IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


මත්තල ගුවන් තලයට එක්කළ වගයි

මහා සංඝරත්නයේ සෙත්පිරිත්, ජය සක්, මඟුල් බෙර හා මහජන ප්‍රීති ඝෝෂා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොට සිසාරා ඇසෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති කටුනායක සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මත්තලට පැමිණ නව ගුවන්තොට විවෘත කළේය.
එවිට වේලාව පෙරවරු 11.08.50 විය.

ගුවන්යානය මත්තලට ළඟා වූයේ පෙරවරු 10.54ට ය.

ජනපති, කතානායක චමල් රාජපක්ෂ, අගමැති දි මු ජයරත්න හා ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහත්වරු  රතු පලස මතදී පිළිගන්නා ලද්දේ දකුණු පළාතේ මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති  ප්‍රසන්න වික්‍රමසූරිය මහත්වරුන් විසින් මල්දමින් පිළිගනු ලැබූහ.

සිය ගණනක් පාසල් සිසුහු ජාතික කොඩි වනා අමුත්තන් පිළිගත්හ. ජනපති ජාතික කොඩිය ඔසවද්දී නමෝ නමෝ මාතා ජාතික ගීය වාදනය විය.

ගුවන්තොටේ සංචාරය කළ ජනපති පෙරවරු 11.22ට එහි සමරු ඵලකය විවෘත කළේය.

හෙක්ටයාර 800ක් පුරා පැතිරුණු මත්තල පෙර දින වැස්සෙන් සිසිල් විය. ගුවන්තොට වටේ ඔසවා තිබූ කොඩි වලින් ද තවත් සිසිල එක් විය.

ජනපති පැමිණ මිනිත්තු 43කට දෙවැනි ගුවන් යානයට මත්තලට ළඟා විය. ශ්‍රී ලංකා ගුවන් සේවයේ  එම   යානය පැමිණියේ ඩුබායි සිටය.

2009 නොවැම්බර් 27 දින  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීය.

චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රාත්කරු වෙයි.  මුළු ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 20.9කි.  මින් චීන රජයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 19 මුදලක් සහනදායී ණයක් ලෙස ලබා දී ඇත. ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් දරනු ලැබීය.

2010 මාර්තු 16 වැනි දා සිට  චීන සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නිර්මාණ සැළසුම් කිරීම අරඹා ඇති අතර එම වසරේ නොවැම්බර් මස සිට ඉදිකිරීම් කටයුකු අරඹා ඇති අතර  මේ දක්වා දේශීය විදේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ සියලු කටයුතු  සිදුවෙයි.

 

 



අදහස් (0)

මත්තල ගුවන් තලයට එක්කළ වගයි

චතුර Monday, 18 March 2013 12:59 PM

ඡයවේවා! (නි)

:       0       0

සජිත් Monday, 18 March 2013 09:24 PM

දවසක ලංකාවේ අපි ලෝකෙම ජය ගන්නවා (දී)

:       0       0

මාලන් Monday, 18 March 2013 04:28 PM

ගුවන් තොටුපල ඉදිවීම අපට ආඩමිබරයකි.ජය වේවා (දී).

:       0       0

පී.කේ.එස්.කුමාර Tuesday, 19 March 2013 10:27 AM

රටක තිබිය යුතු කාලීන දෙයක් දායක කිරීම පිළිබදව ගෞරවය ලබා දිය යුතු අභිමානවත් දෙයකි.!(නු)

:       0       0

අනුර Monday, 18 March 2013 01:11 PM

ජනාධිපතිතුමනි, කොහොම සුභ පතන්නද කියලා හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

නුස්කි Tuesday, 19 March 2013 10:32 AM

අපේ ආශීර්වාදය (දී)

:       0       0

ආනන්ද Tuesday, 19 March 2013 03:23 PM

අපේ සුභ පැතුම් (දී)

:       0       0

ටිකිරි බංඩා Friday, 22 March 2013 02:19 PM

සාජා සිට එන් එයාර් ඇරබියා එකෙන් මත්තලටනම් ඩිරාම් 399 (රුපියල් 13965/=) ට එන්න පුලුවන්. කටුනායකට එන්න නම් හැම ගුවන් යානයෙම රු. 17850/= ත් යනවා. ඒ තරම් අඩුවට දීලාවත් සීට් ගනන පුරවගන්න බැරිවයි ඉන්නේ. කාට කියන්නද?(නදී)

:       0       0

රවී Monday, 18 March 2013 04:35 PM

කව්රු කොහෝම කිව්වත් කරලා තියෙන්නේ ලොකු වැඩක් (දී)

:       0       0

තරිඳු බබා Monday, 18 March 2013 04:43 PM

මත්තල ගුවන් තොටුපොල හැදුවේ පුංචි අපිට. අපේ අනාගතේට. මත්තල අපේ... (නි)

:       0       0

චමිලා Monday, 18 March 2013 10:13 PM

නියම වැඩක්. සුභ පැතුම් ශ්‍රී ලංකා! (නි)

:       0       0

ගාමිණි Monday, 18 March 2013 01:23 PM

නිල් අඹර ජයගත්තා අපි (දී)

:       0       0

පුෂ්පකුමාර Monday, 18 March 2013 04:49 PM

විශිෂ්ට අනාගතයක්! (නි)

:       0       0

සිල්වා Monday, 18 March 2013 01:26 PM

දිගටම අහස් යානා පැමිණෙන්න කියා සුබ පතනවා ! (නි)

:       0       0

ජගත් Monday, 18 March 2013 01:26 PM

අද හැබෑ වුණේ සිහිනයක් නොවෙයි. රටට ආදරය කරන අපි සහ අපේ දරුවන්ගේත් හෙට දවසයි. ‍ඔබට මගේ නමස්කාරය ජනපතිතුමනි! (නි)

