මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත්න මහතාට වී අලෙවි මණ්ඩලයේ සභාපති එම් ඩී දිසානායක මහතාගේ අත්සනින් ලිපියක් එවා තිබේ.
දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සියල්ල පිරී පවතින හෙයින් යල් කන්නයේ වී මිල දී ගැනීම අගෝස්තු 20 වැනිදායින් ආරම්භ කෙරෙන හෙයින් පිරී ඇති ගබඩාවල වී තොග මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කිරීමෙන් ගබා හිස් කර වී මිල දී ගැනීමට ක්‍රියා කිරීම මෙහි අරමුණ වී ඇත.
2015 අගෝස්තු 15 දාතමින් යුත් මෙම ලිපිය මත්තල ගුවන් තොටුපොළ වෙතද යවා තිබේ.
මීට පෙර මෙම ප්‍රදේශයේ වැසියන් මිරිස් ආදිය ධාවන පතයේ දමා වේලූහ.
මේ සම්බන්ධව මත්තල ගුවන් තොටුපොළ සුරැකීමේ සංවිධානය මගින් මත්තල ගුවන්තොටුපොළ් වී ගබඩා කිරීම සම්බන්ධව සිය විරෝධය පල කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිකමට වගේ අහන්නේ. ඔය කියන විදිහට වී ගබඩා ඔක්කොම පිරෙන්න තරම් වී තියෙනකොටත් හාල් මිල අඩුවෙන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ (අ)
මේක නම් හොද වැඩක් නෙමේ වෙන විකල්ප දෙයක් නැද්ද මේකට කරන්න.(නදී)
නිසි ආයෝජකයෙක් සොයා ගැනීම ජාතික ආර්ථික කළමනාකරණේ වගකීමක්.....වසර 30ක යුද්දය 2005 දී බාරගෙන නිම කළ ලෙස (බ)
විනාශ කරපු සල්ලි කන්දරාවේ හැටියට ඔහොමවත් ප්‍රයෝජනයක් ගන්න එක හොදයි. ඔය ගුවන් තොටුපළ සුරකීමේ සංවිධානය ඕක නඩත්තුවට සල්ලි ගෙවන්නේ වත් ඕකට ගුවන් යානා ගෙන්වන්නේ වත් නැහැනේ.(ම)
හදල දීපු එක දියුණු කරන්න බැරි අයට ද රටක් බාරදෙන්නේ (ම)
මත්තල වී ගබඩාවක් කරනවා කිව්වේ අගමැති රටේ දෙවෙනි පුරවැසියාට තියෙන්නේ මේවගේ අදහස් නම් අනිත් තවත් මොන කතාද (අ)
නියම අදහස ...ඊට පස්සේ වී ටික ගුවන් යන වලින් ප්‍රවාහනය කළා නම් ගුවන් තොටුපලක් හැටියටත් වැඩක් ගත්තා හැකි (ම).
වී ගබඩා කරන්නේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා. රජයේ සම්පත් යොදාගත යුත්තේ ජනතාව වෙනුවෙන් (නදී)
මත්තල ගුවන් තොටුපල හදල තියෙන්නේ දේශපාලන උවමනාවක් හැටියට මිසක් අඩුම ගනනේ පාරිසරික ඇගයීමක්වත් කරලා නෙමෙයි. මෙතනට අවේනික කුරුළු ගහනය නිසා ඇතිවිය හැකි අනතුරුදායක තත්වය නිසා ගුවන් සමාගම් මේ තොටුපල පාවිච්චි කිරීමට අකමැතියි. මේක තමයි තිත්ත ඇත්ත. මේ සුරකීමේ සංවිධානයට ඒ නිසා කරන්න දෙයක් නැහැ. මෙතන තියන ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ හොරුන්ගෙන් බේරා ගැනීම නම් ඔවුන්ට කල හැකියි (නදී)
වයිකෝ, ගුවන් යානා එන්නේ පත්තර බලලා ගුවන්තොටුපළවල් හොයා හොයාද ? (නදී)
මම ගුවන්යානා ඉන්ජිනේරුවෙක්.. මේ ගුවන්තොටුපල හැදීම අපරාදයක් තමා. නමුත් මේකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය විදේශ රටකට ගුවන්යානා නඩත්තු හා අලුත්වැඩියා අංගනයක් ලෙස දීමයි. (නදී)
