හම්බන්තොට සිට මත්තල ගුවන්තොටුපළට යන මාර්ගයේ තැනින් තැන මේ දිනවල ගොවීන් වී වේලන අයුරු දැක ගත හැකිවෙයි. මංතීරු හතරක් වන මාර්ගයේ වාහන ගමනාගමනය අඩුවෙන් සිදුවෙන හෙයින් ගොවින්ගේ වී වේලීම රථ වාහන ගමනාගමනයට බාධාවක් නොවේ.
හම්බන්තොට සිට මත්තල ගුවන්තොටුපළට යන මාර්ගයේ තැනින් තැන මේ දිනවල ගොවීන් වී වේලන අයුරු දැක ගත හැකිවෙයි. මංතීරු හතරක් වන මාර්ගයේ වාහන ගමනාගමනය අඩුවෙන් සිදුවෙන හෙයින් ගොවින්ගේ වී වේලීම රථ වාහන ගමනාගමනයට බාධාවක් නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් තියෙන පාරෙන් ප්‍රයෝජනයක් ගත්තම මොකද?(ම)
බුදු අප්පච්චියේ චීනෙනේ ගිනි පොලියට අරගත්තු අපේ සල්ලි වලට ගිය කල දසාව , එක අතකින් නිකන් තියෙන එකේ මොකක් හරි වැඩක් ගන්න එකත් හොදනේ (බ)
ලංකාවේ මිනිස්සුන්ට කවද ගොඩ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ...මත්තල ගුවන් තොටුපොල හෝ ඒ අවට පාරවල් සියල්ල දැන් ගිලුණු පිරිවැයක්. ඉතින් තාමත් ඔය ගැන චෝදනා කර කර ඉන්නවා ඇරෙන්න, මේකෙන් වැඩක් ගන්නේ කොහොමද කියල බැලුවද? දැනටමත් මම දැනුවත්ව ආයෝජකයෝ ඉන්නවා ලංකාවේ ආයෝජනය කරන්න කැමැත්තෙන්...නමුත් ලංකාවේ තියෙන නීති , බදු ගැටළු සහ ස්ථාවරත්වයක් නොමැති කම නිසා ඔවුන් එන්න බයයි...(බ)
නැතුව ඉතින් හාල් ගරන්නයැ ? (බ)
මේ වගේ දේවල් දකින කොට ගොඩක් දුකයි.(හේ)
ලංකාවේ වී වගා කරනවා ,ගොයම් කපනවා ,වී වේලනවා ,ගබඩා කරනවා,ගුල්ලෝ හැදෙනවා, විසි කරනවා , පිට රටින් හාල් ගෙන්නනවා ,කියනවා ලංකාවේ හාල් අතිරික්තයක් කියලා (හේ)
මොනවා හරි ප්‍රයෝජනයක් ගන්නවා නම් බොහොම හොඳ දෙයක්. (ම)
රට සංවර්ධනට කරන්න පළමුව අපේ මින්සුන්ගේ නුගත් කම තුරන් කරන්න ඕනේ ලෝකයට ප්‍රදර්ශනය කරන්න ප්‍රථම (බ)
මෙවැනි දේවල් කරන්නේ කරපු සංවර්ධනයට සමච්චල් කිරීමටය (බ)
කරපු සංවර්ධනය පලදායී නැති බවට උදාහරණයක් (ම)
ඔය පැත්තේ පාරවල් බොහොමයක රථවාහන ගමනාගමය අඩුයි. ඉතින් මේ දවස් වල මෙහෙම වී වේලන එක ඔය පැත්තේ පාරවල් වල සුලබව දකින්න පුළුවන් දෙයක් (බ)
මේ ඒ පැත්තේ ගොවියන්ගේ වැඩ. වාහන යන්නෙ නැත්නම් පාරේ වී වේලුවාම මොකද කියලා හිතන්න ඇති.ඒත් ඔය පැත්තේ මුවෝ, අලි එහෙමත් ඉන්නවා නේද? (බ)