:       0       0

රකිත් Wednesday, 20 March 2013 10:29 AM

මගේ රට දියුණු වෙනවට කැමති නමුත් ඔය කියන දියුණුවීම ගැන මට ප්‍රශ්න කිහිපයක් ඇත. සුරියවැව අන්තර්ජාතික ක්‍රීඩා පිටියක් හැදුවා නේද? මේ අවුරුද්දේ කීයක් විතර මැච් ගහලා තියෙනවද? හම්බන්තොට වරායට නැව් කීයක් ඇවිල්ලා තියෙනවද? මේ ගුවන් තොටුපලට දවස ගානේ කීයක් ගුවන් යානා එන්න සැලසුම් කරලා තියෙනවද? මේ ව්‍යපෘති සඳහා වැය වූ මුළු මුදල කොපමණද? (නි)

:       0       0

රුවන් Monday, 18 March 2013 01:22 PM

ගුවන් තොටුපළවල් හදන එක හොදයි. නමුත් ලංකාවට එන ගුවන් යානා ප්‍රමානයට කටුනායක එක හොදටම ප්‍රමානවත්. ගුවන් තොටුපළක් නඩත්තු කිරීම ඉතා අධික වියදම් සහිත එකකි. (නි)

:       0       0

රණා Monday, 18 March 2013 01:30 PM

හරිම ආඩම්බරයි. ඡයවේවා! මගේ රටට සුභ පතන අයටත් මගේ රටටත් උත්තම දළදා හිමි සරණයි! (නි)

:       0       0

ලලිත් කටාර් Monday, 18 March 2013 04:56 PM

සතුටුයි.. ස්තුතියි ජනපති තුමනි.. මේක ගොඩක් හොදයි දකුණේ ජීවත් වන අයට... ජය වේවා..!(නු)

:       0       0

ගුනවර්දන Monday, 18 March 2013 10:23 PM

අපෙන් සුභපැතුම් (දී)

:       0       0

චූලක Tuesday, 19 March 2013 11:25 AM

ජය ජය ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

ප්‍රදීප් Monday, 18 March 2013 10:30 PM

අපේ ජනාධිපති තුමාට අපේ සුභපැතුම් (දී)

:       0       0

මෝරාල Monday, 18 March 2013 04:53 PM

ඇයි මේ හාමුදුරුවන්ව පස්සට දාලා..!(නු)

:       0       0

ගාමිණි Monday, 18 March 2013 10:32 PM

දැක්කාද ප්‍රථම ගුවන් යානය ලංකාවට ආපු හැටි (දී)

:       0       0

ඩොනල්ඩ් හියෝ පෙරේරා Monday, 18 March 2013 10:35 PM

දහසක් පැතුම් පොදි බැඳ අප සිත්තුල ලොවටම අරිය ගුවන් තොට අද මත්තල (අ)

:       0       0

සුජා Tuesday, 19 March 2013 11:37 AM

දැන් සුද්දන්ට ලේසියෙන්ම එන්න පුළුවන් අපේ ගම් බලන්න. (නි)

:       0       0

සංජීව Monday, 18 March 2013 01:33 PM

දැන් අපේ රට හරිම දියුණුයි. අපිට දැන් අඩු රොකට් අංගනයක්. (නි)

:       0       0

අමිල Monday, 18 March 2013 01:38 PM

වැඩේ නම් හොදයි. ආඩම්බරයි. (නි)

:       0       0

මාලිංග Monday, 18 March 2013 04:56 PM

යන්තම් ඇති. දැන් අපිට බස්වල දුක් විදින්නෙ නැතුව ප්ලේන් වලම යන්න පුළුවන්. (නි)

:       0       0

පාලිත Monday, 18 March 2013 10:40 PM

very good හුඟක් හොඳයි (අ)

:       0       0

නිරන්ජන් Monday, 18 March 2013 04:56 PM

ජයවේවා,..... සුභපැතුම් අපෙන් (දී)

:       0       0

සන්දු Monday, 18 March 2013 01:33 PM

රුවන්, ගුවන් තොටුපළ හැදුවේ ඔයාටයි, මටයි, ජනාධිපතිතුමාටයි නෙමෙයි. රටේ අනාගත පරපුරට. (නි)

:       0       0

ගමගේ Monday, 18 March 2013 05:04 PM

කවුරු කළත් හොද දේ හොදයි. (නි)

:       0       0

රත්න Tuesday, 19 March 2013 11:51 AM

මගේ රටට සුභම සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

හේමා Monday, 18 March 2013 10:44 PM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

දිනේෂ් Monday, 18 March 2013 05:01 PM

කුහකයෝ මොනවා කිවුවත් අපිට අපේ රට ගැන ආඩම්බරයි. (නි)

:       0       0

අමරා Monday, 18 March 2013 10:48 PM

අපේ රටට ජයවේවා (අ)

:       0       0

කුමාරි Wednesday, 20 March 2013 11:17 PM

මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

පාල Monday, 18 March 2013 01:48 PM

මේවාට ගිය වියදම් එහෙම කොහොමද?(නු)

:       0       0

අරුණ Monday, 18 March 2013 05:05 PM

මට නම් පිස්සු වගෙයි. (නි)

:       0       0

rangashani Monday, 18 March 2013 10:52 PM

සමහර මෝඩ මිනිස්සු අපේ රටට මොන දේ කළත් කතා කරන්නේ බඩු මිල ගැනමයි (අ)

:       0       0

රීටා Monday, 18 March 2013 01:45 PM

මේකටත් නගරයේ දාන්න තිබුණේ අනිත් රටවල වගේ (නු)

:       0       0

ප්‍රියදර්ශනී Monday, 18 March 2013 05:06 PM

ආඩම්බරයි! (නි)

:       0       0

ශිලා Monday, 18 March 2013 01:45 PM

ගුවන සිසාරා ජය ගොස (දී)

:       0       0

සමන් Monday, 18 March 2013 01:51 PM

ලෝකෙම අවධානයට ලක්වෙන වැඩක් (දී)

:       0       0

හේමාල් Monday, 18 March 2013 05:17 PM

රට දියුණු වෙනවට නම් අපි අවංකවම සතුටුයි. ඒත් මට හිතෙන්නේ මේක අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන්නෙ නැහැ කියලයි. (නි)

:       0       0

නිරංජලා Monday, 18 March 2013 01:52 PM

වැඩේ හොදයි. ඒත් බඩු මිළ ගැනත් ටිකක් හිතන්න. (නි)