උපාලි මමත් එකඟයි (නදී)
මුහුණ එක්ක අමනාප වී නාසය කපා ගැනීම (නදී)
ඉතා හොද කාලෝචිත වැඩක්. විනාශ කරපු සල්ලි වලින් ජාතියට ඔහොම හරි වැඩක් ගන්න එක ලොකු දෙයක්. සුදු අලියෙක් හැදුවා නිකං අපරාදේ. රටේ මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරලා (නදී)
ලංකාවේ දෙවන ගුවන් තොටුපළ සෑදීමට සුදුසුම තැන මත්තලද? ඒකයි ප්‍රශ්නය. හරි සැළසුමකට අනුව, පෞද්ගලික අරමුණු නොමැතිව නියම තැන හැදුවා නම් ගුවන් යානාවක් පැමිණෙන්න දශකයක් බලාසිටින්න වෙන්නේ නැත. (නි)
රනිල් මහත්තයා කියන්නේ ආර්ථිකය පිළිබඳව ඔස්තාර් කෙනෙක්. මැතිවරණ කාලේදී මොනවා කිවුවත් කරනකොට රටට උපරිම ඵලදායීතාවයක් ලැබෙන්න වැඩේ කරයි. (නි)
වරායක් ළඟින් ගුවන්තොටුපළක් තිබිය යුතුමයි කියලා එකක් නැහැ. එහෙම තියෙන්නේ ඉන්දියාව වගේ නගර අතර දුර වැඩි විශාල රටවල. අධිවේගී මාර්ගය හැදුවට පස්සේ කොළඹ ඉඳලා පැයෙන් ඔය වරාය ළඟට යන්න පුලුවන්. අනෙක එයාපෝට් එකක් අවශ්‍යම නම් රත්මලාන වගේ කුඩා ගුවන්යානා බාන්න පුලුවන් එකක් හදලා කටුනායක ඉඳලා අභ්‍යන්තර ගුවන් සේවාවක් පටන්ගන්න තිබුණා. තමන් මහින්දට කැමති වුණාට කමක් නැහැ. මේක අනවශ්‍ය වියදමක් කියලා පිළිගන්න (නි)
මේක ඇත්තක්ද? මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
හැමෝම භුක්ති විඳින්නේ අපේ සල්ලි, පුදුම විදිහට නාස්ති කරන්නේ වී ටික අයින් කරලා ගුවන්තොටුපළ ප්‍රයෝජනයට ගන්න. එතකොට ඒ අවට ජීවත්වන ජනතාවට රට යන්න කටුනායක යන්න ඕන නෑ. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි (බ)
දියුණු රටවල සාප්පු සංකීර්ණයක් හදන්නත් දහ අතේ සමීක්ෂණ කරනවා. මොකද මිනිස්සු එන්න එපාය බඩුගන්න. ඒකට අපේ රටේ. කකුල් දෙකේ මී හරක් තමන්ගේ පාලකයෝ කරගත්තහම ඕක තමයි වෙන්නේ. (බ)
අනේ අපේ මොට්ට මිනිස්සුන්ට තේරෙන්නේ නැනේ ඔය ගුවන්තොටුපොළ හින්ද ඉන්දියාවට ගෙවන මිලියන ගානක් සල්ලි ඉතුරු වෙනවා කියල (අ)
මේකේ වී ගබඩා කරන්නේ තාවකාලිකව . දැනට මෙම ගුවන් තොටුපොල ගුවන්යානා නවීකරණ මධ්‍යස්තානයක් ලෙස හා ගුවන් යානා නියමුවන් පුහුණු කිරීමේ ස්ථානයක් ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. (අ)
මෙවැනි ගොන් තකතීරු යෝජනාවලටත් දේශපාලනය පටලවාගෙන හෝයියා කියන ,අනුමත කරන මන්ද බුද්ධිකයෝ ඉන්නකන් රටට යහපතක් වේවිද. (බ)
මේ වගේ මෝඩ රැලක් ද යහපාලන ආණ්ඩුවේ ඉන්නේ. ලජ්ජ්යි රටට වුන දෙයක් (බ)
ගොවීන්ට පොහොර ,කෘෂි උපකරණ අවැසි වෙලාවක ඩෙනිම් කලිසම් දෙන්න හදපු උදවිය ඉන්න රටේ මෙවැනි සිදුවීම් ගැන පුදුම විය යුතු නැහැ. (බ)
යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කිවුවලු (නි)
ලීල් ඔයාගේ කීම හරියටම හරි (අ)
වී ගබඞාවක් නෙවෙයි පරිප්පු ගබඞාවක් කරනවනම් හොදයි. නුදුරු අනාගතේ කවුරු බලයට ආවත් අපට පරිප්පු ටිකක් ලැබෙනවාමයි.(අ)
