හම්බන්තොට රජයේ වී ගබඩා වසා ඇඟළුම් කම්හල් දාපු එජාපය අද (13) මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට හදන බව හම්බන්තොට එ.ජ.නි.ස අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ලුණුගම්වෙහෙරේ දී කීවේය.
ගොවියාගේ වී මිලදී ගන්නවා කිව්වට වී කිලෝවක් කීයටද මිල දී ගන්නනේ කියා කියන්නේ නැහැ. දැන් වී කිලෝ දෙකක් රුපියල් පනහයි. වී මිලදී ගන්න කිසිම වැඩපිළවෛලක් රජයට නැහැ. මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමට සුදුසු දැයි පරීක්ෂා කරන ලෙසට වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් හම්බන්තොට කලමණාකරුට ලිපියක් එවලා. මෙය වී මිලදී ගන්න නොවෙයි ගුවන් තොටුපළත් එක්ක තියන තරහට කරන වැඩක්. හම්බන්තොට සංවර්ධනය ඉවසා ගන්න බැරිවෙලා .
හම්බන්තොට මෙවර මහ මැතිවරණයෙන් සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා.එය විඳ දරාගෙන ඉන්න බැරිව අද විවිධ මඩ ගහනවා. රනිල් වික්‍රමසිංහ එන රැස්වීම් වලට සෙනඟ නැහැ. රනිල්ට කේන්ති යනවා. තංගල්ල රැස්වීමට සෙනඟ හිටියේ නැහැ. රනිල් බාගෙට කථා කර රැස්වීමෙන් බැහැල ගියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු 17දාටම... (නි)
වී ගබඩා කරන්නේ මොකටද, ගුවන් යානා මත්තලට එන්නේ නැත්නම් ගුවන් පථයේ ලැම්බෝගිනි රේස් දාන්න පුලවන් නේ පර්යන්තේ ප්‍රේක්ෂකාගාරය කරලා !!! (ම)
දේශපාලන කුහකකමින් තොර ජාතික සංවර්ධන ප්‍රතිපත්ති අවැසි මොහොතක් (නි)
අපි බලමු සෙනඟේ තරමට මනාප තියෙයිද කියලා (නි)
ජාතික අවශ්‍යතාවය ගැන සිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ (නි)
මත්තල ගුවන් තොටුපළ ඉදිරියේදී සංවර්ධනය කරන අකාරය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා. (නි)
ඔව් ඉතින් හම්බන්තොට විතරනේ සංවර්ධනය කළේ.එතකොට ඉතින් කාටද බලාගෙන ඉන්න පුළුවන්. රැස්වීම් වල සෙනඟ ඉන්න හරිය හොඳටම ඇති.සමහර අය ඉතින් රැස්වීම් වලට සෙනඟ ගෙන්වන්නේ බස් වලින්නේ. කෑම බීමත් දීලනේ.විශිෂ්ට ජයක් ලබන්නේ කවුද කියලා 18 වෙනිදාම බලාගන්න පුළුවන්. (නි)
ශ්‍රී ලාංකිකයන් ලෙස රටට ආඩම්බරවීමට හැකි අනාගතය දෙස බලා කර ඇති මෙවැනි ව්‍යපෘති කවුරු කළත් අගය කළයුතුය. මෙම ව්‍යාපෘතියේ සැළසුම් අධ්‍යයනය කර රටට දැනට ලැබෙන සහ ලබාගැනීමට බලාපොරොත්තුවන ප්‍රතිඵල වටහාගත හැකිය. විශේෂ ආයෝජකයන් ගෙන්වීමටත් රටතුළ කර්මාන්ත ඇරඹීමටත් බලාපොරොත්තුවන්නේ නම් ඊට සුදුසු යටිතල පහසුකම්, දියුණු මහාමාර්ග, වරායන් , ගුවන් තොටුපළ, අත්‍යවශ්‍ය නොවන්නේද? අපි ලබාගත් මේ වටිනා දේවල් අගය කිරීමට තරම් ගුණගරුක මිනිසුන් වෙමු (නි)
වර්තමානයේ දේශපාලනඥයින් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනවා හැරෙන්නට එකමුතුවී රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමේ හැකියාව ඇති බුද්ධිමතුන්, වෘත්තිකයන් ඒකරාශී කරගෙන තනි තනි පුද්ගලයා වශයෙන් නොව සාමූහිකව දේශපාලන තීන්දු තීරණගෙන රට ඉදිරියට ගෙන යාමටත් දුප්පත් ලාංකික ජනතාව නගා සිටුවීමටත් කටයුතු කළ යුතු බව සියලු දෙනා වටහා ගත යුතුය. (බ)