:       0       0

පාලිත Wednesday, 20 March 2013 11:47 PM

ලංකාව ආසියාවේ අස්චාර්ය වෙලා ඉවරයි (දී)

:       0       0

සුදීර Monday, 18 March 2013 01:47 PM

මේවාට යටවන මුදල් ගෙවන්නෙ අපි නිසා අපි කැමතියි කීයක් වියදම් උනාද කියලා දැනගන්න..!(නු)

:       0       0

තරංග Monday, 18 March 2013 01:50 PM

නියමයි. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 19 March 2013 12:01 PM

ඇත්තටම ආඩම්බරයි (දී)

:       0       0

ලාල් Monday, 18 March 2013 01:53 PM

දැන් මත්තලට එන අලි ටික නවත්වන්න වෙයි. (නි)

:       0       0

රුවන් Monday, 18 March 2013 05:21 PM

සම්තින් ඉස් බෙටර් දෑන් නතින්... (නි)

:       0       0

කීර්ති Monday, 18 March 2013 11:12 PM

කටුනායක ඉඩ ගන්න. පුටුවේ ඉදලම මත්තලට ඇදලා වගේ. දැන් අපිට බිම ඉදගන්න වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

කුමාර Monday, 18 March 2013 05:16 PM

මෙය දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)

:       0       0

තිලක් Monday, 18 March 2013 11:08 PM

මෙතන තියෙන අදහස් දැක්කහම ලංකාවේ මිනිස්සු ගැන අපිට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

කීර්ති Monday, 18 March 2013 11:09 PM

හම්බන්තොටට නැවක් ආවම පොටෝ සහිතව කියනවා වගේ මත්තලට ගුවන්යානයක් ආවම අපිව දැනුමිවත් කරන්න.(නදී)

:       0       0

සුසන්ත Monday, 18 March 2013 05:18 PM

හරිම ආඩම්බරයි! (නි)

:       0       0

කීර්ති Monday, 18 March 2013 11:20 PM

චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රාත්කරු වෙයි. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ (අ)

:       0       0

පිටිගල Monday, 18 March 2013 11:28 PM

මෙම අපුරු දර්ශන බලන්න සැමට ආරාධනා! (නි)

:       0       0

ශ්‍රීසර Tuesday, 19 March 2013 12:09 PM

රොකට් එකක් ඇරියහම, වරායක් හැදුවහම අපේ රට මාර දියුණුයි කියලා කෑගහන්න කලින් හිතන්න මේවට සල්ලි එන්නේ කොහෙන්ද කියලා. අපේ රටට සල්ලි තියනවා නම් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් කීයක් හැදුවත් අපිට කමක් නැහැ. නමුත් කටුනායක ගුවන් තොටුපලට දරාගන්න බැරි තරමක් ගුවන් යානා ආවද? කටුනායක ඉඳන් කිලෝ මීටර් 200 වැනි ගුවන් ගමන් සැළකීමේදී ඉතාම අඩු දුර ප්‍රමාණයක් තුළ තවත් අන්තර්ජාතික ගුවන් තොටුපලක අවශ්‍යතාවයක් තිබේද? රටක දියුණුව කියන එක පේන්නේ රටේ ජනයාගේ ජීවන තත්වය එක්ක සිදුවන දියුණුවකුයි. (නි)

:       0       0

රිෂාඩ් Monday, 18 March 2013 02:12 PM

සුභ පැතුම් මහින්ද මහතාණෙනි! (නි)

:       0       0

පනාගොඩ Monday, 18 March 2013 11:32 PM

රටටකට ගිය කලක්

:       0       0

ජගත් Saturday, 23 March 2013 01:38 PM

අදහස් දක්වන ටිකක් අය හිත්නේ තමන්ගේ බඩ ගැන විතරයි 1962 කටුනායක හදනකොට අපේ රටෙ මිනිසුන් හිතන්නෙවත් නැතිව ඇති 2012 කටුනායකින් 20.00000ටත් වඩා මගීන් එය පාවිචිචකරයි කයලා අද මත්තලට දවසකට එකක් ආවත් මටනමි ඇති අනාගතය සුබවාදිව හිතන්න. (ස)

:       0       0

බොතේජු Monday, 18 March 2013 02:19 PM

නියමයි නියමයි නියමයි ජයවේවා! (නි)

:       0       0

අමිල Monday, 18 March 2013 05:24 PM

රුවන් ඔයා වගේ අය ඉන්නකල් මේ රට දියුණු කරන්න බැහැ. අගේ කරන්න බැරිනම් කටවහගෙන ඉන්න. අනික දෙයක් කියන්නම ඕනෑ නම් තර්කානුකුලව ඔප්පු කරන්න පුළුවන් දෙයක් කියන්න. කටට එනවට කියන්න එපා . (නි)

:       0       0

කමල් Monday, 18 March 2013 02:20 PM

මගේ රට ගැන හරිම ආ්‍ඩම්බරයි. ජය වේවා මහ රජාණෙනි! (නි)

:       0       0

උපාලි Monday, 18 March 2013 11:43 PM

බඩ ගැන විතරක් හිතන අය රටේ දියුණුව ගැන හිතන්නේ නැහැ. මේ රට මේ තරමි හරි දියිණු වුනේ රට ගැන හිතන අය ඉන්න නිසයි.(නදී)

:       0       0

සදරුවන් Monday, 18 March 2013 02:17 PM

ජය වේවා ජනාධිපතිතුමනි! (නි)

:       0       0

පිටිගල Wednesday, 20 March 2013 02:44 AM

ඊයේ(19) මත්තලට ගුවන් යානා කීයක් ආවද දන්නෙ නැහැ. (නි)

:       0       0

අශෝක Monday, 18 March 2013 05:35 PM

අනාගත පරපුරට සැබෑවූ සොදුරු සිහිනයක්. (නි)

:       0       0

ජීව Tuesday, 19 March 2013 12:20 AM

ගොඩක් අගය කරණව.හරිම සන්තෝසයි.නමුත් එක අඩුපාඩුවක් තියෙනව.විපක්ෂ නායකතුමත් ඔය උත්සවයට සම්බන්ද කර ගත්තනම් වටිනාකම කියල නිමකරණ්න බැහැ. (අ)