ඒක හොඳ යෝජනාවක්.රට පරම්පරා ගානකට ණය කරලා කළ ආයෝජන වලින් ගත් ණය ගෙවන විදිහක් හදන්න ඕනෑ නිකන් තිබෙනවට වැඩිය. (නි)
මත්තල ගුවන් තොටුපළ අසාර්ථක ප්‍රයත්නයක් බව දැන් පැහැදිලිවී හමාරය.වීරවිල ගුවන් පථය පිහිටා තිබෙන්නේත් ඔය ආසන්නයේමය. එය වැඩිදියුණු නොකර කොමිස් කුට්ටි ගැන හිතා මත්තල නව ගුවන්තොටක් හැදූ බව ඔබ සැමට තේරුම් ගන්න අපහසුද? (නි)
ඕනෑම දෙයක් හරියට කළමනාකරණය කළා නම් රටට වැඩදායක තත්ත්වයට පත්කළ හැක (නි)
නෑ..නෑ.. ඕක දෙන්න තිබ්බේ අර නාමල්ගේ කාර් රේස් පදින්න....(බ)
හේමන්ත මෝඩ කතා කියන්න එපා. ඔය එයාපෝට් එක හැදුවේ එපා කියද්දී. රටක ගුවන්තොටුපල හදන්නේ සමීක්ෂණ ගනනාවක් කරලා. නමුත් මෙතැන වුනේ තමුන්ගේ ගමට එයාපෝට් එකක් හදාගැනීමේ ලදරු ආසාවක් සංසිදවාගැනීමට බිලියන ගනනක් නාස්ති කිරීම.(නදී)
මෙහෙම අදහස් දරන අයද අපේ රටට සේවය කරන්නේ? ඕක උතුරේ හදලා තිබුනා නම් කොහොමද? මොකද අපේ අයට ඕවායේ වටිනාකමක් තේරෙන්නේ නැහැ.රටේ අනාගතය ගැන හිතන්නේ නැහැ. (නි)
1988 දී ලලිත් අතලත්මුදලි මහත්තය හදපු රැජින නැව් තධාංගයට නැව් පැමිණ නියම පල ලැබුනේ 2000 දී . 1994දි පිහිටවූ චන්ද්‍රිකා රජය ලලිත් විරෝධී වුණානම් නැව් තධාකය මාලු අල්ලන අයට කුලීයට දුන්නා වගේ සමාන ගොන් වැඩක් තමයි මේ කරන්න හද්දනේ. මෙතන තියෙන්නේ මහින්ද විරෝදය පමණයි. (අ)
සමන්ට, ඊට පස්සේ කාර් රේස් බලන්න වෙන්නේ ටී.වී එකෙන් තමා. (නදී)
මත්තල ගුවන් තොටක් හැදුවේ ජාත්‍යන්තර වරායක් (හම්බන්තොට ) අසලින් ගුවන් තොටුපොළක් තිබිය යුතුයි යන ලොව පිළිගත් සංකල්පය මතයි .මේ දෙකින්ම ප්‍රයෝජන ගත හැකියි .මේ ව්‍යාපෘතීන් හෙලා දැක කතාකරන දේශපාලුවන් විදේශ රටවල කොන්ත්‍රාත් ඉටු කර ජනතාව නොමග යවන රටේ හතුරන් බව අප මතක තබා ගත යුතුයි (බ)
ඕක මෝඩ යෝජනාවක්. මත්තල ගුවන් තොටුපොළක් ලෙස පාවිච්චි කල හැකියි. අන්තර් ජාතික පුවත් පත් වල දැන්වීමක් පලකරන්න.(නදී)
හරි හෝ වැරදි හෝ මේ ගුවන්තොට හැදුවේ මේ රටේ ජනතාවගේ මුදල් වලින්. එයින් නිසි ප්‍රයෝජන ගැනීමට සැලසුම් හදන්න බැරිද ? (නදී)
හපොයි, ඔය වී ටික ඇමති තුමාගේ ගෙදර ගිහින් දාන්න බැරි වෙයිද ? (නදී)
රටකට ජාත්‍යන්තර ගුවන්තොටු පොළ දෙකක් වැඩි නැහැ...දේශපාලන වාසි තකා මේ හරක් වැඩේ නොකරෙනවා නම් තමා හොද....මොන හේතුවකට හරි කටුනායක අස්ථාවර වී ගුවන්යානා ගොඩබගත නොහැකි වුණොත් මත්තල හරි තියනවා. දෙසපලකයෝ තරම් රටහරක් වෙන කොහෙවත් නැතුව ඇති ලංකාවේ තරම්..(අ)
""මත්තල ගුවන් තොටුපොල සුරැකීමේ සංවිධානය"" අලි ඇතුන්ගෙන්, වන සිව්පාවුන්ගෙන් , මොනරුන් වැනි කුරුල්ලන් ගෙන් ගුවන් තොටුපොල ආරක්ෂා කරන්න වෙන්න ඇති මේ සංවිධානය පිහිටුවලා තියෙන්නේ. එහෙම නැතිනම් ගුවන් යානා වලින්, ගුවන් මගීන්ගෙන් නම් මේක ආරක්ෂා කරන්න කව්රුවත් ඕනෑ නැහැනේ. මොකද මේකට ගුවන් යානාවත් මගීන්වත් එන්නේ නැහැනේ (නදී)