය මෙම ගුවන්තොටුපළ වනසා නොදමනු ඇතැයිද ඔහු පවසයි.
ගුවන්තොටුපලේ ප්‍රයෝජනයට නොගත් බඩු ගබඩාවක වී ගබඩා කිරීම ගැන ඔහු මීට පෙර නොසතුට පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි මොලේ (බ)
ගුවන් තොටුපළකට ගුවන් යානාවක් ගොඩ බෑ එක ප්‍රවෘත්තියක් වූ අපේ රට!!! (නි)
මෙන්න ප්‍රවෘතියක්! සුදු අලියෙක් පීටේ එක මැස්සෙක් වහයි. (අ)
අනේ මන්ද තියෙන හකුර රැකගන්න කියා දෙන්න ඕනද කියල (ම)
මත්තල ඉස්සරහට දියුණුවෙන්නත් පුළුවන් (නි)
ලංකාවේ අමතර ගුවන්තොටුපළක් හදන්න තිබුණේ දඹුල්ලේ හරි ඉරණමඩු වල හරි (ම)
ඉතිහාසය සත්‍ය පහදාවී (ම)
මේ සිද්ධිය ආදර්ශයට අරන්, ලොකු ණයක් අරගෙන වෙනම පැත්තක ගෙයක් හදන්න පටන් ගත්තා. ඇයි දෙයියනේ හයියෙන් වහින වෙලාවක කුඩයක් නැති වුණොත් කොහේ කියලා යන්නද? තව අලුත් කාර් එකකුත් බැලුවා. තියෙන එක හදිස්සියේ කැඩුනොත් එහෙම එදාට ගෙදර ඉන්නයැ. (නි)
මොණරුන් ඇතුළු සුන්දර පක්ෂීන් කෙතරම් නම් ජීවිත පුදන්න ඇතිද මේ සුදු අලියෙම් වෙනුවෙන්.? (අ)
කසුන්, ඉතින් රාජපක්ෂ හැදුව නිසානේද ඔයාලට මේකේ වැඩක් නැති බව තේරෙන්නේ. කොන්තර පිරිමහන්න, කියන්න දේවල් ව්වේචන නැතුව වී ගබඩා කරනවා කියපුවාට ඒක කරලාම වෛරය පිරිමහගත්තාට අප්‍රිකාවේ නොදියුණු රටවලත් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් 1කට වැඩියෙන් තියනවා.(හේ)
මේ ළමයා හිතනවා වගේ මේ අපි තාම තොත්ත බබුන් මෙයාලගේ සුරංගනා කතා අහන්න. නාමල් බේබි වැඩක් වැරදුනා නම් එක පිළිගන්න පුරුදුවෙන්න. මේ වගේ කතා දිගටම කිව්වා නම් මිනිසුන් ඔයාවත් විහිලුවකට ගණන් ගනීවි. (හේ)
නාමල් මහත්තයෝ, ජනතා මුදල් කොටි ගණනක් වය කරලා ඔය ගුවන් තොටුපොල හැදුවේ ආපදාවට පත් ගුවන් යානා ගොඩ බාන්න නොවෙයි.නේද? නිසි වැඩපිළිවෙලක් නොමැතිව ඔය වගේ වැඩ කරන එක ජනතාව අනුමත නොකරන බව ජනවාරි 08 වෙනිදා පෙන්වා දුන්න නේද? මහත්තයෝ මේ රජය ලවා හරි මත්තල ගුවන් තොටුපොල නිසි මගට ගෙන ඊට වැය කල ජනතා මුදල්වලට සාධාරණයක් කරන්න බලන්න..(හේ)
වැස්සට බාන්න ද එයාර් පොර්ට් තියෙන්නේ? නාමල් ට මොලයක් කියල දෙයක් නෑ වගේ!(ම)