:       0       0

ලලිත් Tuesday, 19 March 2013 12:18 AM

ජනතාවගේ හිස මත දරාගන ඉන්න බරට මත්තල බරක් නොවේවා! මත්තල නිසා රට ඔත්පල නොවේවා! (නි)

:       0       0

කුමාර Monday, 18 March 2013 02:26 PM

චීනෙට යන්නේ නැද්ද? අපේ ජාතියට දැං හොදට සළකනවා එහෙන්..!(නු)

:       0       0

ආරියසිරි Monday, 18 March 2013 05:37 PM

රටේ අනාගතය සුබයි. (නි)

:       0       0

චතුරංග ප්‍රියශාද් Monday, 18 March 2013 02:33 PM

හෙට මෙහි ගුවන් ගත් වීමට නියමිත ගුවන් යානා බඩු මිල බස් ගාස්තු පැට්‍රල් ඩීසල් මිල (ස)

:       0       0

කලන Monday, 18 March 2013 02:40 PM

මේක හදන්න කොපමණ මුදලක් ගියාද (දී)

:       0       0

මහේෂ් Monday, 18 March 2013 05:39 PM

ජනපති තුමනි ඔබ අපිට වීරයෙක් (දී)

:       0       0

චන්ද්‍රා Monday, 18 March 2013 02:36 PM

ආඩම්බරයි. ජය වේවා! (නි)

:       0       0

හේමන්ත Monday, 18 March 2013 02:37 PM

අපේ සුභපැතුම් (දී)

:       0       0

ෂාෆික් Monday, 18 March 2013 02:38 PM

හරිම සතුටුයි. (නි)

:       0       0

කෙවින් Monday, 18 March 2013 02:38 PM

ජාත්‍යන්තරය හා එක වෙන්න ගොඩාක් වැදගත් වැඩක්

:       0       0

නිහාල් Tuesday, 19 March 2013 12:40 AM

අපේ ජනාධිපතිතුමා ගැන අපිට ආඩම්බරයි. (නි)

:       0       0

අනුරාධ Tuesday, 19 March 2013 05:26 PM

අඩු වෙලා තිබ්බේ ගුවන් තොටුපලක් විතරනේ. නායකයන් රට ගැන, පොඩි මිනිහා ගැන හිතන හැටි ඉතාමත් පැහැදිලිව බලාගන්න පුළුවන් පහුගිය දවස්වල රේසින් කාර් වලට දුන්න බදු සහනෙන්. කෝටි ගණන් වටින වාහන වලට සහ හුදෙක්ම විනෝදය සදහා ගෙන්නන වාහන වලට බදු සහන දෙන පාලකයන් දුප්පතාගේ වාහනය ත්‍රී වීල් එකට කොච්චර බදු ගහනවද? බයිසිකල් වලට කොච්චර බදු ගහනවද? අද රට පිටින් පේන්නට දියුණු රටක්. මොහොතක් සිතන්න. අද රටේ අවශ්‍යතාවය ලැම්බෝගිනි කාර්ද, ගුවන් තොටුපලවල්ද,වරායවල්ද ,පිට්ටනිද ????? (නි)

:       0       0

මනෝහරන් Tuesday, 19 March 2013 12:52 AM

මම නම් මුකුත් කියන්න කලබල වෙන්නෙ නැහැ. (නි)

:       0       0

කෙවින් Monday, 18 March 2013 02:40 PM

ලංකාව දියුණු කරන්න මේවගේ වැඩ අවශ්‍යමයි (දී)

:       0       0

ඉෂානි මංජුලා Tuesday, 19 March 2013 12:50 AM

ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන තවත් එක් දවසක්.. මගේ රටට සියළු සතර වරම් දෙවි පිහිටයි..!(නු)

:       0       0

රොෂාන් Tuesday, 19 March 2013 12:36 PM

ගුවන් ගමන් සැළසුම් කිරීමෙි්දී හදිසියකදී එයට සූදානම් ව ගමන් ඇරඹීම අනිවාර්ය වේ.. මෙතෙක් ඒ සදහා ඉන්දියාවේ තැනක් තෝරාගෙන පැමිණි නමුත් ඉදිරියේදී ඒ සදහා මත්තල තෝරාගත හැක..!(නු)

:       0       0

නන්දසිරි Monday, 25 March 2013 01:47 AM

මටනම් හදතුලින්ම ප්‍රාර්තනා කරන්න වන්නේ රජතුමාගේ වැඩ නියමයි කියලා.(නදී)

:       0       0

කොස්වත්ත Monday, 18 March 2013 02:46 PM

ශ්‍රී ලංකාව දිනෙන් දින දියුණූ වී ලෝකයේ අභිමානවත් රටක් බවට පත්වේවා! (නි)

:       0       0

ඩැනියෙල් ධනුෂ්ක. Tuesday, 19 March 2013 12:39 PM

සුභ අනගාතයක්..!(නු)

:       0       0

නදිනි Monday, 18 March 2013 02:41 PM

ජනතාවගේ සුභපැතුම් (දී)

:       0       0

දයාන් Monday, 18 March 2013 02:42 PM

ගුවන සිසාරා (දී)

:       0       0

තිස්ස Monday, 18 March 2013 02:43 PM

ජනාධිපති තුමනි ඔබට ජාතියේ ප්‍රණාමය (දී)

:       0       0

චුලා Monday, 18 March 2013 02:46 PM

සුභපැතුම් ලංකාව ලෝකෙටම විවෘතයි (දී)

:       0       0

කුසිත Tuesday, 19 March 2013 01:41 AM

අකි විශිෂ්ඨයි සර්.(නදී)

:       0       0

දයාන් Monday, 18 March 2013 02:52 PM

ගුවන ජයගත් වගයි (දී)

:       0       0

බණ්ඩා Monday, 18 March 2013 02:46 PM

තව අවුරුදු 10ක් විතර යද්දී මත්තල ලංකාවේ ප්‍රධාන ගුවන් තොට වේවි. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 March 2013 12:49 PM