කොළඔට ගොඩබාන්න බැරි අවස්ථාවල මේක උවමනා වුනා. හම්බන්තොට වරාය සහ ගුවන්තොට මුල් කරගෙන කර්මාන්ත පුරයක් මෙහි දෙවනි අදියරට අයත් එ්ව කිරිම නව රජය නොසලකා හැරීම නොකළයුතුයි(කෞ)
පොඩි එකාගේ සිහිනය (බ)
මේ පුවතින් පෙන්නේනේ රටක් දියුණු වීමට වී වේලාගැනීමට ප්‍රමිතියක් ඇති පහසුකමුත් අවශ්‍යයි කියන එකනේද? (බ)
ඔය වී ටික විකුණලා ප්ලේන්ටි 3 බොන්න සල්ලි හොයාගන්න පුළුවන් දැන් (බ)
බෝධියක් සිටවිය යුත්තේ පන්සලේ පිළිකන්නේ නොව වඳින්න සුදුසු තැනකය. මේ ගුවන් තොටුපල හදා ඇත්තේ එවැනි තැනකය. කවුරුත් වදින්න නොයන එකේ බෝ මළුවේ වී වේලුවාට වරදක් නැහැ. (බ)
ඉඩ තියෙන නිසා වී වේලන එක හොදයි වී ගබඩා කළොත් නරකයි (බ)
ප්‍රයෝජනයක් ඇති සංවර්ධනයක් කරානම් සමච්චල් වෙන්නේ නැනේ නේද , රටවල් වලට ණය වේවි බොරුවැඩ කරාම නිකන්ම සමච්චල් වෙනවා (හේ)
පාරේ වී වේලන එක හොද දෙයක් .වී වලට වැලි ,වාහන වල ටයර් රබර් කෑලි ,අවට විෂබීජ ඔක්කම එකතුවෙලා ඉවරයි .අපි බත් කන්නේ කුණුත් එක්ක .මට කියන්න අපි බත් කනකොට වැලි ඇටයක් නැතුව කාපු බතක් .මම ඉන්නේ මලයාසියාවේ .මෙහෙ මම දැකල තියෙනවා කොන්ක්‍රීට් පිට්ටනි මොකටද වී වෙලන්න .ටොන් 100 එකපාර වේලනවා (බ)
මෙවැනි දෙයක්වත් කරගන්න බැරි අයට හරිම හිතේ අමාරුව (හේ)
මේ පාරෙන් ගන්න පුළුවන් තව වැඩ කොච්චර තියෙනවද ?(හේ)
අපේ මුදල් බොරුවට වියදම් කරනවා.(හේ)
එහෙම හරි ප්‍රයෝජනයක් ගන්න එක ලොකු දෙයක්.(හේ)
සරත්, මේ ප්‍රදේශයේ ජීවත් වෙන අහිංසක ගොවි ජනතාවට කාටවත් සමච්චල් කරීමට අවශ්‍ය නැහැ. මේ කරන්නේ වාහන යන් නැති පාරෙන් ප්‍රයෝජනයක් ගන්න එක විතරයි. (ර)
මහාජන දේපල වෙන වැඩක් ගන්නේ නැත්නම් ජනතාව කැමති විදිහට ප්‍රයෝජන ගත්තාවේ මොකද මේවා හැදුවේ කාගෙවත් බුදලෙකින් නෙවේ නේ... (ර)
මේක ගොවියාගේ අයිතියනේ, පාරේ පාලු මකන්න මේ වැඩේ හොඳයි.(හේ)
වේලෙන වී කොහාටද යන්නේ හැමදාම හාල් වල මිල අධිකයි නේ. (හේ)
දැන් සංවර්දන පුවත් නැහැ . එකයි මේවගේ වී වේලන පුවත් තියෙන්නේ.(හේ)
අපිට නම් මේක පුදුමයක් නොවෙයි. අපේ පොලොන්නරුව හිඟුරක්ගොඩ පළාතේ ගොයම් කපන කාලෙට හැම පාරක් ගානෙම වී වේලනවා. (කෞ).
මේකත් රජයෙන් කලානම් විරුද්ද වන කට්ටියක් ඉන්නවා.(කෞ)
තමන් හැදුවේ නැති උනාට කමක් නැහැ .. අඩු තරමේ හදල දුන්න එකක් වත් නග්ගල ගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබේවා ..(කෞ)