ගුරුතුමී: මේ තමයි ළමයිනේ මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපල.. ළමයි: කෝ ටීචර් ප්ලේන්?? ගුරුතුමී: වහිනකොට විතරයි මෙතනට බාන්නේ... (බ)
මහින්ද මහත්තය පාසිකුඩා නාන එකට දාපු අදහස් බලපුවම මට දුක හිතුන අපේ රටේ ඉන්න මිනුස්සුන්ගේ බාල බුද්දිය ගැන.නමුත් මෙතන අදහස් දක්වල තියෙන්නේ හුගක් බුද්ධිය තියෙන අය.(ම)
නාමල් බේබි ඉදල ඉදල නාගත්තා වගේ පව් අප්පා (බ)
හදිස්සියට බාන්න රු මිලියන 8000ක් විතර යට කරලා ඇරලා බලාගෙන හිටපල්ලකෝ. මේ රටට ඒ තරම් උතුරනවනේ.(හේ)
දැන් ප්‍රදේශය දියුණු කරන්න.(හේ)
ලංකාවේ ප්‍රථම වරට කාලගුණය අයහපත් වෙයි. (බ)
මත්තල ගුවන් තොටුපල හොඳයි. හැබැයි කරපු පරිසර විනාශය නම් මිල කරන්න බෑ.(ම)
අයහපත් කාලගුණවලට විතරක් ගොඩ බාන එයාර්පෝර්ට් මොකටද (බ)
කටුනායකට වහින්නේ අද ඊයේ ඉඳන් නෙමේ. ඒ අවස්ථාවේ හැටියට පාලක කුටිය ගත්තු ආරක්ෂක පියවරක් තමයි මේ. එහෙම වුනා කියලා හැම සැරේම වහින් වහින සැරේ මත්තල පාවිච්චි කරනවා කියන්නේ මෝඩ කථාවක්. (බ)
මීට කලින් කාලගුණ තත්ව මත ගුවන් යානා හරවා යවල නැද්ද.අනික යාන්ත්‍රික දෝශයක් හෝ ඉන්ධන අවසන් වීමක් නෙවෙයි.තව පැය 2ක් වත් ගමන් කරන්න ඉන්ධන ඉතුරුව තියෙන්න ඇති, රටේ ඇති තරම් ප්‍රශ්න තියෙද්දි ණය අරන් ගුවන් තොටුපොලට වඩා දෙයක් කරානම් හොදයි කියලයි අපි කියන්නෙ.බොරු කයිවාරුව විතරයි. (බ)
ලන්ඩන් ඉඳන් එන ගුවන් යානා අැයි මත්තල පැත්තට යන්නේ? කෙලින්ම කටුනායකට එන්න පුළුවන් නේ. (බ)
දින 365ම අයහපත් කාලගුණය බලපැවත්වුවහොත් නම් මත්තල ඕනෙම තමයි අප්පා (බ)
ඉඳල හිටලා එක ප්ලේන් එකක් බාන්න අවුරුද්ද පුරා කෝටි ගානක් වියදම් කරලා එයා පෝට් එකක් නඩත්තු කරනවාට වැඩිය හොඳයි, පිටට මුදල් දීල බාන එක. මොකද නඩත්තු වියදම් නැහැනේ..(බ)
දැනට පවතින ආණ්ඩුව සැලසුම් කර මෙම දේපළ සංවර්ධනය කළ යුතුයි (බ)
දැන් අලුතින් ගුවන් තොටුපළවල් අවශ්‍ය නැත. වී ගබඩා පාවිච්චි කර ගුවන්යානා ගොඩබාමු. සරලයි සුන්දරයි. (නි)
නාමල් තමයි ඒක වටහාගත්තේ (නි)
ඔය වහින වෙලාවේ අවේ ඔය ගුවන් යානය විතරද ? අනිත් ඒවා කැරකි කැරකි හිටියද? (අ)
මත්තලත් කල්ගුනේ අයහපත් වුණොත් තමයි හිතාගන්න බේරී! එතකොට කොහෙටද ගොඩබස්සනනේ!(ම)
කොහොමද ටිකිරි මොලේ (ම)
