
(අංජුල මහික වීරරත්න)
මත්තල ගුවන් තොටුපළට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව වන සත්ව ගහණය ඉහල බැවින් සතුන් ගුවන්තොටුපළ සීමාවට පැමිණීමෙන් හානි සිදු විය හැකි බවත් ඒ නිසා ගුවන් සමාගම් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට මැලිකමක් දක්වන බවත් අමාත්‍යංශය කියයි.
මෙම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර කැබිනට් මණ්ඩල තීරණයට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට සහ ගුවන්තොටුපළට වන සතුන්ගෙන් සිදු වන බලපෑම අවම කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී ලෙස සාකච්ඡා කෙරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංසිද්ධිය සොයාගත්තේ “කපුටාස් හිට් ද ප්ලේන්” කියපු මළපොතේ ඉංග්‍රීසි දැනුමක් නැති ඇමරිකාවට පැනලා ජීවත්වන මහ කපුටා.
මෙන්න මේක තමයි නිසි පරිසර අධ්‍යයනයන් නොකර තමන්ගේ නම ගහගන්න ඕනෑ කමට තමන්ගේ ගම් පලාත්වල ගුවන් තොටවල් හදපු එකේ ඵල විපාක. මිනිසුන්ට විතරක් නොවේ වන සතුන්ටත් හානි කරලා තියෙන්නේ...
ඒක හොඳයි. ඕක හැදුවෙත් හොරාකෑම පෙරදැරිකර ගත්තු සත්තු වගේ පිරිසක්නේ.