IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා

(සුජිත් හේවාජුලිගේ)

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් රුපියල් කෝටි 3800 ක පමණ  පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්තල ගුවන්තොටුපළ රුපියල්  කෝටි 3600ක පමණ වියදමින් ඉදිකර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද  ඔහු සඳහන් කළේය.

මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමද රජයේ අපේක්ෂාවයි.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් රජය නව කැමැත්ත ප්‍රකාශන  කැඳවීමටද  නියමිතය.



අදහස් (9)

මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා

මොළහතා Monday, 21 July 2025 04:58 PM

ප්‍රස්නයක් නැහැ. කපුටා හිට් ද ප්ලේන්...?

:       4       16

Asela Monday, 21 July 2025 05:10 PM

එන්පීපී/ පාරම්පරික ජවිපෙ වහලුන් හැරුණු විට, මේ ශ්‍රී ලංකාවේ සිදුකළ මෙගා සංවර්ධනය වෙන කිසිවෙකු නොව මහින්දයි. මීට පෙර කිසිදා කළ නොහැකි මාර්ග සංවර්ධනයක්, මහින්ද විසින් කරන ලද මෙගා ව්‍යාපෘති. ඇත්ත වශයෙන්ම, 2005 සිට 2015 දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියේය. මෛත්‍රීට සහාය දුන් ජවිපෙ රටට විනාශය ගෙන ආවේය. නෙළුම් කුළුණ යනු මෙම ජාතියේ ලෝක කීර්තිමත් අනන්‍යතාවයයි. මේ නිෂ්ඵල පාලනය කළේ කුමක්ද? ඇනිකට් එකක් පවා හැදුවා. කිසිවක් නැත. චෝදනා කිරීම පමණි. වෙන කිසිවක් නැත. වෛරී අවජාතකයෝ...!

:       48       10

පිටරැටියා Tuesday, 22 July 2025 01:42 PM

අවතැන්වූ අසරණයින්ට දුන්නු සුනාමි ආධාරත් ගසා කෑවා. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙචිචි. සංවර්ධනයෙන් පුලුවන් තරම් කොමිස් ගහපු විදිය ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා .. පවුලේ හතර වරිගේම ඉන්න අය නම් පරම්පරා ගාණකට ඇති වෙන්ඩ සංවර්ධනය වුණා. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු විදිය ලෝකෙම දන්නවා. වහල්ලූ හිතාගෙන ඉන්නේ මිනිස්සු අන්ධ, ගොලු, බිහිරෝ කියලා වෙන්නැති. මහින්ද චින්තනය 1,2, තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආස්චර්‍ය ලෝකෙටම පෙන්නුවා. අදහන්නම වටිනවා...

:       0       0

Perakum Liyanagama Monday, 21 July 2025 05:20 PM

අපේ රාජපක්ෂ මහරජානෝගේ නාමය මකා දමන්නේ නැතුව ඕන මගුලක් කර ගත්තාට සපත්තු ලෙවකන බයියන් වන අපේ විරුද්ධයක් නෑ...

:       13       25

පන්සිළු Monday, 21 July 2025 06:18 PM

හිටපු නායකයින්ට බැන බැන රටට දායද කරපු දේවල් විකුණාගෙන කන එක තමයි කරන්නේ. ණය ගන්න එකයි විකුණන් කන එකයි ඇරෙන්න වෙන නම් දෙයක් පේන්න නෑ. ආ... කට මැත දොඩවන එකයි කෙප්ප කෙළින එක පේනවා...

:       0       0

පිටරැටියා Monday, 21 July 2025 08:44 PM

අසේල කියන විදියට මහින්දයා මෙගා සංවර්ධනය කරපු විදිය දන්නෝ හොන්දාකාරවම දන්නවා .අධිකරණය විසින් ආර්ථික ගාතකයෝ කියලා වරදකරුවන් වෙච්ච් . සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගාණක ආදාරත් හොරාකාපු මහින්දයා හිරේට නොයවා රජගෙදරට යවපු අය ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ

:       0       0

ගුණරත්න Monday, 21 July 2025 09:46 PM

ඔය ආයතනය දියුණු කරන්න අමාරු එක රජයේ ආයතනයක් ලෙස පවතින නිසයි. දැන් රනිල්ට බැන්නාට හම්බන්තොට වරාය රටට බරක් නැතිව වැඩේ කරගෙන යනවා, රට ආදායමුත් හොයා දෙනවා, නමුත් කොමියුනිස්ට් මොළ බාග වලට ඕක තේරෙන්නේ නැහැ, උන් දන්නේ ත්‍රිපෝෂ කඩ දාන්න.

:       0       0

Chandima Monday, 21 July 2025 10:48 PM

රනිල්, රාජපක්ෂ කාලේ නේද?

:       0       0

fairoos Tuesday, 22 July 2025 11:31 AM

රාජපක්ෂලා කරපු සුදු ව්‍යාපෘති වලින් රට බංකොලොත් උනත්, ඒ කරන අයනම් සැපට ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site