මහා පරිමාණයෙන් කොමිස් හා පරිසරයට හානි නොවී පුත්තලම/කල්පිටිය වැනි ප්‍රදේශයක ඉදි කෙරුවා නම් ඉතාමත් වටිනා ගුවන් තොටුපොළක් වනවා (ම)
අනේ දෙවියන්ට ඔප්පු වෙච්චාවේ...මේකේ ගෙනල්ලා තියෙන්නෙත් වී කියලයි ආරංචි. සංවර්ධනය..ජහ්..ජහ්...(ම)
ඕකට ඔනිමනම් රත්මලාන ගුවන් තොටුපොල වැඩි දියුණු කරගන්න තිබුණා.අපිත් එනවා ප්‍රංශයේ ඉඳලා.එක දිගට පැය 10/12ක්.අයහපත් කාලගුණය තියෙනවා එත් මත්තලවත් කොහෙවත් නවත්තන්නේ නෑ. (ම)
ඕනෙම රටකට අමතර ගුවන් තොටුපලක් අවශ්‍යයි. නමුත් ලංකාවේ එක පිහිටුවපු තැනයි, ඒක කරපු විදිහයි තමා වැරැද්ද තියෙන්නෙ. (ම)
දෙවෙනි තොටුපොළක් ඕන තමයි. හැබැයි ඒ හම්බන්තොට වගේ පරිසර විනාසයක් කරලා නුසුදුසු වටපිටාවක නම් නොවෙයි. (ම)
හැම සම්පතක්ම හම්බන්තොටට ඇදපු එකයි ඒ සඳහා කරපු අති විශාල මුදලයි ගැන බුද්ධිමත් ජනතාවගේ අකමැත්ත එහෙමමයි නාමල් මහත්තයෝ. මේක නඩත්තු කිරීමට යන මුදලුත් එක්ක මේක කොතරම් දුරට ආර්ථික වශයෙන් අපට හානිකර ද කියන එක ගැනයි උගත් ජනතාවට ඇති ප්‍රශ්නය. (ම)
එකනේ කියන්නේ, ලංකාවට වහිනවා කියල දුර දැක්මෙන් දැකලා කල්තියල මේක හදල තිබ්බ නිසා හොඳට ගිය, නැතිනම් මොකද වෙන්නේ? (බ)
ගුවන්තොටුපළකට ගුවන් යානාවක් ගොඩ බාපු එක ප්‍රවෘත්තියක් උන එකම රට!!! කියල වැඩක් නැහැ!!! (ම)
එක ගුවන් යානයයිනේ ආවේ. අපි තව බලමුකෝ (නි)
ඕනෑම රටකට එයාපෝර්ට් එකකට වඩා අවශ්‍යයි. එක තමයි රටේ දියුණුව කියන්නේ. අසල්වැසි බංගලාදේශයේ පවා එයාපෝර්ට් 3 ක් තියෙනවා. ඉන්දියාවේ එයාපෝර්ට් 45 කට වඩා තියෙනවා. ලිදේ ඉන්න ගෙම්බෝ හිතන් ඉන්නේ ලිඳට එහා ලෝකයක් නෑ කියල. (බ)
ඔය පණ්ඩිතකම ගමේම තියාගන්න.(ම)
හුඟ කාලෙකට පස්සේ ඉතාමත් බුද්ධිමත් සංවාදයක් දැක්ක මේකේ. ඉතා දුර්වල ලෙස තවත් තම දේශපාලන පක්ෂ පාට මුල් කර ගෙන අදහස් දැක්කේ කීපයයි. මුකුත් දේශපාලකයන්ට කියන්න එපා. ඒගොල්ලෝ අදහස් කරන්නේ තමන්ගේ දැනුම හා බුද්ධිය ප්‍රමණයටනේ . (අ)
එක ගුවන් යානයක් ආවාම ගිය වියදම හරි පවු (බ)
නිකන් බොරුවට කැගහන්නේ නැතුව මත්තලට කටුනායක කියල නම දාලා, කටුනායකට මත්තල කියල නම දැම්ම නම් ප්‍රශ්නේ ඉවරනේ. (බ)
