විවෘත ගුවන් ප්‍රතිපත්තියක් යටතේ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට ගුවන් යානා මෙහෙයුම් මධ්‍යස්ථානයක් තිබිමිට කිරිමේ හැකියාව ගැන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සොයා බලයි. වාණිජ ගුවන් සමාගම් වලට මත්තල නොමිලේ පහසුකම් සැලසීමෙන් එම ගුවන් තොටුපළෙන් සිදුවන පාඩුව අවම කර ගැනිම රජයේ අරමුණයි. මේ සඳහා ගැසට් නිවේදනයක් ලොව වටා ගුවන් සමාගම් වෙත දැන්විමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ප්‍රතිචාර දක්වන අය මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඇත්ත තත්වය දැනගෙන ඉන්න http://www.mahinda.info/2015/04/maththala/ (බ)
මත්තල ගුවන්තොටුපල රටට වටින්නේ ලංකාවට 2500000 සංචාරකයා එන දවසට. එ්ක වැඩි ඈතක නෙමෙයි. ලගදීම සිදු වේවි. නැවූ එන්නේ නැහැ කියපු හම්බන්තොට වාරයේ දෙවන අදියර අාරම්භකරපු ආණ්ඩුව දැන් මේ තැන් දෙකම ගැන මොකද කියන්නේ ? (නදී)
මත්තල විතරක් නොවේ. හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය සදහා මහින්ද රාඡපක්ෂට පෙර ආණ්ඩුවක් විසින් මුල්ගල තිබ්බ සිහිවටන පුවරුවක් තිබුනා. එතන තමයි වරායට සුදුසුම තැන. නමුත් එම සිද්ධිය යටපත් කාරීමට මහින්ද ආණ්ඩුව එම ස්ථානය වෙනස්කර වෙනත් තැනකට වරාය රැගෙන ගියා. එම තැන සුදුසු නොමැති නිසා ව්‍යාපාතිය අසාර්ථක වුනා. (නදී)
පොලොව හැරලා රට ඇතුළේ වරායක් හදපු එකම රට ලංකාව වෙන්න ඇති. මෙවැනි දේවල කරනවා ගංඟා වල වරායවල් හදනකොට. වරාය හැදිය යුතුව තිබ්බ දෙයක්. එය හදපු තැන , ගිය වියදම සාධාරනිකරණය කරන්න බෑ. ගුවන්තොටුපොල කිසිම උවමනාවක් සදහා නොව ඔලුව ඉදිමීම නිසා වුන දෙයක් පමණි. ලංකාවේ 2014 වර්ෂයේ සංචාරකයින් 1,600,000 ක් පැමිණ ඇත. මෙය 2,500,000 වන්නේ වසරක 20% වර්ධන වේගයක් පෙන්නුවොත් තවත් වසර 3 කින්. නමුත් 2,500,000 යනු එක දවසකදී මගීන් 7,000ත වැඩ අඩු සන්ක්යාවක් තමි එන්නේ. කටුනායකට දිනකට මගීන් 7,000 හසුරුවා ගැනිමට ලෙහෙසියෙන්ම පුළුවන්. එක ගුවන් යානයක මගීන් 250ක් පැමිණියොත් මෙයට අවශ්‍ය වන්නේ ගුවන් යාන 28ක් හසුරුවා ගැනීමටයි. මේ කියන්නේ විනාඩි 45 එක ගුවන් යානයක් බේගල් වලින් මෝඩයන් පමණක් මුලා කළ හැක (බ)
කරන්න හදනකොට රටේ සිටි බුද්ධිමත් අය අහක බලාගෙන හිටියේ ඇයි? (නි)
මේක හරියට "ඉහිරුන කිරට අඬන පොඩි දරුවෙකුගේ කතාව" වගේ නේද? (බ)
ඔය ඔක්කොම හමාරවෙලා සූ ගාලා පෙළට ගුවන් යානා එන්න ගත්තහම යාල කැලේ ඉන්න සත්තු ඒක දාලා වෙන තැනකට යයිද? (නි)
ලීග්, ඔබ වැනි හීන ලෝකවල ඉන්න අය ලංකාවේ තවමත් ඉන්න නිසා තමයි ලංකාවට හැමදාමත් මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා මෙවැනි ව්‍යාපෘති කළේ ඇයි? වසරක අාදායම රුපියල් 16000 යි. මෙවැනි දෑ දැක දැකත් වහසි බස් දොඩවන මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ නය ගෙවන්නේ අපේ බදු මුදල් වලින් කියලා. මිට වැඩිය හොද නැද්ද රට තුල විශ්ව විද්‍යාල දෙක තුනක් හැදුවා නම් මේ මුදල්වලින් ඒවායෙන් පිට වන බුද්දිමත් ළමයි එවිට විදේශ රැකියාවල යෙදිලා හරි රටට මුදල් එවනවා ඒ වගේම දැනුම වැඩිවෙනවා.(නදී)
මහින්ද රාජපක්ෂලා වැඩ කළේ රටේ සහ වර්තමාන අවශ්‍යකාවයට නෙමෙයි ඔහුන්ගේ අවශ්‍යතාවයට. ඒ හින්දා තමයි මෙවැනි ගැටළු මතු වීමට හේතුව. රටේ මුලික අවශ්‍යතාවයන් තේරුම් ගන්න බැරි කෙනෙක්ව නැවත පත්කරගන්න උත්සහ කරන්නේ මොන වගේ මනසක් ඇති පුත්ගලයන්ද කියල ඕනෑම කෙනෙකුට තේරෙනවා. බොරු සංදර්ශන සංවර්දනයක් කරමින් ජනතාව මුළා කරා චීනෙන් ගත්තු සම්පුර්න මුදල රුපියල් කෝටි ලක්ෂ 500 කි. නමුත් යොදාගෙන ඇති මුදල රුපියල් කෝටි ලක්ෂ 132 කි. ඉතිරි මුදලට මොකද උනේ ? (නදී)
කරුණාකර ඉක්මන් කරන්න (නදී)
පාලකයන් කෙසේ වෙනස් උවත්, රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්දන ව්‍යාපාර වෙනස් කරන්න එපා. මෙතුවක් කල් ලංකාවේ පරිහානිය වුනේ එ්ක. (නදී)
ඔය හොරකම් බයිලාව තවදුරටත් ගයන්න එපා අනුර. අපි මහින්ද එළවලා මෛත්‍රී පත් කර ගත්තේ ඒවා හොයන්න තමයි. දැන් ඉතින් අපි වැරදි කරපු අයට දඬුවම් දෙනකල් බලා ඉඳිමු. (නදී)