ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 දරණ මගී ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
ලන්ඩන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කොට ඇති මෙම ගුවන් යානය කිසියම් කරුණක් නිසා මත්තල ගුවන් තොටුපළ වෙත පියාසර කළේය.
පසුගිය සති කිහිපය පුරාම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබදව ආන්දෝලාත්මක් පුවත් මැවුණු අතර එහි ගබඩා සංකීර්ණ තුළ වී ගබඩා කැරිණී.
එම ගුවන් යානය පස්වරු 4.45 ට පමණ කටුනායක බලා පියාසර කළේය.
ඡායාරූප - රොෂාන් රණසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ඉස්සරවෙලා කටුනායකට අයහපත් කාලගුණය තියනකොට කොහෙද දන්නේ නැහැ ඕව බැවේ (අ)
ආණ්ඩුවේ දෝෂයක්ද කොහෙද තිබිලා තියෙන්නේ. දැන් හොඳ කලදසාවක් ඒවි. (නි)
ගුවන් තොටුපළකට මත්තල සුදුසු නැහැ කියන එකයි විරුද්ධ වූ අයගේ තර්කය වුණේ. (නි)
මේ ආණ්ඩුවට මත්තල දියුණු කරනවා නම් අනන්තවත් ක්‍රම තියනවා දියුණු කරන්න (නි)
මේ දේ රටට උවමනායි. අපි මේවා නැතිකරගන්නේ ඇයි? දේශපාලන තරහ අමතක කර රටට වටිනා දෙයක් කවුරු වුණත් කරනවා නම් තමයි රටට වටින්නේ. (නි)
රටකට දෙවැනි ඉන්ටෙර්නැෂනල් ගුවන් තොටක වුවමනාව හොඳට පැහැදිලි නේද? (බ)
හොද වෙලාවට මත්තල තිබුනේ. නැත්නම් චෙන්නායි තමයි යන්න වෙන්නේ. (බ)
මත්තල තිබුනේ නැත්නම මේක නවත්වන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි වල නේද (බ)
ආ මේ වී ගෙනියන්න එන්න ඇති . මත්තල ජාත්‍යන්තර වී ගබඩාවට (බ)
විහිළු කළාට මත්තල වැදගත් බව ඕනෑම කෙනෙකුට දැන් තේරෙනවා (නි)
බැන්නට මොකද ඕක නොතිබුණා නම් චෙන්නායි යන්නනේ වෙන්නේ ඔය වගේ හදිස්සියකට? (නි)
කැලේට හඳ පෑවුවා වගේ. සතුටුයි (නි)
දැන් බයියන්ට මැජික් වගේ තියෙයි (බ)
මහින්ද හීතිකාව නිසා දකුණේ සංවර්ධනය නවත්වන්නේ නැතුව දුර බලලා වැඩ කරොත් දකුණත් දියුණු කරන්න පුළුවන් බව පෙනෙනවා නේද? (බ)
ඕක තමයි කියන්නේ රටකට දෙවෙනි ගුවන් තොටක් ඕනේ කියල. (බ)
හදිසි අවස්ථා වලදී අපි ඉන්දියාවේ ගුවන් තොටුපල වල පිහිට පැතුවේ එදා, එහෙත් මෙදා අපිට අපේම ගුවන් තොටක් තිබීම කොතරම් අගනේද? දේශපාලන කෙනහිලි කම් වලින් පිරුණු ඇසින් නොබලා, මේ ගුවන් තොටේ අගය තවම මේ ආණ්ඩුවේ ය දෙකකේ නැහැ. අනේ රටේ සම්පත් වල විටිනාකම් නොදකින ඔල මොළ! (බ)
හාවා හඳ දැක්කා වගෙයි (නි)
මත්තල නොතිබුනා නම් ඒක කොහේද දන්නෙ නැහැ බාන්න වෙන්නේ (නි)
ඇති යාන්තම්. (නි)
ඒකතමයි මත්තල වැදගත් කියන්නේ අපිට (නි)