මත්තල හරියට සිරිපාද කන්දේ රජතුමාට වසරකට දෙතුන් පාරක් යන්න අති විශාල මාලිගාවක් රටේ ධනය වැයකර ප්‍රධාන ගංගා හතරම අඩපන කරලා කොමිස් වලට හැදුව වගේ (බ)
අර දෙල් කොලයට අහස කඩාගන වැටුන වගේ අනේ පවු..(බ)
රත්මලාන ගුවන් තොටුපොල මොකොටද තියෙන්නේ? (බ)
හදිස්සියකට ගුවන් යානයක් බස්වන්න කෝටි ගානක් වියදම් කරලා හදලා තවත් කොටි ගානක් වියදම් කරලා නඩත්තු කරන්න ඕනද? (ම)
තාත්ත කරපු වැඩේට පුතා හොට දාල වර්ණනා නොකර ඔය වගේ දෙයක් වෙන කවුරු කියන්නද ? එහෙම නේද නාමල් මහත්තයෝ ? (අ)
මීට වඩා නරකද මත්තල ගුවන්තොටුපොළ හදන්නේ නැතිව නියගය කාලෙට පීඩා විදින හම්බන්තොට බුත්තල වැල්ලවාය මොනරාගල වගේ ප්‍රදේශ වලට මුහුදු ජලය පිරිපහදු කරන ජාල ව්‍යාපෘතියක් කරානම් එහෙනම් රාජපක්ෂවරු ගැන නොමැකෙන ඉතිහාසයක් රන් අකුරින් ලියවෙනවා (හේ)
රුපියල් බිලියන ගණනක් වැය කරලා, අනාගත දරුවන් පරම්පරා ගණනකට උගස් තියල, නාම පුවරු ගසා ගැනීම සඳහා වටිනා අභය භූමියක් මැද්දේ හදපු මේ "හොල්මන්" ගුවන්තොටුපලට කලකට පස්සේ ගුවන් යානයක් පැමිණීම ගැන වන සත්තු විරෝධය පාන්නත් ඇති. වියදම් කරපු සල්ලි සම්භාරයෙන් කොටසක් ගෙවලා, ක්‍රියාත්මක වෙමින් තිබුන රත්මලාන ගුවන් තොටුපල අන්තර්ජාතික ගුවන් තොටුපොළක් බවට උසස් නොකරේ, මහින්ද රාජපක්ෂ රත්මලාන ප්‍රදේශයේ උපන් පුද්ගලයෙක් නොවුන නිසයි (අ)
මෙයාලගේ මොලයේ තරම මෙම ප්‍රකාශයෙන් මැන ගන්න පුළුවනි (අ)
ඔය ගුවන් තොටුපළ උතුරේ හැදුවනම් මෙලහකට කටුනායක ගුවන්තොටුපල වහලා. (ම)
හරි හරි. ඔය ඔහොම එකක් වුණාමනේ... (නි)
අපේ රටේ මිනිස්සු හැමදෙයක්ම බලන්නේ පාට කණ්ණාඩි දාලා. දැන් ඔය යහපාලනය කියන විදිහට රට දියුණු වෙන්න පටන්ගත්තහම රටට ගුවන් තොටුපළවල් දෙකක් නෙමෙයි හතරක්වත් ඕනෑවෙයි. (නි)
මේ වගේ අය ද පාර්ලිමෙන්ු යවන්නේ රටේ මිනිස්සු. (අ)
මහින්දගේ නරක දේවල් ඇති. නමුත් කරපු හොඳ අමතක කරන්න එපා (අ)
හරියටම එකත් ශ්‍රි ලංකන් එකක් වුණානේ (ම)
මත්තල කාලගුනේ හොඳ නැති වුනේ ජනවාරි 8 වැනිදා ඉඳන් නේ. ඔයාල දන්නැද්ද? (බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, තාත්ත කියාගත්ත හොරා කියල....දැන් පුතා ආවඩනවා. මහජන මුදල් (බ)
මෙහෙම යනකොට තව තව ඒවා එන්න පුළුවන් (නි)
නාමල්ට විතරයි ඒක තේරුනේ (නි)