( තිළිණි ද සිල්වා )
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව මුලින්ම මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් ඇරඹිමටත් , ඒ අතරතුර සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ බලධාරින්ට උපදෙස් දෙන ලදී.
මතත්ල රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපල ක්‍රියාත්මක ගුවන් තොටුපලක් බවට පත් කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා ගුවන් තොටුපල බලධාරින් අතර පසුගිය සිකුරාදා (08) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
එහිදී වැඩිදුරටත් ඇමතිවරයා කීවේ ඉතා ඉක්මණින් මත්තල ක්‍රියාත්මක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවය.
මත්තලට පැමිනෙන ගුවන් සමාගම් සදහා ගුවන් තොටුපළ සේවා ගාස්තු වෙනුවෙන් සහන ලබා දිම පිළිබඳවද මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කැබනට් අනුමැතිය ද ලබා ගැනිමට පියවර ගන්නා බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් යානා අලුත්වැඩියා අංගනයක්, පුහුණු පාසලක් ආරම්භ කිරිමට ද මෙහි දි යෝජනා වු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු සංගමය ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවක දි මෙම අලුත්වැඩියා අංගනය ඉදි කර පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර තිබිණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව ලැබුණු වහා ම ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ හදුන්වා දුන් හම්බන්තොට සංවර්ධන සැලැස්ම නැවත ක්‍රියාත්මක කිරිමටත් හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ අතර ඒකාබද්ධ මගී හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද ව සොයා බැලිමටත් මෙම සාකච්ඡාවේ දි තීරණය කෙරිණ.
මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ආයෝජන කලාපයක් ඉදිරිකිරිමටත් අවධානය යොමු ව ඇතැයි මෙහි දි පෙන්වා දුන් ඇමතිවරයා එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩසටහන මහින්ද යොජනා කර ඇතැයි කීවේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2015 ට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර ශ්‍රී ලංකන්, ඩුබායි, අරාබි වැනි ගුවන් සමාගම් වල ගුවන් මෙහෙයුම් එහි ක්‍රියාත්මක විය. එහෙත් 2015 යහපාලන රජය පත්වීමත් සමග එම ගුවන් යානා මත්තලට පැමිණීම නතර කර දැමිණි. 2014 දි ගුවන් මගීන් 40,386 ක් මත්තල ගුවන් තොටුපලින් සේවාව ලබා ගෙන ඇති අතර 2019 දි එම සංඛ්‍යාව 1536ක් විය.
2014 දි මෙට්‍රික් ටොන් 214 ක භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපල මගින් සිදු කර තිබේ. එහෙත් පසුගිය වසරේ මත්තල ගුවන් තොටුපළේ භාණ්ඩ මෙහෙයුම් කිසිවක් සිදු නොවු බව ද මෙහිදී අනාවරණය වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවෙන් නතර කරේ නැහැ. ඒ එයාලයින්වලට පාඩු කරගෙන එන්නේ නැහැ. බොරු කියන්න එපා. අනතුරුදායක නිසා කවුරුත් එන්න අකමැතියි. ඉන්ෂුවරන්ස් වැඩි නිසා..
හිටපු අගමැතිතුමා කෙතරම් බුද්ධිමත්ද කියන්නේ අලුත් සහ සර්වසම්පූර්ණ ගුවන්තොටුපොලකින් ප්‍රයෝජනය ගත්තේ වී තොග ගබඩා කිරීමෙන්.
එහෙනම් ළඟදීම අර සෙල්ලම් පිස්තෝල කාරයත් නිදහසේ ඉඳියි.
ඊයේ සිදුවුණු සිද්ධිය වගේ නරි මරන්නයි, කුරුල්ලන්ගේ හැප්පෙන්නයිද? අහස් යාත්‍රාවක් වැටුණු දවසට අහිංසක මගින් මරණයට පත්වෙන්නේ... එසේ නොවේවා කියලයි මගේ පැතුම...
චීනය වරාය පාලනය කරන බැවින් ඒ අවශ්‍යතා වලට යම් ගුවන් වාර ගනනක් කි්රි්මට චීනය ගිවිසුමකට යෑමට සහ ආරම්භයක් වශයෙන් සැහැල්ලු ගුවන්යානා සහ කුඩා ප්‍රමානයේ හෙලිකොප්ටර් ඒකලස් කිරි්මේ කර්මාන්ත මෙහි අාරම්භ කොට දියුණු කලහැකිය.
මේ පාර ලොක්කාට හොද්ද හොඳ වෙයි වගේ.... ඒ වුණාට පළක් ඇති වැඩක් කළොත් හොඳයි නේද? ඕක බද්දට දෙන්න ණය ටික ගෙවලා ඔලුව ටිකක් උස්සගන්නකම්. කොමිස් හම්බවෙන එක පැත්තක තියලා..
එයාර් ලයින් පාඩු කරගෙන මත්තල එයි කියලා හිතුවද? ඕකේ ඔපරේෂන් පටන් ගත්තා කියලා. මම කාලයක් වැඩකරපු එයාර් ලයින් එක මත්තලට ආවා. ඕක පටන් අරන් අවුරුද්දක් විතර යනකන්... දවසකට උපරිම මගීන් 10ක් ඉන්න ඇති. එහෙම එයාලා ෆ්ලයිට්ස් එවන්නේ නැහැ පාඩුපිට. ඊට පස්සේ නතර කරලා දැම්මා. අවශ්‍ය දේ නෙවෙයි මෙයාලා කරන්නේ.
පවුලේ උදවියගේ නම ගෙනියන්ඩ ,එයාලගේ උවමනාවන්ට හදපු එකක් නිසා අවුලක් නැහැ.
මැදපෙරදිග කලාපයෙන් එන ගුවන් යනා කිහිපයක් හෝ මත්තලට එවන්න පටන්ගත්තොත්, ගාල්ල, මාතර , හම්බන්තොට, අම්පාර , වගේ ප්‍රදේශවල ජනතාවට මැදපෙරදිග යන්න කොළොඹ එන්න ඕනේ නැහැ .
දැන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉවරද?
නමට පවත්වාගෙන ගිහින් කෝටි ගණන් අපේ සල්ලි වල පල්ලට යයි
වෙනත් ගුවන් සමාගම් වලට එන්න කියන එක හොඳයි හැබැයි අර කලින් කරාවගේ , ශ්‍රී ලන්කන් ගුවන් යානා කටුනායකින් ගුවන් ගතවෙලා තව විනාඩි 10-20 කින් එක ගුවන් මගියෙක් ගන්න අපහු මත්තලට ගොඩ බස්සන වැඩේ කරලා ශ්‍රී ල්කන් එක තවත් බංකොලොත් කරන්න එපා
මත්තල ලාභ ලබනවා නම් එන ගුවන් යානා නවත්තන්න පිස්සුද? අපිට පිස්සුද? යහපාලන ආණ්ඩුව ඕක ගොඩගන්න මොනවද නොකලේ? හැබැයි කටුනායකට එන ඒවා හරවලා එහෙට යවලා මිනිස්සුන්ට හරි ගුවන් සමාගම් වලට හරි එපා කෙරෙව්වේ නෑ.
මේක තනිකරම කොමිස් කුට්ටිය බලාගෙන ගොඩනගපු සුදු අලියෙක්.
දැන් ඉන්නේ මිලානෝ උනත් , හිත තාම පිටිගල වගෙයි. වී ගබඩා කරේ එයාපෝර්ට් එකේ කාගෝ ගබඩාවේ. එක තියෙන්නේ ගබඩා කරන්න තමයි. මගී පර්යන්තේ වී ගබඩා කරේ නැහැ.