මෙයත් වාරය මෙන් පාසල් සිසුන්ට නරඹන්නට පමණක් සීමා නොවේවා..!(නු)

:       0       0

ශාන් Monday, 18 March 2013 06:00 PM

දැන් ඉතින් බඩු මිළ නගියි.(නදී)

:       0       0

ධනුෂ්කා Tuesday, 19 March 2013 02:21 AM

මිනිස්සුන්ට කන්න බොන්න නැත්නම් මේවා හැඳුවට වැඩක් නැ (අ)

:       0       0

වජිර Monday, 18 March 2013 02:51 PM

මට නම් මේ පිරිස අතර ලොකු අඩුවක් පෙනෙනවා. (නි)

:       0       0

සහන Monday, 18 March 2013 05:57 PM

රටේ ජනතාව විදිහට අපිට හරි හරි සතුටුයි (දී)

:       0       0

ප්‍රීති Monday, 18 March 2013 05:59 PM

රුහුණට පාර්ලිමේන්තුවක්ද අවශ්‍යයි යන්නයි මාගේ හැගීම. (නි)

:       0       0

නිමල් Monday, 18 March 2013 06:06 PM

අපි තව ටික දවසකින් හදටත් යනවා (දී)

:       0       0

නීල් Tuesday, 19 March 2013 03:21 AM

නියමයි! (නි)

:       0       0

ෆාරුක් Tuesday, 19 March 2013 03:23 AM

ලෝකෙම මිනිස්සුන්ගේ ඇස් ඇරුණ දවසක් (දී)

:       0       0

මේනක Tuesday, 19 March 2013 03:17 AM

වර්තමාන ලංකාවේ ජනප්‍රියම නගරය මත්තල (දී)

:       0       0

අමිල කටුනායක Monday, 18 March 2013 03:00 PM

මත්තලට නත්තල..!(නු)

:       0       0

ඉෂාන් කීර්තිමාල් Monday, 18 March 2013 03:03 PM

ඉතාම හොදයි.. ඉක්මනින් හැදුවා.. හදිසි අවස්ථාවලදී එහෙම හොදට ප්‍ර යෝජනවත් වෙයි..!(නු)

:       0       0

රනුක Monday, 18 March 2013 06:03 PM

සුභපැතුම් (දී)

:       0       0

හේවා Monday, 18 March 2013 03:04 PM

මෙවන් ජන නායකයෙක් අපිට වාසනාවන්! (නි)

:       0       0

පිරිස් Monday, 18 March 2013 03:00 PM

රට දියුණු කරන්න .ජනතාව සතුටු කරන්න . වරදට දඩුවම් දෙන්න . වංචා දුෂණ අවම කරන්න . ඔබම යලිත් එන්න . හොද දේ අපි අගයමු .....!!

:       0       0

කාන්ති ගංගා Tuesday, 19 March 2013 12:53 PM

කදුලක් ආවෙ මගේ දෙනෙතට එයින් කියවුනේ ජනපතිදුන්හට රටට දැයට සහ මගේ දරු සැම හට හැකි වන බවමයි ලොව ජය ගන්නට(නු)

:       0       0

කරුණාරත්න දිසානායක. Monday, 18 March 2013 06:07 PM

කැලේ ඉන්න සතුන්ට විශේෂයෙන් අලි කුරුල්ලන්ට අනුරාධපුරයට එන්න කියන්න.. නැත්නම් අලි කුරුළු ප්ලෙන් යුද්ධයක් ඇති වෙයි.. ඒත් මේ වැඩේට අපෙන් සුභ පැතුම්..!(නු)

:       0       0

නීල් Sunday, 24 March 2013 04:49 PM

අනේ පුළුවන් නම් කොළඹ වරායෙන් හම්බන්තොට වරායට නැවක් දාලා දෙන්නකෝ. (නි)

:       0       0

උදය Monday, 18 March 2013 06:13 PM

සුභ අනාගතයක් (දී)

:       0       0

විජිත (ඕස්ට්‍රේලියාව) Tuesday, 19 March 2013 03:40 AM

උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා! (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 18 March 2013 03:11 PM

නොපසුබට නායකයෙක්. ඔබතුමන්ට දළදා සමිදු පිහිටයි. (නි)

:       0       0

දීපාල් Monday, 25 March 2013 05:26 AM

මෝඩයෝ මෙනෙවා කිවිවත් ලංකාවට ගුවන්තොටුපොළවල් දෙකක් ඕනා. එදා මහවැලිය හදනකොටත් කිව්වේ ඔය වගේ කමයි. මමත් යු.එක්.පී කාරයෙක්. හැබැයි ඇත්ත කියන කෙනෙක්. දූෂනය හොරකම් අඩුකළ නම් හොදම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආන්ඩුවයි.(නදී)

:       0       0

රන්දුනු Monday, 18 March 2013 03:13 PM

අපේ ජනාධිපතිතුමා තමයි අපේ දෙවැනි දුටුගැමුණු. (නි)

:       0       0

අමිතා Tuesday, 19 March 2013 03:52 AM

සුභ අනාගතයක් වේවා.! සමහරු ඝෘණාත්මකව හැම දෙයක් ගැනම බලන්නේ.. ගුවන් තොටුපල වගේම වරාය අධිවේගී මාර්ග අනෙකුත් යටිතල පහසුකම් සියල්ල ඉදිරියෙදී සම්පූර්ණ කළ යුතුයි.. ඒ නිසා මේ ප්‍රාදේශය කොළඹට වඩා සුදුසුයි. නමුත් ටිකකලක් ගතවෙයි.. තරගකාරී විදෙස් ආයෝජන ගුවන් යානා සහ නාවික නඩත්තු කටයුතු වගේ දේවල් වලට ලොකු ව්‍යාපෘති අනාගතයේදී කරන්න වෙයි..!(නු)

:       0       0

මාතර දුසන්ත යග්ගහවිට Tuesday, 19 March 2013 04:26 AM

පාට පක්ෂ ආගම් ජාති කුල පළාත් බේද නැතිව මාතෘ භූමියේ දියුණුව ගැන සතුටු වෙමු (අ)

:       0       0

කපුගෙදර. Monday, 18 March 2013 03:11 PM

බැසිල් මහත්තයා කෝ..?(නු)

:       0       0

සංජු Monday, 18 March 2013 06:19 PM

අපි අහසත් දින්නා (දී)

:       0       0

නිමල් Tuesday, 19 March 2013 05:03 AM

පොලොව අහස මුහුද තුනම අපි ජය ගත්තා (දී)

:       0       0

ජනක Wednesday, 20 March 2013 01:06 PM

අපි කවුරුත් උපන් ගමන් ඇවිද්දේ නැහැනේ. මත්තලටත් දවසක ගුවන් යානා ඒවි. මත්තලත් කටුනායක වගේ වේවි. අපිටත් රු.500.00ක පඩි වැඩි වීමක් දෙපාරකට වැඩි වේවි. (නි)

:       0       0

හිරාන් ඩුබායි Monday, 18 March 2013 11:21 AM

අපෙන් සුභ පැතුම් ශ්‍රී ලංකාවට සහ අපේ මහින්ද රාජපක්ෂ ජනපතිට (අ)

:       0       0

ප්‍රසාද් Tuesday, 19 March 2013 05:32 AM

ජනපති තුමනි ජාතියේ ප්‍රණාමය ඔබ තුමාට (දී)

:       0       0

විජිත Monday, 18 March 2013 03:20 PM

ජයවේවා! ඔබ සෑමට විකසිත අනාගතයක්. නව ගුවන් තොටුපොල රටට සෞභාග්‍යය ගෙනේවි. (නි)

:       0       0

නිෂාඩ් Monday, 18 March 2013 11:32 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 19 March 2013 01:16 PM

රොහාන් ඇත්තටම අඩන්න වෙන්නෙ ඉදිරියටයි.. කදුළු තියාගන්න..!(නු)

:       0       0

චන්න Monday, 18 March 2013 03:24 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 19 March 2013 01:21 PM

මේවට හුරේ දාන අයත් ඉන්නවනේ..!(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 19 March 2013 01:21 PM

රොකට් එකක් ඇරිය තමයි..ඒකෙන් මොකද උනේ..? ඉන්දියාවෙ අය ඩුබායි ඉදලා කාඩ් එකකින් පැය දොළහක් කතාකරනකොට අපිට පුළුවං පැය එක හමාරයි.. ඡන්ද්‍රිකාවක් ඇරියෙ මොකටද ? (නු)

:       0       0

ටිකිරා Tuesday, 19 March 2013 01:26 PM

ණය අරන් තමයි හැදුවේ නමුත් අපිටනේ (දී)

:       0       0

නන්දිත Tuesday, 19 March 2013 01:26 PM

අපේ සුභ පැතුම් (දී)

:       0       0

ඩයස් Monday, 18 March 2013 06:51 PM

විශිෂ්ට කාර්යයක්. (නි)

:       0       0

චතු Tuesday, 19 March 2013 01:22 PM

ලංකාවේ ඉන්නේ බහුතරය ළිං මැඩියන් බව තේරෙනවා අදහස් වලින් මෙතන.(නු)

:       0       0

කුලේ Monday, 18 March 2013 11:35 AM

අපේ ලංකාව දියුණුවෙන ලකුණු. ආඩම්බරයි මේම ගුවනුතොටුපොළේ වටිනාකම තව ඉදිරියට අපිට දකින්න හැකිවේවි. (අ)

:       0       0

චමින්ද Tuesday, 19 March 2013 01:29 PM

ජාතියේ උපහාරය (දී)

:       0       0

බණ්ඩාර Monday, 18 March 2013 11:36 AM

අහන්නත් සන්තෝෂයි. තවත් ගුවන්තොටුපොළක් (අ)

:       0       0

අජන්ත Monday, 18 March 2013 03:32 PM

අපි මුළු ලෝකෙම ජය ගන්නවා (දී)

:       0       0

හේමන්ත Monday, 18 March 2013 03:29 PM

විශිෂ්ට නිර්මාණයක් (දී)

:       0       0

රොහාන් Monday, 18 March 2013 06:53 PM

ශාන්, කාලා බීලා හිටියොත් ඔක්කොම හරිද? (නි)

:       0       0

ගාමිණි Monday, 18 March 2013 03:29 PM

ජනපති තුමනි ඔබට සුභපැතුම් අපෙන්, අපි මත්තල ජනතාව (දී)

:       0       0

අතුල Sunday, 24 March 2013 05:37 PM

මත්තල ගුවන් තොටුපොළ.?(නදී)

:       0       0

අ‍ශෝක Monday, 18 March 2013 11:50 AM

දැනගෙන ගියොත් වත්තල නොදැන ගියොත් මත්තල... (තරහා ගන්න එපා. විහිළුවට කිවුවේ) (නි)

:       0       0

මාලිංග Monday, 18 March 2013 03:29 PM

මිට කලින් ගුවන් යානා දැකලා නැද්ද.. වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (දී)

:       0       0

සමන් Tuesday, 19 March 2013 06:50 AM

මගේ රටට දළදා සමිදු පිහිටයි (අ)

:       0       0

වජිර Monday, 18 March 2013 03:31 PM

ඈත අහසේ ඉදලා ඒ ගුවන් යානය ආපු හැටි දැක්කාද (දී)

:       0       0

රොනී Monday, 18 March 2013 03:41 PM

සන්දු ඔබතුමාට අමතක උනාද ණය ගෙවන්නේ කවුද කියලා..!(නු)

:       0       0

ෆයිසල් Monday, 18 March 2013 07:09 PM

ජය වේවා! තව තව හොද වැඩ කරන්නට ජනපතිට වරම් ලැබේවා! (නි)

:       0       0

සේනක බඹරවාන Tuesday, 19 March 2013 07:23 AM

දැන් ඉතින් හම්බන්තොට ජනතාවට පිටරට නිවාඩුවකට ගිහින් ගෙදර ළඟටම එන්න පුළුවන් (අ)

:       0       0

වසන්ත Monday, 18 March 2013 07:15 PM

ගොඩාක් හොදයි.. ගොඩාක් ලස්සනයි (දී)

:       0       0

චාමි Wednesday, 20 March 2013 08:40 AM

සන්තෝෂයි (දී)

:       0       0

ලක්මාල් Monday, 18 March 2013 03:46 PM

ඒ ප්‍රදේශය සීග්‍රයෙන් දියුණු වෙයි (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 18 March 2013 03:47 PM

වැඩක් නැති වැඩක් (දී)

:       0       0

සම්පත් Monday, 18 March 2013 11:56 AM

ජය වේවා ජනාධිපතිතුමනි! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 18 March 2013 03:46 PM

වැඩේ නම් හොදයි. බඩු මිළ තමයි වැඩි. (නි)

:       0       0

කිලක්-ඩුබායි Sunday, 24 March 2013 09:41 AM

ජගත්. ඔබ කියන්නේ දවසට එකක් ආවත් ඇති කියලා. මගේ තාත්තා කියන්නේ ගුවන්යානා නාවත් කමක් නැහැ අනාගත දරුවන්ට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් දෙකක් තියෙනවා කියලා. රටේ මිනිසුන්ගේ මොල හෝදලා තියෙන තරම මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්.(නදී)

:       0       0

හනිස් Monday, 18 March 2013 03:46 PM

සන්තෝසයි (දී)

:       0       0

අයිවන් Monday, 18 March 2013 03:46 PM

අලියෙක් ගන්න ඉස්සර හෙන්ඩුව අරන් ඉවරයි, ඊළගට ලයිට් බිල... (නි)

:       0       0

අජිත් Tuesday, 19 March 2013 07:56 AM

ගුවන් සේවා කියන්නේ වැදගත් දෙයක් (දී)

:       0       0

ලලිත් Monday, 18 March 2013 11:56 AM

වාසනාවන්! මගේ රටට දළදා හිමි සරණයි. (නි)

:       0       0

දමිත් Monday, 18 March 2013 03:52 PM

අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා මේ සිද්දියේ, මේ ප්‍රදේශය සිටින මිනිස්සුන්ට රැකියා සහ සමාජතත්වය නොදනිම වැඩි දියුණු වෙනවා (දී)

:       0       0

පනවල Wednesday, 20 March 2013 02:12 PM

ජාතියේ උත්තමාචාරය (දී)

:       0       0

කමල් Tuesday, 19 March 2013 08:18 PM

මට මත්තල දකිනකල් ඉවසුමක් නැහැ. (නි)

:       0       0

ජනා Tuesday, 19 March 2013 08:16 AM

නියමයි. අපිට අඩුවකට තිබුණෙ මෙච්චරයි. (නි)

:       0       0

අමල් Tuesday, 19 March 2013 08:20 AM

හරිම ආඩම්බරයි! ඔය වගේ අපිට ඉගෙනගන්න සරසවි ටිකකුත් හදන්නකෝ. (නි)

:       0       0

අනුර Monday, 18 March 2013 12:02 PM

අපිට ඔබ ගැන හරිම ආඬම්බරයි. ජනපතිතුමනි ඔබට පින් මේ කරන වැඩවලට (අ)

:       0       0

අනුර Monday, 18 March 2013 12:02 PM

අපි ගැන හරිම ආඩම්බරයි. (නි)

:       0       0

චින්තක Thursday, 21 March 2013 04:07 PM

ඉස්සර කොළඹට කිරි - අපිට කැකිරි දැන් දකුණට කිරි - අපිට කැකිරි... (නි)

:       0       0

මිලින්ද Monday, 18 March 2013 03:52 PM

ඇත්තටම කියන්න වැඩේ හොදයි නේද (දී)

:       0       0

නදීකා Monday, 18 March 2013 07:34 PM

මෙච්චර වැඩක් කරලත් මිනිස්සු කතාකරන්නේ බඩු මිළ ගැන. ලැජ්ජයි. (නි)

:       0       0

සංගා Monday, 18 March 2013 12:12 PM

හොද වැඩක්. දැන් අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් තිබෙනවා. (නි)

:       0       0

යොහාන් Monday, 18 March 2013 12:07 PM

ජ‍ය වේවා ජනාධිපතිතුමනි ජය වේවා! (නි)

:       0       0

කසුන් Monday, 18 March 2013 12:10 PM

නියමයි ජනාධිපතිතුමනි. (නි)

:       0       0

පෙරේරා Monday, 18 March 2013 03:57 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

කුරුවිට Thursday, 21 March 2013 09:20 AM

සමහරුන්ගේ අදහස් හරිම කුහකයි. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 23 March 2013 09:53 AM

නියමයි. සුභ පැතුම්! (නි)

:       0       0

රොහාන් Monday, 18 March 2013 04:05 PM

ඒ ගුවන් යානය එනකොට මට ඇඩුණා

:       0       0

පාලිත Tuesday, 19 March 2013 02:23 PM

සන්තොදයි...සන්තොදයි... (දී)

:       0       0

සෙනෙවිරත්න බණ්ඩාර Tuesday, 19 March 2013 09:00 PM

උතුමාණෙනි ඔබට ජයෙන් ජය..!(නු)

:       0       0

විශ්ව Monday, 18 March 2013 04:03 PM

සුභපැතුම් (දී)

:       0       0

කැලුම් Monday, 18 March 2013 08:08 PM

ඒවත් ණයට අරන් තියෙන සල්ලි.. කටුනායක ටිකක් අළුත් කළානම් මදිද? ලංකාවට දවසටම ප්ලෙන් කීයද එන්නෙ.. (නු)

:       0       0

සසිර Monday, 18 March 2013 12:28 PM

මේ වගේ හොද වැඩ තව තව වැඩි වැඩියෙන් කරන්න ජනාධිපති තුමාට ශක්තිය දයිරිය ලැබේවා!(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Monday, 25 March 2013 09:45 PM

මේකත් වරාය වගේ පාසැල් ලමුන්ට පෙන්වන්න විකරද හදලා තියෙන්නේ.(නදී)

:       0       0

අරුණ Monday, 18 March 2013 12:22 PM

මේ ගැන එක එක විදියට කතා කරාවි. නමුත් මෙය උසස් දෙයක්.(නදී)

:       0       0

ලාල් Monday, 18 March 2013 04:09 PM

ගොඩාක් ආඩම්බරයි (දී)

:       0       0

අජිත් Monday, 18 March 2013 04:10 PM

නිල අහස අපේ (දී)

:       0       0

චමින්ද Monday, 18 March 2013 12:33 PM

බඩු මිල?(නදී)

:       0       0

අමිළ Monday, 18 March 2013 12:27 PM

පින්තූර නැද්ද? (නදී)

:       0       0

අනර-ඩුබායි Monday, 18 March 2013 08:21 PM

නියම වැඩක්.(නදී)

:       0       0

උපුල් Monday, 18 March 2013 12:29 PM

ජයවේවා!(නදී)

:       0       0

ගාමිණී Monday, 18 March 2013 12:33 PM

දකුණු පලාතේ අයට කටුනායක කොගොසින් අරාබියේ රැකියාවකට, දඹදිව වන්දනාවේ, යන්න දැන් පුළුවන්.(නදී)

:       0       0

රංග Wednesday, 20 March 2013 02:43 PM

හැමෝම බඩු මිළ ගැන කියවනවා. ලෝකයේ කිසිම රටක් බඩු ගැන හිතලා දියුණූ වෙලා නැහැ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ Monday, 18 March 2013 12:35 PM

අපේ රට ගැන හරිම ආඩමිබරයි.(නදී)

:       0       0

සුදීරා Monday, 18 March 2013 04:14 PM

පෙරමග සුබයි (දී)

:       0       0

උපරතන හිමි-ඩෙන්මාර්ක් Monday, 18 March 2013 12:38 PM

හරිම සතුටුයි.(නදී)

:       0       0

හේරත් Tuesday, 19 March 2013 09:32 AM

මම නම් කියන්නේ අපි වගේ පොඩි රටකට එක ගුවන් තොටුපළක් තිබුණහම හොදටම ඇති. (නි)

:       0       0

කපිල Wednesday, 20 March 2013 02:51 PM

සියලු දෙනා අද ගැන නෙමෙයි හෙට ගැන හිතන්න. ඔබට මෙය අගයක් නැතුවාට මෙය වටින්නේ ඔබේ දරුවාටයි.(නදී)

:       0       0

පිටිගල - මිලානෝ Monday, 18 March 2013 12:47 PM

හෙට එන්නේ කොහේ ගුවන් යානාද?(නදී)

:       0       0

ලාල් Monday, 18 March 2013 08:48 PM

ජනාධිපතිතුමාට මගේ නමස්කාරය! (නි)

:       0       0

නාලක Monday, 18 March 2013 08:43 PM

අහස අපේ...... මේ අහස අපේ (දී)

:       0       0

ප්‍රසාදි Tuesday, 19 March 2013 09:43 AM

සුභ අනාගතයක්! (නි)

:       0       0

කමල් Tuesday, 19 March 2013 09:38 AM

ජය වේ ලංකා ජය වේ! (නි)

:       0       0

දමිත් Tuesday, 19 March 2013 09:51 AM

දැන් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සියළු ප්‍රශ්න අවසානයි කියලා. (නි)

:       0       0

මොහොමඩ් Monday, 18 March 2013 04:20 PM

අලියා ගන්න ඉස්සර හෙන්ඩුව අරන් ඉවරයි. ඊළගට ලයිට් බිල 100 ට 100ක් බලාපොරොත්තු වන්න. (නි)

:       0       0

ජයනාත් Monday, 18 March 2013 12:52 PM

මේ සදහා දායක වූ සැමට යෝධ බල ‍ යෝධ ශක්තිය ලැබේවා! මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

යොහාන් Monday, 18 March 2013 04:15 PM

අහස අපිට (දී)

:       0       0

කපිල Monday, 18 March 2013 08:49 PM

කවුද මේ‍කේ නිර්මාණකරු? (නි)

:       0       0

මෙත්සිරි Monday, 18 March 2013 08:59 PM

අපේ ජනාධිපති තුමාට ජයවේවා (දී)

:       0       0

කිලක්-ඩුබායි Wednesday, 20 March 2013 02:58 PM

අනුරාධ, ඔයාලා වගේ හිතන මොලයක් කියලා දෙයක් තියෙන අය අල්පයක් කියලා මෙතන ප්‍රතිචාර දැක්කම හිතෙනවා.(නදී)

:       0       0

කුමාර Monday, 18 March 2013 04:22 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

එරංග Monday, 18 March 2013 12:57 PM

සුභ පැතුම්! (නි)

:       0       0

රංජිත් Monday, 18 March 2013 01:03 PM

ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (නි)

:       0       0

විමල් Tuesday, 19 March 2013 02:59 PM

මගේ රටට සුභ අනාගතයක් (දී)

:       0       0

තිලක් Wednesday, 20 March 2013 03:15 PM

මේක සැබෑ උණු හීනයක් (දී)

:       0       0

ජයී තිසර Monday, 18 March 2013 04:25 PM

මගේ උණුසුම් සුභ පැතුම් සමග විශාල වෙහෙසක් දරා මත්තල ගුවන් තොටුපළ සෑදූ සැමටම ඉතාමත් ස්තූති කරමි. ..රුවන් වළා අතරින් වැසි දෙන කාලේ.. ගුවන් මගින් මත්තල පිබිදෙන තාලේ.. පවන් බඳින් වැඩිවන යානා ජාලේ.. බලන් මුළු ලොවම හෙට මෙහි එන තාලේ (දී)

:       0       0

හේරත් Monday, 18 March 2013 09:13 PM

අපේ පාර්ලිමේන්තුවත් මෙහාටම ගෙනිච්චා නම් තමයි හොද. (නි)

:       0       0

චින්තා Monday, 18 March 2013 04:26 PM

අපේ රටේ පිබිදීම ගැන ආඩම්බරයි (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 19 March 2013 03:10 PM

ලාංකිකයෝ විදිහට ආඩම්බරයි අපිට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 666 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 420 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 346 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 586 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 296 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 161 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2380 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site